• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ අනාගතය සහ ග්‍රහ බලය…

January 8, 2022
in Astrology, Kendaraya
Reading Time: 5 mins read
A A
ඔබේ අනාගතය සහ ග්‍රහ බලය…
Share on WhatsAppShare on Facebook

මෙලොව උපත ලත් සෑම කෙනකුම ධනය, මිල මුදල්, ඉඩකඩම්, දේපොළ ලැබීමට රුචියක් දැක්වීම ස්වභාවිකයි. ධනය උපයාගැනීම ජීවිතය පවත්වාගෙන යෑමට උපකාරක වන්නේය. තමාගේ නෑයන් මධ්‍යයේ වස්තුව දේපොළ සම්පත් නැතිව වාසය කිරීමට වඩා ව්‍යාඝ්‍ර, සිංහ ආදීන්ගෙන් ගහන වූ මහා වනාන්තරයකට වැදී ගස්ගෙඩි කමින් ගස් පට්ට ඇඳ තණකොළ මත නිදාගැනීම අගනේ යැයි “ප්‍රත්‍ය ශතකයේ” කියැවෙයි. දේපොළ, පාරම්පරික සම්පත්, ඉඩකඩම් නැතිව යන අන්දම ජන්ම පත්‍රයේ ග්‍රහ හැසිරීම් රටාව අනුව හඳුන්වාදී තිබේ.

12 අධිපති 5 අධිපති ස්ථාන දෙකෙහි පරිවර්තනය වෙමින් යෙදීමෙන්ද එලෙසම 4 අධිපති යෙදුණු විට යසඉසුරු දේපොළ සම්පත් වහා විනාශ වේ.

නිසග පාපීන් ගෝචරව යෙදීමෙන් විශේෂයෙන් 9 අධිපති 10 අධිපති ස්ථානගත නොවී සිටියහොත් මාරක ග්‍රහයන් ලග්නයේ යුක්ත වීමෙන් හෝ දැකීමෙන් සම්පත් වැනසේ.

9 අධිපති 12 අධිපති නවයෙහි යෙදීමෙන් උපත ලත් කල ඒ ඒ ග්‍රහයන්ගේ දශා කාලයේදී සම්පත් සියල්ල විනාශ වන්නේය.

11 අධිපති එසේම හයෙහි හෝ අටෙහි සිටීමෙන් 3 හා 7 රාශි එකිනෙකට පරිවර්තනය වීමෙන්ද උපතින්ම ධනවතකුව සිටියද ග්‍රහ දශාවන්හි සියලු දේපොළ විනාශ වේ.

10 අධිපති හයෙහි සිටීමෙන් 11 අධිපති සතුරු රාශියක සිට 11හි 2හි පාපීන් වීමෙන් හා දැකීමෙන්ද යස ඉසුරු සම්පත් විනාශ වේ.

දෙක අධිපති දොළහේ පාපීන් සමග යෙදීමෙන්ද උපන් තැන්හි සිට ජීවිතය ආරක්ෂා කරන්නේ අනුන්ට අතපාමින්ය. යාචකයෙක් වේ.

6,8,12 යෙදීමෙන් 5,9 අංශකවල අධිපතියන් දුටු විට හෝ යුක්ත වූ විට දුකට පත්වේ. සැප සම්පත් දේපොළ නැතිවේ.

1 අධිපති 12 හෝ 12 අධිපති 1 හෝ මාරක ග්‍රහයන් දුටු විට සම්පත් නැතිවේ. දේපොළ අහිමි වේ. ලග්නයේ සඳු, කේතු සිට 5 අධිපති 8හි සිටීමෙන් මාරක දැක්මෙන් යුක්ත වී නම් දුප්පත් වේ. සම්පත් නැතිවේ.

5 අධිපති පාපීන් සමග 6,8,12හි සිටි විට මාරක අධිපති සමග වූවොත් හෝ දුටු විටදීද සියලු යස ඉසුරු විනාශ වේ. දුකට පත්වේ. දේපොළ සදහටම නැතිවේ.

4 අධිපති 6,8,12 දුෂ්ට තැන්වල ශුභ ග්‍රහයන් නැතිව පාපීන් යුක්ත වූ විටදී ලැබුණු සියලු ධනය සම්පත් දේපොළ මිල මුදල් වහා විනාශයට පත්වේ.

ශුක්‍ර හෝ ශනි මේෂයේත්, රවි වෘෂභයේත්, සඳු මීනයේත්, කුජ කටකයේත් සිටීමෙන් උපත ලත් විටදී කෘත නමැති යෝගයෙන් ඉපදී සම්පත් විනාශ වී යයි.

සඳු, රවි දෙදෙනා කුම්භ රාශියේ සිට ගුරු, කුජ, ශුක්‍ර,ශනි නීචවී සිටියද උපත ලැබීමෙන් සම්පත් නැති දිළින්දකු වේ.

9,10,11 අධිපතීන් විකලව නීචවී සිට උපත ලැබීමෙන්ද රාජ යෝග උදා වුවත් සියලු සම්පත් විනාශවී යනු ඇත.

භද්‍රා නම් තිථිය ඇති කුල හෝ ව්‍යාතිපාත යෝගය හෙවත් මහෝත්පාත ඇතිකල හෝ කේතු උදාවූ කල යමෙක් ඉපදීමෙන් රාජ යෝග ඵලයන්ද විනාශ වී යයි.

දෙවැන්නාධිපති හෝ ධන යෝගකාරකීය ග්‍රහයා ත්‍රිකෝණාධිපතීන් සමග එක්ව 6,8,12 යන ස්ථානාධිපතීන් සමග වීමෙන් දුකට පත්වී සැප සම්පත් දේපොළ වහා විනාශ වේ.

අට අධිපතියා ලග්නයේද, ලග්නාධිපතියා මාරක ග්‍රහයකු සමග අටේ සිටීමෙන්ද සම්පත් අහිමිවී දිළින්දකු වේ.

6 අධිපතියා ලග්නයේද ලග්නාධිපතියා හයේද සිට මාරකාධිපතියා දකිනු ලැබීමෙන් හෝ එකතු වීමෙන් සම්පත් නැති අයකු වේ.

චන්ද්‍රයා හිරු දෙදෙනාම ලග්නයේ සිටියදී ලග්නාධිපතියා අටේ මාරක ග්‍රහයා සමග සිටීමෙන් හෝ දැකීමෙන්ද සම්පත් අහිමි දිළින්දකු වන්නේය.

ලග්නාධිපතියා මාරකාධිපතියා සමග අස්තව හෝ සතුරු රාශියක හෝ නීචව හෝ 6,8,12 යන මින් යම් රැසක සිටියහොත් එකලදී එසේම ලග්නාධිපතියා මාරකස්ථානාධිපතියා සමග යුක්ත වූ කල නවය අධිපතියා ශුභයන් නොදැකීමෙන්ද යස ඉසුරු සම්පත් ඇති තැනක උපන්නත් වහා දුකට පත්වී ධනය සම්පත් විනාශයට පත්වේ. ධනය පිරිහෙන විවිධ ග්‍රහ හැසිරීම් රටාවන් අධිකය. මෙහි දක්වා ඇත්තේ ස්වල්පයකි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

කව්ද මේ සුසිල්? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ජනතාව වෙනුවෙන් නිධන් හාරපු නායකයා…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.