මනුෂ්‍යයකුගේ දෑත යනු හුදෙක් වැඩපළ කිරීමට ඇති අවයවයක් පමණක් නොවේ. ජ්‍යොතිෂයට සහ සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව, අපේ ඇඟිලිවල දිග, මහත සහ ඒවායේ පිහිටීම අනුව පුද්ගලයකුගේ ධන වාසනාව මෙන්ම බලය සහ කීර්තිය තීරණය වේ. කේන්දරයේ ප්‍රධාන ග්‍රහයන් ඔබේ අත්ලේ ඇඟිලි පහ තුළ නිවාස සාදාගෙන සිටින අතර, ඒ තුළ සැඟවී ඇති රහස් හඳුනා ගැනීමෙන් ඔබේ ‘සල්ලි මල්ල’ පෑදෙන කාලය පිළිබඳව නිවැරදි ඉඟියක් ලබාගත හැකිය.Sri Lanka Latest News
ධනය සහ ව්‍යාපාරික බුද්ධිය දෙන බුධ ඇඟිල්ල (සුළැඟිල්ල)
ඔබේ අතේ සුළැඟිල්ල, වෙදැඟිල්ලේ ඉහළ පුරුකෙන් ඔබ්බට දිගු වී පවතී නම්, ඔබ උපතින්ම ව්‍යාපාරික බුද්ධියක් සහිත අයෙකි. එවැනි ඇඟිලි හිමි අය අත ගසන සෑම දෙයකින්ම මුදල් මැවීමේ හැකියාවක් පවතින බව ශාස්ත්‍රයේ දැක්වේ. බුධ ග්‍රහයාගේ බලය ඇඟිලි තුඩු හරහා ශරීරයට උරාගන්නා බැවින්, පැහැදිලි සුළැඟිල්ලක් හිමි අය ස්ව උත්සාහයෙන් ධනවත් වීමේ වාසනාව හිමිකර ගනී.
කීර්තිය සහ වාසනාව ගෙනෙන රවි ඇඟිල්ල (වෙදැඟිල්ල)
වෙදැඟල්ල දිගු වූ පුද්ගලයා කලාවට මෙන්ම ව්‍යාපාරවලට දැඩි ඇල්මක් දක්වයි. සූර්යයාගේ ශක්තිය ගලා එන මෙම ඇඟිල්ලේ පිහිටීම අනුව පුද්ගලයාට ලැබෙන ප්‍රසිද්ධිය තීරණය වේ. වෙදැඟිල්ලේ තුඩ මත රවුම් හෝ හක්ගෙඩියක ලකුණක් ඇත්නම්, එම පුද්ගලයාට හදිසි ධන ලාභ මෙන්ම ලෝක පූජිත කීර්තියක් අත්කර ගැනීමේ හැකියාව පවතී.
ස්ථාවර ධනය සහ දේපළ දෙන සෙනසුරු ඇඟිල්ල (මැදැඟිල්ල)
අත්ලේ දිගම ඇඟිල්ල වන මැදැඟිල්ල සෙනසුරු ග්‍රහයා නියෝජනය කරයි. මෙම ඇඟිල්ල ඍජුව සහ ශක්තිමත්ව පිහිටා තිබීමෙන් කියැවෙන්නේ පුද්ගලයාගේ ස්ථාවර භාවයයි. නිශ්චල දේපළ, ඉඩකඩම් සහ වතුපිටි හිමිවන්නේ මැදැඟිල්ල මැනවින් පිහිටා ඇති අයටයි. විශේෂයෙන්ම මැදැඟිල්ලේ පුරුක් දිගු වීමෙන් පෙන්වන්නේ කාලයත් සමග ක්‍රමයෙන් ගොඩනැගෙන මහා ධනයකි.
බලය සහ නායකත්වය ගෙනෙන ගුරු ඇඟිල්ල (දබරැඟිල්ල)
දබරැඟිල්ල ඉතා ඍජුව සහ වෙදැඟිල්ලට වඩා තරමක් දිගු වී පවතී නම්, ඔහු හෝ ඇය සමාජයේ ඉහළම තනතුරු දරන රාජ්‍ය යෝග සහිත පුද්ගලයෙකි. ගුරු ග්‍රහයාගේ ආශීර්වාදය ලබන මෙවැනි අයගේ අණසකට යටත්ව අන් අය සේවය කරන අතර, ඔවුන්ට ලැබෙන වැටුප් හෝ ආදායම් මාර්ග ඉතා ඉහළ මට්ටමක පවතී.
සැප සම්පත් සහ පෞරුෂය දෙන සිකුරු ඇඟිල්ල (මහපට ඇඟිල්ල)
මුදල් ලැබුණත් ඒවා පරිහරණය කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට නම් මහපට ඇඟිල්ල මැනවින් පිහිටිය යුතුය. මහපට ඇඟිල්ල පිටුපසට නැමිය හැකි නම් (ත්‍කැංසඉකැ එයමපඉ), එම පුද්ගලයා ඕනෑම තත්ත්වයකට හැඩ ගැසෙන, මුදල් වියදම් කිරීමට ලෝභ නොවන අයෙකි. මහපට ඇඟිල්ලේ මැද පුරුකේ ‘යව’ (බාර්ලි ඇටයක හැඩය) ලකුණක් ඇත්නම්, ඔහු ජීවිතයේ කිසිදා මුදල් හිඟයකට මුහුණ නොදෙන වාසනාවන්තයෙකි.
මුදල් රඳවා ගැනීමේ රහස
ඔබේ අතේ ඇඟිලි පහම එකට තද කළ විට ඇඟිලි අතරින් එළිය පෙනේ නම්, එනම් හිඩැස් පවතී නම්, එයින් කියැවෙන්නේ ඔබේ අතට ලැබෙන මුදල් රඳවා ගැනීම අපහසු බවයි (වැය පස වැඩියි). එහෙත් ඇඟිලි අතර කිසිදු හිඩැසක් නොමැතිව තදින් පවතී නම්, ඔබ මුදල් කළමනාකරණයට දක්ෂ, කෝටිපතියකු වීමේ සම්භාවිතාව වැඩියෙන් පවතින අයෙකි.
ජ්‍යොතිෂයට අනුව අත්ලක රේඛා වෙනස් වුවද, ඇඟිලිවල මූලික පිහිටීම පුද්ගලයාගේ දෛවය සමග තදින් බැඳී පවතී. ඔබේ ඇඟිලිවල මෙවැනි විශේෂ ලකුණු තිබේදැයි අදම පරීක්ෂා කර බලන්න. විශ්ව ශක්තිය නිසි ලෙස හසුරුවමින් ඔබේ අතේ සල්ලි මැවෙන ඒ වාසනාවන්ත කාලය උදාකර ගැනීමට මේ රහස් ඔබට පාලමක් වනු ඇත.
ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා











