නම ඇසූ සැණින් සිතට බය ගෙනෙන සෙනසුරු දෙවියන් ගැන ඔබට ඇත්තේ පීඩාකාරී කලහකාරී බයක් නේද? නවග්‍රහ දෙවිවරුන්ගෙන් මිනිසාට සිදුවන ග්‍රහ අපල දුරු කරගැනීම සඳහා නොයෙකුත් වත්පිළිවෙත්, ග්‍රහ ශාන්ති කර්ම, ග්‍රහ දාන ආදිය ගැන ජ්‍යොතිෂ ශාස්ත්‍ර ලොවට හෙළිකළ පැරැණි ඍෂිවරුන් මිනිසාගේ ගුණධර්ම ඉස්මතු වන පරිදි වත් පිළිවෙත් ලොවට හෙළිකර ඇත. එනිසාම ඒවා පිළිපැදීම තුළින් ඔබ අප කාටත් මුහුණපෑමට සිදුවන කරදර බාධක, ඒරාෂ්ටක අපල, පන්නන්න බැරි මාරක අපලවලින් බේරෙන්න පුළුවන් ශක්තිය ඔබ විසින් ගොඩනගා ගැනීමට මෙතැන් සිට ඔබටත් හැකි වන්නේ මේ වත්පිළිවෙත් කේන්ද්‍ර පරීක්ෂාවක් නිවැරැදි ලෙස කරගෙන ඊට අදාළ පරිදි උපදෙස් මත විශ්වාසයෙන් නොසැලී කටයුතු කළහොත් පමණක් බව ඔබ හොඳින්ම සිහිතබා ගත යුතු කාරණා අතරින් එකකි.Sri Lanka Latest News
ජන්ම පත්‍රය හොඳින් පරීක්ෂා කිරීමෙන් සෙනසුරු මහ දශාවේ හෝ ඒරාෂ්ටකයකදී ඔබ විසින්ම පෙර සසරේ කරන ලද කුසල් අකුසල් පලදෙන විදිය ගැන මනා අවබෝධයක් ඇතිකර ගැනීමට ජ්‍යොතිර්වේදියාට හැකි වනුයේ සෙනසුරුගේ මහදශා කාලය අවුරුදු 19ක් වන නිසාත්, එයින් මුලින් ඇති අවුරුදු 3ක කාලය සෙනසුරුගේ මහ දශාවේ සෙනසුරුගේම අතුරු දශා කාලය වන නිසාත්ය. මෙම කාලය තුළම ග්‍රහ පිහිටීම් හා ග්‍රහ ගෝචර කාලය තුළ ඔබට සෙනසුරුගෙන් ඇතිවන ඒරාෂ්ටක අපල කාලයන්ද උදාවීමට ඉඩකඩ බොහෝ විට යෙදුණු විට ඔබ පෙර සිටි මට්ටමින් ඉතා අසරණ, දුබල, පීඩිත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය. එවිට ඔබේ සියලු කටයුතු බලා සිටියදීම කණපිට ගැසී ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කරා ඔබව ගෙන යෑමට දෛවය ඔබව සූදානම් කරනු ඇත.
මා මෙහිදී උත්සාහ කරනුයේ එවැනි පීඩාකාරී අවස්ථාවට මුහුණ දෙන ඔබට නිවැරැදි සාර්ථක ක්‍රමවේද පිළියම් හරහා හැකි පමණින් ඔබගේ පීඩාවට සහනයක් සුවයක් ශක්තියක් උදාකර දීමටය.
අවර යක්ෂයා සහ අවරගිරි යක්ෂණිය විසින් සෙනසුරු දශා කාලය තුළ ජන්මියාට අපල උපද්‍රව කරනා බව භූත විද්‍යාවෙහි මෙන්ම ගුප්ත විද්‍යාවේද සඳහන්ව ඇත. ඒ සඳහා ශාන්තිකර්ම ලෙස ශ්‍රී විෂ්ණු දෙවියන්ගෙන්ද, ආඬි තෙළිඟු භෛරව දේවතාවන්ගෙන්ද පිහිට ආරක්ෂාව පැතිය යුතු බව සඳහන් වී ඇත. යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව අනුව ගත්කල සෙනසුරු මහ දශාවේ මුල් කොටසේ අපල කාල පරාසය තුළ දසකෝධ බලියද, මැද කාලවලදී නිලඟ රාක්ෂ බලියද, සෙනසුරු මහ දශාවේ අග කොටසේ අපලවලට ගෞඩි රාක්ෂ බලියද ශාන්තිකර්ම ලෙස සඳහන්ව ඇත. නමුත් වත්මන් සමාජය තුළ විශ්වාසවන්ත අය මේ කටයුතු සඳහා සොයාගැනීම අතිශය අමාරු කරුණක් බවත් ඔබ මෙන්ම මමද දන්නා කරුණකි. කෙසේ වෙතත් ඔබට කළ හැකි ප්‍රායෝගික වත්පිළිවෙත් මින් ඉදිරියට සඳහන් කිරීමට මම උත්සාහ ගනිමි.
