‘මේ රටේ ජනතාව, සහෝදර මැතිඇමතිවරු, අගමැතිතුමන්, ජනාධිපතිතුමන් මාත් එක්ක කියලා මම දැනගත්තේ සාගර කාරියවසම් මහත්තයාගේ ප්‍රකාශයත් එක්කයි.” යනුවෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේය.
අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.
“ඵල ඇති රුකටලු ගල් ගහන්නේ. මට ආඩම්බරයි. ලෝකයේ හිටිය විශිෂ්ටතම යුද විශේෂඥයා විදිහට සලකන චීන ජාතික සුන් ෂූ (Sun Tzu) වරක් ප්‍රකාශ කළා සතුරන් ඔබව වර්ණනා කරයි නම් ඔබ දුර්වලය. සතුරන් ඔබට පහරදෙයි නම් ඔබ සවිමත්ය කියලා. මට පහරදෙන අය මගේ හැකියාව පරීක්ෂාවට ලක්කරනා අතරෙම මම සවිමත් මිනිසෙක් කියන පණිවුඩය මට ලබා දෙනවා. මේ රටේ ජනතාව, සහෝදර මැතිඇමතිවරු, අගමැතිතුමන්, ජනාධිපතිතුමන් මාත් එක්ක කියලා මම දැනගත්තේ සාගර කාරියවසම් මහත්තයාගේ ප්‍රකාශයත් එක්කයි.”










