• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතාව වෙනුවෙන් නිධන් හාරපු නායකයා…

January 8, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
ජනතාව වෙනුවෙන් නිධන් හාරපු නායකයා…
Share on WhatsAppShare on Facebook

මෙරට පාලනය කළ පාලකයන් සිය ගණනකි. ඔවුන් අතරින් රටත් ජනතාවත් වෙනුවෙන් අසීමිතව කැපවීම් කළ නායකයන් පිරිස අතිවිශාලය. තම යුගයන්හි ඒ ඒ කාලයන්ට අනුරූපව රට ගැනත් ජනතාව ගැනත් සිතා කාලයට සුදුසු ආකාරයට ක්‍රියා කළ එවන් රජවරු අතරින් සුවිශේෂ කාරණා නිසාම ඉතිහාසගත වූවෝද අතිවිශාලය. යුද හපන්කම්, වාරි හපන්කම් මෙන්ම රට ස්වයංපෝෂිත කිරීමේ තවත් බොහෝ හපන්කම් කළ රජවරුන් අතරේ ඇතැම් අමුතු අමුතු ක්‍රියාකාරකම් ගැනත් රාජාවලිය තුළින් හෙළිවෙයි.

එවන් රජවරුන් අතරින් මෙරට ජනතාවගේත් රටේත් සුබසිද්ධිය උදෙසා නිදන්කර වූ බව කියන රජකෙනකු ගැනත් තොරතුරු වාර්තා වන අතර ඔහු වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. සිය පියා වූ දෙවැනි විමලධර්මසූරිය රජුගේ අභාවය සිදුවීමෙන් පසු (ක්‍රි.ව. 1707-1739) රජකම හිමිවූ නරේන්ද්‍රසිංහ රජු අනෙකුත් රජවරුන් මෙන් සටනේ දක්ෂයකු නොවීය. එමෙන්ම අතිශය ජනප්‍රිය පාලකයකු වන්නටද ඔහු වාසනාව ලැබුණේ මඳ වශයෙනි. කුඩා කලදීම රජකම හිමිවූ නරේන්ද්‍රසිංහ රජු මෙරට පාලනය කළ සිංහලේ අන්තිම රජුය. කුමන කාරණා සඳහා ජනප්‍රිය නොවුණද රජු සෙල්ලක්කාරයකු සහ විනෝදයට බර රජකු ලෙස රට පුරා අතිශය ජනප්‍රිය විය. අතිශය රමණීය පරිසරයටත් කාන්තාවන්ටත් විශේෂ තැනක් දුන් නරේන්ද්‍රසිංහ රජු තරමක් ඉක්මනින් කිපී කටයුතු කරන්නකු ලෙස ප්‍රසිද්ධව සිටියේය.

කුණ්ඩසාලේ සිට සිය රජකම් කටයුතු කරගෙන ගිය ඔහු සිය රජ මාලිගය ඉදිකර ගත්තේ ස්වභාවික සෞන්දර්යය මනාවට සිතට දැනෙන අයුරිනි. මහවැලි නදියේ සුන්දරත්වයත් අවට කඳු පන්තියේ රමණීය දසුනත් මනාවට රසවිඳිමින් සිය සෙල්ලක්කාර ජීවිතයට අවශ්‍ය අනෙකුත් කාරණාද සපිරි රජ මාලිගාවක් ඉදිකරවාගත් නරේන්ද්‍රසිංහ රජු මුල් කාලයේ තරමක් ජනයා අතර අප්‍රසාදයට පත්වුවද පසු කලෙක එකල උසස් සහ උගත් භික්ෂුන්වහන්සේ නමක් වූ වැලිවිට අසරණ සරණ සරණංකර හිමියන්ගේ අනුශාසනා සහ උපදෙස් පිළිපැද ඉතා බලගතු සහ නිර්භීත පාලකයකු බවට පත්විය. එයින් මතුවට ඔහුගේ පාලන කාලය ආගමික මෙන්ම වාරි කර්මාන්තය, කෘෂිකර්මාන්තය ආදී බොහෝ විෂයන්ගේ දියුණුව ඇතිවූයේ පැසසිය යුතු ආකාරයටය. මෙකල ආගමික සහ වෛද්‍ය පොත් ගණනාවක්ම සිංහලයට පරිවර්තනය කර ජනයාගේ හිතසුව පිණිසද කටයුතු සිදුවිය. දන්ත ධාතුන්වහන්සේ උදෙසා සිය පියා කරවූ මාලිගය සුදුසු තත්ත්වයේ නැතැයි අවබෝධ කරගත් නරේන්ද්‍රසිංහ රජු ඒ සඳහා වර්තමානයේ ඇති මාලිගයද කරවා ශාසන සුබසිද්ධිය ඇති කළේය. දන්ත ධාතුන්වහන්සේ වඩාහිඳුවීම පිණිස රියන් එකහමාරක් උසට කරඬුවක් කරවා එහි රන් අලේප කර මැණික් ගල් හාරසීයක් ඔබ්බවා අලංකාර කොට දළදා වහන්සේ එහි තැන්පත් කළේය. එමෙන්ම ශාසන උන්නතිය උදෙසා වර්තමානයේ ඇති කුණ්ඩසාලේ රජමහා විහාරස්ථානයද කරවූයේ නරේන්ද්‍රසිංහ රජුය. ඒ, 1706දීය.

