• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

යන්ත්‍ර මන්ත්‍රවලට දණ නොනමන – ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත – නම ඇහුවත් බයවෙන සොහොන් යකා…! Sri Lanka Latest News

December 29, 2025
in Astrology
Reading Time: 2 mins read
A A
යන්ත්‍ර මන්ත්‍රවලට දණ නොනමන – ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත – නම ඇහුවත් බයවෙන සොහොන් යකා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇසූ පමණින් සැවොම භීතියට පත් කරන යක්‍ෂයන් අතර භයානකම, යක්‍ෂයන් 30,000කට ප්‍රධානියා වන මහසෝනා, සුසාන භූමියේ දෙවියා, සුසාන භූමියේ යක්‍ෂයා යන නම්වලින්ද හඳුන්වනු ලබයි.Sri Lanka Latest News

මහසෝනා උසින් මීටර් 37කි. ඇස් 4ක් හා අත් 4ක් සහිතය. සම කළු, රතු පැහැතිය. දකුණු අතේ ගෙන යන මී හරකුගේ රුධිරය පානය කරන අතර වම් අතේ හෙල්ලක් වේ. මහසෝනාගේ වාහනය යෝධ ඌරෙකි.

සුසාන භූමි, කඳුමුදුන්, ගිරිහෙල්, තුන්මං හන්දි මැද මහසෝනා සැරිසරයි. මීට අමතරව නාන තොටවල්වල හා හතරමං හන්දිවලද මහසෝනා නිතර ගැවසෙන ස්ථාන වේ.
මධ්‍යම රාත්‍රියේ හා පාන්දර ජාමයේ වීදි සංචාරය කරන අයට මෙම ස්ථානවලදී මහසෝනා හමුවීම සිදුවේ. මහසෝනා මනුෂ්‍ය ශරීරයක් දුටු විගස එම ශරීරයට ඇතුල් නොවේ. මුලින් ඔහු බියවද්දා, එම බියවැදී දුවන පුද්ගලයාගේ ශරීරයට මහසෝනා ඇතුල් වේ. ඇඟට ඇතුල් වීමට පෙර බියවැදුණු පුද්ගලයාගේ උරහිස අල්ලා පොඩි කරයි. එවිට එම උරහිස් මත නිල් පාටට ඇඟිලි පහක සලකුණක් ඇති වෙයි. එම පුද්ගලයාට මහසෝනා ගහලා යන්න ඥාතීන් දැනගන්නේ එම සලකුණුවලිනි. මහසෝනා නිතර ඇස ගැටෙන්නේ පිරිමි පුද්ගලයන්ට වීම විශේෂයෙකි. ස්ත්‍රීන්ට මහසෝනාගෙන් කරදර නැති තරම්ය.

මහසොහොන් යක්‍ෂයාගේ පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ මුළු ශරීරයම වෙව්ලීමට ගනී. මුළු ශරීරයම වේදනාවෙන් පිරී යයි. බෙල්ල කෙළින් කිරීමේ අපහසුව ඇති වෙයි. අධික පාචන ස්වභාවයක්ද මොවුන් තුළින් දිස්වේ. මෙම මහසොහොන් යක්‍ෂයා පහර දී ඇති වන සංකූලතා සුව කිරීම ඉතා අපහසුය.

බොහෝ යක්‍ෂයන් හා ප්‍රේතයන් මන්ත්‍ර බලයෙන්, නූල්වල ගැට දමා සිර කළද මහසෝනා එවැනි මන්ත්‍ර මඟින් සිර කළ නොහැකිය. මහසෝනාට පිදේනි දී, මහසොහොන් සමයම නැටීම හා ගෝඨයිම්බර දැහැනට පමණක් මහසෝනා අවනත කරගත හැකිය. එසේ වී ඇත්තේ වෙසමුණි රජුන් මහසෝනාට මිනිස් බිලි ගැනීමට අවසර දුන් හෙයිනි. මිනිස් බිලි වෙනුවට කුකුල් බිලිද මහසෝනා බාර ගනී. එනිසා යකැදුරන් ආතුරයා බේරා ගැනීමට මහසෝනාට කුකුල් බිලි පිදීම සිදුකරයි.

