• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඇයි තාමත් දරුවෙක් නැත්තේ?

December 13, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
ඇයි තාමත් දරුවෙක් නැත්තේ?
Share on WhatsAppShare on Facebook

දරු සම්පත් පිළිබඳ කතා කිරීමේදී ස්ත්‍රියකගේ මාසික ශුද්ධියට අදාළව කුජ සඳු උභය ග්‍රහයන්ගේ බලය උපයෝගී වේ. කාන්තාවකගේ වන්ද්‍ර රාශියෙන් (1,2,4,5,7,8,9,12) යන අනුපචය රාශියකට කුජ ගිය විට ගැබ්ගැනීම සිදුවේ. එසේම කේන්දරයක 3,6,10,11 උපචය රාශියකට සඳු ගිය විට ගුරු විසින් සඳු දකිනු ලැබූයේ නම් එවිට පුරුෂයකුට සිය පිය පදවියට යහපත් වූ අවස්ථාවකි.

එවන් දිනෙක එක්වීම හරහා දරුවකු පිළිසිඳ ගනී. එසේ නොමැතිව අසංවිධානාත්මකව එක්වීමෙන් ලබන දරුවන් කායික මානසික විපරීත බවට පත්වන බැව් දැක ඇත්තෙමු.
ලග්නයෙන් 7 වැන්නෙන් මෛථුන්‍යය ගැන කියැවේ. 7 වැන්න මූලාධාර වන්නේ දාරක සම්පත පිළිබඳවය. 7 වැන්න පාප පීඩිත වී නම් බලහත්කාරකමකින් විය හැකි පිළිසිඳගැනීමකි. සුබ ග්‍රහ හැසිරීම් රටාවක් වේ නම් ඉතා වාසනාවන්ත දරු උපතකට මඟ පෑදේ. රවි පුරුෂකාරකයි. සඳු ස්ත්‍රීකාරකයි.

රවිගෙන් 7 වැන්නට ගිය ශනි නිසාම රෝගී දරුවකු පිළිසිඳ ගැනීමට මඟ පෑදේ. සඳුගෙන් 7 වැන්නට ගිය කුජ නිසා ස්ත්‍රිය රෝගී වේ. තවද රවිගෙන් 2ට 12 ගිය ශනි නිසාත් සඳුගෙන් 2ට 12ට ගිය කුජ නිසාත් ඔවුනොවුන් රෝගී විය හැකිය.

ස්ත්‍රියකගේ ඔසප් වීමෙන් දින 4කින් එක්වීම අසුබයි. මාස් ශුද්ධියෙන් 6,8,10,12,14,16 පුතුන් ලැබීමට සුදුසු දිනයන්ය. 5,7,9,11,13,15 දිනවල දූවරුන් ලැබීමට යහපත්ය. ඒ ඒ දිනයන්හි පිළිසිඳ ගන්නා දරුවන්ට ග්‍රහ කිරණ හරහා යම් සුබ හා අසුබ ශක්ති පදාහයක් ගොඩනැගේ. තවද නපුංසක දරුවන් උපදින යෝග 6ක් ගැන පැරැණි පොත්වල දැක්වේ. නිවුන් දරුවන් උපදින යෝග 6ක්ද වේ. කුජ බුධ ගුරු පුරුෂ රාශිවල සිටීම සඳු ශුක්‍ර ස්ත්‍රී රාශිවල සිටීම ලග්නය හා සඳු ස්ත්‍රී රාශිවල සිටීම හරහා පුරුෂ ග්‍රහයකු දැකීම ස්ත්‍රී රාශිවල ප්‍රබල කුජ බුධ ගුරු ලග්නගත වීම, ස්වක්ෂේත්‍ර රැසකට නවාංශකයකුට පැමිණ බුධ දැකීම පළමු කී උභය රාශියකට ග්‍රහයන්ට පෙනීම සම අංශකවල සිටි ග්‍රහයන් නිසා සමලිංගික දරුවන් උපදියි.

දරුවකු මවු කුස පිළිසිඳගත් විට එකී දරුවාගේ භාරකාරත්වය ග්‍රහයන් නවදෙනාට පැවරේ. ඒ මෙසේය.

පළමු මාසය සිකුරුය. දෙවැනි මාසය කුජ අඟහරුය. තෙවැනි මාසය ගුරුගේ පාලනයටද, සිව්වැන්න රවිටයි. අස්ථි ශක්තිමත් කරයි. පස්වැනි මාසය සඳුට අයත් වේ. සම වැඩීම සිදුවේ. හයවැනි මාසයේදී ශනිට අයත්වේ. හිසකෙස් වැඩේ. හත්වැනි මාසය බුධට පැවරේ. බුද්ධි වර්ධනය, මොළයේ ක්‍රියාකාරීත්වය ඇතිවේ. මොළයේ දකුණු අර්ධය කලාව සෞන්දර්යය තර්ක විද්‍යාව නියෝජනය වේ.

