• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

චැනල්ස්වලට කොටුවෙන්න ඕනෙ නෑ… හොඳ තක්සේරුවක් තියෙනවා නම් ඕනෙ තරම් චාන්ස් තියෙනවා… හැකියාවට දක්ෂතාවට අභියෝග කරන්න කාටවත් බෑ… බිමල් ජයකොඩි! Sri Lanka Latest News

November 2, 2025
in Heart
Reading Time: 2 mins read
A A
බිමල්ගේ අලුත්ම ආලේ ‘කොරෝනා කාලේ ආලේ’
Share on WhatsAppShare on Facebook

රූපවාහිනියේදී වගේම සිනමාවේදීත් අපට හමුවන ආකර්ෂණීය රංග පෞරුෂයක් තමයි බිමල් ජයකොඩි කියන්නේ. ධර්ම යුද්ධය, ෆාදර් වැනි සිනමා නිර්මාණ සමග ප්‍රේක්ෂකයාට ඉදිරියේදී බිමල්ව දැක ගන්න පුළුවන්. ඉතින් ඔහුගේ අලුත් නිර්මාණ වගේම මේ දිනවල වග තුග දැනගන්න මව්රට ‘හාට්’ අපි, ඔහුව සම්බන්ධ කර ගත්තා.Sri Lanka Latest News

