• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

June 6, 2026
in Astrology
Reading Time: 3 mins read
A A
කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පවුලට සතුටයි, බැංකු එකවුන්ට් එකට සල්ලියි දෙන දෙවැන්නේ බලය…


පෙරදිග අහස් කුසෙහි රක්ත වර්ණ ආලෝක ධාරාවක් විහිදුවමින් පායා එන සුරගුරු හෙවත් බ්‍රහස්පති යනු, විශ්වයේ මහා කරුණාවන්තම සහ ශුභවාදීම ග්‍රහ දෙවියන් ලෙස හැඳින්වීම නිවැරදිය. මිනිසෙකු මෙලොව උපදින ක්ෂණයෙහි, විශ්වයේ ශක්ති රේඛාවන් කේන්ද්‍ර සටහනක් මත සනිටුහන් වන විට, ගුරු ග්‍රහයා සිටින ඉරණම් පංගුව දෙස ජ්‍යොතිෂවේදීන් නෙත් යොමු කරන්නේ මහත් වූ භක්තියකිනි. මන්ද, මිනිසෙකුගේ ලෞකික සැප සම්පත් මෙන්ම ලෝකෝත්තර ඥානය ද තීරණය කරන ප්‍රධානතම මඟපෙන්වන්නා වන්නේ මේ සුරගුරු බැවිනි. පුද්ගලයෙකුගේ ජීවිතයේ වැදගත් බොහෝ අංශ කෙරෙහි ගුරු ග්‍රහයාගේ සෘජු බලපෑම එල්ල වන අතර උසස් ඉගෙනීම, තීක්ෂණ බුද්ධිය, යානවාහන, ගේදොර, නිශ්චල දේපළ, ගුණගරුක බව, වාසනාවන්ත දරුඵල, යහපත් විවාහය, ආගම ධර්මය කෙරෙහි ඇති සහජ නැඹුරුව, සැප සම්පත් විඳීම මෙන්ම ප්‍ර‌ීතිමත් ප්‍රසන්න ජීවිතයක් ගතකිරීම යන මේ සියලු‍ උදාර කරුණු නියෝජනය කරන්නේ ගුරු ග්‍රහයාය. කෙසේ වුවද, ගුරු ග්‍රහයා කේන්ද්‍රයක තැන්පත්ව ඇති ආකාරය අනුව ශුභ පල මෙන්ම අශූභ පලද උදාවිය හැකි බැවින්, කේන්ද්‍රයේ එක් එක් ස්ථානවලදී ගුරු ලබාදෙන සුබ අසුබ ප්‍රතිඵල පිළිබඳව විමසා බලමු.Sri Lanka Latest News

