• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පෙම්වතුන්ට පමණයි…

February 14, 2022
in Astrology, Kendaraya
Reading Time: 4 mins read
A A
පෙම්වතුන්ට පමණයි…
Share on WhatsAppShare on Facebook

පපු පෙදෙස
ළයෙහි ලෝම නැතිව සම වූ දිග ඇතිව පිහිටියේ නම් ඇය සදාකල්හිම සම්පත් ලබනු ඇත. එහෙත් තම සැමියාගෙන් වෙන්වීමටද ඉඩ ඇත.
පළල් වූ ළයක් අත්නම් අනියම් පුරුෂයන් සමග කම්සැප විඳිනු ඇත.
උස් වූ පිරුණු බවින් යුත් ළයක් ඇත්නම් බොහෝ සම්පත් ලබන අයෙකි.
නොපිරුණු විශාල ළයක් ඇත්නම් බොහෝ අවාසනාවන්ත අයෙකි.
දසඅට අඟුල් ප්‍රමාණයට ළය පිහිටි කාන්තාව භාග්‍යවත් අයෙකි. එහෙත් රෝම වැඩි වශයෙන් පිහිටා ඇත්නම් අසුබ ඵල ගෙනදේ.

උරහිස
නැමුණු උරහිසක් ඇත්නම් ඇය බොහෝ දරුවන් ලබන කාන්තාවකි. කෙටි උරහිස් පිහිටි කාන්තාව සැප සම්පත්වලට උරුමකම් කියයි.
උඩු අතට නැමුණු උරහිස් ඇත්නම් ඇය කාමයෙන් අධික තැනැත්තියකි.
මහත්වූ උරහිසක් ඇත්නම් රාගාධික බවින් ක්‍රියාකිරීම නිසා නොයෙක් විපත් සිදුකරගනු ලැබේ.
රෝම කූපයන් වැඩි වශයෙන් උරහිසේ වැඩී ඇත්නම් එම යුවතියට හමුවන සහකරු පීඩා කරනු ඇත. එවැනි තරුණියන් වැන්දඹු වීමට ඉඩ ඇත.
පහතට නැමුණු ස්වභාවයෙන් උරහිස් පිහිටියේ නම් ඇය බොහෝ සම්පත් ලබන තැනැත්තියක් වනු ඇත. උසස් අයගෙන් පවා සම්මාන ලබන අතර අවංකභාවයෙන්ද ස්වාමි භක්තියෙන්ද ක්‍රියාකරන කාන්තාවක් වනු ඇත.
උරහිස තරමක් උසට කෙසඟව පිහිටා ඇත්නම් ඇය සැමියා හැරදමනු ලැබූ හෝ වැන්දඹු ස්ත්‍රියක් වනු ඇත.

උකුල
උස්වූ මහත්වූ පුළුලුකුල පිහිටියේ නම් වැඩි දෙනාගේ ප්‍රශංසා ලබන උසස් නිලධාරියකුගේ බිරියක් වනු ඇත.
නැමුණාවූ පැතලි වූද කෙසඟ වූද උකුලක් ඇත්නම් ඇය වැන්දඹු බිරියක් වීමට ඉඩකඩ ඇත.
උකුල යහපත් වූ මණ්ඩලවලින් යුක්ත නම් ඇය අපමණ සම්පත් ලබන්නීය.
උකුලේ සම අධිකව උස්වූද උකුල පිහිටා ඇත්නම් ඇය රාගාධික තැනැත්තියකි. වම්පස උස්වූ ගැහැනු දරුවන් වැඩි සංඛ්‍යාවක් ලබන අයෙකි. දකුණුපස උස් වුණි නම් පිරිමි දරුවන් වැඩි වශයෙන් ලබනු ඇත.
උකුල ඉතා මහත් නම් අයහපත් වේ. කෙසඟ ස්වභාවයෙන්ද වක්‍රාකාරවද රළුවද උකුල පිහිටියේ නම් ඇය සැමියා හැරදමනු ලබන්නීය.

