• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…

May 11, 2022
in Astrology, Kendaraya
Reading Time: 5 mins read
A A
රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…
Share on WhatsAppShare on Facebook

නිවෙසක නැවුම් බව පවත්වා ගැනීම යනු එම නිවෙස තුළ ජීවත් වන්නා වූ පිරිසගේ සෞඛ්‍ය තත්ත්වය, මානසික තත්ත්වය මෙන්ම ආර්ථිකය පැත්තටත් සුබවාදී වෙනසක් එක් කළ හැකි කාරණයක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ අනුව සෑම කෙනකුම තම තමන්ගේ නිවාස ගැන යම් සැලසුමක් සහිතව කටයුතු කිරීම වැදගත් වේ. නිවෙසක වාස්තු දෝෂ ඇතත් නැතත් එම නිවෙස ඇතුළත තත්ත්වය, ගෘහ භාණ්ඩ රැඳවීම් ආදිය නිසි පරිදි සිදු නොවේ නම් සිදුවන්නේ සුබ දෙයට වඩා අසුබ දෙයකි. එහෙයින් වඩාත් හොඳින් සුබ පල ලබන්නට නිතරම නිවෙස තුළ ඇති ධනාත්මක ස්වභාවය වර්ධනය කරගත යුතු වෙයි.

ඒ සඳහා නිතරම නිවෙස ඇතුළත නැවුම් ස්වභාවය වැඩිකිරීමත්, ඒකාකාරී ස්වභාවය අවම කිරීමත් වැදගත් වේ. මේ කාරණයේදී විවිධ මාස සහ කාල වකවානු අනුවත් විවිධ වෙනස්කම් සිදුකළ හැකි බැවින් මෙම මැයි මාසය සඳහා වඩාත් සුදුසු වෙනස්කම් මොනවාද යන්න
විමසා බලමු.

නිවෙසේ සාලය

නිවෙසේ සාලයේ දියඇලි, මාළු ටැංකි ඇත්නම් ඒවායේ නැවුම් බව පවත්වා ගැනීම සඳහා ජලය මාරුකර පිරිසිදු කරන්න. විශේෂයෙන්ම ටැංකි තුළට ගෝල්ඩ් ෆිෂ් මාළුන් කිහිප දෙනකු එක් කරන්න. ටැංකිය තිබූ ස්ථානය වෙනස් කරන්න. එය උතුරු දිශාවට බරව ස්ථානගත කරන්න.
විවිධ ආකාරයෙන් තබා ඇති ගෘහ භාණ්ඩ එම පිහිටීමෙන් වෙනස් කර වෙනත් ආකාරයට ස්ථානගත කරන්න. වීදුරු සහිත ගෘහ භාණ්ඩ නැගෙනහිරට මුහුණලා බටහිර දෙසින් තබන්න. විද්‍යුත් උපකරණ සාලයේ ඊසාන දෙසින් තැබීමත් මේ මැයි මාසයට ගැළපේ.

මාසයෙන් මාසයට ඔබේ නිවෙසේ ආලේපිත වර්ණ වෙනස් කිරීම පහසු කටයුත්තක් නොවේ. එනිසා ඔබට පහසු පරිදි සුදු විදුලි ආලෝක දැල්විය හැකි අතර නැතිනම් කහ පැහැති බල්බයකුත් සාලයේ දල්වන්න.

අලුත් මල් දැමූ බඳුනක් නිතරම සාලයේ නැගෙනහිර දිශාවේ තබන්න. එයට දිනපතා ස්වභාවික මල් දැමිය හැකි නම් වඩාත් සුබ වේ.

කෑම කාමරය

කෑම මේසය වටේ පුටු ගණන 6, 8 හෝ 9ක් තබන්න. එය වාසනාව කැන්දන ක්‍රමයකි.
කෑම මේසය අසල විශාල කණ්ණාඩියක් සවිකරන්න. එවිට කෑම මේසයේ ඇති කෑම දෙගුණ වී පෙනෙනු ඇත. ඇතැම් ආපන ශාලාවල දෙපසට කණ්ණාඩි බිත්ති සකසා ඇත. හොඳින් බලන්න. එවැනි කඩ දියුණුවෙන් දියුණුවට පත්වේ. මේ රහස ඔබේ නිවෙසටත් භාවිත කරන්න.

