• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රාජපක්ෂලාගෙනුත් පික්පොකට් ගහපු කව්ද මේ ලොකුබණ්ඩාර? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 29, 2022
in Exclusive, Gurudawa
Reading Time: 11 mins read
A A
රාජපක්ෂලාගෙනුත් පික්පොකට් ගහපු කව්ද මේ ලොකුබණ්ඩාර? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ජේ. ආර්. විපක්‍ෂ නායක කාලයේ දිනක් එවකට රත්මලාන ආසනයේ සංවිධායක වූ ලලිත් ඇතුලත්මුදලි ජේ. ආර්. හමුවට තරුණ නීතිඥයෙක් රැගෙන ආවේය. ඔහු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණයෙක් සේම නීති විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විය. දියතලාවේ ගමේ පාසලක උගත් මේ තරුණයා දිස්ත්‍රික්ක කථික තරගවලින්, සාහිත්‍ය තරගවලින් අති විශිෂ්ට ලෙස ජය ලබා හෙළ හවුල නම් වූ සාහිත්‍ය සංගමයේ ප්‍රබලයකුද විය. එපමණක් නොව ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිධාරියෙක්ද විය. ජේ. ආර්. මේ කාලයේ කොළඹ හතේ කුරුඳු වත්තේ රාජකීය විද්‍යාලයේ ටයි-කෝට් යූ.ඇන්.පී ප්‍රතිරූපය වෙනස් කොට ගමේ මධ්‍ය මහා විද්‍යාලයෙන් උගත් තරුණයන්ගේ පක්‍ෂයක් බවට යූ.ඇන්.පී.ය පත්කරන්න දැඩි වෙහෙසක් දරමින් සිටියේය. ලලිත් ඒ තරුණ නීතිඥයාව ජේ. ආර්. ළඟට රැගෙන ගියේ යූ.ඇන්.පී. ප්‍රතිරූපය වෙනස් කිරීමට ජේ. ආර්. දරන උත්සාහයට ශක්තියක් වෙන්නටය.

මේ තරුණ නීතිඥයා වෙන කවුරුවත් නොව හිටපු කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාරය. ඔහු සමග ටික වේලාවක් සාකච්ඡා කොට හපුතලේ ආසන සංවිධායක ධුරයක් භාරගන්න කැමැතිදැයි ජේ. ආර්. ඇසුවේය. මම අම්මාගෙන් අහල එන්නම් යැයි වි.ජ.මු. කීවේය. වි.ජ.මු. ආසන සංවිධායක ධුරය භාරගෙන හපුතලේ පැවැති පළමු යූ.ඇන්.පී. රැස්වීමේදී ජේ. ආර්. වි.ජ.මු. හඳුන්වා දුන්නේ අමුතුම කතාවකිනි.

‘ආසන සංවිධායක ධුරය භාරගන්න කැමැති දැයි මම මේ තරුණයාගෙන් ඇහුවාම ඔහු කීවා අම්මාගෙන් අහල එන්නම් කියල. අම්මාට එවැනි ආදරයක් තියෙන තරුණයෙක් කවදාවත් තමුන්නාන්සේලාව අමතක කරන එකක් නැහැ…’

