• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ දියණියටත් මල්වර දෝෂයක්ද?

January 29, 2022
in Astrology, Kendaraya
Reading Time: 5 mins read
A A
ඔබේ දියණියටත් මල්වර දෝෂයක්ද?
Share on WhatsAppShare on Facebook

මල්වරය හේතුකොට ගනිමින් දෝෂ ගණනාවක් නිර්මාණය වේ. මෙම දෝෂ සෑම දැරියකටම බලනොපාන අතර ඇතැම් දැරියන්ට බලපායි. මෙම දෝෂ දැරිය මල්වර වූ මාසයට, දිනයට, නැකැතට, ලග්නයට ආදී ලෙස බලපායි. මෙහිදී මෙම මල්වර දෝෂ සඳහා විවිධ ශාන්තිකර්ම කළ යුතුයි. ඒවා පොදු ශාන්ති කර්ම ලෙස මෙන්ම ඉහත සඳහන් කළ මල්වර වූ මාසයට, දිනයට, නැකැතට හා ලග්නයට ආදී ලෙස වෙන වෙනම ශාන්ති කර්ම පවතින බවද පුරාණ ජ්‍යොතිෂ පොතපතේ සඳහන් වේ.

දැරිය මල්වර වූ තත්කාල කේන්දරයේ උදාවූ ලග්නය දැරියට දෝෂ සහිත වූයේ නම් එම දෝෂ මඟහරවා ගැනීමට ශාන්ති කර්ම, ජ්‍යොතිෂවේදියා විසින් නියම කළ යුතුය.

මල්වර ලග්නය මේෂ වී එය දැරියට දෝෂ සහිත නම් සමන් පිච්ච මල්වලින් දැරියගේ හිස සැරසිය යුතුයි.

මල්වර ලග්නය කටක නම්, එය දැරියට දෝෂ සහිත නම් තෙල් මල් පුදා කතරගම දේවාලයකදී කපු මහතා ලවා සෙත් කරවාගත යුතුයි.

මල්වර වූ ලග්නය සිංහ නම්, දැරිය දිය නා පිරිසිදු වී බුදුරදුන්ට ඖෂධ වර්ග 108ක් පූජා කර, ඊශ්වර දෙවියන්ට පහන් 108ක් පූජා කර පින් දිය යුතුයි.

මල්වර වූ ලග්නය ධනු වී, එම ලග්නය දැරියට දෝෂ සහිත වුවහොත් දැරිය නිදාගන්නා කාමරය තුළ බිම ඊතණ අතුරා දින හතක් ඒ මත නිදාගැනීමට සලස්වන්න.

මල්වර වූ ලග්නය මකර හෝ කුම්භ වී, එය දැරියට දෝෂ සහිත නම් ප්‍රධාන ලෙස නම් සඳහන් දෙවිවරු සියලු දෙනාටම ගිතෙල් පහන බැගින් පූජා කරන්න.

දැරිය මල්වර වූ නැකැත එම දැරියට දෝෂ ගෙන දේ නම් ඒ සඳහාද ශාන්ති කර්ම ගණනාවක් ජ්‍යොතිෂයේ සඳහන් කර ඇත. ඒ අතර ශාන්ති කර්ම දෙකක් ප්‍රධාන ස්ථානයක් ගනී.

පළමු ශාන්ති කර්මය ලෙස කතරගම, විෂ්ණු, ඊශ්වර දෙවියන්ද සහිතව අනෙකුත් දෙවියන්ට පලතුරු, කැවිලි, කිරිබත්, තෙල්, මල්, සුවඳ දුම් පූජා කර පොල් ගෙඩියක් ගසන්න. ඊට අමතරව ජය පිරිත හත්වරක් කියා පඬුරු පූජා කර සෙත් පතන්න.

දෙවැනි ශාන්ති කර්මය ලෙස බුදුරදුන්ට සුවඳ මල්, සුවඳ දුම් මෙන්ම පහන්ද පූජා කර, කිරිබත්, කැවිලි, රස පලතුරු සිල්වත් මහල්ලකුට ආහාරය සඳහා දී ඇයට නිල් හා රතු මිශ්‍ර වස්ත්‍රයක් ඇඳීමට දෙන්න. අවසාන වශයෙන් සියලු දෙවියන්ට පින් දී ජිනපංජය හත්වරක් කියා දැරියට සෙත් පතන්න.

දැරිය මල්වර වූ දිනය ඇයට දෝෂ සහිත වේ නම් එයටද ශාන්ති කර්ම ගණනාවක් පුරාණයේ සිට පැවත එයි. ඒ අතර මල්වරය ඉරු දිනක වී එය දැරියට දෝෂ සහිත වූවා නම් තිරිඟු ගිතෙල් මුසුකොට කිරිබත් පිස ඉඳුල් නොකොට තරමක් හෝ සත්පුරුෂ ගති ඇති අයකු ගෙන්වා දැරිය අතින් ඔහුට දීමට සලස්වන්න.

දැරිය මල්වර වූ දිනය කුජදා හෙවත් අඟහරුවාදා වී එම දිනය දැරියට දෝෂ සහිත වුණි නම් දැරිය මඩුවක් තුළට දමා එම මඩුව ගිනිතැබිය යුතුය. පසුව මඩුවේ කොනක් කඩා දරිය එළියට ගත යුතුය.
මල්වර වූ දිනය සෙනසුරාදා නම් එම දිනය දැරියට දෝෂ සහිත නම් බේසමකට පිරිසිදු තල තෙල් පුරවා ඒ තුළින් දැරියට මුහුණ බැලීමට සැලැස්විය යුතුය. ඉන් පසු වී මල්ලක් හා කිරි බඳුනක් සිල්වත්, දුප්පත් අයකුට දැරිය අතින් දීමට සලස්වන්න.

දැරිය මල්වර වූ මාසය අනුව දෝෂ ගෙන දේ නම් ඒ සඳහාද ශාන්ති කර්ම කළ යුතුයි.

මල්වර වූ මාසය අප්‍රේල් මාසය වී, එම මාසය තුළ වූ මල්වරය දැරියට දෝෂ සහිත වූවා නම් දැරියට අලුත් වස්ත්‍රයක් අන්දවා හිල්වූ කළයකින් නෑවිය යුතුය. පුතුන් ඇති කාන්තාවක් ගෙන්වා ආහාර පාන දිය යුතුය. ඇයට ඇඳීම සඳහා අලුත් ඇඳුම් දී පොල් සහල් ආදියද දී ඇය සතුටු කරවා ඇය ලවා දැරියට ආශීර්වාද කරවාගත යුතුය.

මල්වර වූයේ ජූලි මාසයේ නම්, එය දැරියට දෝෂ සහිත නම් සුවඳ දුම්, බත්, බුලත් හා සුවඳ වස්ත්‍ර දේවාලයකට ගොස් දෙවියන් උදෙසා දැරිය ලවා පූජා කරවන්න.

මල්වරය වූයේ ඔක්තෝබර් මාසයේ නම් එය දැරියට දෝෂ ගෙනදේ නම් සන්නාලියක් ගෙන්වා රසවත් ආහාර පාන දී ඇයට අවශ්‍ය දේ විමසා එය දැරිය ලවා දන්දීම කළ යුතුයි.

මල්වර වූයේ නොවැම්බර් මාසයේ නම් එයද දැරියට දෝෂ සහිත නම් ගිතෙල් පහනක් හා සුවඳ දුම් පූජා කර, මල්, බුලත්, කපුරු, පිනිදිය ඉස පූජා කර දැරියට සෙත් පතන්න.

සියලු මල්වර දෝෂ සඳහා පොදු ශාන්ති කර්ම කිහියක්ද පුරාණ පොතපතේ සඳහන් වේ. ඒ සඳහා ගිතෙල්, තල, මුං, වී පොරි, මී පැණි සමග සිල්වත් මහලු කතකට ආහාරයට දෙන්න. ඇය ඒවා අනුභව කළ පසු ඇය ලවා දැරියට සෙත් කරවන්න.

දසසිල් මෑණිවරුන් දෙනමක් වඩම්මවා දන්දී අවසානයේ ජය පිරිතද ඇතුළුව සෙත් පිරිත් හත්වරක් කියා දැරියට සෙත් කරවන්න.

දැරිය නෑවීමේදීද එම දිනය හා තිථියද සුබ විය යුතුය. ඒ අනුව සෙනසුරාදා, ඉරිදා දිනෙක දැරිය නෑවූයේ නම් ඇයට ලෙඩ රෝග බහුලව යෙදේ. සඳුදා හෝ සිකුරාදා දිනෙක නෑවීම සිදුකළේ නම් ඇයගේ චරිතය යහපත් එකක් වනු ඇත. දැරිය නෑවීම අඟහරුවාදා දිනෙක සිදුකළේ නම් ඇයගේ මනස නොවැඩී ඇය අඥාන අයකු වේ. බදාදා දිනෙක ඇය නෑවීම සිදුකළේ නම් එම දැරිය පුතෙක් බඳු දුවක් වනු ඇත. සිය මවට පියාට ඇය ශක්තියක් වනු ඇත. බ්‍රහස්පතින්දා දිනෙක ඇය නෑවීම කළේ නම් ඇයගේ අනාගතය ඉතා වාසනාවන්ත සැපවත් එකක් වනු ඇත.

මල්වර වූ දැරියක නෑවීමට රෙහෙන, අස්විද, අනුර, සා, හත, දෙනට හා මුවසිරස යන නැකැත් ශුභ වන අතර තිථි වශයෙන් 2,3,5,9,7,10,11 හා 13 යන තිථි දැරිය නෑවීමට ශුභ වේ.

නමුත් මෙම දින, නැකැත් හා තිථි සම්මත ලෙස සුබ යැයි කීවද එය දැරියගේ ජන්ම නැකැතට සුබ විය යුතුය. ජන්ම නැකැතට සම්පත්, මෛත්‍රී හෝ පරම මෛත්‍රී නැකැතක් පවතින දිනෙක ඉහත සඳහන් සුබ තිථියක් හා සුබ දිනයක් නම් පමණක් නෑවීම සඳහා දිය යුතුය. සම්මත සුබ තිථියක්, සුබ නැකැතක් පවතින දිනයක්වී එම දිනයට යෙදෙන නැකැත දැරියගේ ජන්ම නැකැතට අශුභ නම් එනම් වද, පත්‍යාරී හෝ ජන්ම වේ නම් එය නොදිය යුතුය.

දැරියගේ ජන්ම නැකැතට සුබ නැකැතකින් දැරිය නෑවීම තුළින්ද දැරියට ඇති මල්වර දෝෂ ගණනාවක්ම සුබ අතට හැරෙනු ඇත. ඒ නිසා දැරිය නෑවීමේ නැකැත පංචාංග ශුද්ධියම සහිත සම්පත්ම නැකැතක් වීම ඉතා සුබය.

දැරියගේ අනාගතය හැම අතින්ම යහපත් වීමට සරිලන ආකාරයට නැකැත් සෑදීම, වත්පිළිවෙත් කියාදීම හා ශාන්ති කර්ම කියාදීම ජ්‍යොතිෂවේදීන් වන අපගේ යුතුකම මෙන්ම වගකීමද වේ. ඊටත් වඩා එය සසර තුළ සුබ ඵල ළඟාකර දෙන පුණ්‍යකර්මයක්ද වනු ඇත.

ජ්‍යොතිෂවේදිනී දේශබන්දු ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

රාජපක්ෂලාගෙනුත් පික්පොකට් ගහපු කව්ද මේ ලොකුබණ්ඩාර? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ලංකාවේ පළමු ආණ්ඩුව හැදුවේ මෙහෙමයි…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.