තමන්ට හරියන කෙනෙක් ගැළපෙන කෙනෙක් නිසි කාලයේදී ලැබෙයි. එහෙම නැත්නම් එවැනි කෙනෙක් නොලැබී ජීවිත කාලයම තනිව ඉන්න වෙයිද? ලැබෙන කෙනා ගැළපෙන්නෙ නැතිව දුක් විඳින්න වෙයිද? එයා කොහෙදි කොහොම හමුවෙයිද? මේ වගේ ප්‍රශ්න දහස් ගණනක මිනිස් සිත තුළ උපදවන දෙයක් තමයි විවාහය. ඒ විවාහය හා සම්බන්ධ සහකරු සහකාරිය ගැන මාතෘකාව මිනිසකුගේ දෙවැනි උපත ලෙස සලකන විවාහය ගැන එවැනි හැඟීම් අත්විඳීමද සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකන්න පුළුවන්.
හැබැයි තමන්ට අනාගත සහකාරිය කෙලෙ කොහොම කොහෙදී හමුවේවිද යන්න කලින්ම දැනගත්තොත් ඒ අදාළ ස්ථානයේදී අදාළ කෙනා මුණගැසුණු විගස ඒ ගැන ඉඟියක් ලබාගන්න හැකි වෙනවා. එනිසා පහත පරදි තොරතුරු දැනගෙන ඔබේ සහකරු හමුවන ඉසව්ව ගැන යම් අවබෝධයක් ලබාගන්න ඔබට පුළුවන්.
මේ කාර්යයේදී කේන්දරයේ 7 වැනි රාශිය 7 අධිපති සිටින රාශිය සහ ගමන් කරන නැකැත ප්‍රධාන තැනක් ගන්නා අතර 7 වැන්නාධිපති සිටින නවාංශකයද ඉතා වැදගත් වේ.
7 වැන්නාධිපති බලවත්ව මිත්‍ර රාශිගතව 5 වැන්නාධිපතිගේ නැකැතක ගමන් කරනවා නම් තම පෞද්ගලික කටයුත්තකදී ඔහු හෝ ඇය හමුවෙයි. එමෙන්ම උපන්දින හෝ එවැනි විශේෂ උත්සවයකදී නැතහොත් හදිසි උදව්වක් කිරීමට සම්බන්ධ වීමෙන්ද සහකරු සහකාරිය හමුවීමට ඉඩ තිබෙනවා.
එසේම ඔහුගේ ඇයගේ විවාහය සිදුවනුයේ නිසැකවම ආදරය පෙරදැරි කාරණාවකින්ම පමණක් බවත් සඳහන් කළ හැකියි.
7 වැන්නාධිපති දෙවැන්නේ මිත්‍ර රාශිගතව සිටියදී ගුරුට පෙනේ නම් මිල මුදල් හෝ ගනුදෙනු සම්බන්ධ කටයුත්තකදී දැනහැඳින ගැනීමෙන් කතාබහ කිරීමෙන් ඔහු හෝ ඇය මුණගැසෙනු ඇත. 5 වැන්නාධිපති දෙවැන්නේ, දෙවැන්නාධිපතිගේ නැකැතක ගමන් කරයි නම් මුදල් අඩුපාඩුවක් පිරිමැසීමට යෑමෙන් ඇතිවන ප්‍රේම සම්බන්ධයකින් දෙදෙනා හමුවනු ඇත.
7 වැන්නාධිපති 3 වැන්නේ 4 වැන්නධිපතිගේ නැකැතක නම් ළඟම ඥාතියකු මාර්ගයෙන් ඔහු හෝ ඇය හමුවේ. 7 වැන්නාධිපති 4 වැන්නේ නම් තම නිවෙසේ නතරව සිට මිතුරු වූ කෙනකු හා විවාහය සිදුවනු ඇත. 7 වැන්නාධිපති 5 වැන්නේ 3 වැන්නාධිපතිගේ නැකැතක නම් ආලය මුල් වීමෙන් විවාහය සිදුවේ. ඔහු හෝ ඇය අධ්‍යාපන විනෝදජනක හෝ ක්‍රීඩා තරග ආදී ස්ථානයකදී හමුවනු ඇත.
7 වැන්නාධිපති 6 වැන්නේ සිටියදී සිකුරුගේ නීච දෘෂ්ටියට ලක්වේ නම් රෝහලකදී ඩිස්පෙන්සරියකදී හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සම්බන්ධ තැනකදී ඔහු හෝ ඇය හමුවේ.
7 වැන්නාධිපති 9 වැන්නේ සිටින විට ගුරුගේ හා 12 වැන්නාධිපතිගේ දෘෂ්ටිය ලබයි නම් වන්දනා ගමනකදී ඔහු හෝ ඇය හමුවේ.
7 වැන්නාධිපති 10 වැන්නේ සිටියදී 5 වැන්නාධිපතිගේ දෘෂ්ටිය ලබයි නම් රැකියා කරන ස්ථානයකදී ඔහු හෝ ඇය හමුවේ.
7 වැන්නාධිපති 11 වැන්නේ 3 වැන්නාධිපතිගේ නැකැතක ගමන් කරයි නම් සහෝදර සහෝදරියන් සම්බන්ධ තැනකදී ඔහු හෝ ඇය හමුවේ. 7 වැන්නාධිපති 12 වැන්නේ තම නැකතේ ගමන් කරයි නම් නීති හා බන්ධනාගාර සම්බන්ධ තැනකදී ඔහු හෝ ඇය හමුවේ.
ඉහත ආකාරයට ඔබගේ උරුමකාරය සිටින තැන දැන සිටීමෙන් ඉතා පහසුවෙන් ඔබට සුදුසු කෙනාගේ හමුවීම ඔබට පහසුවෙන්ම වැටහෙනු ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්