මේ ජේ. ආර්.ගේ කතාවට ඉහළින්ම අත්පොළොසන් නැඟුණි. වි.ජ.මු. ලොකුබණ්ඩාරගේ ගමන පටන්ගන්නේ එතැනිණි. ඔහු ජේ. ආර්.ගේ ආණ්ඩුවේ කැබිනට් නොවන දේශීය වෛද්‍ය ඇමැති විය. ප්‍රේමදාස ආණ්ඩුවේ අධ්‍යාපන, සංස්කෘතික සහ මාධ්‍ය ඇමැති විය. ඔහු යූ.ඇන්.පී. ආණ්ඩුව තුළ 1956 බණ්ඩාරනායකගේ සිංහල බෞද්ධ විප්ලවයේ සඟ, වෙද, ගුරු, බලය ප්‍රතිනිර්මාණය කළේය. ඔහු ආයුර්වේදයට පිළිගැනීමක් දුන්නේය. කොළ කැඳ බීමේ ව්‍යාපාරය ප්‍රචලිත කළේය. පුස්කොළ පොත්වල ආයුර්වේද වට්ටෝරු ග්‍රන්ථාරූඪ කළේය. සාහිත්‍යයට තැනක් දුන්නේය. පාසල්වල තාප්පවල ළමයි ලවා චිත්‍ර ඇන්දෙව්වේය. සිංහල අවුරුද්දට නැකැත් හදන කමිටුව පත්කළේය. ජ්‍යොතිෂයට සහ ජ්‍යොතිෂවේදීන්ට පිළිගැනීමක් දුන්නේය. මාධ්‍යවල උදයේ බණ වැඩසටහන් සවස පිරිත් කීම ආරම්භ කළේත් ඔහුය. 2001 අධිකරණ ඇමැති වූ ඔහු ඉංග්‍රීසි නීතිපොත් සිංහලට පරිවර්තනය කිරීම පටන් ගත්තේය.

වි.ජ.මු.ගේ මේ සිංහල, සාහිත්‍ය, ආයුර්වේදය නඟාසිටුවීමේ වැඩපිළිවෙළ එවකට විපක්‍ෂයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මහා හිසරදයක් වූයේ ඔහු ඒ හරහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිංහල – බෞද්ධ ජන පදනම පුපුරුවා හරින නිසාය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මුල මෙම විෂයන් හී ප්‍රවීණයන් වූ ආයුර්වේද වෙද්දු, ජ්‍යොතිෂවේදීන්, සාහිත්‍යධරයන්ය. වි.ජ.මු. ඉතා දක්‍ෂ ලෙස ඔවුන්ව යූ.ඇන්.පී.යට දිනා ගන්න සමත් විය. මේ නිසා ශ්‍රී ලංකා නිදහහස් පක්‍ෂය වි.ජ.මු.ට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කළේය. ඔහුට කොළ කැඳයා යැයි අපහාස කළේය. වි.ජ.මු. කියන්නේ විනෝදජනක – මුහුණ යැයි අපහාස කළේය. පාර්ලිමේන්තුවේ වි.ජ.මු.ගේ කවි සාහිත්‍ය රස ආශ්‍රිතව කරන කතාවලට අභියෝග කරන්න සමතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිටියේ නැත. මේ නිසා එවකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රබල මන්ත්‍රිවරයකු වූ මහින්ද රාජපක්‍ෂ ලවා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වි.ජ.මු.ට පන්න පන්නා පහර ගැසීය. පහත දැක්වෙන්නේ ඇමැති වි.ජ.මු. සහ විපක්‍ෂ මන්ත්‍රී මහින්ද අතර 1990 පාර්ලිමේන්තුවේ ඇති වූ විවාදයක්ය.

ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා,
ඉතින් ඉතාම හොඳයිනේ. පුටුවකට මොකද අමාරුව? ඉතින් මොකද? ඔව් අමාරුයි. ඒක හොඳ වලව්වේ ඇත්තන්ට විතරයි. පුටුවේ ඉන්න හොඳ වලව්වේ ඇත්තන්ට විතරයි. පුටුවේ ඉන්න හොඳ වලව්වට විතරයි. මොකද පුටුවේ රුදාව (බාධා කිරීමක්) මහින්ද මන්ත්‍රීතුමනි, හොඳට හිතේ තබාගන්න රාජපක්‍ෂ කියන තමුන්නාන්සේලා කවදත් ගැතිකම් කළේ ඔය පුටුව යට තමයි කියා. හොඳට හිතේ තබාගන්න. ඒක අමතක කරන්න එපා.

මහින්ද රාජපක්‍ෂ මහතා,
ඇමැතිතුමනි, ඔහේට වැරැදිලා. රාජපක්‍ෂලා පුටුව අස්සේ හිටියේ නැහැ. ඒක මතක තබාගන්න (බාධා කිරීම්)

ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා,
උදාර රාජපක්‍ෂලාත් හිටියා ජෝර්ජ් රාජපක්‍ෂ වැනි අයත් හිටියා.