කෙසේ නමුත් මේ රජුගේ පාලන කාලය තුළ ජනතාව යම් යම් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නේය. ඊට රජුගේ විනෝදකාමී බව හේතුවූ බවද පැවසෙන අතර එකල මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන්ගේ පාලන බලයට නතුව තිබීමද ඊට ප්‍රධාන හේතුවක් විය. උඩරට ප්‍රධානීහු කොතරම් ඉල්ලීම් කළද විදේශ වෙළෙඳාම සඳහා ලන්දේසි විරුද්ධ වීමෙන් මෙරට ආර්ථික තත්ත්වය යම් පිරිහීමකට පත්විය. මේ නිසා අලි ඇතුන් කුරුඳු ගම්මිරිස් මෙන්ම අනෙකුත් කුළුබඩු වර්ග සහ ආර්ථික භෝගද ලන්දේසීන්ට අලෙවි කිරීම රජු විසින් තහනම් කළේය. එයින්ද රටේ ආර්ථිකයට යම් හානියක් වූ අතර ජනතාවට ආර්ථික දුෂ්කරතාවන් ඇතිකෙරිණි. රජුගේ විනෝදකාමී ජීවිතය නිසාත්, රටට ආදායම් නැති වීම නිසාත් එකලද රාජ්‍ය භාණ්ඩාගාරය හිස් විය. කළ හැකි දෙයක් නොවන තරමට මුදල් තත්ත්වය පහත වැටිණි.

එම තත්ත්වයෙන් රටත් ජනතාවත් පීඩා විඳීම බලා සිටීමට අකැමැති වූ නරේන්ද්‍රසිංහ රජු සිය හිතවත් ඇමැතිවරුන් කිහිප දෙනකු සමග මේ ගැන නිතර නිතර සාකච්ඡා කළේය. එහිදී යෝජනා වූයේ කැඩීබිඳී ගිය වැව් අමුණු පිළිසකර කර ආර්ථික අපහසුතාත් අතහැර හිඟයක් නැති කිරීමට වගා කටයුතු යළි ඉහළට ඔසවා තැබීමටත්, කුරුඳු, ගම්මිරිස් වැනි ආර්ථික භෝග ලන්දේසීන්ට අලෙවි කිරීමටත්ය.

මෙහිදී හුලංගමුව අධිකාරම් ඉහත යෝජනා දෙකම අනුමත කළද ඔහුගේ අනෙක් යෝජනාව ඊට හාත්පසින් වෙනස් එකක් විය. ඔහු කියා සිටියේ අතීතයේ විසූ රජවරුන් සිටුවරුන් අනාගත ප්‍රයෝජනය සඳහා යැයි පවසා මහ පොළොවේ විවිධ තැන්වල තැන්පත් කළ නිදන් ගොඩගෙන රටේ ජනතාව මුහුණපා ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට පියවර ගතයුතු බවය. ඒ සඳහා බහිරවයන් හා භූතයන් බන්ධනයට අවශ්‍ය මන්ත්‍රකරුවන්ද සිටින බවත් ඔහු පවසා තිබේ.
ඉහත යෝජනා තුනම ඉතා සුදුසු යෝජනා බව පිළිගත් රජු අනෙක් යෝජනා දෙක ක්‍රියාත්මක කිරීමටත් යම් ධනයක් අවශ්‍ය වන හෙයින් නිදන් හෑරීමට පළමු කටයුතු කරන්නැයි අණ කළේය. මේ සඳහා දක්ෂ ඇමැතිවරුන් කිහිප දෙනකු පත්කර ඔවුන්ට අවශ්‍ය බලයද ලබාදී සේවක පිරිසක්ද ලබාදුන් අතර එකල සෙන්කඩගල සිටි දක්ෂම යන්ත්‍ර මන්ත්‍රකරුවන් කිහිප දෙනකුද සම්බන්ධ කර දුන්නේය. මේ අතර රාජපුරුෂයන් කිහිප දෙනකු ඉන්දියාවට යවා ඉන්දියාවෙන් මන්ත්‍ර ශාස්ත්‍රයේ දක්ෂ බ්‍රාහ්මණයන් නවදෙනකුද ගෙන්වා ගත්තේය. පසුව මන්ත්‍රකරුවන් සතර දෙනා බැගින් සහ සේවකයන්ද ලබාදුන් කණ්ඩායම් හතරක් මහනුවරින් සතර දිශාවට පිටත් කෙරුණේ රට පුරා ඇති නිදන් ගොඩ ගෙන රාජ්‍ය භාණ්ඩාගාරය පිරවීමේ අරමුණ ඇතිවය.

