• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

May 23, 2026
in Astrology, Exclusive
Reading Time: 5 mins read
A A
මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘සෙනසුරු දෙවියෝ’ මනුස්ස අපට දෙන වද වේදනා හිරිහැර, තාඩන පීඩන, සිතේ අසහනය, පවුල් අවුල්, හදිසි විපත් කරදර ඔබටත් තාම ඉවරයක් නෑ නේද? බැලූ බැල්මට කේන්දරේ ග්‍රහයන් හොඳ තැන්වල හිටියත් ඔය කියන තරම්ම හොඳක් ඔබට වෙලා නෑ නේද? එසේ නම් පළමුවෙන්ම ඔබ ඔබව වෙනස් කරගත යුතුව ඇත. ජ්‍යොතිෂ දිවිය තුළ මාගේ අත්දැකීම් සහ අත්විඳීම් මත මම ඔබට යෝජනා කරනවා ඔබගේ දැවෙන තැවෙන ගිනිගන්නා ප්‍රශ්න කරදර දුක් කම්කටොලු දරාගන්න ශක්තිය මානසිකව ඔබ සිතින් ගොඩනගාගෙන මාරකය මරාගෙන නැගිටින හැටි මම ඔබට කියලා දෙන්න සූදානම්.Sri Lanka Latest News

ඔබ ඔබ ගැනම කෙතරම් දුරට දන්නවද? ඔබට ඔබ ගැන වැටහීමක් තියෙනවද? එහෙම තිබේ නම් ඔබට වඩාත් වාසිදායක වන ලෙස අපල සියල්ල සඵල කරගන්න හැකි බව ඔබ දන්නවද? ඔබගේ ජීවන ගමනේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සෙනසුරාගේ පැමිණීම ඔබ පිළිගන්නේ ධනාත්මක ලෙසින් නොවන බව මම හොඳින් දන්නා කාරණාවක් වනුයේ හැම පැත්තෙන්ම එන දුරකතන ඇමතුම්වලට ඇහුම්කන් දී සිටි විට ඒවා ධනාත්මක ලෙස ඔබ ජීවිතයට ගළපාගෙන නැති නිසා බව මා ලද ජ්‍යොතිෂ දිවියේ අත්දැකීමෙනි. එවිට කේන්දර සටහන් පැහැදිලිව පරීක්ෂා කොට මා මුලින්ම ඔබට පැහැදිලි කළේ ඔබගේ පරීක්ෂාවන් ධනාත්මක බවින් වැඩි වූ තරමට මෙම මාරක අපලවලින් ගැලවීමේ මානසික ශක්තිය විශ්වය හරහා ඔබ ලබාගෙන ඇති බවය. ඔබ මුලින්ම කළ යුත්තේද එයමයි. අටලෝ දහමින් කම්පා නොවන දූරදර්ශී බුද්ධිමත් බලවත් චින්තනය ඔබව මාරකයෙන් මුදාලන්නට තරම්ම ප්‍රබලවී ඔබ ඉදිරියට එනු ඇත.

සෙනසුරු ඔබේ කේන්ද්‍රයේ ගෝචර ගමන තුළින් ඇතිකරන අශුභ පිහිටීමක් ලෙස බොහෝ දෙනෙක් නම ඇසූ පමණින්ම හඳුනන ‘සෙනසුරු ඒරාෂ්ටකය’ වශයෙන් ඔබත් මමත් හොඳින්ම දන්නා හිත දෙදරවා යන අශුභ සිතුවිලි ඔළුව පුරාම කරකවන කාරණාවක් නේද? මෙය සිදුවන්නේ බොහෝ විට සඳු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ තැන්පත් වී සිටි රාශිය මතට ගෝචර ගමනේ දී සෙනසුරුගේ පැමිණීම හරහාය. ගෝචර සෙනසුරු සඳු මත සහ ඉන් දෙපස ගමන් කරනා බලය සෙනසුරු ඒරාෂ්ටක අපල කාලය ලෙස අප මුලින් දැනගත යුතුව ඇත. මෙමගින් අපට හෙළිදරව් වන්නේ ජන්මියාට අදාළ එක් කරුණක් බව ඔබ දන්නවාද? සෙනසුරු ග්‍රහයා මූලික වශයෙන්ම දුෂ්ට ස්ථාන ලෙස ඔබේ කේන්ද්‍ර සටහන් වන 6-8-12 යන ස්ථානවලට කාරක වන අතර, එයට අමතරව එම කාරක අයිතිය ගැන ඔබේ කේන්ද්‍රයේ සටහන් වී ඇති ආකාරය ගැන ඔබ තුළ අවබෝධයක් ඇතිකර ගැනීමෙන් අනවශ්‍ය ලෙස ඔබේ පීඩනය අඩු කරගෙන හිත ශක්තිමත්ව නැගිටින්න හැකි බව ඔබ දන්නවද? ජ්‍යොතිෂයේදී කාරක ග්‍රහයා ලෙස හඳුන්වන්නේ ස්ථානයක් හෝ සිදුවීමක් නියෝජනය කරන පාලනය කරන ප්‍රධාන ග්‍රහයා හඳුනාගෙන ඒ අනුව වත්පිළිවෙත්වල නියුතු වීම තුළින් අපල සඵල කරගන්නා ක්‍රම තිබෙනා බවට ඔබ දැනුවත්වී තිබේද? මේ ගැන ඉතා සරලව කිවහොත් අපේ ජීවිතයේ අපට හමුවන විවිධ අංශ අධ්‍යාපනය, ධනය, විවාහය ආදිය ගැන කේන්ද්‍රය පරීක්ෂා කර බැලීමේදී ඒ ඒ අදාළ අංශවලට අදාළ ලෙස බලපෑම් කරන ග්‍රහයා ලෙස හඳුන්වනු ලැබේ. ලග්නයෙන් ලග්නයට හා එකිනෙකාගේ කේන්ද්‍රයට අනුව මෙම කාරක අයිතිය දරන්නා කාරක ග්‍රහයන් වෙනස් වන බව මෙහිදී ඔබ සිහියට ගත යුතුව ඇත. ජන්ම පත්‍ර පරීක්ෂාවකදී ඔබේ කේන්ද්‍රයේ ඔබට

