• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙස් ගසකට වසඟ වුණු ලංකාවේ මහ රජු…

December 12, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
කෙස් ගසකට වසඟ වුණු ලංකාවේ මහ රජු…
Share on WhatsAppShare on Facebook

එදා මඳ අව් රශ්මිය ඇති දිනයකි. කන්ද උඩරට පුරා මඳ උණුසුමක් පැතිරී ගොසිනි. මහනුවර සිට කුණ්ඩසාලයට යාමේ අදහසින් යහන්ගල තොටුපොළෙන් එගොඩ වීමේ බලාපොරොත්තු ඇතිව පැමිණි විශේෂ පුද්ගලයකු එදා තොටුපොළ අසල මොහොතකට නතර වූයේ පුරුද්දට මෙනි. හෙතෙම දුටු සියල්ලෝම තම ගමන් බිමන් පසෙකලා පසෙකටවී මේ විශේෂ පුද්ගලයාට ඉඩ හසර සකසා දුන්හ. එදා එලෙසින් කුණ්ඩසාලයේ විශේෂ ගමනකට යන්නට පැමිණි මේ අමුත්තා පිරිවරා ආරක්ෂක හේවා පිරිසක්ද, ආවතේවකරුවන් පිරිසක්ද සිටියහ. ඔවුහු යුහුසුලුව මේ අමුත්තාගේ අවශ්‍යතා සොයා බලමින් ඉටුකළහ.

මේ අතරේ අමුත්තා තොටුපොළ අසල මොහොතකට නතරව තමාට දිය නෑමේ අවශ්‍යතාවක් ඇතැයි දැනුම් දුන්නේය. පිරිස ඊට අවශ්‍ය වටපිටාව සකසා දුන්හ. අමුත්තා ඉතා අශාවෙන් මහවැලි නදියට බැස දියබුං ගසමින් පිහිනා යමින් ජල ක්‍රීඩාවේ යෙදෙමින් ඉතා ඕනෑකමින් සහ සතුටින් දිය කෙළියේ යෙදිණි. පිරිසද සතුටු සිතින් බලා සිටියේ ආරක්ෂාව සහ අවශ්‍යතා සැපයීමේ අරමුණ ඇතිවය.

එහෙත් අමුත්තා එක්වරම පිහිනීම නවතා ගඟ මැද නතර විය. තම ගෙල පෙදෙසේ සිනිඳුවට දැවටුණු යමක් ගැන ඔහුගේ උනන්දුව යොමුවිය. ගෙල අතගා බැලූ ඔහු ගෙලෙහි පැටලුණු කෙසේ ගසක් අතට ගත්තේය. එහි එක් කොනකින් අල්ලා ගත් හෙතෙම අනෙක් අතේ ඇඟිලි තුඩු දෙකකින් එහි අනෙක් කෙළවර සොයා යන්නට විය. එහෙත් ඒ සඳහා සෑහෙන වේලාවක් ගතවූ අතර විශ්වාස කළ නොහැකි තරමේ දිගකින් යුතු මේ සියුමැලි කෙස් ගස ගැන අමුත්තාගේ සිත ගත්තේය. හෙතෙම බඹයක් පමණ දිග කෙස් ගස ප්‍රවේසමට රැගෙන ගොඩට විත් කුණ්ඩසාලේ බලා ගියේය.

එදා මහවැලි නදියෙන් කෙස් ගසක් රැගෙන කුණ්ඩසාලේ ගිය මේ අමුත්තා වෙනත් කිසිවකු නොව සිංහලේ අවසන් සිංහල නරපතියා වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. 1707-1739 දක්වා කාලයේ මෙරට රාජ්‍යත්වය දැරූ එතුමා දෙවැනි විමලධර්මසූරිය රජුගේ හා වත්තේගම වලව්වේ මුතුකුඩ කුමාරිහාමි කුමරියගේ පුත්‍රයාය.

හෙතෙම මහනුවරට බාහිරව කුණ්ඩසාලේ රජ වාසල පිහිටුවාගෙන රජකම් කළ නිසාම කුණ්ඩසාලේ රජු නමින් ප්‍රකට විය. ඉතා කෙළිලොල් විනෝදකාමී ජීවිතයකට ප්‍රිය කළ නරේන්ද්‍රසිංහ රජු සෙල්ලම් නිරිඳු ලෙසින් බොහෝ පිරිසක් අතර ප්‍රකටව සිටියේය. රජුගේ මෙම සෙල්ලක්කාර වැඩත්, තදින් කේන්ති ගැනීමත් නිසාම රජුට විරුද්ධව ඇතිවූ කැරැලි කෝලාහලද අඩුවක් නොවීය. එවැනි කුමන්ත්‍රණ අතර බොහොමයක් කතා අදටද ජනප්‍රවාද අතරේ ඇත්තේය. වරක් වඩුග පෙළපත් රදළයන් එක්ව ඇත් පොරයක් සූදානම් කර එම ස්ථානයේදී රජු ඝාතනය කරවීමට කුමන්ත්‍රණයක් දියත් කළහ. එහෙත් රජුගේ චරපුරුෂයන් මේ බව කලින්ම දැන, රජුගේ ආරක්ෂාව පතා රජුව උඩුදුම්බරට පිටමං කළේය. මෙවැනි විවිධාකාර වූ අභියෝග හමුවේ රජකම් කළ සිය සිතෙහි වූ කෙළිලොල් විනෝදකාමී ස්වභාවය බිඳකුදු අඩු නොකළ නරේන්ද්‍රසිංහ රජු, තමාට මහවැලි ගං දියෙන් හමුවූ කෙස් ගසේ හිමිකාරිය ගැන සිහින දුටුවේය. බඹයක් දිගින් යුතු අක්බඹර සේ හැඩගැසුණු මනරම් කෙස් කලඹක් ඇත්තී කොතරම් රූමතියක්දැයි රජු සිතුවේය. එවැන්නියක් සිටිය යුත්තේ තම අන්තඃපුරයේ මිස අන් තැනක නොවේ යැයි සිතූ හෙතෙම සිය චරපුරුෂයන් කැඳවා මේ බව දැන්වීය. බඹයක් පමණ දිග කෙස් කලඹක් හිමි ස්ත්‍රියක සිටින්නේ කොහේද යන්න සොයා බලා මෙම කෙස් ගසේ හිමිකාරිය ඇයද යන්න දැන අදාළ තොරතුරු තමාට සැලකරන ලෙසද රජු අණ කළේය.

