• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දෙවියන් සිටින තැන දන්නවාද?

September 19, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
දෙවියන් සිටින තැන දන්නවාද?
Share on WhatsAppShare on Facebook

දන්නා කියන හැම දෙවියකුටම කිව්වත්, පූජා තිබ්බත්, වැඳුම් පිදුම් කළත් කිසිදු සහනයක් නොලැබූ බව කියන බොහොමයක් මිනිසුන් ප්‍රසිද්ධයි කියන දේවාල අසලදී වුවද අනන්තවත් හමුවෙයි. ඇතැම් අය එසේ පුද-පූජා කළ දේවාල ගණන අතේ ඇඟිලි ගණනටත් වැඩිය. එසේ බැලූ කල දෙවියන් පිදීම පල රහිත දෙයක් ලෙස කෙනකුට සිතෙන්නටද බැරි නැත. එහෙත් ඇත්ත කතාව ඔය කියන කිසිවකු හරියට තේරුම්ගෙන නැත. බොහෝ දෙනෙක් දෙවියන්ට පුද-පූජා තබන්නේ ඇපෙන් ගැළවෙන්නට මෙනි. ඔන්න මම පූජා වට්ටිය තිබ්බා, දැන් ඉතින් කරලා දෙන එක ඔබ වහන්සේගේ වැඩක් යැයි සිතමින් දෙවියන් වඳින, පුදන පිරිසකුත් සිටිති. එහෙත් ඕනෑම දෙයකින් නිසි ප්‍රතිඵල ලබන්නට නම් ඒ දෙය හරියට කළ යුතුය. එසේම දෙවියන්ට පුද-පූජා තැබිය යුතු වෙලාව පිළිබඳවත් බොහෝ දෙනකුට ඇත්තේ අඩු අවබෝධයකි.

අතීතයේ ජීවත් වූ වැඩිහිටියන් දේව ඇදහීම මෙන්ම පුද-පූජාත් නිසි වෙලාවට, නිසි අයුරින් ඉටු කළ අතර, ඒ අය දෙවියන්ගේ පිහිටද නිසිලෙස ලබාගත් බව රහසක් නොවේ. එකල වැඩිහිටියන් දේවාලයට ගියේ පඬුරු කාසි පවා කහ වතුරෙන් සෝදා සුදු රෙදිකඩක ඔතාගෙනය. එසේම රුපියල් ලක්‍ෂ ගණනක් වියදම් කර නවීන වෛi විiාවෙන් සුවපත් කරගන්නට බැරි බොහෝ ලෙඩදුක් පත්තිනි මෑණියන් වෙනුවෙන් ගැටගැසූ පඬුරකින් ඉටුකර ගන්නට අතීත මුතුන්මිත්තන්ට හැකියාව ලැබුණු බව රහසක් නොවේ. එයින්ම පැහැදිලි වෙනවා දෙවියෝ පිහිට වෙන්නේ දෙවියන්ට භක්තිය ඇති අයට බව. ඒ වගේම ගහක්, ගලක් වුණත් විශ්වාසයෙන් අදහනවා නම් එයින් සෙතක් සිදුවන බවටත් කතාවක් තියෙනවා. ඒ නිසා තමන් කරන දේ හරියට කිරීමයි වැදගත් වෙන්නේ.

බොහෝ දෙනෙක් දෙවියන් වෙනුවෙන් කරන්නේ සුදුසු දෙය නෙවෙයි. ඇතැම් දැහැමි දෙවි දේවතාවුන් වහන්සේලාට මස්මාංශ, බිත්තර වැනි වැරැදි දේ තැබීමට ඇතැම් හොර ගුරාලගේ උපදෙස් අනුව කටයුතු කරන අවස්ථාත් තිබෙනවා. එයින් සිදුවන්නේ විශාල අනර්ථයක්. ඊළඟට ප්‍රධානම දේ වෙන්නේ පූජා වට්ටියට තබන මුදල් නෝට්ටුව. ඇත්තටම එම මුදල් නෝට්ටුව තියන්නේ දෙවියන්ටද? නැත. දෙවියෝ මුදල් භාවිත නොකරති. එසේනම් එය තබන්නෙ දෙවියන්ගෙ ආවතේව සඳහා කැපවෙලා ඉන්න කපු මහතාටයි. එනිසයි ඔහු ලොකු නෝට්ටු කොළ උඩින්ම පේන්න තියෙන පූජා වට්ටිය මුලින්ම අතට ගන්නේ. හැබැයි එතැනදී කපු මහත්තයත් කරන්නේ වරදක්. ඒ කියන්නේ දෙවියන්ව මුදලට පාවාදීම. ඊළඟ කාරණය තමයි, මේ මුදල් නෝට්ටු හරිම අපිරිසුදුයි. ආගිය තැනක් හරියට දන්නෙ නැහැ, කිළිටිවෙලා, කිළිවලට අහුවෙලා තියෙන්නේ. ඉතින් එහෙම දෙයක් දෙවියන්ට පුදන පූජා වට්ටියේ තිබ්බාම පූජා වට්ටියත් කිළිටි වෙනවා. එනිසා කපු මහතාට දෙන මුදල් නෝට්ටුව ඔහුට දීලා, දෙවියන්ට දෙන පූජාව දෙවියන්ට දුන්නා නම් නෙවෙයිද හොඳ?

ඊළඟට තවත් වරදක් කරනවා. ඒ තමයි දෙවියන්ට පලඳන්න ගන්නෙ වැඩිහරියක් ඉටිරෙදි මල්මාලා. මේකත් නොහිතා කරන බරපතළ වරදක්. දෙවියෝ කියන්නෙ එහෙම රවටන්න පුළුවන් පිරිසක් නෙවෙයි. දෙවියන්ට පූජා කරන්න, පලඳන්න ඕනෑ පිවිතුරු ස්වාභාවික මල්මාලා පමණයි. එවිටයි දෙවියෝ සතුටට පත්වෙලා තමන්ට පුද-පූජා කරන අය දෙස බලන්නේ. ඔවුන්ට පිහිට වෙන්නේ.

හැබැයි අද වෙද්දි ගොඩක් දේවාලවල පූජා වට්ටියවත්, මල්මාලාවත්, එතරම් හොඳට, පිළිවෙළට, අවශ්‍ය වෙන්නේ නැහැ. තියෙන්න ඕනෑ කපු මහත්තයට දෙන නෝට්ටු කොළේ වැඩි වටිනාකම විතරයි. ලොකු නෝට්ටු කොළයක් තිබ්බාම කපු මහත්තයා වැඩිපුර කන්නලව් කරනවා. හොඳ පලතුරු වට්ටියේ තියලා පොඩි පඬුරක් තියපු අයව නොසලකා හරිනවා. එතකොට බලාගෙන ඉන්න අය හිතනවා කපු මහත්තයා අටුවාටීකා, නම්-ගම් කියලා කන්නලව් කරපු ලොකු නෝට්ටු කොළය තියපු අයට දෙවියෝ වැඩිපුර බලනවා කියලා. ඒත් වරද්දා ගන්න එපා. එහෙම වෙන්නේ නැහැ. සල්ලි කොළේට කපුවා බැලුවාට දෙවියෝ බලන්නේ භක්තිය, ගෞරවය, පිරිසුදුකම දිහා. එනිසා ඔබේ පඬුර ලොකු නැති වුණාට කපු මහත්තයා විස්තර නොකිව්වාට දෙවියෝ ඔබ දිහා බලනවා. ඒක ස්ථිරයි. අවශ්‍ය වෙන්නේ ඔබ ඔබේ පැත්තෙන් භක්තියෙන්, ගෞරවයෙන් දෙවියන් ඇදහීම පමණයි.

දෙවියන් සිහි කරලා පිහිට, ආරක්‍ෂාව පැතීමේදී වගේම තමන්ගේ නම කොඩිවල ලියලා විවිධ පුද-පූජා ස්ථානවල එල්ලද්දීත් තරමක් හිතාමතා කටයුතු කළොත් හොඳයි. මොකද ඒ නමේ අක්‍ෂර අසුබ නම් වැඩි පිරිසක් කියද්දී එයින් සිදුවන්නේ අයහපතක්. ඒ නිසා එවැනි දේ කිරීමත් සිතන දෙයට වඩා වෙනස් ප්‍රතිඵල ලැබීමට හේතුවක් වෙන්නත් පුළුවන්.

මේ වෙද්දි ජයටම දෙවියන්ව විකුණගෙන මුදල් උපයන කපුවෝ වැහිවැහැලා ඉන්න බවකුත් පෙනෙනවා. ඇත්තම කිව්වොත් එයින් සිද්ධ වෙන්නේ දෙවියන්ට වුණත් කිසිවකුට පිහිට නොවී ඉන්නට සිතීමයි. අනෙක දෙවියන් විකුණන අයට සිදුවෙන්නේ පසුකාලීන මහා විපත්වලට මුහුණ දීමටයි. මේ නිසා රැල්ලට දේවාලවලට නොයා, ඔබට විශ්වාසයි කියලා හිතෙන, ඔබට සමීප ඔබ අදහන දෙවියන් වැඩසිටින දේවාලයට හෝ එවන් පූජනීය තැනකට පමණක් යෑමට සෑම කෙනකුම වගබලා ගතයුතු කාලයක් මේක.

අමතක කරන්න එපා යන්ත්‍ර-මන්ත්‍ර, දෙවියෝ කියන්නේ බොරුවක් නෙවෙයි ඇත්තක්. හැබැයි වෙලා තියෙන්නේ බොරුකාරයෝ වැඩි වීමයි. එනිසා කලබල නොවී ඔබේ දෙවියන් ඔබම තෝරාගන්න. දෙවියන්ට වඳින, පුදනකොට එය හරියට කරන්න. එවිට පිහිට, ආරක්‍ෂාව නිසැකවම ලැබේවි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ජය ශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

රහස් පොලිසිය ලොහාන්ගෙන් කට උත්තර ගනී!

Next Post

සිරිපා බිමේදී කවුද මේ අමුත්තා…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.