1. ආත්මකාරක – ජන්ම පත්‍රයක වැඩිම අංශක ප්‍රමාණයක් ගමන් කර ඇති ග්‍රහයා වන අතර, එයින් ඔබගේ ආත්මයේ ප්‍රධාන අරමුණු ගැන පැහැදිලි කරනු ඇත.

  1. පීතෘ කාරක – පියා නියෝජනය කරයි. (රවි හෙවත් ඉර)
  2. මාතෘ කාරක – මව හෝ මවුපිය සෙනෙහස ගැන කියයි. (චන්ද්‍රයා/සඳු)
  3. විද්‍යා/ප්‍රඥාකාරක – උසස් අධ්‍යාපනය, බුද්ධි මහිමය ගැන කියයි. ගුරු/බුධ)
  4. ධන කාරක – ධනය මුදල් සහ ඔබට ලාභ ලැබීම් ගැන කියයි. (ගුරු / බ්‍රහස්පති)
  5. විවාහ කාරක – විවාහය සහ ප්‍රේම බන්ධන, සබඳතා ගොඩනැගීම්.

(ශුක්‍ර / සිකුරු)ගෙන් කියැවෙන බව ඔබගේ කේන්ද්‍ර සටහන් පරීක්ෂාවෙන් ඔබ අවබෝධයක් ලබා තිබීම ඉතා වැදගත් කාරණාවක් බවත්, කාරක අයිතියේ බලය මගින් අපල සඵල කරගත හැකි බවත් ඔබ දන්නවාද? ඒ විතරක්ම නොවේ. ඔබේ කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණය ඉතා බලවත් ලෙස පිහිටා තිබේද? ඒ අනුවත් ඔබට මාරක බාධක බිඳගෙන පරාජය කරගෙන ඉදිරි ගමන සාර්ථක කරගත හැකි ක්‍රම තිබෙන බව ඔබ දන්නවාද?