ගේදොර, යානවාහන නිකන්ම ලැබෙන හතරවැන්නේ මැජික් එක…


යම් පුද්ගලයෙකුගේ කේන්ද්‍රයක ලග්නය හෙවත් පළමුවැන්න තුළ ගුරු ග්‍රහයා තැන්පත් වීම අතිශය බලවත්, වාසනාවන්ත පිහිටීමකි. මෙහිදී ගුරු ග්‍රහයා ලග්නයට දිග්බල වන අතර, ලග්නගත ගුරුගේ දිව්‍යමය දෘෂ්ටිය කේන්ද්‍රයක ඇති ඉතා බලවත්ම ත්‍රිකෝණ ස්ථාන වන පස්වැන්න, හත්වැන්න සහ නවවැන්න වෙත සෘජුවම එල්ල වෙයි. මේ දිව්‍යමය බැල්ම හේතුවෙන් කේන්ද්‍රයේ ඇති බොහෝ සහජ දෝෂ භංග වී යන තත්ත්වයක් උදා වන අතර, පැරණි ඍෂිවරුන් ‘‍ගුරු ලග්නයේ සිටීමෙන් කෝටියක් දෝෂ භංග වේ’‍ යැයි ජ්‍යොතිෂයේ රත්තරන් අකුරින් දක්වා ඇත්තේ එබැවිනි. විශේෂයෙන්ම ධනු ලග්නය, කටක ලග්නය සහ මීන ලග්නයෙන් උපන් අයට ලග්නයේ ගුරු තැන්පත් වීම මුළු ජීවිතයම ආලෝකමත් කරන ප්‍රබලතම පිහිටීමක් වෙයි. එතැනින් නොනැවතී, ගුරු ග්‍රහයා කේන්ද්‍රයක දෙවැන්නේ තැන්පත් වීමද ජීවිතයට විශාල ආශිර්වාදයක් රැගෙන එයි. ගුරුට ‘ධන කාරක’ අයිතියක් ඇති අතර, දෙවැන්න ධනස්ථානය ද වන බැවින් අපේක්ෂිත ධනය ලැබීමට, ව්‍යාපාර දියුණුවට සහ පාරම්පරික දේපළ උරුමවීමට මෙම පිහිටීම මග පාදයි. තවද, දෙවැන්න යනු පවුල නියෝජනය කරන කුටුම්භස්ථානයයි. එබැවින් ගුරු දෙවැන්නේ සිටීම විවාහ ජීවිතයේ යහපත් පැවැත්ම, සතුට, සාමය සහ පවුලේ සමෘද්ධිය කෙරෙහි අතිශය ශුභවාදී බලපෑම් ඇති කරයි. කෙසේ වෙතත්, තුන්වැන්නේ ගුරු ග්‍රහයා තැන්පත් වීම සාමාන්‍යයෙන් එතරම් ශුභ පිහිටීමක් ලෙස සැලකෙන්නේ නැත. තුන්වැන්නට ගුරු ‘‍පල රහිත ග්‍රහයෙකු’‍ වශයෙන් හැඳින්වෙන මුත්, යම් හෙයකින් එම තුන්වැන්න ගුරුගේම රාශියක් (ධනු හෝ මීන) වී හෝ ගුරු එහි උච්චව (කටක රාශියේ) තැන්පත් වුවහොත්, එම අසුබතා මඟහැරී ශුභ පල ලබාදීමට දායක වේ. එමෙන්ම ගුරු තුන්වැන්නේ සිටින විට හත්වැන්න, නවවැන්න හා එකොළොස්වැන්න ගුරුගේ දෘෂ්ටියට ලක් වන බැවින් එම භාවයන් කෙරෙහි ශුභවාදී බලපෑම් ඇති කිරීමට සමත් වෙයි.

උසස් අධ්‍යාපනයයි වාසනාවයි දෝරෙ ගලන නවවැන්න…


ජීවිතයේ භෞතික සැප සම්පත් ගැන කතා කිරීමේදී හතරවැන්නේ ගුරු ග්‍රහයා තැන්පත් වීම අතිශයින්ම ශුභදායක පිහිටීමකි. හතරවැන්නෙන් ගේදොර, යාන වාහන, ඉඩකඩම්, විවාහ ජීවිතයේ සතුට මෙන්ම ජීවිතයේ අවසාන කාලය නියෝජනය කෙරෙන බැවින්, එහි ගුරු තැන්පත්වීම මුළු ජීවිතයටම ශුභවාදී බලපෑම් ඇති කරයි. මෙවැනි පිහිටීමක් ඇති අයට තමන්ටම කියා අලංකාර නිවසක් හිමිවීම, නිශ්චල දේපළ ලැබීම, ගුණගරුක සහකරුවකු හෝ සහකාරියක හිමිවීම, යහපත් මානසික සුවයක් ලැබීම සහ විවාහ ජීවිතය අතිශයින් සතුටින් ගතකිරීමේ වාසනාව උදා වේ. එලෙසම කේන්ද්‍රයක පස්වැන්නේ ගුරු ශුභවාදී ආකාරයෙන් තැන්පත්වීම යහපත් දරුවන් ලැබීමේ භාග්‍ය උදාකර දෙයි. විශේෂයෙන්ම පස්වැන්න අධිපතියා සහ පුත්‍රකාරක ගුරු යහපත් ආකාරයෙන් තැන්පත්ව සිටීනම් වාසනාවන්ත, බුද්ධිමත් දරු සම්පත් ලැබේ. ස්ත්‍රී කේන්ද්‍රයක ගුරු යහපත් ආකාරයෙන් සිටීම දරුඵල කෙරෙහි සෘජුවම ශුභවාදීව බලපාන අතර, ගුරුගේ දෘෂ්ටිය පස්වැන්න වෙත යහපත් ආකාරයෙන් සම්බන්ධ ​වේ නම් දරුඵල කෙරෙහි යහපත් බලපෑම් ඇතිකරයි. එමෙන්ම ගුරු ලග්නයේ, පස්වැන්නේ, නවවැන්නේ සහ එකොළොස්වැන්නේ ගෝචරයෙන් ගමන් කරන කාල සීමාවන් දරුඵල බලාපොරොත්තු වන අයට ඉතාම සුදුසු වකවානු ලෙස හැඳින්විය හැකිය. එහෙත්, පුත්‍රකාරක ගුරුත්, පස්වැන්න අධිපතිත් පීඩාවීම දරුඵල හීන වීමට හෝ දරුඵල නොමැතිවීමට වුවද හේතුවිය හැකිය. ගුරු කේන්ද්‍රයක නීච වීම හෝ ගුරු සහ පස්වැන්න අධිපති 6, 8, 12 යන දුෂ්ට ස්ථානවල තැන්පත්වීම දරුඵල කෙරෙහි අයහපත් ලෙස බලපායි. මෙහිදී විශේෂත්වයක් වන්නේ, පුත්‍රකාරක ගුරු පුත්‍රස්ථානය වන පස්වැන්නේම තැන්පත් වීම ”‍කාරක භාව නාශාය”‍ සිද්ධාන්තයට අනුව එම කාරක ගුණයට හානි කරවන තත්ත්වයක් ඇතිවීමයි. එසේ වුවත් එය සෑමවිටම ඒ ආකාරයෙන්ම සිදු නොවන අවස්ථා ප්‍රායෝගිකව දක්නට ලැබේ.