ආයුබෝවන් ඔබට. මොනවද මේ දවස් වල වැඩකටයුතු?
ආයුබෝවන් ඔබටත්. මේ දවස්වල වැඩිපුර කාලය ගතවෙන්නේ ධර්ම යුද්ධය සහ ටාකට් චිත්‍රපටයේ පසු නිශ්පාදන වැඩකටයුතු එක්ක. ඒ වගේම අරුණ ජයවර්ධනගේ මාරම්බරී ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලටත් සහභාගි වෙනවා. වෙළෙඳ දැන්වීම් හඬකැවීම් වැඩකටයුතුත් කරගෙන යනවා. මේ වැඩත් එක්ක තමයි මේ දවස්වල කාලය ගත වෙන්නේ.
ප්‍රේක්ෂකයන්ට ඔබව ඉදිරියේදී දකින්නට ලැබෙන නිර්මාණ ගැන කිව්වොත්?
චිත්‍රපට විදියට ගත්තම ෆාදර්, ධර්මයුද්ධය, ටාකට්, පශ්චිමයාමය යන චිත්‍රපට ඉදිරියට එන්න තියනවා. ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකුත් තියනවා.
කියන්නකෝ මුල් කාලයේ වේදිකාවට තිබුණු සබකෝලය නැති කරගෙන මේ තරම් සාර්ථක රංගන ශිල්පියෙක් වුණේ කොහොමද කියලා?
ඔව් ඇත්තටම මුල් කාලයේදී වේදිකාවට යම් සබකෝලයක් සහ තිගැස්මක් තිබුණා තමයි. නමුත් වැඩමුළු සහ නාට්‍ය නිර්මාණ කිහිපයකට සම්බන්ධ වීමත් එක්ක වේදිකාව සහ රංගනය පිළිබඳව හැදෑරීමක් කරන්න හැකියාව ලැබුණා. සිනමාවේදී මම මුලින්ම සාර්ථක වුණේ තාක්ෂණික ශිල්පියෙක් විදියට. තිරය පිටුපස වැඩකටයුතු කරද්දී රඟපෑම හදාරපු අධ්‍යක්ෂකවරුන්, තිර පිටපත් රචකයින්, ඒ වගේම නළු නිළියන් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ විදිහට ලැබුණු අත්දැකීම් සහ ආශ්‍රයන් එක්ක රංගන ජීවිතය සාර්ථක කරගන්න හැකියාව ලැබුණා. මම යම්කිසි සාර්ථකත්වයක් ලබල තියනවනම් ඒ සාර්ථකත්වයේ ගෞරවය ඔවුන්ටත් හිමි වෙන්න ඕනෑ.
කාලයක් පුරාවටම ජනප්‍රියත්වය රඳවා ගැනීමේ රහස මොකක්ද?
ජනප්‍රිය වෙනවටත් වඩා මාව මතකයේ රැඳීමක් සිදුවෙනවා කිව්වොත් මම නිවැරදියි. උදාහරණයක් කිව්වොත් කාලයක් මට දිගටම ආරක්ෂක අංශයට සම්බන්ධ චරිත ලැබෙන්න ගත්තා. ඒ ඇඳුමට තියෙන ගැළපීම සහ පෙනුම නිසා වෙන්න ඇති. නමුත් මම පරිස්සම් වුණා දිගින් දිගටම ඒක පවත්වාගෙන යන්නෙ නැතුව වෙනස් විදියේ චරිත රංගනයේ යෙදෙන්න. මම මගේ චරිතය සූක්ෂ්මව හඳුනාගෙන අවශ්‍ය අදාළ කියවීමකට අනුව රඟපාපු නිසා ප්‍රේක්ෂකයින්ට මතකයේ රැඳෙන්න ඇති.
“මම මාධ්‍ය ආයතනවල වහලෙක්වත් සේවකයෙක්වත් නෙවෙයි” කියලා ඔබ එක අවස්ථාවක කියනවා. නළු නිළියන් කියන්නේ මාධ්‍ය ආයතනය වලට කොටු වුණු පිරිසක්ද?
මම මුල් කාලයේදී රූපවාහිනියේ ක්ෂේත්‍රයේ වැඩ කරද්දි මාධ්‍ය ආයතන දෙකක් මූලිකව තිබුණා. ඒ ආයතනවල යම් අධිකාරිත්වයක් ගොඩනැගිලයි තිබුණේ. පෞද්ගලික මාධ්‍ය පැමිණීමත් එක්ක ඒක බිඳවැටුණා. ඒත් එක්කම ශිල්පීන් බොහෝ දෙනෙකුට සීමාවන් අතික්‍රමණය කරන්න අවස්ථාව ලැබුණා. නමුත් ඒත් එක්කම ශිල්පියා අභිමවා ආයතනයේ අධිකාරියක් ගොඩනගා ගැනීම සිදුවුණා. අද වෙද්දි ඒක වැඩිවෙලා. තමන් ගැන පූර්ණ විශ්වාසය තියෙන ශිල්පීන් එක මාධ්‍ය ආයතනයකට සීමා වෙන්න ඕන නෑ. තමන් ගැන හරි තක්සේරුවක් තියෙනවා නම් තෝරා බේරාගැනීම් හරියට කරනවනම් ඔවුන්ට ඕනෑ තරම් අවස්ථා තියෙනවා. හැකියාවට සහ දක්ෂතාවට අභියෝග කරන්න කාටවත් බැහැ. ඒ නිසා මම හිතනවා කලා ශිල්පීන් එක මාධ්‍ය ආයතනයකට සීමා වෙන්න අවශ්‍ය නැහැ.
ඔබට ලැබුණු සම්මාන අතරින් වටිනාම සම්මානය බිරිඳ කියලා ඔබ කියනවා. බිරිඳක් විදියට ඇයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මම ක්ෂේත්‍රයේ වැඩිම කාලයක් උත්තර දීලා තියෙන හොඳම ප්‍රශ්නය තමයි මේක. අපිට අපේ ප්‍රතිබිම්බය දකින්න තියන අවස්ථා මගහැරෙන්න පුළුවන් කාර්යබහුල වීමත් එක්ක. පුරුෂලිංග ස්ත්‍රීලිංග කියල භේදයක් නෙවෙයි මෙතන තියෙන්නේ. එතනින් එහා ගිය සංවාදයක් තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට මගේ සාර්ථකත්වය, මගේ ප්‍රතිබිම්බය, මට මගහැරෙන දේවල් දකින්න මතක් කරන්න පෙන්නල දෙන්න ඉන්න සහකාරිය ඇය. ඒක ගැහැණිය හා පිරිමියා කියන කාරණාවට එහා ගිය දෙයක්. මේ කතා සේරම එක්ක මට කියන්න තියෙන්නේ මගේ හැමදේම තමයි එයා.
රංගනයට පිවිසෙන නවක පරපුර ගැන මොකද හිතන්නේ?
වර්තමාන පරම්පරාව ගැන සුබවාදී හැඟීමක් මට තියනවා. ඔවුන් ගොඩක් මහන්සි වෙනවා වේදිකාවෙන් රංගනයට පිවිසෙන්න. අධ්‍යයනය හරහා රංගනයට පිවිසෙන අය ඉතාම දක්ෂයි. අපටත් ඔවුන්ගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියල මම හිතනවා. විශේෂයෙන්ම රංගන ශිල්පිනියන්ට සාපේක්ෂව දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් දකින්න පුළුවන්. ඔවුන් එක අරමුණකට මහන්සි වෙලා වැඩ කරනවා.
රංගනයට වගේම ගායනයටත් ඔබ දක්ෂයි. මොනවද ඔබේ අලුත් සංගීත නිර්මාණ?
ප්‍රථම වතාවට චිත්‍රපටයකට පසුබිම් ගීතයක් ගායනා කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම මගේම කියල ගීත කීපයක්ම පටිගත කරලා තියෙනවා. ඒවට රූප රචනා කරගෙන යනවා මේ දවස්වල.
අධ්‍යක්ෂවරයෙක් විදියට ඔබගේ ප්‍රේක්ෂකයන්ට ඔබව දකින්න පුළුවන් කවදද?
ලෝක සිනමාවත් අධ්‍යයනය කරමින් මේ දිනවල ඒ සඳහා වැඩ කරමින් ඉන්නවා. රංගන ශිල්පියෙක් සහ තාක්ෂණික ශිල්පියෙක් විදියට මම ලබා ගත්ත දැනුම, අත්දැකීම් පුද්ගලික ජීවිතයේ නැගිටීම්, කඩා වැටීම්, ජයග්‍රහණ, පරාජයන් සියල්ලම එක්ක මම ලබපු අත්දැකීම් ඉදිරිපත් කරන්න, අත්හදා බලන්න මම ආසයි. ඉක්මනින් ඒක ඉටුවෙයි හිතනවා.

නාමල් සජිත් ජයසිරි

SendShareShare
Previous Post

මිනී පෙට්ටිගේ දවස් තුනක් හිටියා… ටිකක් බය වුණා මුලින්… Sex Seen පහක් විතර තිබුණා… මේවා කරන්නේ කොහොමද කියලා හිතුණා…- සූර්යා දයාරුවන්! Sri Lanka Latest News

Next Post

මේ පිහිටීම් නැත්නම් ග්‍රහයෝ මාරුවුණාට ටිකට් ඇදෙනව නම් බොරු!Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.