සෙනසුරු අපලය තදබල ලෙස ඔබට පවතී නම් ඔබගේ පවුලේ ජ්‍යොතිෂවේදියා හමුවී ඔබට මහා විෂ්ණු දෙවියන් උදෙසා සෙත්කවියේ පිහිට ආරක්ෂාව සෙත් ශාන්තිය අත්විඳීමට ඉඩ සකස් කරගත හැකිය. පුර පක්ෂයේ සුබ දිනයක් හෝරාවක් බලා ශබ්ද ශාස්ත්‍රයට අනුකූලව නිවැරැදි ලෙස සකසාගත් සෙත් කවියේ බලමහිමය ඔබට අත්විඳීමට නිවැරැදි කේන්ද්‍ර පරීක්ෂාවකින් නිවැරැදි වත්පිළිවෙතෙහි ඔබ නිවැරැදිව ගමන් කළොත් මෙහි ප්‍රතිඵල ඔබ විසින්ම ජීවමානව අත්විඳිනු ඇත.
සෙනසුරු හෙවත් ශනි අපල දුරුකර ගැනීම සඳහා විෂ්ණු දෙවියන් උදෙසා ඉතා බැතිමත්ව විශ්වාසයෙන් ඇදහිල්ලෙන් භක්තියෙන් නිවැරැදි ලෙස පුදපූජා පැවැත්වීමෙන් නිවැරැදි පිහිට ආරක්ෂාව සෙත ශාන්තිය උදාකරගත හැකි වනු ඇත.
සෙනසුරු අපල දුරුකිරීමට විෂ්ණු දෙවියන් උදෙසා මෙසේ පූජා තැබීමෙන් ඔබට තව තවත් යහපත උදාකරගත හැකිය.
- පූජාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :
● නිල් මානෙල් මල්
● නිල් කඩරොළු මල්
●තුල්සි හෙවත් මදුරුතලා මල්
● නිල් කඩරොළු යුෂ මිශ්‍රව සෑදූ කිරිබත් පාත්‍ර 1
● එළඟිතෙල් පහන් 1
● නිල් තිර රෙදි යාර 1
● නිල් මල් මාල 1
● තැඹිලි මල් 1
මේවා විෂ්ණු දෙවියන් උදෙසා පූජා කරන්න. බෝධින් වහන්සේට වත් පිළිවෙත් කොට පැහැදිලි පිරිසිදු බෝධි පූජාවක් තබා රැස් කරගන්නා වූ පින්පෙත් ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා අනුමෝදන් කර අපල දුරුකර ගැනීමට ඔබේ ග්‍රහ පිහිටීම නිවැරැදිව පරීක්ෂා කර සෙත් කවියක් ලියවා එය දින 3ක්, දින 7ක්, දින 14ක් ආදී වශයෙන් බලගන්වා ජ්‍යොතිර්වේදියාගේ උපදෙස් පරිදි ක්‍රියාකිරීමෙන් වඩාත් ශුභ ඵල උදාකරගත හැකි බව මෙහිදී සඳහන් කරනුයේ එසේ ප්‍රතිඵල නෙළාගත් පිරිස මා හොඳින් දන්නා බැවිනි.
- දෙවැනි පියවර ලෙස සෙනසුරු දෙවියන්ගේ ස්තෝත්‍ර ගායනා කිරීම. පුද පූජා පැවැත්වීම. බලවත් කුසල් කර එම පින් සෙනසුරු දෙවියන් නමින් අනුමෝදන් කර පිහිට ආරක්ෂාව ඉල්ලීම.
සෙනසුරු දෙවියන් උදෙසා ස්තෝත්‍රය මෙසේය.
‘ඕම් හම් ශනේශ්වරාය නමඃ
ඕම් ශ්‍රාන් ශ්‍රීන් ශරෝන් සායි ශනේශ්වරාය නමඃ
නීලාංජන සමාභාෂං – රවී පුත්‍රං යමාග්‍රජං
චායා මර්තන්ඩ සංභූතං – තං නමාමි ශනේශ්වරම්
මාර්ගන්ධජ ශුධා සෞරී
නීල බස්න්‍රාන් ජයන්දානිග්
කෝන ශංනෙශ් වරෝ චන්දන්
මායා හෘදයා ගන්ධනඃ
අබ්‍රහ්මනඃ කෲර කෲරඃ
නර්මාකන්ජි ග්‍රහ නායකඃ
ක්‍රිෂ්වෙන්ධර්මාන්‍රජඃ ශාන්තඃ
ගුෂ්කෝධර වර ප්‍රදාහ්ඃ
විශේෂයෙන් ඔබ මේ ගැන සැලකිලිමත් විය යුතුය. පංච ශීලය සමාදන් වී ශීලයේ පිහිටා මස් මාංශවලින් වැළකී යහපත් දිවි පැවැත්මක් ඔබ තුළ ඇතිකරගෙන විශ්වාසයෙන් භක්තියෙන් කළ යුතුය. එසේ නම් මාරකය මරණ ක්‍රම හා වත්පිළිවෙත් සමග ඉදිරි ලිපි පෙළින් ඔබව හමුවීමට මා සූදානම්.
සියලු යහපත උදාවේවා.