රජයේ ඉහළම පුටු සහ සල්ලි මිටි පිටින් දෙන 10 සහ 11


ජ්‍යොතිෂයේ දුෂ්ට ස්ථාන ලෙස සලකන 6, 8, 12 යන භාවයන්හි ගුරු ග්‍රහයා තැන්පත් වීම පොදුවේ එතරම් ශුභ පල ලබා නොදෙන පිහිටීමකි. හයවැන්නේ ගුරු තැන්පත් වූ විට නොයෙකුත් ලෙඩ රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර, අටවැන්නේ ගුරු සිටීම ද ශුභ පල අවම කරන පිහිටීමකි. එමෙන්ම දොළොස්වැන්නේ ගුරු සිටීමෙන් ගුරුගේ මහ දශා කාලයකදී හෝ අතුරු දශා කාලයකදී නොයෙකුත් ලෙඩදුක් හා කරදර ඇතිවීම කෙරෙහි බලපෑ හැකිය. එසේ වුවත් ගුරු 6, 8, 12 භාවයන්හි බලවත්ව (උච්ච හෝ ස්වක්ෂේත්‍රව) තැන්පත් වී ඇත්නම් සහ ශුභ දෘෂ්ටි සහිතව සිටී නම් මෙම අශුභ පල අවම වී යයි. මීළඟට අප අවධානය යොමු කළ යුත්තේ විවාහස්ථානය වන 07 වැන්න වෙතයි. ගුරු ග්‍රහයා හත්වැන්නේ තැන්පත්වීම විවාහ ජීවිතය කෙරෙහි විශේෂිත, ආශ්චර්යමත් බලපෑමක් ඇති කරන පිහිටීමකි. ගුරු හත්වැන්නේ සිටින අයට යහපත්, ගුණගරුක විවාහ සහකරුවකු හෝ සහකාරියක ලැබීමේ වාසනාව හිමි වේ. එසේ වුවත්, විවාහය යනු සතුට, විනෝදය සහ ආශාවන් ආදී ලෞකික දේවල්වලින් පිරුණු එකකි. නමුත් ගුරු යනු ලෝකෝත්තර ස්වභාවයක් ගන්නා, අධ්‍යාත්මයට බර ග්‍රහයෙකි. එබැවින් ගුරු හත්වැන්න හා සම්බන්ධ වූ විට විවාහ ජීවිතයේ ලෞකික ප්‍රීතිය හා සතුටට යම් බාධා ඇති වේ. ගුරු හත් වැන්නේ සිටින අය විවාහ වූ මුල් කාලයේදී සතුටින් ගත කළ ද, කලක් ගතවන විට ලෞකික පැත්තට වඩා ලෝකෝත්තර පැත්තට බර වන ස්වභාවයක් ඇතිවන බැවින් විවාහ ජීවිතය ගැන කලකිරීමක් ඇතිවිය හැකිය. මේ නිසා අඹුසැමියන් අතර නොයෙකුත් මතභේද ඇතිවිය හැකි බැවින්, ගුරු හත්වැන්නේ සිටින අයට වඩාත්ම ගැළපෙන්නේ කේන්ද්‍රයේ හත්වැන්නේම ගුරු සිටින සහකරුවකු හෝ සහකාරියක වීමයි.