කෑම කාමරය අසල නාන කාමර හෝ කුස්සිය තිබීම සුදුසු නොවේ. ඔබගේ හෝ අසල්වැසි නිවෙසක එවැනි දේ ඔබේ කෑම කාමරයට කෙළින් ඇත්නම් එය ආවරණය කරන්න.

ඔබේ කෑම මේසය නිවෙසේ පිටතට නොපෙනෙන්නේ නම් ඒ මත අලුත් මල් බඳුනක් සහ අලුත් පලතුරු සහිත වට්ටියක් තබන්න.

කුස්සිය

ඉතා හොඳින් ආලෝකය විහිදුවන විදුලි බුබුළක් කුස්සියට සවිකරන්න. ආලෝකය කුස්සියට අත්‍යාවශ්‍ය දෙයකි. එය දියුණුවට රහසකි.

ශීතකරණය මේ මාසයේ පුරවා තබන්න. අලුත් පලතුරු එළවළු ආදිය පිරුණු ශීතකරණය ඔබගේ නිවෙසට ධනය සහ වාසනාව කඳවනු ඇත. සාලයේ සිටින අයට කුස්සිය ඇතුළත පෙනෙනවා නම් පමණක් එය නොපෙනෙන ලෙස ආවරණය කරන්න. එවිට වාසනාව පහසුවෙන් ළඟා වේ.

නාන කාමරය

මේ මාසයේ නාන කාමරයේ දොර අනවශ්‍ය අවස්ථාවලදී වසා තබන්න. එයින් ඔබගේ ආර්ථිකය සහ වාසනාව වර්ධනයට හේතු යෙදේ. නාන කාමරයේ වැසිකිළි පියන නිතරම වසා තබන්න. නාන කාමරයේ කණ්ණාඩියක් එල්ලන්න. එසේ ඇත්නම් එය බටහිර පැත්තේ හෝ වයඹ පැත්තේ බිත්තියට මාරු කරන්න.

නිදන කාමර

නිදන කාමරයේ ඇති අනවශ්‍ය බඩු කිහිපයක් හෝ අඩු කරන්න. ඇඳෙහි මෙට්ටය හෝ එසේ නොමැති නම් අඩුම තරමේ අලුත් ඇඳ ඇතිරිලි කිහිපයක් හෝ ඇඳට භාවිත කරන්න.

නිදන ඇඳ ජනේලය අසලින් ඉවතට ගෙන වෙනත් තැනක ස්ථානගත කරන්න.

මාළු ටැංකි හෝ ජලයට සම්බන්ධ චිත්‍ර ඇත්නම් වහාම ඉවත් කරන්න.

විදුලි බල්බය මඳ ආලෝකයක් විහිදුවන එකකට මාරු කරන්න.

ඉහත සඳහන් කරුණු මැයි මාසය පුරා කළ හැකි නම් එහි සුබ ප්‍රතිඵල මාසය අවසන් වීමට ප්‍රථමයෙන් අත්දැකීමෙන් දැනගත හැකි වනු ඇත. එසේම වෙනදාට වඩා ඔබගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා සේම ඊට සමාන්තරව සිතේ නිදහස ක්‍රියාශීලී බව, නිරෝගී සුවයත් වර්ධනයට හේතු යෙදෙනු ඇත.

SendShareShare
Previous Post

ආරක්ෂාව ගැන බියක්! අද තියන්න ගිය පක්ෂ නායක රැස්වීමත් හදිසියේම කැන්සල්!

Next Post

පොහොට්ටුවේ රාජ්‍ය ඇමැතිට දේශපාලනය තිත්ත වෙයි! ‘දිවි ඇතිතුරා දේශපාලනයට නොඑමි! නිවේදනයක් නිකුත් කරමින් කියයි!

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.