ජීවිතයේ පැවැත්ම උදෙසා අවශ්‍ය කරන සියලු සම්පත් ඔබේ ජීවිතයේ තාමත් ඔබට ලැබී නැහැ නේද? එහෙනම් ඔබේ කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ බලවත් වූ ප්‍රබලම හාස්කම ගැන අද මම ඔබට කියා දෙන්නම්. ඔබේ කේන්ද්‍රයේ කොටු 12ක් තියෙනවානේ. ඒ කොටු 12න් 2-6-10 කියන කොටු ජ්‍යොතිෂයේදී අර්ථ ත්‍රිකෝණය ලෙස හඳුන්වනවා. මෙම භාවයන් හා එම භාව අධිපතියන් බලවත් වූ විට ඔබේ කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණ බලය ක්‍රියාත්මක වෙන්න ගන්නවා. දෙවැන්නෙන් කියැවෙන ධනය-පවුල-කථිකත්වය-ඉතිරි කිරීම් වගේම 6 වැන්නෙන් සේවය-උත්සාහය-තරගකාරීත්වය-ජයග්‍රහණ අත්පත් කරගැනීම වගේම 10 වැනි භාවයෙන් කියැවෙන රැකියාව, වෘත්තීය මට්ටම, කීර්තිය, ප්‍රශංසාව හා ඔබට හිමි සමාජ තත්ත්වය ගැන කියැවෙනවා. මෙම භාව අධිපතීන් එකිනෙකා දැකීම පරිවර්තනය වීම (එකිනෙකාගේ රාශිවල සිටීම හෝ එකම රාශියක සංයෝග වීම හරහා මෙම යෝග ක්‍රියාකාරීත්වයේ බලවත්කම ඔබගේ කේන්ද්‍ර සටහන මැනැවින් පරීක්ෂා කර බැලුවාම හොයාගත හැකි බව ඔබ තාම දන්නේ නැතිවාද? එසේ නම් මාරක අපලයට බියවිය යුතු තැන් වගේම මෙම මාරක තත්ත්වය ඔබේ ජීවිතයට කෙතරම් දුරට බලපානවාද? ඔබ ඒ පිළිබඳ මුලින් දැනුවත් විය යුතුයි. නම ඇසූ පමණින් බියවී කම්පා වී සියල්ල අත්හල යුතුයි කියා ඔබ පසුතැවිලි වෙවී ඉන්නා කෙනෙක් නම් මුලින්ම ඔබ කළ යුත්තේ හිතේ ධෛර්යය වැඩිකර ගැනීමත්, ඉවසීමෙන් යුතුව ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියා හමුවී ඊට අදාළ වත්පිළිවෙත්හි නිරත වෙමින් තමාගේ ගැටලුව කුමක්ද, ඒ ගැන නිවැරැදි දැනුමක් වැටහුමක් අවබෝධයක් ඇතිකර ගැනීමයි. ඒ වගේම සෙනසුරු ප්‍රධාන වශයෙන් දුෂ්ට ස්ථාන 6-8-12 වැන්නට තම කාරක බලය දෙන අතර, එයට අමතරව 2-6-10 වැන්නටද කාරක බලය දෙයි. මේ අනුව සියලු ආකාරයේ පීඩා කරදර කම්කටොලු ලබාදීම සඳහා සෙනසුරු සුදුසුකම් ලබන අතර, මේ නිසා කේන්ද්‍ර පරීක්ෂාවේදී ප්‍රථමයෙන්ම ගෝචර සෙනසුරුගේ පිහිටීම ගැන හොඳින් පරීක්ෂා කිරීම අතිශයින්ම වැදගත් කාරණාවක් බව ඔබ මතකයේ තබාගත යුතුව ඇත. මෙකී සියලු භාවයන් එක් එක් දෝෂයන් නිවේදනය කරන අතර එම භාව ප්‍රතිඵල ලබාදීම සඳහා සෙනසුරු නෛසර්ගික ග්‍රහයකු ලෙස බැඳී පවතී. ඒ නිසා ලග්නය කුමක් වුණත් සෙනසුරු කොතරම් දුරට යහපත් ලෙස සිටියත් සෙනසුරු විසින් ලබාදෙන මෙම දුර්ලභ අවස්ථාව ඔබට ඔබ සැමට ආශීර්වාදයක් කර දීමට ජ්‍යොතිෂවේදියාට හැකියාව තිබිය යුතු බව මා මෙහිදී සඳහන් කරනුයේ ඉන් වන බලපෑමෙන් ඔබ මුදාගත හැකි බව පැහැදිලි කර දෙමින් බව ඔබ සිහිතබා ගත යුතු කරුණකි. මෙවන් වූ අපල උපද්‍රව සමනය කරගත හැකි ආකාරය ගැන ඔබව දැනුවත් කිරීමට මා සූදානම්. එසේ නම් ලබන සතියේ තවත් සුවිශේෂ ලිපියකින් ඔබව හමුවන තෙක් ඔබ සැමට සියලු යහපතම වේවා.

ජ්‍යොතිර්වේදිනී පී.එම්. සංජීවී වසන්ති
(ජ්‍යොතිර් විද්‍යා ඩිප්ලෝමාධාරිනී / ජ්‍යොතිෂ ශිරෝමනී,ජ්‍යොතිෂ අවිශ්කාර් විශිෂ්ට ගෞරව සම්මානලාභිනී, සෙත්කවි ශාස්ත්‍ර විශාරද විශිෂ්ට ගෞරව සම්මානලාභිනී)
සංජීවී ජ්‍යොතිර් පියස
දුරකතන – 0777 130391

SendShareShare
Previous Post

විපක්ෂයෙන් කිසි කෙනෙක් ගන්නේ නෑ! ජනාධිපති තීන්දු කරයි! Sri Lanka Latest News

Next Post

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

MORE NEWS

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News
Exclusive

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.