කේන්ද්‍රයක නවවැන්න හෙවත් භාග්‍යස්ථානය තුළ ගුරු තැන්පත්වීම ද ඉතා ශුභ පිහිටීමක් වශයෙන් සැලකිය හැකිය. විශ්ව කේන්ද්‍රයේ භාග්‍යස්ථානය ගුරුට අයත් (ධනු රාශිය) බැවින්, නවවැන්නේ ගුරු තැන්පත්වීම හොඳ උසස් අධ්‍යාපනයක් ලැබිය හැකි ප්‍රබල පිහිටීමකි. තවද, පුත්‍රස්ථානය වන පස්වැන්නෙන් පස්වැන්න නවවැන්න වන බැවින්, නවවැන්නේ ගුරු තැන්පත්වීම දරුපල කෙරෙහි ද ශූභවාදී බලපෑම් ඇති කරයි. යහපත් ආකාරයෙන් ගුරු නවවැන්නේ තැන්පත් වීම ගුණගරුක, නීතිගරුක, අවංක මෙන්ම වාසනා ගුණයෙන් පරිපූර්ණ උදාර පුද්ගලයෙකු බිහි කරයි. එමෙන්ම දසවැන්නේ ගුරු තැන්පත්වීම වෘත්තීය ජීවිතය ජයග්‍රහණය කරවන ශුභ පිහිටීමකි. ගුරු දසවැන්නේ පිහිටි අයට රජයේ ඉහළම තනතුරු සහ උසස් රැකියාවන් හිමිවීමේ වාසනාව ලැබෙන අතර, තමන් ලැබූ තනතුරේ දිනෙන් දින ඉහළටම යාමට භාග්‍ය හිමිවේ. තමන් කරන රැකියාවෙන් උපයන මුදලින් තමන්ගේ මෙන්ම පවුලේ දියුණුව සලසා ගැනීමේ වාසනාවද මේ හරහා උදා වේ. අයස්ථානය වන එකොළොස්වැන්නේ ගුරු තැන්පත්වීමද යහපත් පිහිටීමකි. ගුරුට ධන කාරක අයිතියක් ද ඇති බැවින් එකොළොස්වැන්නේ ගුරු තැන්පත්වීම අසීමිත ලෙස ධනය ලැබීමේ වාසනාව ඇති කරයි. එම ගුරු දෙවැන්න (ධනස්ථානය) හා සම්බන්ධ වීමෙන් එහි ප්‍රතිඵල තවදුරටත් දෙගුණ තෙගුණ වීමට දායක වේ.

සුපිරි සල්ලිකාරයෝ බිහි කරන මහා යෝග…


ගුරු ග්‍රහයා එක් එක් රාශිවලදී ගන්නා තත්ත්වයන් දෙස බැලීමේදී, ගුරු මේෂ රාශියේදී මිත්‍ර වන අතර වෘෂභයට සතුරු වේ. මිථුන රාශියේදී ගුරු සතුරු වන අතර කටකයට ගුරු උච්ච වී උපරිම බලවත් වේ. සිංහයට මිත්‍ර වන ගුරු, කන්‍යාවට සහ තුලාවට සතුරු වෙයි. වෘශ්චිකයට මිත්‍ර වන අතර ධනුවට ස්වක්ෂේත්‍රව බලවත් වේ. මකරයට ගුරු නීච වී බල රහිත වන අතර කුම්භයට සම වේ. මීන රාශියේදී ගුරු නැවතත් ස්වක්ෂේත්‍ර බලය ලබයි. විවාහය සිද්ධ වන කාලය තීරණය කිරීමේදී ද ගුරු ග්‍රහයා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ගුරු ගෝචරයෙන් හත්වැන්නේ ගමන් කරන කාලය, ගුරු හත්වැන්න අධිපති පිහිටි රාශියේ ගමන් කරන කාලය, හත්වැන්න අධිපති නවාංශකයේ පිහිටි රාශියේ සිට පස්වැන්නේ සහ නවවැන්නේ ගමන් කරන කාලය ද විවාහයක් සිද්ධ කරගැනීමට ඉතා සුදුසු කාලයන් වේ. ගුරු ලග්නයේ ගමන් කරන විට හත්වැන්න ගුරුගේ දෘෂ්ටියට ලක්වන බැවින් එම කාලයද විවාහයට සුදුසුය. එමෙන්ම ගුරු තුන්වැන්නේ සහ එකොළොස්වැන්නේ ගමන් කරන විටද හත්වැන්න දෘෂ්ටියට ලක්වන බැවින් එම කාල සීමාවන්ද විවාහයට අතිශය සුදුසුය. ශුභ නැකැත් සෑදීමේදී ගුරු ග්‍රහයා සුවිශේෂ දායකත්වයක් ලබාදෙන අතර, විවාහයක් සිදුකිරීමේදී ‘ගුරු හෝරාව’‍ යොදාගැනීම ඉතා ශුභය. විවාහ නැකැත් සෑදීමේදී තත්කාල කේන්ද්‍රයේ ගුරු ලග්නයේ තබා සාදන නැකතේ සියලු‍ දෝෂ භංග වන බව ජ්‍යොතිෂයේ සඳහන් වේ. විවාහ මංගල නැකැත්වලදී ගුරු ග්‍රහයා තත්කාල කේන්ද්‍රයේ පාප ග්‍රහයන්ගෙන් පීඩාවීම හෝ පාපකර්තරී නොවී සිටීමට වගබලා ගත යුතුය.