මහින්ද රාජපක්‍ෂ මහතා,
ඔහේලා සංස්කෘතිය කනකොට (බාධාකිරීමක්) තමන්ගේ ගුරුවරයා පාවා දුන්නා. ගුරුවරයාගේ භාර්යාව පාවා දුන්නා. (බාධාකිරීම්) එනවා ඇමැතිකම් කරන්න. සංස්කෘතිය (බාධාකිරීම්) අපට කියන්න එපා වස්කවි ගැන. ඔය සංස්කෘතිය අපි අහලා තිබෙන සංස්කෘතියට බොහොම වෙනස්.

ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔය පේනවනේ නැහැදිච්චකම?

මහින්ද රාජපක්‍ෂ මහතා,
නැහැදිච්චකම ගැන කතාකරන්න එපා නැහැදිච්ච මිනිස්සු (බාධාකිරීම්)

ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා,
රාජපක්‍ෂලාට අවමන් කරන්න එපා.

මහින්ද රාජපක්‍ෂ මහතා,
වස් කවි කිව්වේ මොකද? තමන්ගේ ගුරුතුමා වස් කවි කිව්වේ ඇයි?

ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා,
රුහුණේ හිටියා හොඳ රාජපක්‍ෂලා.

නියෝජ්‍ය කතානායකතුමා,
පුද්ගලික වාදභේදවලින් තොරව කතා කරමු.

මහින්ද රාජපක්‍ෂ මහතා,
ඔබතුමාගේ ගුරුතුමා වස් කවි කිව්වේ ඇයි කියා කරුණාකර කියන්න. සංස්කෘතිය ගැන කතා කරන්න එනවා. අනෙක් මිනිසුන්ගේ පුටු ගැන කතා කරන්නට එනවා. (බාධාකිරීමක්) ඇමැතිතුමා දැනගන්නට ඕනෑ අනෙක් මිනිසුන්ට ගහන විට ආපහු ගහන්නත් හොඳට පුළුවන්ය කියා.

ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
ඔය කටට කියන්න බැරි දෙයක් නැති බව මම දන්නවා. ඔය කටට කියන්න බැරි මොකක්ද? මහින්දගේ කටට කියන්න බැරි මොකක්ද? ඔය කටට පඩික්කම් කට කියා මම නම්බුනාමයක් දෙනවා. ජාතික වීර දිනය නිමිත්තෙන්.

මහින්ද රාජපක්‍ෂ මහතා,
කරුණාකර කියනවා.

ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා,
පඩික්කම් කටා.

ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාම දීර්ඝ ඉතිහාසයක්, සංස්කෘතියක් තිබෙන නිසා අපේ රටේ රාජ්‍ය නායකයන් ඉඳගන්නා පුටු තිබෙනවා. එක එක විදියේ පුටු තිබෙනවා. රාජපක්‍ෂලාටත් පුටු තිබෙනවා. රාජ්‍ය නායකයන්ටත් පුටු තිබෙනවා. (බාධාකිරීමක්)

මහින්ද රාජපක්‍ෂ මහතා,
ජනතාවත් එක්ක සිටිනතාක් අපට මේ පාර්ලිමේන්තුවේ පුටුව තිබෙනවා.

ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා,
හරි, පඩික්කම් තිබෙනවා. කැටයම් දැමූ පඩික්කම් තිබෙනවා. එක එක ජාතියේ පඩික්කම් තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ මහතා,
මහ පරණ පඩික්කමක් සොයාගෙන ගියේ. ඒක තමයි. වස් කවි කිව්වේ.

ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
මට තේරෙනවා බොහොම වේදනාවක් තිබෙන බව. මහින්ද රාජපක්‍ෂ මහතාට මේ තරම් වේදනාවක් දැනීම ගැන මම කනගාටු වෙනවා.

මහින්ද රාජපක්‍ෂ මහතා,
මට කනගාටු මෙතුමාට රටේ සංස්කෘතිය භාර දී තිබෙන එක ගැනයි. ජනතාවගේ සංස්කෘතිය.