උදරය
යුවතියකගේ උදරය උඩු අතට නැමීගිය අයුරින් පිහිටියේ නම් ඇය දරු සම්පත් නොලබන කාන්තාවකි.
මැදින් නැමුණාවූ උදරය පිහිටියේ නම් ගබ්සා වීම් ඇතිවන්නේය.
මහත්වූ උදරය ඇත්නම් බොහෝ දරුවන් ලබනු ඇත.
රැලි ගැසුණු උදරය ඇත්නම් ස්ථිර වශයෙන්ම ඇය දාසියකගේ ස්වභාවය ගනී.
උදරය අතිශයින් වැහැරුණු ස්වභාවයක් ගනී නම් ඇය බොහෝ දුක් කරදර ලබන ස්ත්‍රියක් වනු ඇත. කළගෙඩියක් හෝ මිහිඟු බෙරයක් හෝ යව ඇටයක ආකාරයෙන් උදරය ඇත්නම් ඇය පිරිමි දරුවන් නොලබන කාන්තාවකි.
යුවතියකගේ උදරය පුහුල් ගෙඩියක් හා සමානව පිහිටියේ නම් ඇය ඉතා දිළිඳු තැනැත්තියක් වනු ඇත.

දණහිස
යුවතියකගේ දණ දෙක සම අධිකවද ඉතා බරවද පිහිටියේ නම් තම සැමියාට සුබ ඵල අධිකය. විවාහ ජීවිතය පවා සාර්ථකය.
දණ දෙක මෙම ලකුණුවලට වඩා වෙනස්ව හෝ විකෘතිව හෝ පිහිටියේ නම් එම ස්ත්‍රිය බොහෝ දිළිඳු වනු ඇත. එමෙන්ම පවුල් ජීවිතයද ආරවුල් සහිත වන්නේය.

කෙණ්ඩා
යුවතියකගේ කෙණ්ඩා දෙක සමානවද රෝම සහිතවද සිනිඳුවද වටවද සම අධිකවූ ස්වභාවයෙන්ද රඹ කඳන් හා සමානවද පිහිටියේ නම් ඇය ඉතා උසස් කුල කාන්තාවක් වනු ඇත. බොහෝ දෙනාගේ ගෞරවාදරයට පවා පත්වේ. ඉතා වටිනා රන් ආභරණවලට හිමිකාරියක් වන අතර වාසනාවන්ත සහකරුවකුගේ බිරිය වනු ඇත.
යුවතියකගේ කෙණ්ඩා දෙක කෘශ ස්වභාවයෙන්ද, ලෝම සහිතවද, එකිනෙකට අසමානවද, ගොරහැඩි ආකාරයෙන්ද පිහිටියේ නම් ඇය සමාජයේ අගෞරවයට පත්වේ. සිය සැමියාට පවා විරුද්ධව ක්‍රියාකරන අතර අනාචාරයෙහි පවා හැසිරෙන තැනැත්තියක් වනු ඇත.

අත්ල
අත්ල නිර්මල වූ පියුම් සමානවද, මොළොක්වද, ඉලිප්පුණු ස්වභාවයෙන්ද යුක්ත නම් ඇය සිය සැමියාගේ සතුට නිරතුරුව ඇතිකරයි.
කාන්තාවකගේ අත්ල ඉලිප්පුණු නහරවලින් ගැවසුණි නම් ඇය ධනය අඩු තැනැත්තියකි.
අත්ල පිරිසිදුව රේඛාවලින් ගැවසුණි නම් ඇය යහපත් කාන්තාවක් වේ.
අසම්පූර්ණවද, රේඛා අඩුවෙන්ද ඇත්නම් ඇය අයහපත් ස්ත්‍රියකි. රේඛා අඩු වුණි නම් ඇය ඉතා දිළිඳුව ජීවත් වන වැන්දඹු කාන්තාවකි.
පිටි අල්ල ලෝමයෙන් ගැවසුණු වළගැසුණු කෘශ වූ ආකාරයෙන් පිහිටියේ නම් ඇය තම සැමියා විනාශයට පත්කරයි.
අත්ලෙහි පියුමක් බඳු රේඛාවක් වී නම් රජයේ උසස් නිල දරන අයගෙන් පවා බොහෝ ගෞරව ලබයි. බොහෝ ජන ගෞරවය හිමිවන භාග්‍යවත් පිරිමි දරුවන් ලැබීමට හිමිකම් කියනු ඇත.
කුඩයකට හෝ හක් ගෙඩියකට සමාන රේඛා ලක්ෂණ අත්ලෙහි පිහිටියේ නම් ඇය අපමණ සම්පත් ලබනු ඇත. ජනප්‍රිය බවට පත්වන භාග්‍යවත් දරුවන් පවා ලබනු ඇත. ස්ත්‍රී ගරුත්වය රැකගනී.
වමතෙහි තරාදි මාලාවක් සම වූ රේඛා ඇත්නම් ඇය ඉතා ශෝභාසම්පන්න වේ. ව්‍යාපාරිකයකුගේ බිරියක් වනු ඇත. එමෙන්ම කර්මාන්තයෙහි දක්ෂ වේ.
චක්‍රායුධ, ගදායුධ, අඩයටිය, කොන්තායුධ, මිහිඟු බෙර යනාදී ලකුණක් අත්ලෙහි ඇත්නම් නිරතුරුවම සම්පත් ලබනු ඇත. උසස් අයගෙන් සම්මාන පවා ලබයි.
වෘක, මැසි, ගෝනුසු, නාග යනාදී සත්වයන්ගේ ලකුණු අත්ලෙහි පිහිටියේ නම් ඇය බොහෝ රෝග පීඩා විඳින තැනැත්තියකි.
යුවතියකගේ වම් අතෙහි මහපටැඟිල්ලේ සිට සුලැඟිල්ල දක්වා යම් රේඛාවක් විහිදී ගියේ නම් තමාගේ පුරුෂයා පවා විනාශ කිරීමට හැකිවනු ඇත. එසේ නැත්නම් යුග ජීවිතය හැර යනු ඇත.

