තමන් යළිත් වරක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අපේක්ෂා නොකරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා පවසා ඇත.
ඒ අනුව ලබන වාරයේදී පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත්, යළිත් වතාවක් අධිකරණයේ කටයුතුවල නිරත වන බවත් ඒ මහතා පවසා තිබේ.
මෙවර සබ්‍රි මහතා පාර්ලිමේන්තුවට පිවිසියේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු වශයෙනි.