නියෝජ්‍ය කතානායකතුමා,
ගරු මන්ත්‍රීතුමාගෙන් මම ඉල්ලා සිටිනවා කරුණාකර මේ පාර්ලිමේන්තුවේ තත්ත්වය පහත් කරන්නේ නැතිව –

මහින්ද රාජපක්‍ෂ මහතා,
ඇමැතිවරු දැනගන්නට ඕනෑ ඒ අය කතා කරන විට අනෙක් අයටත් කතා කරන්න දේවල් තිබෙනවාය කියා. වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න එපා.

නියෝජ්‍ය කතානායකතුමා,
ධරාැර ඡකැ්ිැල කවුරුත් පෞද්ගලිකත්වයෙන් තොරව කතා කළොත් හොඳයි.

ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ මුළු කතාවම ඇත්ත වශයෙන්ම යොමු වුණේත් එහෙමයි. එහෙත් මොනවා කරන්නද ඒකත් එහෙම තමයි. ඔබතුමා මේ කතාව මුල සිටම අසාගෙන සිටි නිසා දන්නවා. හරියට අර දොර ඇරගෙන ආවා විතරයි (බාධාකිරීම්) ඒක මගේ වැරැද්දක් නොවන බව පමණක් මේ අවස්ථාවේදී කියන්න කැමැතියි. එක් එන්නේමත් ඔහොම බලාගෙන ඉඳලා හරි (බාධාකිරීම්)

නියෝජ්‍ය කතානායකතුමා,
අනෙක් මන්ත්‍රීවරුන්ගෙනුත් ඉල්ලනවා ඇවිළෙන ගින්දරට පිදුරු දමන්න එපාය කියා.

වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා,
ඊට වඩා වගකීමක් තිබෙන්නට ඕනෑ

වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා,
එතුමාගේ සිතේ ඒ ගැන වේදනාවක් වුණා නම් මම මොනවා කරන්නද? මගේ සංස්කෘතියේ හැටියට මට කනගාටු තමුන්නාන්සේට වේදනාවක් වුණාටයි. එහෙත් දැන් ඒකට කරන්න දෙයක් නැහැ.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔය කියන හැන්සාඩ් වාර්තා ටිකම දිගහැර බැලුවොත් පෙනෙයි මහින්ද රාජපක්‍ෂ මහත්මයට පුන පුනා මොන තරම් කිව්වාද කියා ඉන්දියන් හමුදාව – සාම හමුදාව යවන්න පුළුවන් වෙයි කියා.

මහින්ද රාජපක්‍ෂ මහතා,
මම කිව්වේ යවන්නය කියා.

ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
ඔව්. යවනකම් හිතුවේ නැහැ. යැව්වටයි අමාරුව. ගියාටයි අමාරුව. පුළුවන් නම් දැන් හරි නවත්වයි. දැන් හරි වීරිය කරලා බලයි, ගෙන්වන්න පුළුවන් නම් ගෙන්වාගන්න (බාධා කිරීමක්) අපි ඉතා හොඳට දන්නවා. තමුන්නාන්සේලා පිටරටවලට ගිහින් පවා කියන හැටි. පුළුවන් නම් ආපහු ගෙන්වා ගන්න බලයි. වෙනත් රටකින් හරි ගෙන්වා ගන්න බලයි. ඇම්නෙස්ටියෙන් හරි පුළුවන් නම් හමුදාවක් ගෙනත් දමාගන්න බලයි. කොහෙන් හරි එකක් ගෙනාවත් තමයි හරියන්නේ. ඒක නිසා (බාධාකිරීමක්) කවුද?

(පාර්ලිමේන්තු හැන්සාර්ඩ් 1555-1558 24.05.1990)

