• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

එයාට වඩා ඔයා කැතයි නම් මෙන්න හේතුව…

February 21, 2022
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
එයාට වඩා ඔයා කැතයි නම් මෙන්න හේතුව…
Share on WhatsAppShare on Facebook

ලෝකයේ සියල්ලන්ම එක හා සමාන නොවේ. එය ලෝක ස්වභාවයයි. කෙනකු ලස්සන වෙද්දී තව කෙනකු විරුපී වෙයි. තවත් කෙනකු යහපත් ගතිගුණයන් උරුමකර ගන්නා විට කෙනකු දුදන නරක ගුණයන් පෙන්වයි. මේ ලෝක ස්වභාවය ඉබේ සිදුවන්නක් නොවේ. ඊට බලපාන ප්‍රධාන සාධක රාශියකි. තමන් පෙර භවයන්හි කළ පින් පව් අනුව මේ භවයේ සියල්ල තීරණය කෙරෙන බැවින් ඉහත කාරණාද ඒ හා සමගාමීව සිදුවන බව දත යුතුය. එහෙයින් ඔබ විරූපී වෙද්දී තවකෙකු සුරූපී වී නම්, ඒ බවත් ඊට හේතු වුණු සාධකත් කේන්දරයේ පැහැදිලිව සටහන්ව ඇති බව වටහාගත යුතුය.

ජන්මියකුගේ වාග් ශක්තිය පෙන්වන්නේ කේන්දරයක දෙවැන්නෙන් බව ශාස්ත්‍රීය නියමයයි. දෙවැන්නෙහි බල දුබලතා අනුව කට, දත්, වචනද හුරුවේ. දෙවැන්න පාප පීඩිත වීම, දෙවැන්නාධිපති දුර්වල වීම හා බුධ දුර්වලව පිහිටීම නිසා වාග් ශක්තිය අතින් දුර්වලතා ඇතිවනු ඇත.

විශේෂයෙන්ම බුධ නීච වීම 6,8,12 වැනි දුෂ්ට ස්ථානගත වීම නිසා ගොතගසන බවක් හෝ දුබල කටහඬක් ඇතිවනු ඒකාන්තය. ජන්ම පත්‍රයක දෙවැන්නෙන් කතාව පමණක් නොව ඇස් පෙනීම, ධනය, මුහුණ කට, මරණය, යුග දිවියෙන් පසුව දිවි පෙවෙත පිළිබඳ තොරතුරුද අනාවරණ කළ හැකිය. වාග් චාතුර්යය විමර්ශනය කිරීමේදී දෙවැන්න පමණක් නොව 6 හා 10 පිළිබඳවද සෙවිය යුතුය.

දෙවැන්නෙන් කතාව ගැනද, 6 වැන්නෙන් සතුරන් ගැනද, 10 වැන්නෙන් ක්‍රියාකාරී ස්වභාවය ගැනද පෙන්නුම් කෙරෙන අතර, ජීවිතයක අපූර්වතම තොරතුරු රැසක් මෙයින් පැවැසිය හැකිය. සතුරන් මිතුරන් ඇතිකර ගැනීම, නොගැනීම යමෙකුගේ කතාව අනුව පවතින්නේය. එසේම වචන අනුව ක්‍රියාවද, ක්‍රියාව අනුව වචනයද හැඩ වැඩ වෙයි.

දෙවැන්නේ පූර්ණ චන්ද්‍රයාගේ පිහිටීමෙන් දර්ශනීය මුහුණක් ඇතිවීමටත්, බුධ දෙවැන්නේ සිටීමෙන් තර්කානුකූලව කතාකිරීමටත්, විහිළු තහළුවලට හා සිනහ ප්‍රිය කරන ශාන්ත හැඟීම් ඇතිකිරීමටත් සමත් වෙයි. දෙවැන්නේ සෞම්‍ය ග්‍රහයන් සිටීම කාන්තාවකට ඉතා යහපත්ය. රාහු කේතු දෙවැන්නේ සිටීම දත් විශාල වීමට හෝ විරූපී ලෙස පිහිටීමට හේතු වෙයි. කටක, වෘශ්චික, මීන යන රාශි දෙවැන්න වී එහි කේතු සිටීම ගොළු බව ඇතිකරන පිහිටීමකි.

බලවත් ග්‍රහයන්ගේ ග්‍රහ දෘෂ්ටිවලින් පෝෂණය වීම නිසා වචනවල ගැඹුරු බව හා තේජස් බවක් ඇතිවීම ස්වභාවිකය. කතාවද, අණ දෙන ස්වභාවයක් ගනු ඇත.

සංවිධාන ශක්තිය, පාලන ශක්තිය හා උපදෙස් අනුශාසනා පැවැත්වීම ආදිය මෙයින් ඇතිවන ස්වභාවයයි. රවි, කුජ දෙවැන්නේ යෝගකාරකභාවයෙන් යුතුව ශුභව පුර පක්ෂයෙහි වී ඇත්නම් ධනකාමී බවෙහි ස්ථිරසාර බවක්ද ඇතිකෙරේ.

රවි, කුජ, ශනි පිහිටීම අනුව අකාලයේ දත් ගැලවී යෑම විරූපී වීම, දත් රෝග ඇතිවීම ආදියටත්, අයහපත් පාප දෘෂ්ටි ඇතුළු පාප පීඩිත තත්ත්වය තුළින් සිදුවෙයි. රවි, කුජ, ශනි දෙවැන්නේ යෙදුණේ නම් එවැන්නන්ගේ හැම කතාවකදීම අන්‍යයන් අප්‍රසාදයට කලකිරීමට පත්වීම ස්වභාවිකය.
බුධ දෙවැන්නේ පාප පීඩිතව දුර්වලව ඇතිවීම කේළාම් කියන, පරුෂ බස් තෙපළන, කුරිරු නපුරු කතා නිතරම ඇති බොරුකාරයෙක් පහළ වන බව දැක්වේ. රවි, සඳු, කුජ යෝගය සමග ශනි හත්වැන්නේ පිහිටීමත් සෞම්‍යයන් නොදැකීමත් යන ක්‍රමයන්ද මුඛයෙහි දත්වල විරූපීභාවයක් ඇතිකෙරෙනු ඇත. දෙවැන්නේ බුධ බලවත් වීම, සුබ ග්‍රහ දෘස්ටිවලට ලක්වීම, සෞම්‍ය ග්‍රහ පිහිටීම් ආදිය අනුව ඇසූ දුටුවන් වශීවන ස්වභාවය මුහුණෙහි හා වචනවල රැඳී පවතිනු ඇත. මුදු මොළොක් වචන හා මිහිරි කටහඬ විශේෂයෙන් වනිතාවකට වාසනාව හා භාග්‍යය උදාකෙරෙන ආභරණයක් වනු ඇත.

ජ්‍යොතිෂවේදී කොස්ගොඩ ජේ.පී. ද සොයිසා

SendShareShare
Previous Post

මෛත්‍රීට-නිලන්ත ජයවර්ධනට-නීතිපතිට එරෙහිව කතෝලික සභාවෙන් විශේෂ නිවේදනයක්!

Next Post

HNB FINANCE PLC දෘශ්‍යාබාධිත පවුල් 100ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරයි…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.