රාජ අණ ඉටුකිරීම දේව කාරියටත් වඩා උසස් යැයි දත් චරපුරුෂයෝ රාජ අණ ඉටු කළහොත් ලැබෙන තාන්න මාන්න ගැනත් අණ ඉටු නොකළහොත් ලැබෙන දඬුවම ගැනත් හොඳින්ම දැන සිටියහ. එනිසා රැයක් දවාලක් නොබලා මහවැලි ගං ඉවුරේ එගොඩ මෙගොඩ නාන තොටවල් පරීක්ෂා කරමින් හිමිදිරියේ සිට සවස්වන තුරුම කල් ගෙවූහ. කාලයක් පුරා මෙලෙස කටයුතු කරගෙන යද්දී දිනක් උඣීසන කාලයේ කාන්තාවක් දෙදෙනකු ගෙලිඔය ප්‍රදේශයේ නාන තොටක දිය නාන අයුරු දුටුවහ. යම් අමුත්තක් තේරුම්ගත් චරපුරුෂයෝ ඉතා සූක්ෂ්මව පරීක්ෂා කර බලද්දී මේ මවක සහ දියණියක බවත්, දියණියගේ කෙස් කලඹ බඹයක් පමණ දිගු බවත් හඳුනා ගත්හ. මැය රජු සොයන තරුණිය බව හඳුනාගත්තද චරපුරුෂයන්ට ඔවුන් හා කතා කරන්නට ඉඩක් නොවීය. ගොඩට විත් හිසත් සිරුරත් වසාගත් දෙදෙනා ඊට යාබදව පිහිටි මුස්ලිම් ගම්මානයකට ගොස් නොපෙනී ගියහ.

අවසානයේ එම මුස්ලිම් ගම්මානයට ගිය චරපුරුෂයන් තමන් පැමිණි කාරණය පවසා එම තරුණිය රජු වෙත යැවීමෙන් ලැබෙන වරප්‍රසාද හා තාන්නමාන්න තෑගිබෝග ගැනද ගම්වැසියන්ට හා තරුණියගේ මවුපියන්ට පහදා දුන්නේය.

පසු දින තරුණියව කැඳවාගෙන යෑමට රජ මාලිගයෙන් පිරිසක් එවන බව පවසා චරපුරුෂයන් යළි රජ මාලිගයට ගියේ සතුටු සිත් ඇතිවය.

මේ පුවත ඇසූ රජුද මහත් සේ සතුටට පත්වූ අතර පසු දින තරුණිය රැගෙන ඒමට විශේෂ පිරිසක් එහි යවන ලෙසටද පැවැසීය.

එහෙත් රජවාසලට සිය දියණිය යෑවීමට අකැමැති වූ මුස්ලිම් මවුපියන් සිය ඥාතීන්ට ඒ බව පවසා රාත්‍රියේම ගමෙන් පලාගිය අතර පසු දින රජු කෝපවී ගම්වැසියන්ද රාජ උදහසට ලක්කරනු ඇතැයි සිතා සෙස්සෝද එම ගමෙන් පලාගියහ. දින කිහිපයක ගමනකින් පසු ඔවුහු උඩදෙණිය නම් ප්‍රදේශය තෝරාගෙන එහි පදිංචි වූයේ තමන්ට එහි ආරක්ෂාව ඇතැයි හඳුනාගනිමිනි. පසුව රජු යළි පැමිණීමට ඉඩ ඇතැයි සිතූ මුස්ලිම් තරුණිය එහි තරුණයකු හා විවාහ ගිවිස ගත්තේ ආරක්ෂාව පතාය.

කෙසේ නමුත් සිය උත්සාහය අත් නොහළ රජු තම වචනයට පිටුපා ගිය පිරිස සොයා යන්නට චරපුරුෂයන් යොදවන්නට කටයුතු කළ අතර, වැඩි කලක් යන්නට මත්තෙන් චරපුරුෂයන් එම තරුණිය සිටින තැන ගැන තොරතුරු සොයා ගත්තේය. එහෙත් ඇයව යළි රජු වෙත ගෙන එන්නට ප්‍රථම රජු හදිසියේ රෝගාතුර වී මියපරලොව ගියේ වයස අවුරුදු 49දීය. ඒ, 1739 මැයි 13 වැනිදාය. කෙසේ නමුත් සිංහලේ අන්තිම සිංහල රජ පෙළපත ඔහුගෙන් අවසන් වූ අතර ඉන් පසු සිරිලක රජ වූයේ නායක්කාර වංශයට අයත් රජවරුය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ගෙයක් හදන එක සෙල්ලමක් නෙවේ…

Next Post

දෙසැ. 30 වැනිදා කප්රුක පහළවේ කෝටි 12ක සුපිරි ජයමල්ලක්…

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.