• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊළඟට එන්නේ 65′ බලවේගයද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

February 7, 2026
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
ඊළඟට එන්නේ 65′ බලවේගයද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ පළමු මාක්ස්වාදී සභාග ආණ්ඩුව ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රීලනිපය එක්ව පිහිටුවපු සභාග ආණ්ඩුවය. මේ ආණ්ඩුවේ මුදල් ඇමැති ල.ස.ස.ප. නායක ඇන්.ඇම්. පෙරේරා විය.
යූ.ඇන්.පී.ය මේ ආණ්ඩුවට හොඳටම බිය විය. එවක අගමැතිනි බණ්ඩාරනායක මැතිනියගේ ආකර්ෂණීය ප්‍රතිරූපයට මාක්ස්වාදීන්ගේ බලය එක්වීම විපක්ෂයේ සිටි යූ.ඇන්.පී.ය තැතිගැන්මකට ලක්කරනු ලැබීය.Sri Lanka Latest News

මාක්ස්වාදීන් ආගම විශ්වාස කළේ නැත. මේ නිසා 1964දී පිහිටුවූ ශ්‍රීලනිප-මාක්ස්වාදී සභාග ආණ්ඩුව කෙරෙහි හාමුදුරුවරු මෙන්ම පල්ලියද බැලුවේ සැකයෙනි. මේ වනවිටත් බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පල්ලිය පාලනය කළ පාසල් ජනසතු කරන්න ගොස් පල්ලිය තරහා කරගෙන තිබිණි. ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙමින් තිබූ බෞද්ධ විරෝධය ගැන යූ.ඇන්.පී. නායක සහ විපක්ෂ නායක ඩඩ්ලි සහ යූ.ඇන්.පී.යේ ගේම්කාරයා ලෙස ප්‍රකට ජේ.ආර්. දහඅතේ කල්පනා කළහ.

මේ වෙනකොට ඩඩ්ලි සහ ජේ.ආර්. භාරගෙන තිබුණේ හිටපු අගමැති සහ යූ.ඇන්.පී. නායක සර් ජෝන් හාමුදුරුවරුන්ගේ තට්ටේ තාර ගාලා යවනවා යැයි වහසිබස් දොඩා සිංහල බෞද්ධ ඡන්ද පදනම විනාශ කළ යූ.ඇන්.පී.යක්ය. ඒත් ඩඩ්ලිට සිංහල බෞද්ධ ජනයා සහ හාමුදුරුවරු අතර ඉහළ පිළිගැනීමක් තිබිණි.

‘ඩඩ්ලි ඔයාට තමයි මේ බලවේගය අල්ලන්න පුළුවන්…’

ජේ.ආර්., ඩඩ්ලිට කීවේය. ඒ වෙනකොට ඩඩ්ලි ඇන්දේ ටයිකෝට් සූට්ය. ඔහු ටයිකෝට් ගලවා රෙද්ද බැනියම ඇඳගෙන දළදා මාලිගාවට ගොස් කොමියුනිස්ට්වාදය නිසා ආගම් නැතිවීමේ ආදීනව මහානායක හිමිවරුන්ට කියා දුන්නේය.

ඩඩ්ලි සහ ජේ.ආර්. මාක්ස්වාදයට එරෙහි හාමුදුරුවරු පෙරට ගන්න වැඩේ භාරදුන්නේ හිටපු අගවිනිසුරු හේමා හෙන්රි බස්නායකටය. ඔහු හිටපු නීතිපතිවරයෙක්ද විය. ඔහුට මහානායක හිමිවරු ඇතුළු හාමුදුරුවන් සමග සමීප සබඳතා තිබිණි.

‘සිංහල බෞද්ධකම ලොකු අවදානමක තියෙන්නේ. හේමා ඔයා මේක භාරගෙන කරන්න…’

ඩඩ්ලි සහ ජේ.ආර්. හේමාට කීවේය. හේමා විගස වැඩේට බැස්සේය.

