• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඉදිරිය භයානකයි ඔබේ මන්ත්‍රය පාඩම් කරගන්න…

April 11, 2022
in Astrology, Kendaraya
Reading Time: 4 mins read
A A
ඉදිරිය භයානකයි ඔබේ මන්ත්‍රය පාඩම් කරගන්න…
Share on WhatsAppShare on Facebook

මේ, ජනතාව අතිශය වගකීමෙන් කටයුතු කරන කාලයකි. මන්ද කිසිදා සිදු නොවුණු ආකාරයට මාසයක් තුළ ග්‍රහයන් සියලු දෙනාම තම ස්ථාන වෙනස් කරන මාසයක් බවට මෙම මාසය පෙන්වා දිය හැකි නිසාය. ජ්‍යොතිෂයට අනුව මෙය සියල්ල උඩු යටිකුරු කරන්නට සමත් වන කාලයකි. ඒ බව මේ වන විටත් රට තුළත් ජනතාව අතරත් දක්නට ලැබෙයි. එහෙයින් ජනතාව ඉතා බුද්ධියෙන් තමාගේ අනාගත සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීමට වගබලාගත යුතුය. නැතහොත් නොසිතූ කරදර බාධකවල පැටලීමට සිදුවීමටද ඉඩ තිබේ. එමෙන්ම මෙවැනි කලබලකාරී වාතාවරණයක් තුළ වුවද ධාර්මිකව සහ බුද්ධිමත්ව ජීවත් වන අයට යම් තරමක හෝ සහනයක් අත්වන අතර ඒ ගැන සිතා තමාගේ යහපත උදෙසා කළ හැකි වත් පිළිවෙත් ආදිය වැඩිපුර භාවිත කිරීම ඉතා යෝග්‍ය වෙයි.

අතීතයේ මෙවැනි දුෂ්කර කාල වකවානු උදාවූ පසු ජනතාවට එම අසුබතාවලින් මිදීමට විවිධ ගුප්තමය උපක්‍රම හඳුන්වාදී තිබේ. ඒ අනුව තම තමන්ගේ ලග්නයට අනුව භාවිත කළ හැකි මන්තරයක් හඳුන්වා දී ඇති අතර තමාගේ ලග්නයට හිමි මන්ත්‍රය කටපාඩම් කරගෙන තම අවශ්‍යතාවලදී ප්‍රයෝජනයට ගැනීමෙන් අවශ්‍ය ඕනෑම සුබ කටයුත්තක් ජයග්‍රහණය කළ හැකි බව බොහෝ දෙනෙක් අත්දැකීමෙන් දනී. ඒ අනුව පහත ආකාරයට ඔබගේ සුබ කටයුතු සඳහා යොමුවී මේ අර්බුදකාරී කාලයේ යහපත උදාකර ගන්න.

ඔබ පළමුව තුනුරුවන් උදෙසා වත්පිළිවෙත් කර, පහනක් දල්වා තමන්ගේ ඉෂ්ට දේවතාවුන්ට සුවඳ කූරක් දල්වා තමා යන ගමන, තමා කරන කටයුත්ත සාර්ථක වේවා යනුවෙන් සත් සිතින් ප්‍රාර්ථනා කර පහත දැක්වෙන අත්දුටු උතුම් මන්ත්‍ර ක්‍රමවේදයන් අනුගමනය කර ඔබේ කටයුතු සාර්ථක කරගන්න.

මරු සිටින දිශාව
• ඉරිදා – උතුර
• සඳුදා – වයඹ
• අඟහරුවාදා – බටහිර
• බදාදා – නිරිත
• බ්‍රහස්පතින්දා – දකුණ
• සිකුරාදා – ගිනිකොන
• සෙනසුරාදා – නැගෙනහිර

• ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා සුබ ගමන් යන විට දකුණු පය පෙරට තබා ගමන ආරම්භ කරන්න.
• සඳුදා, බදාදා සහ සිකුරාදා සුබ ගමන් ආරම්භ කරන විට වම් පය පෙරට තබා ගමන් ආරම්භ කරන්න.
• දිනයට හිමි මන්ත්‍රය තුන් වරක් කියවන්න.