ඊශ්වර දෙවියන්ගේ ගෝලයෙක් ලෙස සැලකෙනා භෂ්ම සූර්යා හෙවත් මහසෝනාට අවතාර 5ක් ඇත. ලේ මහසෝනා, අමු මහසෝනා, ජය මහසෝනා, මරු මහසෝනා හා ගොළු මහසෝනා එම පස්දෙනා වෙයි.

ලේ මහසෝනා හෙවත් ලේ සොහොන් යකාගේ වාහනය එළුවකු වන අතර, අමු මහසෝනා හෙවත් අමු සොහොන් යකාගේ වාහනය මුවෙකු වෙයි. ජය මහසෝනා හෙවත් ජය සොහොන් යකාගේ වාහනය අශ්වයකු වන අතර, මරු මහසෝනා හෙවත් මරු සොහොන් යකාගේ වාහනය බැටළුවකු වෙයි. ගොළු මහසෝනා හෙවත් ගොළු සොහොන් යකාගේ වාහනය ඇතෙකි.

විවිධ සතුන්ගේ පිට මත විවිධ වෙස් ගෙන දෘශ්‍යමාන වන මහසෝනා ඉතා භයංකාර, ත්‍රාසජනක යක්ෂයෙකි. කොලරාව හා අතීසාරය සැදුණු රෝගීන්ට මහසෝනාගේ බැල්ම වැටීම සිදුවෙයි. එනිසා මෙම රෝගීන්ට ඖෂධ ලබා දීම මෙන්ම ආරක්‍ෂා කර ගැනීමද සිදුකළ යුතුය. සොහොනක් පසු කිරීමේදී විනෝදයටවත් මහසෝනාගේ නම නොකීමට පැරැන්නන් වගබලා ගත්තේ මෙම යක්‍ෂයා එනම් මහසොහොන් යක්‍ෂයා හෙවත් මහසොහොන් දේවතාව එතරම්ම බිහිසුණු බැවිනි. පිටුපසින් පැමිණ බියවද්දා පහර දුන් පුද්ගලයාට බොහෝ විට සිදුවනුයේ මිය යෑමයි.

අද සමාජයේ මහසෝනා සංකල්පයක් යැයි පැවැසීම, හාස්‍යයට ලක් කිරීම බොහෝ සෙයින් දැකගත හැකිය. නමුත් රාත්‍රී කාලයේ තුන්මං හන්දි, හතරමං හන්දිවල විවිධ ස්වරූපයෙන් සිටින මහසෝනා දුටුවන් අදටද ඇත. කෙසේ වෙතත් මෙම අති භයංකර යක්‍ෂ ආත්මය පිළිබඳ දැනුවත් වීම කාහටත් වටිනා දෙයකි. කරදර, රෝගී තත්ත්වවලින් මිදී සතුටින් ජීවිතය ගතකිරීමට එය මහඟු පිටිවහලක් වනු ඇත.

SendShareShare
Previous Post

මුලින් නම් කිව්වේ අච්චර දෙනවා මෙච්චර දෙනවා කියලා! දැන් ඉඩමේ අයිතිය නෑ කියලා වතුකරයේ ජනතාවට වන්දි දෙන්න බෑ කියනවා! අඩුම තරමෙ බලමු වැඩි කරනවා කියපු පඩියවත් පෙබරවාරි 10 ඉඳන් වතුකම්කරුවන්ට ලැබෙයිද කියලා! නැත්නම් ඉතින්…? VIDEO I Sri Lanka Latest News

Next Post

මීටපස්සේ බීලා එලවලා මාට්ටු වුණොත් එකකින් නෙමෙයි දෙකකින්ම නඩු වැටෙනවා! I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ පාලක...

Read more
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.