මේ වනවිටත් යූ.ඇන්.පී. වේදිකාවේ ජනතා ආකර්ෂණය දිනා සිටි හාමුදුරුවරුන් වූයේ මීටියාගොඩ ගුණරතන හිමි, දැවමොට්ටාවේ අමරවංශ හිමි හේමාට සහාය දුන්හ. යූ.ඇන්.පී. සිංහල බෞද්ධ බලවේගයේ ජනප්‍රියතම චිරිතය වූයේ අස්ගිරි මහා විහාරයේ අනුනායක පලිපානේ චන්දානන්ද නායක හිමියන්ය. මිරිස්සේ චන්ද්‍රජෝති හිමිද මේ හිමිවරුන්ට එක්වූහ. අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිවරු මේ බලවේගයට ආශීර්වාද කළහ.

අනෙක් පැත්තෙන් අගරදගුරු තෝමස් කුරේ පූජකවරුන් සමග ආගමට නිග්‍රහ කරන මාක්ස්වාදී සභාග ආණ්ඩුවට එරෙහිව කතෝලික ප්‍රජාව සූදානම් කළහ.

බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පුවත්පත් පනත ගෙන එන විට ආගමික නායකයන් ඊට එරෙහි වූයේ මාධ්‍ය නිදහසට අත තියා ආගම් ඇදහීමේ නිදහසට අත තියන්න එනවා කියා චෝදනා කරමින්ය.

හාමුදුරුවරු කතෝලික සහ ක්‍රිස්තියානි පූජකවරු පෙරටු කරගෙන යූ.ඇන්.පී.ය විපක්ෂයේ අනෙකුත් පක්ෂ එකතු කරගෙන ආගම බේරාගැනීමේ සටන පටන් ගත්හ. වට්ටවන්න තියා හිතන්නවත් බැහැ කී 1964 පිහිටුවූ මාක්ස්වාදී – ශ්‍රීලනිප සභාග ආණ්ඩුව හතර ගාතෙන් ඇදගෙන වැටුණි. වසර 9කට පසු යළිත් යූ.ඇන්.පී.යට ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්න හැකියාව ලැබිණි. 1960 මාර්තු මහ ඡන්දයෙන් යූ.ඇන්.පී.ය සුළුතර ආණ්ඩුවක් පිහිටෙව්වත් රාජාසන කතාවෙන්ම පරාජයට පත්විය.

අද ලංකාවේ තියෙන්නේ මාක්ස්වාදී සභාග ආණ්ඩුවක් නොව මාක්ස්වාදී ජවිපෙ ආණ්ඩුවකි. ආණ්ඩුව මාක්ස්වාදී ආර්ථික ප්‍රතිපත්තිය අතහැර ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළත් සංස්කෘතිකමය වශයෙන් ආණ්ඩුව වසර 76කට කලින් ආණ්ඩුවලට වඩා වෙනස් ප්‍රතිරූපයක් පෙන්වමින් තිබේ. ඉතිහාස විෂය, ලිංගික කාරණා, හමුදා ජයග්‍රහණ, ආගමික උත්සව සම්බන්ධයෙන් කලින් ආණ්ඩුවලත් මේ ආණ්ඩුවත් අතර වෙනසක් පෙනෙමින් තිබේ. ගින්නට පිදුරු දමනවා මෙන් හාමුදුරුවරු අත්අඩංගුවට ගැනීමද සංඝ සමාජය තුළ නොසන්සුන්තාවක් ඇතිකර තිබේ.
හාමුදුරුවරුන්ගේ මේ නොසන්සුන්තාවට කාදිනල් හිමි ඇතුළු කතෝලික පල්ලියද එක්වෙමින් ආගමික නායකයන්ට නිගරු කරන්න එපාය කියමින් ආණ්ඩුවට අනුශාසනා පවත්වමින් සිටී.
2002 රනිල්ගේ ආණ්ඩුවටද, 2015 මෛත්‍රී-රනිල්ගේ ආණ්ඩුවටද මේ අපවාදයට මුහුණ දීමට සිදුවූයේ රනිල්ගේ ආණ්ඩුව ඉතිහාස විෂය, ලිංගික කාරණා, හමුදා ජයග්‍රහණ සහ ආගමික උත්සව සම්බන්ධයෙන් පෙන්වපු හැසිරීම සිංහල බෞද්ධ සම්ප්‍රදායට තර්ජනයක් යැයි කියමින්ය. රනිල් සිංහල බෞද්ධ සම්ප්‍රදායට, සංස්කෘතික උරුමයන්ට ගැති වූවකු නොවේ. ඒ නිසාම ඔහුගේ නායකත්වය ලංකාවේ ජනතාවට ගැළපුණේ නැත. රනිල් ඒ බව දැන උත්සාහ කළේ තමාගේ නායකත්වයට ගැළපෙන ලෙස ජනතාව වෙනස් කරන්නටය. ඔහු සම්ප්‍රදාය වෙනස් කරන්න ගියේය. ඔහුට වැරැදුණේ එතැනය.

