අණවින, කොඩිවින ගැන වර්තමාන සමාජය මහත් බියක් දැක්වූවත්, ඊටත් වඩා ප්‍රබලව අපේ දියුණුව හඹා එන අදෘශ්‍යමාන බලවේගයක් පිළිබඳව අප බොහෝ දෙනෙකුට ඇත්තේ අල්ප අවබෝධයකි. ඒ අන් කිසිවක් නොව, උපන්දා පටන් අප පසුපස හඹා එන ඇස්වහ සහ කටවහ දෝෂයයි. ඔබ මහන්සියෙන් ගොඩනැඟූ නිවස දෙස යමෙකු හෙළන එක බැල්මක් හෝ ඔබේ දරුවාගේ දියුණුව ගැන කියන එක වචනයක් පවා ඇතැම්විට ප්‍රබල ව්‍යසනයක ආරම්භය විය හැකිය. බොහෝ දෙනෙක් සිතා සිටින්නේ මෙය මිථ්‍යාවක් කියා වුවද, හොඳින් පලබරව තිබූ ගසක් නොමේරූ අවධියේදීම නරක් වී යෑමත්, රෝස මලක් වන් කිරි කැටියෙකුගේ සිරුරේ හිටිහැටියේ දිය බිබිලි මතු වීමත් පිටුපස ඇති සැබෑ රහස ඇස්වහ දෝෂය මිස අන් කිසිවක් නොවේ.Sri Lanka Latest News
අපගේ අත්දැකීම් බහුල ශාස්ත්‍රීය ගමනේදී මෙවැනි අභාග්‍යසම්පන්න අවස්ථා එමට හමු වී ඇත. යහපත් විවාහයක් සිදු වූ පමණින් හෝ උසස් රැකියාවක් ලැබුණු පමණින් ඇතැම් හිතවත් මෙන්ම අහිතවත් පිරිස්වල නෙත් ඒ දෙස යොමු වන්නේ නිරායාසයෙනි. එමඟින් නිකුත් වන අශුභ තරංග ජීවිතයේ ප්‍රධාන කාරණා පවා අඩපණ කිරීමට තරම් බලවත්ය. මෙසේ දිවියට බාහිරින් පැමිණෙන අශුභකාරී බලපෑම් දුරු කරමින්, විශ්වයේ ආශීර්වාදය ලබාගත හැකි ප්‍රබල ශාස්ත්‍රීය ක්‍රමවේදයක් පුරාණ සෘෂිවරුන් අපට පෙන්වා දී තිබේ. මෙය ශාස්ත්‍රයේ හැඳින්වෙන්නේ ”ඇස්වහ කටවහ කැපුම් මන්ත්‍රයක්” වශයෙනි.
මෙම ප්‍රතිකර්මය සඳහා ඔබ තෝරාගත යුත්තේ නිශ්ශබ්දතාවයෙන් පිරි අලුයම කාලයයි. අවට සිටින සතුන්ගේ නාදයට පෙරාතුව අවදි වී, නැවුම් පැන් කළයක් සූදානම් කරගත යුතුය. ඉන්පසු එම පැන් කළයට කපු ඇට, ඇටි ඇට සහ අඟුරු දමා පිරිසිදු දෙහි අත්තකින් කලවම් කළ යුතුය. එසේ කරමින්, පහත සඳහන් මන්ත්‍රයෙන් 108 වරක් පැන් කළය ජීවම් කරගත යුතුය.
ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා











