ගෝලීය රක්ෂණ සන්නාමය වන අලියාන්ස් ලංකා මහියංගනය ප්‍රදේශයේදී ක්‍රියාත්මක කළ සිය 2 වැනි ප්‍රධාන තිරසාර වැඩසටහන සාර්ථකව නිමාකර භාරදුන් වග පසුගියදා නිවේදනය කරන ලදී.
අලියාන්ස් ලංකා මෙම තිරසාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවේ තිරසාර ආර්ථිකයන් මෙන්ම සමාජයන් නිර්මාණය කිරීම හා පෝෂණය කිරීම වෙනුවෙන් සමාගමේ ගෝලීය හා දේශීය දැක්ම අනුව යමිනි.
ඒ අනුව මහියංගනය බ/ම/ සේනානිගම ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රකාශ වෝල්ටීයතා සූර්ය බලශක්ති පැනලයක් ස්ථාපනය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට අලියාන්ස් ලංකා කටයුතු කළ අතර මේ තුළින් පාසලේ දෛනික බලශක්ති අවශ්‍යතාව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් හරහා සපුරා ගැනීමේ අවස්ථාව උදාකර දීමටද ඔවුන් සමත් විය.