ජවිපෙ මුළුමනින්ම සිංහල බෞද්ධ සම්ප්‍රදාය, සංස්කෘතික උරුමයන් ප්‍රතික්ෂේප කරන පක්ෂයකි. ඔවුන් ආගම්, සංස්කෘතීන් විශ්වාස කරන්නේ නැත. දැන් ආණ්ඩු බලය ගත්තාට පසු ඔවුන්ට රනිල් මුහුණ දුන් ප්‍රශ්නයටම මුහුණ දීමට සිදුව ඇත. රනිල් වගේ ඔවුන්ද උත්සාහ කරන්නේ තම පක්ෂ දර්ශනයට ගැළපෙන සේ ජනතාව වෙනස් කරන්නටය. ජනාධිපති අනුර සිංහල බෞද්ධ සම්ප්‍රදායන්ට, සංස්කෘතීන්ට ගරු කරමින් වෙනස් වෙන්න උත්සාහ කළද පක්ෂය වෙනස් වෙන්න සූදානම් නැත.

2002-2004 රනිල්ගේ ආණ්ඩුවේ ඒ හැසිරීමේ ප්‍රතිඵලය ජනප්‍රිය හාමුදුරු නමක් වූ සෝම හිමිගේ අභාවය හරහා රටේ සිංහල බෞද්ධ රැල්ලක් නිර්මාණය වීමය. අවසානයේ රනිල්ගේ ආණ්ඩුවත් වට්ටවා හාමුදුරුවරු විශාල පිරිසක් පාර්ලිමේන්තු යවන්න ඒ රැල්ල සමත් විය.

2015 බලයට ආ රනිල්ගේ ආණ්ඩුවද සංස්කෘතික අරමුදල හරහා පන්සල්වලට ලැබෙන මුදල් පාලනය කරන්න ගියේය. පන්සල්වල පෙරහැරවලට ඇතුන් භාවිත කිරීම තහනම් කළේය. ජනප්‍රිය හිමි නමක් වූ උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනුණි. සමලිංගික සේවනය නීතිගත කරන නීති අණ පනත් සම්මත කරගැනීමට යෝජනා විය.

අවසානයේ අස්ගිරි මහා නායක හිමිත්, කාදිනල් හිමිත් එක්වී ශ්‍රී සම්බෝධි විහාරයේදී රැස්වීමක් පවත්වා ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව ආගමික නායකයන් පාරට බහින්න තීරණය කළහ.

අඬන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වගේ 2002 රනිල්ගේ ආණ්ඩුවට එරෙහිව තැනින් තැන මතුවූ සිංහල බෞද්ධ රැල්ල එකට එක්සේසත් කළේ සෝම හිමියන්ගේ අභාවයය.
2015 රනිල්ගේ ආණ්ඩුවට එරෙහි සිංහල බෞද්ධ බලවේගය එක්සේසත් කළේ 2019 පාස්කු ප්‍රහාරයය.

‘ජවිපෙ ආණ්ඩුවට එරෙහිවත් සිංහල බෞද්ධ රැල්ලක් මතුවෙයිද…?’

ඒක හරියට කියන්න බැරිය. තවම තියෙන්නේ අළු යට ගිනිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කෝටිපතියෙක් වෙන්න පින් කරලා තියෙනවද? අතේ ඇඟිලි පහේ සල්ලි මල්ල පෑදෙන රහස් මෙන්න! Sri Lanka Latest News

Next Post

රජ පවුලට-ජනාධිපතිලට-අගමැතිලට බාල දැරියන් දුන්න ‘එප්ස්ටීන්’ ලංකාවට ආවේ ඇයි? කාටද හමුවුණේ – කොහෙද ගියේ? රහස් එළිවෙන්නයි යන්නේ! Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.