ගුරු ග්‍රහයා මුල් කරගනිමින් කේන්ද්‍රයක අතිශය බලවත් මහා ග්‍රහ යෝග කිහිපයක් නිර්මාණය වේ. ගුරු ග්‍රහයා උච්ච හෝ ස්වක්ෂේත්‍රවී කේන්ද්‍රයක 1, 4, 7, 10 යන කේන්ද්‍රස්ථානවලින් එකක තැන්පත් වීමෙන් පංච මහා පුරුෂ යෝගවලින් එකක් වන ”‍ගුරු හංස යෝගය”‍ උදාවන අතර එය අතිශය බලවත් යෝගයකි. එසේම ගුරු හා සඳු එක්ව සිටීමෙන් හෝ එම දෙදෙනා සමසප්තමව (ප්‍රතිමුඛව) හිඳීමෙන් ”‍ගජකේෂරී යෝගය”‍ උදා වේ. මෙය සඳුගෙන් උදාවන යෝගයක් වුවත් ගුරු සම්බන්ධ වන බැවින් සුවිශේෂී වේ. තවද ගුරු සහ කුජ (අඟහරු) එකට සංයෝග වීමෙන් ”‍ගුරු මංගල යෝගය”‍ උදාවේ. යහපත් භාවයක බලවත්ව මෙම යෝගය යෙදුණු විට අතිශය ශුභ පල ලබාදේ. මෙවැනි බලවත් යෝග සමාජයේ ඉහළතලවලට ගිය වැදගත් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කේන්ද්‍රවල බහුලව දක්නට ඇත. මීට අමතරව අනෙකුත් ග්‍රහයන් සමග සංයෝග වීමෙන්ද තවත් ග්‍රහ සංයෝග සෑදෙන අතර, එහිදී ගුරු සහ අනෙකුත් ග්‍රහයන් පිහිටා ඇති බලවත්කම අනුව සහ තැන්පත්ව ඇති රාශිය අනුව ශුභ හෝ අශූභ පලවල ප්‍රබලතාව තීරණය වේ. මේ අයුරින් සමස්තය දෙස බලන විට ගුරු ග්‍රහයා පුද්ගලයෙකුගේ ජීවිතයේ බොහෝ අංශ කෙරෙහි ප්‍රබල දායකත්වයක් ලබාදෙන උත්තම ග්‍රහයෙකි. ගුරු ග්‍රහයා යහපත් ආකාරයෙන් කේන්ද්‍රයක තැන්පත් වීම නිසා, එම පුද්ගලයා සමාජයට වැඩදායක, ගෞරවාන්විත ජීවිතයක් ගත කරන, තමන්ගේ පවුලේ සුබසිද්ධිය වෙනුවෙන් කැපවෙන, අවංක, නීතිගරුක මෙන්ම බොහෝ දෙනෙකුට ජීවිතයට ගුරුහරුකම් ලබාදෙන, සර්වප්‍රකාරයෙන්ම තෘප්තිමත් උදාර මිනිසෙකු බවට පත්කිරීමට විශ්වීය වශයෙන් ප්‍රබල දායකත්වයක් ලබාදෙයි.

ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා

SendShareShare
Previous Post

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

Next Post

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.