• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හදපු සහ හදන ගෙවල් ගැන දැනගත යුතුම රහසක්…

January 22, 2022
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
හදපු සහ හදන ගෙවල් ගැන දැනගත යුතුම රහසක්…
Share on WhatsAppShare on Facebook

නිවෙසක් යනු කෙනකුගේ ජීවිතයේ වැඩිම කාලයක් ගතකරන තැනයි. එනිසා නිවෙස ජීවිතයට ධනාත්මක ලෙස බලපාන ස්ථානයක් විය යුතුයි. ඒ සඳහා නිවෙසක ජීවත්වන්නන්ට සුබදායක අයුරින් වාස්තු ගැළපීමත් නිවෙස ඉදිකිරීම මෙන්ම අනෙකුත් කටයුතු සුබවාදීව කිරීමත් ඉතා වැදගත් වේ. ඔබ නව වසරේ නිවෙසක් ඉදිකරනවා නම් ඒ ඒ මාස අනුව නිවෙසක සුබ අසුබ පල ලැබෙන පිළිවෙළ දැන ඉදිකිරීම් කටයුතු ඇරැඹීම සුබ වේ. එමෙන්ම ඔබ පදිංචි නිවෙසද ඉදිකිරීම් ඇරැඹූ මාසය දන්නවා නම් පහත තොරතුරු ඇසුරෙන් යම් විග්‍රහයක් කරගන්නට ඔබට හැකි වන්නේය.

ඔබගේ නිවෙස ජනවාරි මාසයේ වැඩ ආරම්භ කළේ නම් ඉතා සුබ වේ. රැකියා ව්‍යාපාර දියුණු වන, දූදරුවන්ගේ යහපත උදාවන නිවෙසකි.

පෙබරවාරි මාසයේ ඉදිකරන නිවෙස එතරම් සුබදායී නොවන අතර නිවැසියන්ට ගැටලු ඇතිකරයි. විවිධ ප්‍රශ්න නිසා මානසික පීඩාවට පත්වන්නට සිදුවේ.

මාර්තු මාසයේ නිවෙස ඉදිකළහොත් ඉතා යහපත් ප්‍රතිඵල ලබාදෙනු ඇත. ලෙඩ රෝගවලින් තොර නිරෝගී සුව අත්වන, ධනය, බලය සැප නිවැසියන්ට ලබාදෙන නිවෙසකි. ජීවිතයේ ඉතා උසස් තැනකට පත්වන්නට වාසනාව ඇත.

අප්‍රේල් මාසයද නිවාස ඉදිකිරීමට එතරම් සුබ නොවේ. එවැනි නිවාසවල පදිංචි වීමෙන් ගෘහමූලිකයා අපහසුතාවට සහ රෝගවලට ගොදුරු වෙයි. දුක් කරදර බහුල වේ.

මැයි මාසයේ නිවෙසක වැඩ ආරම්භ කළහොත් ඉතා ඉහළ සුබ පල ගෙන දෙන බව සඳහන් වේ. නිවැසියන්ට දිනෙන් දින දියුණුව අත්වේ. සතුට සමගිය උතුරා යන නිවෙසකි. ධනය ලැබීම ඉතා ඉහළ තත්ත්වයට පත්වේ.

ජුනි මාසයේ නිවාස සෑදීමට සුදුසු නැත. නොසිතූ නොපැතූ කරදර බාධක යෙදේ. ගෙහිමියන්ගේ විනාශය සිදුවන බව පැවැසේ. සිතේ සතුට අඩුවේ.

ජූලි මාසය තුළ නිවාස වැඩ ආරම්භයද එතරම් සුබ නැත. ධනය විනාශ කෙරෙන නිවෙසකි. කොතරම් ධනය ඉතිරි කළද සුබ පලයක් අත් නොවේ. හිටි හැටියේ එම ධනය විනාශ වේ.

අගෝස්තු මාසය තුළ නිවාස ඉදිකළේ නම් ඉතා සුබදායී වෙයි. අසල්වැසියන් හිතවතුන් සහායට එයි. ධන ලාභ මෙන්ම වස්තු ලාභද ලැබේ නිරෝගී සුව ලැබේ. සතුට සමගිය උතුරා යයි.

සැප්තැම්බර් මාසයේ නිවාස වැඩ ඇරැඹුවේ නම් කරදර බාධක අධික වේ. නොසිතූ ප්‍රශ්න ඇතිවන බවත්, නෑදෑ හිතමිතුරන් අමනාපයට හේතු යෙදෙන බවත් පැවැසේ. නිවෙස පාළුවට ගොස් මානසික සහනය අහිමි වනු ඇත.

ඔක්තෝබර් මාසය තුළ නිවෙස ඉදිකරන්නේ නම් නිවැසියන් අතර අඩදබර ගැටුම් බහුල වෙයි. නිවෙසේ සමගියට බාධා ගෙනෙන පිටස්තර බලවේග නිවෙසට ඇතුළු වෙයි. සතුට දුරස් වෙයි.

නොවැම්බර් මාසයේ යම් නිවෙසක් ඉදිකළේ නම් ඉතා වාසනාවන්ත වෙයි. ධනය උතුරන සතුට රජයන නිවෙසකි. වාසනාවන්ත දරු පරපුරක් බිහිවේ. සිත් තුළ සතුට වර්ධනයට හේතු යෙදේ.

දෙසැම්බර් මාසය තුළ නිවාස ඉදිකිරීම සුබ වේ. ඉතා වාසනාවන්ත ලෙස සතුටින් ජීවත් වීමට අවශ්‍ය වටපිටාව සැකසේ. නිතර නිතර අන් අයගේ සහයෝගය ලැබේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

කොළඹ හතේ නිවසක තානාපතිවරු 5ක් හදිසියේම සජිත් හමුවුණේ ඇයි? EXCLUSIVE

Next Post

හෙළයන්ට නොගැළපුණු එළාර රජුගේ ව්‍යවස්ථාව…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.