ADVERTISEMENT
තම සැමියාට අකල් මරණ ගෙනදෙන යෝග සමහර ස්ත්‍රී කේන්දරයන්හි සඳහන්ව ඇත. මෙම අවාසනාවන්ත ග්‍රහචාරයන් පිළිබඳ ජ්‍යොතිෂයෙහි සඳහන්වී ඇත. මේ, ඒ පිළිබඳ වූ විමසුමකි.
- මේෂ ලග්නයෙන් ඉපදී කුජ ශනි සමග අටවැන්න ගතවීම වැන්දඹු වන ග්‍රහ පිහිටීමකි.
- වෘෂභ ලග්නයෙන් ඉපදී රාහු ලග්නගතව යෙදී කුජ දොළොස්වැන්න ගතවීම වැන්දඹු යෝගයකි.
- මිථුන ලග්නයෙන් ඉපදී රාහු ලග්නගතව යෙදී කුජ ශනි සමග අටවැන්න ගතව යෙදීමත් වැන්දඹු යෝගයක් ලෙස දැක්වේ.
- තුලා ලග්නයෙන් ඉපදී රවි, කුජ හා රාහු ලග්නගත වීම් විවාහ ජීවිතයට බාධා පමුණුවන සැමියාට අකල් මරණ උදාකරන යෝගයක් වේ.
- කුජ රවි ලග්නගතව හත්වැන්න ශනි ගතවීම ස්ත්‍රී කේන්දරයේ එන වැන්දඹු යෝගයකි.
- මේෂ ලග්නයෙන් ඉපදී අටවැන්නාධිපති ශනි සමග යෝගවී දොළොස්වැන්න ගතවීම සැමියා අකාලයේ මියයන ග්‍රහ යෝගයකි.
- වෘෂභ ලග්නයෙන් ජනිතව රවි, කුජ හා රාහු ලග්නගත වීමද සැමියාට අකල් මරණ ගෙනදෙන අවාසනාවන්ත යෝගයකි.
- මිථුන ලග්නයෙන් ජනිතව රාහු, කුජ හා රවි ලග්නගත වීමද ස්ත්‍රියකට වැන්දඹු යෝගයකි.
- මේෂ ලග්නයෙන්ම ඉපදී රාහු, සඳු අටවැන්න යෙදීමද වැන්දඹු යෝගයකි.
- වෘෂභ ලග්නයෙන් ඉපදී රාහු හත්වැන්න ගතවීමද විවාහ වී ඉතා කෙටි කාලයකින් සැමියාගේ වියෝව සිදුවන ග්‍රහ තත්ත්වයකි.
- සඳුගෙන් හත ශනි යෙදීම සැමියාට අහිතකර පිහිටීමකි. සැමියාට හදිසි මරණ ඇතිවේ.
- මකර ලග්නයෙන් ඉපදී කුජ හත්වැන්නේ යෙදීම වැන්දඹු යෝගයකි.
- මීන ලග්නයෙන් ජනිතව හත්වැන්නේ සිකුරු යෙදීම සැමියාට මරු කැඳවන වැන්දඹු යෝගයකි.
- මේෂ ලග්නයෙන් ජනිත කාන්තාවකගේ හඳහනේ රවි හත්වැන්න කේතු සමග සිටීම ඇය විවාහ වී ටික දවසකින් හදිසි හෘදයාබාධය වැලඳී සැමියා මියයන යෝගයකි.
- කන්‍යා ලග්නයෙන් ඉපදී කාන්තාවගේ ලග්නයේ සිකුරු යෙදී හත්වැන්නට පූපණ දෘෂ්ටි යෙදීමද වැන්දඹු යෝගයකි.
- කුම්භ ලග්නයෙන් ඉපදුණු කාන්තාවකගේ අටවැන්නේ සිකුරු යෙදීම වැන්දඹු යෝගයකි.
- හත්වැන්නාධිපති ග්‍රහයා කුජ ග්‍රහයාගේ දෘෂ්ටියට ලක්වීම වැන්දඹු යෝගයකි.
- මේෂ ලග්නයෙන් ජනිත වූ කාන්තාවකගේ හඳහනේ සිකුරු කුජ කන්‍යා රාශිගත වීමත් සැමියාට මාරක දෙන යෝගයකි. මැයගේ දරුවන් කුඩා කල පියා මියයයි.
- වෘෂභ ලග්නයෙන් ජනිතව කුජ ගුරු මේෂ රාශිගතව යෙදීමත් පුරුෂයාගේ ආයු හීනකරන ග්‍රහ පිහිටීමකි.
- මිථුන ලග්නයෙන් ජනිතව ගුරු ශනි එකතුව වෘශ්චික රාශිගතවී සැමියාට හදිසි මාරක ගෙනදෙන පිහිටීමකි.
- කන්‍යා ලග්නයෙන් ඉපදී ගුරු හයවැන්නේ යෙදීම සැමියා හදිසි අනතුරකින් මියයන යෝගයකි.
- තුලා ලග්නයෙන් ඉපදී කුජ, සිකුරු, කන්‍යා රාශිගතව යෙදීම වැන්දඹු යෝගයකි.
- වෘශ්චික ලග්නයෙන් ඉපදී සිකුරු, බුධ, මේෂ රාශිගතව යෙදීමත් වැන්දඹු යෝගයකි.
- ධනු ලග්නයෙන් ඉපදී බුධ, සඳු, වෘශ්චික රාශිගතවීම සැමියාට හදිසි මරණයක් ගෙනදෙයි.
- මීන ලග්නයෙන් ජනිත වූ කාන්තාවකගේ හඳහනේ බුධ සිකුරු හයවැන්න ගතවීමද වැන්දඹු යෝගයකි.
- කන්‍යා ලග්නයෙන් ඉපදී කාන්තාවකගේ හඳහනේ රාහු, කුජ සමග අටවැන්න ගතවීමද සැමියාට මාරක ගෙනදෙන ග්‍රහ යෝගයකි.
- මේෂ ලග්නයෙන් උපත ලබා රාහු සමග ශනි අටවැන්න ගතවීමද වැන්දඹු යෝගයකි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ගොඩගම ජයසේන ජයසිංහ