දින හතට මන්ත්‍ර
• ඉරිදා රවි – ඕං ග්‍රීං ග්‍රීං හුං හුං එටි
• සඳුදා චන්ද්‍ර – ඕං ශ්‍රඋවන් හ්රිකුලිං අස්ත්‍රා එටි
• අඟහරුවාදා කුජ – ඕං ඕං ජං හ්රිහං සාය එටි
• බදාදා බුධ – ඕං ප්‍රෝං අං ග්‍රීං ලං නසේත් එටි
• බ්‍රහස්පතින්දා ගුරු – ඕං ඕං ඕං ටං බි්‍රං අෂ්ටජයං එටි
• සිකුරාදා ශුක්‍ර – ඕං ඕං ඕං ප්‍රෝං හ්රි දයායනාම එටි
• සෙනසුරාදා ශනි – ඕං එෛ කිලිං රාමාය එටි

දෙවැනුව තමා උපන් ලග්නයට හිමි මන්ත්‍රය තුන්වරක් කියවන්න.

ලග්න දොළහට හිමි මන්ත්‍ර
• මේෂ – ඕං නසේත් ජයං තොස්වහ
• වෘෂභ – ඕං ගිරන්තය මහජයං තොස්වහ
• මිථුන – ඕං ලක්ෂ්මි රාම ජයං තොස්වහ
• කටක – ඕං සන්මස්වාහං ජයං තොස්වහ
• සිංහ – ඕං ශ්‍රී වන වන සිංහ ජයං තොස්වහ
• කන්‍යා – ඕං ස්ව නමස්වාහං ජයං තොස්වහ
• තුලා – ඕං අං අං අං ඪමරාය ජයං තොස්වහ
• වෘශ්චික – ඕං හ්‍රලන්භන්දාය ජයං තොස්වහ
• ධනු – ඕං හ්රිං ක්‍රිෂ්ණ ජයං තොස්වහ
• මකර – ඕං හං හං අය ජයං තොස්වහ
• කුම්භ – ඕං රං රං රං හ්රිටං ධම්රං යං ජයං තොස්වහ
• මීන – ඕං ජං හ්රිං වං අසිව ජයං තොස්වහ

තෙවැනුව තමන් යායුතු දිශාවට හිමි මන්ත්‍රය තුන් වරක් කියා එම දෙසට ගමන් කරන්න.

දිශා අටට හිමි මන්ත්‍ර
• නැගෙනහිර – ඕං හිං ඉන්ද්‍රජයං තොස්වහ
• ගිනිකොන – ඕං භාම අග්නිජයං තොස්වහ
• දකුණ – ඕං කිලං සෞභසි දක්ෂිණායේ සිධිජයං තොස්වහ බ
• නිරිත – ඕං ග්‍රීං ග්‍රීං එෛ නයිරුතෙ සිධිජයං තොස්වහ
• බටහිර – ඕං වං ග්‍රීං බසු වාරුණෙ සිධිජයං තොස්වහ බ
• වයඹ – ඕං ත්‍රිං අසං සං වාවා වායව්‍ය සිධිජයං තොස්වහ
• උතුර – ඕං ටං ටං සං කිලිං උත්තරේ සිධිජයං තොස්වහ බ
• ඊසාන – ඕං ඊශ්වර පාර්වති ඊස නස්‍යයෙහි සිධිජයං තොස්වහ

තමා අදහන ආගම දහමට මූලිකත්වය දී ඉහත දැක්වූ උතුම් මන්ත්‍ර ක්‍රමවේදයන් හිරු උදාවත් සමග එම දිනට හිමි මන්ත්‍රය සහ තමන්ගේ ලග්නයට හිමි මන්ත්‍රය තමා සුබ ගමන යන දිශාවට හිමි මන්ත්‍රය තෙවරක් සිහිපත් කර යහපත් ප්‍රතිඵල උදාකර ගන්න.

ජ්‍යොතිෂ විද්‍යා විශාරද ජේ.එම්. ඒකනායක

SendShareShare
Previous Post

ගෝඨායි-ආණ්ඩුවයි ගෙදර යවන්න දෝෂාභියෝගයයි-විශ්වාසභංගයයි දෙකම එකවර එයි!

Next Post

අලියාන්ස් ලංකා, මහියංගනයේදී සිය දෙවැනි තිරසාර වැඩසටහන සාර්ථකව නිමකරයි…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.