මෙසේ සතර දිශාවට ගිය පිරිසෙන් මුලින්ම නිදානයක් ලැබුණේ කුරුණෑගලට ගිය පිරිසටය. ඔවුහු කුරුණෑගලට විත් මුලින්ම තම අංජනම් බලයෙන් නිදන් පරීක්ෂා කරද්දී ඒ අසලම ඇති නිදානයක තොරතුරු දැනගත් අතර ඉන් ඉමහත් සතුටට පත්ව නිදානය ගොඩ ගන්නට අවශ්‍ය සියලු කටයුතු යෙදුවේය. ඉන්දීය බ්‍රාහ්මණයන්ගේ උපදෙස් අනුව බහිරවයන් පලවා හැර අවශ්‍ය දොළ පිදේනි දී මන්ත්‍ර ජපකර නිදානය විවර කරවාගෙන එහි වූ රන් රිදී මුතු මැණික් සියල්ල භාජනවල තැන්පත් කොට ලැයිස්තු සකසාගෙන යළිත් රජ වාසල කරා ගමන් ඇරැඹීය. ඒ, සිය කටයුත්තේ ප්‍රතිඵල රජුට භාරදීමේ අදිටනි. එහෙත් නිදානයට අධිපති දේවතාව ඊට විවිධ බාධා එල්ල කළ අතර අතරමඟදී කොටියකුගේ වෙස්ගෙන නිදන් වස්තුව රැගෙන එන පිරිස අතරට කඩාපැන්නද කාරණාව වටහාගත් ඉන්දීය බ්‍රාහ්මණයෝ කොටියාව වසඟ කරගෙන අදාළ භාණ්ඩද කොටියා පිටම පටවා රජ මාලිගයට ගෙන එන්නට කටයුතු කළහ. එදා කොටියා කඩාපැන්න තැන කොටිකෑපොල ලෙසින් කුරුණෑගල මහනුවර මාර්ගයේ මාවතගම ප්‍රදේශයේ පිහිටා තිබෙන බව පැවැසේ.

එදින රජ මාලිගයට රැගෙන ආ මහා ධනය දැක සතුටට පත් රජු පිරිසට ප්‍රශංසා කොට හොඳින් සලකා වස්තුව රාජ්‍ය භාණ්ඩාගාරයේ තැනපත් කෙරිණි.

ඒ අනුව එම ධනය වියදම් කොට මුලින්ම ගුරුදෙණිය වෙල්යාය අස්වැද්දීම සිදුකළ අතර ඉන් පසු පිළිවෙළින් බොහෝ කුඹුරු යායවල් අස්වැද්දීමත් විවිධ සංවර්ධන කටයුතු සිදුකිරීමටත් රජු කටයුතු කළේය. ඒ අතරේ ශාසන ප්‍රබෝධය උදෙසාද බොහෝ කාරණා කටයුතු කරන්නට නරේන්ද්‍රසිංහ රජු ක්‍රියා කළ අතර ලන්දේසීන්ගේ විවිධ අකුල්හෙළීම් මැද වුවද රජු සිය පාලන කාලය තුළ රට සංවර්ධනය කරමින් ජනයා ගැන සිතමින් ස්වයංපෝෂිත කරන්නට කටයුතු කළ බව ඉත්හාසයේ සඳහන් වේ.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ඔබේ අනාගතය සහ ග්‍රහ බලය…

Next Post

SLT-MOBITEL වෙතින් SLIoT Challenge 2020 සහ IESL RoboGames 2020 සඳහා අනුග්‍රාහකත්වය…

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.