පාද
යුවතියකගේ පතුලෙහි පියුම්, කොඩි, රථ, හක්ගෙඩි ආදී ලකුණු පිහිටා ඇත්නම් ඇය උතුම් බිරියක් වන්නීය. බොහෝ උසස් අයගෙන් පවා ගරු සම්මාන ලබන්නීය.
පාද කුල්ලක් බඳු වූද, විරූපී වූද, වියළි වූද, ගොරහැඩි වූද ස්ත්‍රිය දීන ගති ඇති තැනැත්තියකි.
යුවතියකගේ සුලැඟිල්ල පොළොවේ ස්පර්ශ නොකෙරේ නම් ඇය තම සහකරු අතහැර අනියම් සම්බන්ධතාවලින් සතුටු වන කාන්තාවකි.
යුවතියකගේ පය ඇඟිලි එක පිට එක ගෑවී තිබේ නම් ඇය සිය ස්වාමියා හැර අන් පිරිමින් සමග සතුටු වන්නීය. බොහෝ විට ගණිකාවන්ගේ පා ඇඟිලි මෙසේ පිහිටා ඇත.
දෙවැනි ඇඟිල්ල හෝ මැදඟිල්ල නොපිහිටියේ නම් ඇය වැන්දඹු කතක් විය හැකිය.
පාද නැමුණු බවින් යුක්ත නම් ඇය සෑම කල්හිම දිළිඳු වන්නීය.
පාදයේ නහර අධික වී නම් ඇය චරිතය විනාශ කරගත් යුවතියක් වන්නීය. රෝම අධික නම් ඇය බැලමෙහෙවරකම් කර ජීවත් වන වහලියක් වැනි අයෙකි.
ඇවිදින විට පා දූලි අහසට නැඟෙයි නම් ඇය තම කුල ගෝත්‍රයට නින්දා කරන්නීය.
පා පිට නිර්මල වද නෙලුම් පෙති සේ මොළොක්ව පිහිටියේ නම් ඇය ඉතා භාග්‍යවත්ය.
මැදැඟිල්ල බිම ස්පර්ශ නොවේ නම් ඇය හිමියන් තිදෙනකු නසන්නීය.

විළුඹ
යුවතියකගේ විළුඹ මධ්‍යම ප්‍රමාණයෙන් යුක්ත නම් ඇය සම්පත් ලබන්නීය.
පළල් විළුඹ ඇති කාන්තාවන් ස්වකීයයන්ගෙන් පවා අපවාද විඳින්නීය. තම සැමියා විසින් හිරිහැර කරනු ලබයි.
විළුඹ උස නම් ඇය තම ඥාතීන්ට ඉතා හිතවත්, ආගමික කටයුතුවල යෙදෙන, පොදු ව්‍යාපාරවලට සම්බන්ධ යුවතියකි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

දළදා මාලිගාවට එන අයව නතර කරන්න බලය තියෙන්නෙ කාටද?

Next Post

ජංගම දුරකතනය තවත් සිසුවකු මරා දමයි!

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.