• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගෙයක් හදන එක සෙල්ලමක් නෙවේ…

December 12, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
ගෙයක් හදන එක සෙල්ලමක් නෙවේ…
Share on WhatsAppShare on Facebook

පැරැණි කාලයේ ඉඩම්වල පරිමාව තරමක් විශාල වුවද එය අද වන විට පර්චස් 40, 20, 15, 10, 5 මෙන්ම පර්චස් 3, 2 තරමට කුඩා වී ඇත. එදා වැසිකිළිය පිහිටියේ නිවෙසින් ඈත ගිනිකොන හෝ දකුණු දිශාවේය.

මේ වන විට එය නිවෙස තුළට ආගන්තුකව පැමිණ ඇත. සමහර නිවෙස්වල බ්‍රහ්ම පාදයට ආසන්නවමද සාලය මැද කාමරවලද ගබඩා කාමරය මෙන්ම වැරැදි අන්දමට ගොඩනගන ලද නිවෙස්වල මුළුතැන්ගෙයටද සමීපව වැසිකිළි පද්ධතිය පිහිටා තිබෙන බැව් අප දැක ඇත්තෙමු. එය ඉතා අසුබ බව දක්වමු. නිවෙස තුළ වැසිකිළි සෑදීමේදී වඩාත් කල්පනා කළ යුතු වේ.

නිවෙස තුළ ඇති වැසිකිළියේ වහලය කොන්ක්‍රීට් නම් වඩාත් යහපත්ය. දුගඳ පිටවන සේ කවුළු විවෘතව තැබිය යුතුයි. ගේ තුළ බ්‍රහ්ම පාදය ආශ්‍රිතව වැසිකිළි සෑදීම මහා වාස්තු දෝෂයකි. එතැන දොරටුව තැබීම දෝෂයකි. කුස්සියට යාබදව වැසිකිළි දොර තැබීම අසුබය. කෑම කන කාමරයට එක එල්ලේම වැසිකිළිය තබන්න එපා. බලවත් දෝෂයක් වේ.

වැසිකිළියට යොදන ඖෂධීය දියර වර්ග දිගු කලක් පාවිච්චි කළත් දුගඳ නැති නොවේ. මේ දුර්ගන්ධය නිතිපතාම ආඝ්‍රහනය කිරීමෙන් නාසයට හුරුවේ. ස්නායු පද්ධතියට අනුගත වීම හරහා හෝමෝන සංයුතිකය එයට බද්ධ වනු ඇත. කල් යන විට ශරීර සෞඛ්‍යයට අහිතකර වේ.

වැසිකිළිය කුමන අයුරකින්වත් නිවෙස ඇතුළට යහපත් නොවේ. නමුත් අද වන විට වෙන විකල්පයක් නැත. ගෙයි බිම් තලයේ වැසිකිළි බිම මහගෙයි බිමට වඩා අඟල් 3ක්වත් පහත් වීම යහපත්ය. බිත්ති හතර කැපෙන විකර්ණ රේඛාවට හසුවන මර්මස්ථානයේ වැසිකිළිය තිබීම අසුබය. ඉඩමේ හතර කොන විකර්ණ රේඛානුගතව මර්මස්ථානවල වැසිකිළි තබීම මහා වාස්තු දෝෂයකි. නිරිත, වයඹ බස්නාහිර හෝ දකුණ, ගිනිකොන වැසිකිළියට යෝග්‍ය වේ. උතුර, ඊසාන, නැගෙනහිර තිබීම දෝෂයක් වේ.

සමහර නිවෙස්වල වැසිකිළියේ අපද්‍රව්‍ය ගලා යන බට ඇතුළත දමා තිබේ. ඊසාන, උතුර හා නැගෙනහිර වළවල් කපා තිබේ. මෙය මහා වාස්තු දෝෂයකි. නිවෙස් හිමියන්ට ඉතා අසුබය වේ. සමහර විට නිවෙස ඇතුළේ බිම යට දමා ඇති අපද්‍රව්‍ය ගලායන බට සිරවීම, පලුදුවීම වුවහොත් ඒවා ඉවත් කිරීමට ගැටලුවක් වේ. ලංකාවේ විවිධ පළාත්වල දෙමහල් තුන්මහල් නිවෙස්වලද මෙවන් වාස්තු දෝෂ සහිත යෙදීම් අනුගතවී ඇති බව අප කරන ලද වාස්තු පරීක්ෂාවලදී හෙළිවී ඇත.

මේ සියලු කරුණු කාරණා යෙදී ඇත්තේ අද වන විට ඉඩම් ප්‍රමාණය අඩුවීම නිසාය. උපක්‍රමශීලීව නිවෙසක් ඉදිකළ යුතුය. පැරැණි වාස්තු මූලධර්මයන්ට එකඟව අදට ගැළපෙන සේ ප්‍රායෝගික අත්දැකීම් ඇතිව නව නිවෙසක් ගොඩනැගීමට හැකිවේ. පොතේ හැටියට වර්තමානයේ නිවාස ඉදිකළ නොහැකිය. අඟලෙන් අඟලට වාස්තු දෝෂ බලන්නට ගියොත් ගේ හැදිල්ල පැත්තකට දමා වාස්තු දෝෂ බල බලා ඉන්නට සිදුවේ.

ඕනෑම ඉඩමක තමන්ට අවශ්‍ය අන්දමට වාස්තු විද්‍යානුකූලව ගෙයක් සෑදිය හැකිය. කළ යුත්තේ නිසි කළමනාකරණයක් අනුගමනය කිරීමය.

ඔබේ ඉඩමේ පිහිටීම හැඩතලයට ගැළපෙන සේ ප්‍රමිතිගතව සැලැස්ම අන්දවාගෙන වාස්තුවට අනුව ඔබේ ජන්ම නැකතට සීහෙන සේ වර්ගීකරණය කරගන්න. ඉතා සුබ නැකතකට ගෙයි වැඩ අරඹන්න. සියලු වැඩ අකුරටම වාස්තු විද්‍යාවට අනුව පටන් ගන්න. දෝෂ සියල්ලම මඟහරවා ගන්න. ගෙයි පදිංචි වන්න. අපූරුවට නිවෙස තුළ ඔබ සැමට ඉන්න හැකිවේ. සෞඛ්‍යසම්පන්න නිරෝගී නිවෙසක් ඉදිකර ගෙන ඒ තුළ සතුටින් වාසය කරන්නේ නම් පංචමහා සම්පත්තියම හිමිවේවි. ඒකයි ඇත්තම ඇත්ත. උගත් පළපුරුදු ඇත්දැකීම් ඇති වාස්තු විද්‍යාවේදියකුගේ උපදෙස් ගැනීම අනිවාර්ය බව මෙහිලා සටහන් කර සිටිමු.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

ගෙවාගන්න බැරිව ජනවාරි 18 රට බංකොලොත් වෙයිද? චීනෙන් කොන්දේසි දමයි! ඉන්දියාව දෙන්න බෑ කියයි! අන්තිම තුරුම්පුව ගහන්න කබ්රාල් ඩුබායි යයි! සඳුදා කැබිනට්ටුව තීරණාත්මකයි! (රාජ්‍ය රහස්)

Next Post

කෙස් ගසකට වසඟ වුණු ලංකාවේ මහ රජු…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වගා ව්‍යාපෘති යැයි කියමින් මුදල් එකතු කිරීම නීතිවිරෝධී බවත්, ජනතාව එහි කැන්පත් කර ඇති මුදල් වහාම ඉල්ලා ගන්නා ලෙසත් මහබැංකු...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.