නැවත 8,9,10 යන මාස රවිට නතුවේ. එතැන් සිට උපත වූ තැන් පටන් සඳු සිටි නැකැතට අයත් ග්‍රහයා ප්‍රමුඛව (අතුරු දශා වශයෙන්) අන්‍ය ග්‍රහයන්ගේ පාලනයට අයත් වේ.
කිසිම සංවිධානාත්මක නොවී අසංවරව බීමතින් කෝපයෙන් විකෘති මනසකින් යහන්ගත වීමෙන් විකෘති මන්ද බුද්ධික හෝ බාලාරිෂ්ඨ යෝගකාරකව දරුවන් උපදී. මේ හරහා බලන විට එවැනි දරුවකු බිහිකිරීමට උපාදන වී ඇත්තේ කුරිරු පීඩාය. පැරැණි කාලයේ ගැබ්ගත් දියණිය සිය මවුපියන්ගේ මහ ගෙදරට කැඳවාගෙන ඒමේ චාරිත්‍රයක් තිබිණි. දරුවකුට මව තරම් ආදරය කරන කෙනකු මිහිපිට නොමැත. සංගීත රාවයන්ට සවන්දී, පිරිත් ශ්‍රවණය කිරීම, ආගමික වතාවත්වල යෙදීම මෙන්ම සෞන්දර්යාත්මක ජීවන රටාවකට යොමුවීම අතිශය වැදගත් වේ. මාස හතයි දවස් 22ක් ගිය විට කුසේ සිටින දරුවාට බාහිර ශබ්ද තරංග ඇසේ. ඒ හරහා දරුවා කුස තුළ චලනය වන්නේය. ජලය වැඩිපුර පානය කළ යුතුය. එසේ නොමැති වූ විට ජල බෑගය තුළ ජලය අඩුවීම නිසා දරුවාට පිහිනීමට නොහැකි වේ. සමහර විට දරුවා පෙකණි වැල ශරීරය වටා ඔතාගනී.

ගැබිනි මවක් තද ඌෂ්ණාධික ආහාර පාන හා අධික ශීතල ආහාර පාන ගැනීමෙන් වැළැකිය යුතුමය. පැරැණි කාලයේ ළිඳෙන් කළය උකුලේ තබාගෙන වතුර ගෙන ඒම, වී කෙටීම, මිරිස් ඇඹරීම වැනි ක්‍රියාවන් නිසා දරුවාට නිසි ව්‍යායාමයක් ලැබේ. මව අධික ලෙස දිවා කාලයේ නිදා නොගත යුතුය. රාත්‍රියේ සුව සේ නිදිය යුතුවේ. දරුවා ගැබ තුළ සිටින කාලයේ අන් කවරදාකටත් වඩා තම සැමියා සමග ආදරයෙන් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටීම අනිවාර්ය වේ. තම බිරිය සුරතල් කරමින් මිහිරි වදන් පවසමින් සිටිය යුතුවේ. අපේ හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ අමරදේව සූරීන්ගේ සංගීත හඬට සවන් දීම ඉතාම සුබයි. තවද රවිශංකර් සූරීන්ගේ සිතාර් වාදනයට සවන් දීමෙන් ගැබේ සිටින දරුවා මානසිකමය උපරිම රස වින්දනයක් ලබනු ඇත.

කේන්ද්‍ර පරීක්ෂා කිරීමේදී ගැබ් ක්ෂය වීමට හේතුව සේවීමේදී මව හා පියාගේ දාරක සම්පත් හිමි 5 වැන්න පාප පීඩිත බැව් පෙනේ.

5 වැන්නේ කුජ රාහු වැනි ග්‍රහයකුගෙන් හෝ 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයාගෙන් හෝ සමහර විට 8 අධිපතියාගෙන් හෝ පීඩා ලත් විට දරු ඵලවල කටුක අත්දැකීම් පසුකරනු ඇත. 5 වැන්නේ දෘෂ්ටිගතව ඉතා සුබ ග්‍රහයන්ගේ හැසිරීම පිහිටීම ඇත්නම් වාසනාවන්ත ආයු වර්ණ සැප බල ප්‍රඥා යන පංච මහා සම්පත්තිය හිමි දරුවකු හිමිවේ.
විශේෂයෙන් විවාහය සඳහා ග්‍රහ ගැළපීම් බලන විට දරුඵල තිබේද නැද්ද යන්න ගැන ස්ථාවර තීරණයක් ගත යුතුමය.

විවාහයක අග්‍ර ඵලය දරු සම්පතයි. විවාහය ක්‍රීඩා පිට්ටනියක් කර නොගත යුතුය. දෙදෙනකුගේ විවාහය සිදුකිරීමට පොරොන්දම් බලන විට වාසනාවන්ත දරු සම්පත් දෙදෙනාටම හිමිවේද යන්න ධනාත්මකව පැහැදිලිව බලා ස්ථාවර තීරණයක් ගත යුතුය. විවාහවී හැමදාම දරුවන් ලැබේද යන්න කේන්ද්‍ර බල බලා ළතැවෙනවාට වඩා පළමුව නිසි තීරණය ගන්න.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

සබ්‍රිට ඇමැතිකම් එපා වෙයි! ආයෙත් උසාවි යන්න තීන්දු කරයි!

Next Post

හොර කට්ටඬියා මට්ටු කරන නොපෙනෙන බලවේගය…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වගා ව්‍යාපෘති යැයි කියමින් මුදල් එකතු කිරීම නීතිවිරෝධී බවත්, ජනතාව එහි කැන්පත් කර ඇති මුදල් වහාම ඉල්ලා ගන්නා ලෙසත් මහබැංකු...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.