• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හැමදේටම බලපාන රවිගේ ශක්තිය…

June 16, 2021
in Astrology
Reading Time: 3 mins read
A A
හැමදේටම බලපාන රවිගේ ශක්තිය…
Share on WhatsAppShare on Facebook

පුරුෂ ග්‍රහයන් අතර පළමුවැන්නා වන රවි ග්‍රහයා ගැන සැලකිලිමත් වූ විට මොහු ග්‍රහ පවුලේ මූලිකයා හෙවත් පියා ලෙස ගණන් ගැනේ. වරුණ, දිනකර, සරපා, භානු වැනි පර්යාය පදවලින් හඳුන්වන්නේද ග්‍රහ පවුලේ රජු ලෙස සැලකෙන රවිමය. මෙම රවි සෞරග්‍රහ මණ්ඩලයේ සිටින ග්‍රහයන් අතර වක්‍ර නොවන ග්‍රහයෙකි. ග්‍රහ ගමනේදී වක්‍ර නොවන ග්‍රහයන් දෙදෙනා ලෙස ජ්‍යොතිෂයේ සඳහන් වනුයේ රවි හා සඳු ග්‍රහයන්ය. සදා වක්‍ර ග්‍රහයන් ලෙස රාහු හා කේතු පෙන්වාදී ඇත.
උෂ්ණය, ආලෝකය හා ජීවය ගෙන දෙන සූර්යා ක්ෂිතිජයෙන් මතුවී ඒමට මිනිත්තු 6ක් ගතවීම තුළින් සූර්යා හෙවත් රවිගේ විශාලත්වය කොපමණදැයි වටහා ගත හැකිය. එවැනි විශාලත්වයක් හිමි රවි පුද්ගලයන්ගේ ජීවිතයටද විශාල බලපෑම් කරන ග්‍රහයෙකි.

කේන්දරයක රවි ග්‍රහයාගේ පිහිටීම මගින් එම ජන්මියාගේ නිර්භීතකමේ ස්වභාවය, ආයුෂ තත්ත්වය ප්‍රසිද්ධිය, බලය, ගෞරවය, චිත්ත වේගයේ ස්වභාවය හා උඩඟුකම වැනි දෑ අවබෝධ කරගත හැකිය. එමෙන්ම රවි ග්‍රහයා ශරීරයේ උගුර, මුඛය, ඇස්, මොළය, රක්තානු හා හෘදය වස්තුව යන මේවාට අධිපතිකම් දරයි. රවිගේ දුර්වල පිහිටීමක් වේ නම් එවන් පුද්ගලයන්ට ඉහත අවයවවල යම් අක්‍රමිකතා ඇතිවිය හැකිය. ඇස් සම්බන්ධව ගතහොත් රවිගේ පීඩාව ස්ත්‍රියකට නම් වම් ඇසටද, පුරුෂයකුට නම් දකුණු ඇසටද බලපායි. එපමණක්ද නොව යම් ජන්මියකුගේ රවි දුර්වලව පිහිටා පාප පීඩිතව වේ නම් ඔහු හෝ ඇය වංචාවෙන්, සොරකමෙන් මුදල් උපයන, අධිමාන්නයෙන් යුත් කටමැත දොඩවන අයෙකි.

සෑම දවසකටම රවි හෝරාවක් උදාවන අතර එම හෝරාව රවිගේ බලය පවතින ස්ථානවලට යෑමෙන් ජය හිමිකර ගත හැකිය. රජුන් බැහැදැකීමට, රජයේ නිලධාරීන් හමුවීමට, උසාවියට යෑමට, අවි ආයුධ මිලදී ගැනීමට ආදී වැඩ සඳහා රවි හෝරාව යොදාගැනීම යෝග්‍ය වේ. රවි හෝරාවට අමතරව එදින තත්කාල කේන්දරයේ රවි බලවත් දවසක් වීමද වඩා ඵලදායී වේ.
රවි සම්බන්ධව තවදුරටත් හැදෑරීමේදී නැකැත් පන්තියේ නැකැත් තුනක් රවිට වෙන් වේ. කැති, උත්‍රපල් හා උත්‍රසල යන නැකැත් ත්‍රිත්වය එය වේ. අනෙක් සියලු ග්‍රහයන්ට ස්වක්ෂේත්‍ර රාශි 2ක් තිබුණද රවිට මෙන්ම සඳුටද ඇත්තේ එක් ස්වක්ෂේත්‍ර රාශියක් පමණි. මීට අමතරව රවිට උච්ච රාශියක් හා නීච රාශියක්ද වේ. රවිට මේෂ රාශිය උච්ච වන අතර සිංහ රාශිය එකම ස්වක්ෂේත්‍ර රාශිය වේ. මේෂ රාශියට සමානම රාශිය තුලාවේදී රවි නීච වී යයි.

රවි ග්‍රහයාගේ බලය වැඩිකර ගැනීමට පද්මරාග මැණිකක්, පිත්තල ලෝහයෙන් සාදාගත් මුද්දකට දමා පැලඳිය යුතුයි. රවිගෙන් අපලයක් ඇති විට පද්මරාග මැණික නොපැලඳිය යුතු අතර රතු නෙලුම්, රත් මල් හෝ මූණමල් පූජා කිරීමද, රතු වස්ත්‍ර, තිරිඟුවලින් සාදන ලද ආහාර, පරිප්පු හා රත් හඳුන් ආදී දෑ දන් දීමෙන්ද අපල දුරු කරගත හැකිය.