1993 ප්‍රේමදාස ඝාතනය වන විට ප්‍රේමදාස හදපු පොඩි මිනිසාගේ යූ.ඇන්.පී.යේ නායකත්වයට පත්වීමට වි. ජ. මු. සියලු සුදුසුකම් සපුරා තිබුණත් නායකත්වය ගියේ කොළඹ හතේ කුරුඳුවත්තේ රාජකීය විද්‍යාලයේ රනිල්ටය. සිංහල – බෞද්ධ සංස්කෘතිය ප්‍රදර්ශනය නොකොට යූ.ඇන්.පී.යට දිනන්න බැහැ යැයි වි.ජ.මු. කොයි තරම් කීවත් රනිල් එය පිළිගත්තේ නැත. එහි ප්‍රතිඵලය යූ.ඇන්.පී.කාරයන්ගේ ඡන්දවලින් 2004 මහ ඡන්දයේදී ජාතික හෙළ උරුමය මන්ත්‍රී ආසන 9ක් දිනා ගැනීමය. කතානායක ධුරය තෝරද්දී හෙළ උරුමයේ මන්ත්‍රීවරු තීරණාත්මක විය. මහින්ද එවකට ජනාධිපති චන්ද්‍රිකාගෙන් අගමැති ධුරය ගත්තේ හෙළ උරුම සහාය තමන්ට ඇති බව කියමිනි. කතානායක තරගයේදී මහින්ද හරහා හෙළ උරුම සහාය දිනන්න චන්ද්‍රිකා හිතුවත් රනිල් සිංහල බෞද්ධයන් අතර පිළිගැනීමක් ඇති වි.ජ.මු. කතානායක ඡන්දයට දැමීම නිසා හෙළ උරුමය අසරණ විය. පාර්ලිමේන්තු බහුතරය චන්ද්‍රිකාට තිබුණත් වි.ජ.මු. කතානායක විය. 2005 ජනාධිපතිවරණය ජයගත් පසු මහින්ද යූ.ඇන්.පී.යේ දෙදෙනෙක්ට බය විය. දෙදෙනාම සිංහල බෞද්ධයන් අතර පිළිගැනීමට ලක්වූවන්ය. එක් අයෙක් කරු ජයසූරියය. අනෙකා වි. ජ. මු. ලොකුබණ්ඩාරය. මේ දෙදෙනාම රනිල්ගේ පරාජිත ගමන ගැන කලකිරී රනිල් සමග ප්‍රශ්න හදාගෙන සිටියහ. මහින්ද කරුට ඇමැති ධුරයක් දී ආණ්ඩුවට ගෙන ඔහු යූ.ඇන්.පී. නායකත්වයට පත්වීමට තියෙන අවස්ථාව නැති කළේ රනිල්ගේද අනුදැනුමෙනි. ඒ වගේම වි.ජ.මු.ගේ පුතා උදිත් ලොකුබණ්ඩාරව නාමල් රාජපක්‍ෂ හරහා සම්බන්ධ කරගෙන වි.ජ.මු.ව කෙසේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ වේදිකාවට ගෙන ඔහුට යූ.ඇන්.පී. නායකත්වයට පත්වීමට ඇති ඉඩකඩද නැති කළේ රනිල්ගේ ආශීර්වාදයෙනි. මහින්ද උදිත්ට බදුල්ලේ ආසන සංවිධායක ධුරයත් දුන්නේ ඔහුගේ විවාහය දිනයේ වි.ජ.මු.ව බාගනිමින්ය. පසුව මහින්ද උදිත්ව ඔහුගේ පෞද්ගලික ලේකම් කරගත්තේය.

අද මහින්දගේ ගිණුමෙන් සල්ලි ඇද්දා යැයි උදිත්ට චෝදනා එල්ල වී තිබේ. උදිත් නාමල් මෙන්ම ජනාධිපතිවරයෙක්ගේ පුතෙක් වෙන්න වාසනාව ලද්දෙක්. රාජපක්‍ෂලා ඒ වාසනාව ලොකු බණ්ඩාරලාගෙන් උදුරා ගත්තේය. එහෙව් ලොකුබණ්ඩාර කෙනෙක් රාජපක්‍ෂලාගේ පොකට් එකට විදීම දෛවයේ සරදමකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සජිත් ඉතිහාසයට යයි! කාලිංග මාඝලා ශිෂ්ටාචාරය විනාශ කරපු හැටි පෙන්වයි! මේගොල්ලෝ කෘෂිකර්මය විනාශ කරන හැටිත් කියයි! (VIDEO)

Next Post

ඔබේ දියණියටත් මල්වර දෝෂයක්ද?

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.