”කොපමණ හරිහම්බ කළත් සතයක්වත් ඉතිරි වෙන්නේ නැහැ”, ”ගෙදරට සල්ලි ලැබෙන මාර්ග එක පාරටම වැහිලා යනවා” – වර්තමානයේ බොහෝ දෙනෙක් පවසන මේ පොදු මැසිවිලිවලට හේතුව කේන්දරයේ අපලයක්ම නොව, තමන් ජීවත් වන නිවසේ ඔබ නොදැනුවත්වම සිදුවී ඇති බරපතළ වාස්තු දෝෂයක් විය හැකියි. වාස්තු විද්‍යාවට අනුව නිවසක දියුණුව, ධනය සහ සැනසීම තීරණය කරන ප්‍රධානතම ස්ථානය වන්නේ ඊසාන දිශාවයි. විශ්ව ශක්තිය නිවසකට ඇතුළු වන ප්‍රධාන ද්වාරය වන බැවින්, පුරාණ සෘෂිවරුන් ඊසාන දිශාව හැඳින්වූයේ ”දේව මූල්‍ය කලාපය” ලෙසයි. මේ කියන සුවිශේෂී කලාපයේ සිදුවන සුළු හෝ වාස්තු දෝෂයක් මුළු පවුලේම සේසතම පාළු කිරීමට සමත් වෙයි.Sri Lanka Latest News
බොහෝ නිවෙස්වල ඉඩකඩ කළමනාකරණය කිරීමට ගොස් ඊසාන දිශාව සම්පූර්ණයෙන්ම අවුල් කරගන්නා අවස්ථා එමටය. මේ සුවිශේෂී දිශාවට වැසිකිළියක් හෝ කැසිකිළියක් හසුවීම බරපතළම වාස්තු දෝෂය වන අතර, එමඟින් නිවසට ඇතුළු වන පිරිසිදු විශ්ව ශක්තිය දූෂණය වී, දැඩි ධන හානිය මෙන්ම නිවැසියන්ට සුව නොවන හිසේ රෝග සහ ස්නායු ආබාධ ඇති කරයි. එමෙන්ම ඊසාන යනු ජලයට අධිපති දිශාව බැවින්, එහි කුස්සිය පිහිටුවා ළිප තැබීමෙන් ජලය සහ ගින්දර අතර ගැටුමක් ඇති වී නිවසේ දියුණුව සම්පූර්ණයෙන්ම අඩාළ වෙයි. මීට අමතරව, භාවිතයෙන් ඉවත් කළ පරණ බඩුබාහිරාදිය, යකඩ, දර හෝ කුණු බාල්දි ඊසාන දිශාවේ ගොඩගසා තැබීමෙන් එම දිශාවෙන් එන සුබ ශක්තීන් සියල්ල අවහිර වී යයි.
ඔබේ නිවසේත් ඊසාන දිශාවේ මෙවැනි දෝෂ තිබේ නම්, නිවස කඩා බිඳ දමන්නේ නැතිව කරගත හැකි සරල ගුප්ත සහ වාස්තු පිළියම් කිහිපයක් පවතී. පළමුවෙන්ම කළ යුත්තේ ඊසාන දිශාව හැකිතාක් සැහැල්ලුවෙන් සහ පිරිසිදුව තබාගැනීමයි. එම ප්‍රදේශයේ බිත්තිවලට ළා නිල්, සුදු හෝ ළා කොළ පැහැති වර්ණ ආලේප කිරීමෙන් සුබ ශක්තීන් වර්ධනය කරගත හැකියි. එමෙන්ම, ඊසාන දිශාවෙන් නිවස ඇතුළත හෝ මිදුලේ කුඩා පැන් බඳුනක්, වතුර වීදුරුවක් හෝ කුඩා දිය උල්පතක් තැබීමෙන් ධන ආකර්ෂණය වේගවත් වන අතර, හැදෙන සේර පැළයක් හෝ මනි ප්ලාන්ට් පැළයක් මෙහි තැබීමද ඉතා සුබයි. වඩාත්ම සාර්ථක පිළියමක් වන්නේ, ඊසාන දිශාවේ ඇති කාමරයක හෝ මුල්ලක කුඩා වීදුරු පිඟානකට පිරිසිදු ලුණු කැට ස්වල්පයක් දමා තැබීමයි. එයින් නිවසේ ඇති නිශේධනීය ශක්තීන් උරාගන්නා අතර, සතියකට වරක් එම ලුණු කුඩු වැසිකිළියට දමා සෝදා හැර අලුත් ලුණු දැමිය යුතුය. නිවසක ඊසාන දිශාව පිරිසිදුව සහ සක්‍රීයව තබාගැනීම යනු නිවසට ධන ලක්ෂ්මිය කැඳවා ගැනීමක් බැවින්, අදම ඔබේ නිවසේ ඊසාන දිශාව දෙස බලා එහි ඇති දෝෂ ඉවත් කරගැනීමට පියවර ගන්න.
ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා










