• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ පළමු ආණ්ඩුව හැදුවේ මෙහෙමයි…

January 29, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 4 mins read
A A
ලංකාවේ පළමු ආණ්ඩුව හැදුවේ මෙහෙමයි…
Share on WhatsAppShare on Facebook

ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය පැවැති කාලය තුළ ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමවත් ලෙස හැඩගැසීමට සුදුසු වාතාවරණයක් නොවීය. දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පුරෝගාමීව ක්‍රියා කළ ‘ලංකා ජාතික සංගමය’ ඩොනමෝර් යුගය ආරම්භ වීමෙන් පසුව කෙමෙන් බෙලහීන වී එය ආරම්භයෙහි පැවැති සර්වපාක්ෂික ලක්ෂණවලින් තොර විය. දමිළයන් සඳහා විශේෂ ආසන වෙන්කරවා ගැනීම පිණිස මුදලීම දරන ලද ප්‍රයත්නය නිෂ්ඵලවීම නිසා දමිළයෝ ලංකා ජාතික සංගමයෙන් ඈත්වූහ. මේ අතර සිංහල ආධිපත්‍යයට විරුද්ධව සටන් කිරීමට ජී.ජී. පොන්නම්බලම් මහතාගේ නායකත්වය යටතෙහි වූ දෙමළ සංගමය පිහිටුවා ගන්නා ලදී. මෙහි පරමාර්ථය වූයේ ද්‍රවිඩ බලය තහවුරු කරගන්නා අතර සිංහල බලය වැඩිවනු වළක්වා මන්ත්‍රී ආසන ගණන අනෙක් මහ ජාතිය හා සුළු ජාතීන්ද අතර තුල්‍යතාවක් පවත්වා ගැනීමයි.

ඩොනමෝර් ක්‍රමය යටතේ දමිළයන්ට ඇමැති තනතුරු ආදිය ලැබුණද මන්ත්‍රී ආසන වැඩි කොටස සිංහලයන්ට යනු දැක්ම ඔවුන්ගේ නොසතුටට හේතු විය. එනිසා 1931 පමණ අලුත් ආණ්ඩු ක්‍රමයක් යෝජනා වූ විට සිංහලයන්ට පාලන බලය ලැබුණොත් සුළු ජාතීන්ට නපුරක් වන බවත්, ඒ නිසා සියලු සුළු ජාතීන්ට මන්ත්‍රණ මණ්ඩලයේ ආසන 50%ක් ලැබිය යුතු බවත් ජී.ජී. පොන්නම්බලම් ප්‍රමුඛ දෙමළ සංගමය එම කොමිසම ඉදිරියේ කියා සිටියහ. ඉක්බිතිව 1947දී ඇතිවූ මැතිවරණයේදී එම පක්ෂ පක්ෂයට උතුරු පළාත්වල ජය අත්විය. මොවුහු විරෝධකයේද අසුන්ගත්හ. ඉන් පසු 1948දී සේනානායක කැබිනට්ටුවට පොන්නම්බලම් මහතා බැඳුණු පසු එහි කොටසක් කැඩීගොස් දෙමළ වර්ගයා හට ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් වුවමනා බව කී අලුත් පක්ෂයක් බිහිවිය. එහි නායකයා චෙල්වනායගම් මහතා විය.

මේ අවධියෙහිම (1936) එස්.ඩබ්.අර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වය යටතේ සිංහල මහා සභාව පිහිටුවා ගන්නා ලදී. සිංහලයන්ගේ සාධාරණ අයිතිවාසිකම් කඩාබිඳ දමා සුළු ජාතිකයන්ගේ ආධිපත්‍යයක් පැවැත්වීම සඳහා දමිළ නායකයන් ගත් උත්සාහය නිසාම මේ සභාව පහළවී යැයි කිව හැකිය. පරමාර්ථ අතින් ලංකා ජාතික සංගමය හා සිංහල මහා සභාවත් අතර එතරම් සැලකිය යුතු වෙනසක් නොවීය. එහෙත් සිංහලයන්ගේ දේශපාලන බලතල ආරක්ෂා කරගන්නා අතර ආර්ථික හා සංස්කෘතික දියුණුව ඇතිකරලීම සිංහල මහා සභාවේ එල්ලය වූයේය.

ඇමෙරිකාවට හා එංගලන්තයට ගොස් තර්ක ශාස්ත්‍රය හා දේශපාලන විද්‍යාවත් හදාරා පැමිණි පිලිප් ගුණවර්ධන, එස්.ඒ. වික්‍රමසිංහ හා එන්.එම්. පෙරේරා ආදී තරුණයන් සමූහයක් 1934 දී ලංකා සම සමාජ පක්ෂය පිහිටුවන ලදී. කොමියුනිස්ට්වාදයේ සිට සමාජවාදය දක්වා ඇති නන් වැදෑරුම් වාමාංශික මත වැලඳගත් තරුණයෝ මෙහි වූහ. මෙයින් ස්ටාලින්ගේ කොමියුනිස්ට් ක්‍රමය පිළිගත් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක් කොටසක් පසුගිය යුද්ධය ආරම්භ වූ සමයෙහි එයින් වෙන්ව කොමියුනිස්ට් පක්ෂය නමින් වෙනම දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්හ. ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා පිලිප් ගුණවර්ධන මහතා ප්‍රමුඛ පිරිස සම සමාජ පක්ෂය වශයෙන් පෙනී සිටියහ. මේ පක්ෂය පසුගිය මහා යුද්ධයේදී රුසියාව ඇතුළු මිශ්‍ර පක්ෂ කෙරෙහි අනුකූලතාව දැක්වීමට විරුද්ධ වූ බැවින් එහි නායකයෝ සිර භාරයෙහි තබනු ලැබූහ. වර්ෂ 1942දී ලංකාවට ජපනුන් බෝම්බ දමනු ලැබූ අවස්ථාවෙහි සිර භාරයේ සිටි සම සමාජ නායකයෝ සිරගෙයින් පැනගොස් ඉන්දියාවේ හා ලංකාවේද රහසිගතව වාසය කළෝය.

මෙවිට එන්.එම්. පෙරේරා ප්‍රමුඛ කොටස සම සමාජ පක්ෂය වශයෙන් හා පිලිප් ගුණවර්ධන, කොල්වින් ද සිල්වා ප්‍රමුඛ බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය වශයෙන්ද බිඳිණි. මෙසේ දෙකට බෙදුණු පක්ෂය නැවත වරක් එක්විය. ඉන් පසු නව ලංකා සම සමාජ පක්ෂය, විප්ලවකාරී සම සමාජ පක්ෂය, හා කොමියුනිස්ට් පක්ෂය වශයෙන් තුනට කැඩී ගියේය. නැවත වාමාංශක එක්සත් පෙරමුණ වශයෙන් ඔවුහු 1963දී එක්වූහ. මෙසේ තිබෙන අතර එන්.එම්. පෙරේරා ප්‍රමුඛ පක්ෂය 1964දී ආණ්ඩු පක්ෂයට බැඳුණු විට විප්ලවකාරී කොටස එඩ්මන් සමරක්කොඩි හා රොබට් ගුණවර්ධන යටතේ එයින් ඈත්වූහ. අනෙක් කොටස්ද දෙකඩ විය.

1946දී පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ගොඩනංවන ලද සෝල්බරි ආණ්ඩු ක්‍රමය පිළිගනු ලැබීමත් සමග ක්‍රමවත් ලෙස සංවිධාන වූ දේශපාලන පක්ෂවල අති අවශ්‍යතාවද තරයේ පැහැදිලි විය. මේ නිසා ජාති භේදයෙන් තොර ස්ථිර දේශපාලන වැඩපිළිවෙළක් උඩ දේශපාලන පක්ෂ පිහිටුවා ගැනීමේ වැදගත්කම පෙනෙන්නට විය. එබැවින් විවිධ දේශපාලන මත දැරූ නායකයන් අතර පවත්වන ලද සාකච්ඡාවලින් පසුව 1946දී එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ගන්නා ලදී. ලංකා ජාතික සංගමය, සිංහල මහා සභාව, මුස්ලිම් සංගමය හා ලංකා යෝනක සංගමය වැනි විවිධ දේශපාලන සමිති සමාගම් ඒකාබද්ධ කොට ගෙන එදා සිටි ප්‍රබල පුද්ගලයන් සහිතව මේ අභිනව පක්ෂය ගොඩනංවන ලද්දේය. ඉන්දියානු හා ද්‍රවිඩයන්ද සෑහෙන ගණනක් ඇතිව දිවයිනේ සියලු ජාතීන්ගෙන් මේ අභිනව පක්ෂය සමන්විත විය. එදා රටෙහි පාලන බලය ඉසිලූ බොහෝ ප්‍රබල රදළ හා ධනවත් ජනයෝ මෙයට එක්වූහ. එකල රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නායකයා වූ දේශපාලන කටයුතු අතින් දිවයිනේ මූලස්ථානය ගෙන සිටියා වූද ඩී.එස්. සේනානායක මහතා අභිනව පක්ෂයේ නායකයා වශයෙන් ඒකච්ඡන්දයෙන් තෝරාගනු ලැබීය. දමිළ සංගමය, ලංකා ඉන්දියානු සංගමය, ලංකා සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂයද මේ අභිනව දේශපාලන පක්ෂයට සම්බන්ධ නොවූහ.

1947දී පැවැති පළමු මැතිවරණයේදී අලුතින් සංවිධාන වී තිබුණු එක්සත් ජාතික පක්ෂය ප්‍රබල ලෙස රටේ මුල් බැස නොතිබුණේය. ලංකාවට නිදහස ළඟාකර දෙන ලෙස එහි නායකයා බි්‍රතාන්‍යයට කියා සිටියේය. එබැවින් එම ජාතික මෙහෙය සලකා එක්සත් ජාතික පක්ෂයට ආධාර කරන මෙන් ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටින ලද්දේය. එම අවධියේ උතුර හා නැගෙනහිර පළාත්වල ජාතිවාදය මුල් කරගත් ද්‍රවිඩ පක්ෂය සෑහෙන පමණ බලසම්පන්න විය. එදා වාමාංශිකයනට පක්ෂ වූ උඩරට වතුකරයේ ඉන්දියානු කම්කරුවන් බහුලව වාසය කළ බැවින් මධ්‍යම කඳුකරයේ ආසනවලින් සෑහෙන ගණනක් ඉන්දියානුවන්ට ලෙහෙසියෙන් අයිති කරගැන්මට හැකිවිය. මේ හැර ලංකාවේ සෙසු පළාත්වල එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ඉදිරිපත්වූවෝ කොමියුනිස්ට් හා සම සමාජ යන පක්ෂයේ වූහ. එක්සත් ජාතික පක්ෂයට බලය පැවරීම සුදු අධිරාජ්‍යවාදී ප්‍රධානීන් වෙනුවට කළු ප්‍රධානීන්ට බලය පවරා දීමක් පමණෙකැයි මේ පක්ෂය මගින් කියාපාන ලද්දේය. ඒ හැර එක්සත් ජාතික පක්ෂය එදා මනාව සංවිධාන කර නොතිබුණු බැවින් බොහෝ ආසන සඳහා පක්ෂයට අයත් අපේක්ෂකයෝ ඔවුනොවුන් හා තරගයට බැස්සෝය. මේ හේතුවෙන් මැතිවරණයේදී ඔවුන්ගේ විරුද්ධවාදීන්ට පිහිටක් විය.

දේශපාලන පක්ෂ සලකා ගෙන ඡන්දය දීම ලංකාවේ මුල් බැස නොතිබුණු බැවින් පළමු වැනි මැතිවරණයේදී කිසිදු පක්ෂයට අයත් නොවූ ස්වාධීන අපේක්ෂකයෝ 182ක් ඒ ඒ ආසන සඳහා තරග කළෝය. තම ජාතිය, ආගම හෝ කුලය හෝ බලපුළුවන්කාරකම සලකාගෙන ඡන්දය ලබාගැනීමට මේ අය බලාපොරොත්තු වූහ. ඉන්දියානු කම්කරුවෝ එලෙසම තම වාර්ගිකයන්ට ඡන්දය දුන්නෝය. ඉන්දියානු අපේක්ෂකයකු නොසිටි විට වාමාංශික අපේක්ෂකයන්ට ඡන්දය දීම ඉන්දියානුන්ගේ සිරිත විය. උතුරු පළාතේ තරගය පැවැතියේ ද්‍රවිඩ සංගමය හා එක්සත් ජාතික පක්ෂයට බැඳුණු ද්‍රවිඩයන් අතරය.

පළමු වැනි මන්ත්‍රීන් තේරීම පැවැති විට එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව වැඩිපුර ඡන්ද සංඛ්‍යාවක් දෙන ලද නමුත් වැඩිපුර ආසන ලැබුණේ එක්සත් ජාතික පක්ෂයටය. එහෙත් ශුද්ධ වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් නොලැබිණි. මන්ත්‍රීන් තේරීමේ අවසානයෙහි ඒ ඒ දේශපාලන පක්ෂවල තත්ත්වය මෙසේ විය.

එක්සත් ජාතික පක්ෂය 42
කම්කරු පක්ෂය 1
ස්වාධීන 21
ලංකා සමසමාජ පක්ෂය 10
බොල්ෂෙවික් – ලෙනිනිස්ට් පක්ෂය 5
කොමියුනිස්ට් පක්ෂය 3
ලංකා ඉන්දියානු සංගමය 6
දමිළ සංගමය 7

එකම පක්ෂයකටවත් පාර්ලිමේන්තුවේ ආසනවලින් හරි අඩක් හෝ වැඩියක් නොලැබුණු බැවින් කවර පක්ෂය විසින් ආණ්ඩුව පිහිටුවාගත යුතුද යන ප්‍රශ්න මුලදී පැනනැඟිණි. එහෙත් ස්වාධීන අපේක්ෂකයන් හැටියට පෙනීසිටි සමහර අය එක්සත් ජාතික පක්ෂයට එකඟ වූහ. මේ හැර ආණ්ඩුකාරතුමා පත්කරනු ලබන මන්ත්‍රීවරුන් සයදෙනාද අගමැතිවරයාට පක්ෂ වන බවට සැකයක් නොවීය. එබැවින් ලොකුම පක්ෂයේ නායකයා වූ ඩී.එස්. සේනානායක මහතාට අලුත් ආණ්ඩුව පිහිටුවීමේ භාරය පවරන ලදී. ස්වාධීන මන්ත්‍රීවරුන් සෑහෙන ගණනක් හා කම්කරු පාක්ෂික මන්ත්‍රීවරයාද එක්සත් ජාතික පක්ෂය කෙරෙහි අනුකූලතාව දැක්වූ බැවින් ඒ පක්ෂය වෙනුවෙන් ඡන්දය දීමට මන්ත්‍රීවරු වැඩි පිරිසක් වූහ. මේ අනුව ඇමැතිවරු 14 දෙනකුගෙන් සැදි කැබිනට්ටුවක් ඩී.එස්. සේනානායක මහතා පිහිටුවන ලදී.

එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවන ලද අභිනව ආණ්ඩුව ආර්ථික පක්ෂයෙන් සමෘද්ධිමත් කාල පරිච්ඡේදයක තම පාලන කටයුතු ආරම්භ කළ හෙයින් පොදු ජනයාගේ යහපත උදෙසා වැඩ රාශියක් කරලීමේ භාග්‍යය අත්විය. ඒ කාලය තුළ ලංකාවේ අමුද්‍රව්‍ය වැඩි මිලට අලෙවි කර ගැනීමට අවසර නොලද නමුත් ලංකාවට එංගලන්ත ආණ්ඩුවෙන් අයවිය යුතු විශාල මුදලක් ඉතිරිව තිබිණි. මේ හැර ලංකාවේ උපදනා තේ, රබර්, පොල් යන වෙළෙඳ ද්‍රව්‍යයන්ගේ මිල ඉහළ නැඟීම නිසා අභිනව ආණ්ඩුව පිහිටුවන ලද සමයෙහි සිටම සමෘද්ධිමත් කාලයක් උදාවිය. රජයේ ආදායම බෙහෙවින් ඉහළ නැඟීම නිසා අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා හා සමාජ සේවාවන් සඳහාද බෙහෙවින් මුදල් යෙදවීමට හැකි විය. මේ අතරතුර ජාතික ධනය රට තුළ රඳවා ගැනීමට මාර්ග හෝ රට තුළ කාර්මික නිෂ්පාදන දියුණුවක් හෝ විධිමත් කරන ලද්දේ නොවේ. අධිරාජ්‍යවාදී කාලයේ පැවැති ආර්ථික පදනමම ඉදිරියටද පැවැතිණි. මේ අතර අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ තැන්පත් බුද්ධිය හා දුරදක්නා නුවණ නිසා විරුද්ධවාදීන්ද ඒ මහතාට අවනත කරගැනීම දුෂ්කර නොවීය. ආණ්ඩුවට විරුද්ධව සිටි දමිළ සංගමයේ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙක් 1948 ආණ්ඩු පක්ෂයට එක්වූහ. එහි නායකයා වූ ජී.ජී. පොන්නම්බලම් මහතා, සේනානායක මහතාගේ කැබිනට්ටුවේ කර්මාන්ත ඇමැති පදවිය භාරගත්තේය. විරෝධක බලය හීන වීමට හේතු වූ තවත් කරුණක් නම් විරෝධකයට අයත් ඒ ඒ අංශ අතර සමගියක් නැති වීමය. මෙයද ආණ්ඩු පක්ෂයේ බලය වැඩිදියුණු වීමට හේතු විය.

සෙනට් සභාව තුළ ආණ්ඩු පක්ෂය වඩාත් බලසම්පන්න විය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා යුරෝපීයද යන සියලු ජාතීහු ආණ්ඩු පක්ෂයට අයත් වූවෝය. මේ හේතුවෙන් ලංකාවේ පළමු වැනි කැබිනට්ටුව තම පාලන කටයුතු වැඩි අවහිරයක් නැතිව සාර්ථක ලෙස කරගෙන යෑමෙහි සමත් විය. 1951දී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඉල්ලීම් සතරක් මුල්කොට එය නොලැබ ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා අස්වීම නිසා ආණ්ඩු පක්ෂය දුබල විය. බෞද්ධ මහා සම්මේලනය, බෞද්ධ ශාසනය පිළිඳ කොමිසමක් පත් කිරීමට කළ ඉල්ලීමද මීට පසු ප්‍රතික්ෂේප කරන ලදී. ලංකාවේ දේශපාලන නිදහස දිනූ පසු ලංකා ආණ්ඩුව මෙතෙක් මෙහෙයවූ ඩී.එස්. සේනානායක 1952 මාර්තු 22 වැනිදා අසකු පිටින් වැටී පරලෝ සැපත් විය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ඔබේ දියණියටත් මල්වර දෝෂයක්ද?

Next Post

මහජන බැංකුවේ දොම්පේ සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයකට…

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.