රවි ග්‍රහයාට අයිති වෘක්ෂය වන්නේ ඉඹුල් වෘක්ෂයයි. එයට ආවතේව කිරීම, ඉඹුල් වෘක්ෂය ස්පර්ශ කිරීම, ඉඹුල් වෘක්ෂය යටට වී සිටීම ආදී කරුණුවලින්ද රවි අපලය දුරුවී යනු ඇත. ඉඹුල් වෘක්ෂයට අමතරව කහට ගස්, කොට්ටම්බා ගස්, දොඩම් ගස් වැනි ශාකවලටද උපස්ථාන කිරීමෙන් මෙම රවි අපල දුරුවන බව පූර්වාචාරීන්ගේ මතයයි. මන්ද මෙම ගස් රවිට අධිපති ශාක නිසාවෙනි. තවද ශිව දෙවියන් හෝ ඊශ්වර දෙවියන් කෙරෙහි පැහැදීමෙන් අබ තෙල් පහන් පූජා කිරීමද රවි අපල දුරු කරගත හැකි තවත් ක්‍රමයකි.

කේන්දරයේ 10 වැන්න හෙවත් රැකියා ස්ථානය රවි ග්‍රහයාට දිග්බල ස්ථානය වේ. ඊට අමතරව රවි තමා සිටින ස්ථානයේ සිට 3 වැන්න, 7 වැන්න හා 10 වැන්නට දෘෂ්ටි දේ. එය ‘තී දස රවි ශනි චන්ද්‍රෝ’ ලෙස දෘෂ්ටි ශ්ලෝකයේ දැක්වේ. රවි ග්‍රහයා මේෂ රාශියේ අංශක 10දී පරම උච්ච තත්ත්වයට පත්වන අතර තුලා රාශියේ අංශක 10දී පමණ නීච තත්ත්වයට පත්වේ.

රවි නෛසර්ගික බලයෙන් වැඩිම ග්‍රහයා වන අතර ලග්නයට හා 10 වැන්නට කාරකයාද වේ. නැඟෙනහිර දිශාව රවිගේ දිශාව ලෙස තෝරාගැනේ. ජන්ම පත්‍රයේ විංශෝත්තරී දශා කාලය අනුව රවිට අවුරුදු 6ක් හිමිවේ. තවද රවි ග්‍රහයා දිනකදී අංශක 1ක් දුර ගමන් කරන අතර ගෝචරයේදී රවි රාශියක් තුළ මාසයක කාලයක් ගතකරයි.

රවි ගැන තවදුරටත් කතාකිරීමේදී රවිගෙන් උදාවන ප්‍රබල යෝග තුනක්ද පවතී. ඒවා නම් වෙෂී, වොෂී හා උභයචාරී යෝගයි. ජන්ම පත්‍රයක් තුළ මෙම යෝග එකක් හෝ තුනම මිස යෝග දෙකක් කිසි විටෙක නොපිහිටයි. මෙම යෝග ඉතා ප්‍රබල වාසනාවන්ත යෝග වේ. ග්‍රහයන්ට හිමි සම්මත ලකුණු සම්බන්ධව සැලකීමේදී රවි ග්‍රහයාගේ සම්මත ලකුණ පහත රූප සටහනේ ආකාර වේ. මෙම ලකුණ තුළින් බලාගත හැකි වන්නේ හස්තයෙනි. කේන්දරයේ රවි ප්‍රබල පුද්ගලයන්ගේ හස්තයේ රවි මණ්ඩලය දුබලව උත්තලාකාරව පිහිටා එම රවි මණ්ඩලයට තුළ අදාළ ලකුණ වැටී තිබේ.

රවි ග්‍රහයා වෘශ්චික හා ධනු යන රාශිවලට යෝගකාරකයා වන අතර මේෂ රාශියට අර්ධ යෝගකාරක බලයක් පෙන්වයි. තුලා රාශියට රවි ග්‍රහයා බාධක ග්‍රහයා වන අතර මිථුනයට හා තුලාවට පාපී ග්‍රහයාද වේ. රවි ග්‍රහයා කුජ, සඳු, කේතු හා ගුරු යන ග්‍රහයන්ට මිතුරු වන අතර ශුක්‍රට හා ශනිට සතුරු ග්‍රහයන් වේ. රවි ග්‍රහ රාජ යෝග උදාකරන රාශි ලෙස කන්‍යා, මකර, මීන යන රාශි හැඳින්විය හැකි අතර, වෘෂභ, සිංහ, වෘෂ්චික යන රාශිවලට රවි ග්‍රහයා වාහන ලබාදෙන යෝගකාරක ග්‍රහයාද වේ. තවද රවි ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපතිවරයා විය හැක්කේ වෘෂභ, කන්‍යා, මකර යන ලග්නවලට පමණි.

– ජ්‍යොතිෂවේදී, ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

එළවලු-බෙහෙත්-පිංපඩිය ගෙදරට යවාගන්න බෑ! හැබැයි අරක්කු නම් පුළුවන්!! ලැජ්ජයි!!! -GMOA

Next Post

රටම මගෙත් එක්ක! මම ශක්තිමත්!! ගම්මන්පිලත් සාගරට උත්තර දෙයි!!!

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News
Astrology

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

ඔබත් විෂ කන්‍යාවක්ද?
Astrology

සල්ලි එන පාරවල් එක පිට එක වැහෙන ඊසාන දිග…! මෙන්න කඩන්නේ නැතුව ගොඩයන සරල පිළියම්…! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News
Astrology

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.