ඳමෙම 2019 වසරේ අවසන් කෝණ මාසයත් උදා කරමින් එළැඹෙන දෙසැම්බර් 16 වැනි සඳු දින අපරභාග (ප.ව.) 03-28ට ග්‍රහ ලොව රජු හෙවත් නව ග්‍රහයන් අතරින් අපට ආලෝකය දෙන, එසේම ශක්තිය මෙන්ම ජීවය ලබා දෙන ප්‍රධාන ආලෝක ග්‍රහ තාරකාව වන රවි ග්‍රහයා (සූර්යයා) තම මිත්‍ර රාශියක් වන ගුරු හිමි ධනු රාශියට පිවිසෙයි- ඒ අනුව කේතුට අයත් මුල නැකතේ පළමු පාදයට පිවිසෙන රවි ග්‍රහයා, එම ධනු රාශියේ එළැඹෙන 2020 නව වසරේ ජනවාරි මස 15 වැනි දින, ශනි හිමි මකර රාශි ගත වන තුරු මසකට ආසන්න කාලයක් ධනු රාශියේ ගත කරනු ඇත-
ධනුවට අධිපති ගුරු ග්‍රහයා දැනට ගෝචර වශයෙන් ගුරුටම අයත් ධනු රාශියේම ගමන් කරන අතර, සෙනසුරුද ධනු රාශියේ ගමන් කරයි. රවි ධනුට පිවිසීමෙන් පසු දැනට ධනුවේ ගමන් ගන්නා සෙනසුරු හා ගුරු සමගින් එක් වනු ඇත. මේ අනුව රවි, ශනි, ගුරු ධනුවේ ඒකරාශි වනු ඇත. ග්‍රහ ලොව රාශි වළල්ලේ පියා හෙවත්, ග්‍රහ ලොව පාලක ග්‍රහ තාරකාව වන රාජ්‍ය කාරක රවි ග්‍රහ මාරුව හා ඉහත ශනි, ගුරු රවි යෝග වීම මත වසර අවසානය අප රටට යහපත් වනු ඇත. දේශපාලන කරළියද අතිශය උණුසුම් වනු ඇත- රටේ ඉදිරි අනාගතය පිළිබඳ කැපී පෙනෙන සිදුවීම් මෙම කාල සීමාවෙහි සිදු වනු ඇත- මෙම කාල සීමාවෙහි රටම දන්නා උගත් ජනප්‍රිය බුද්ධිමතකු රටට අහිමි වීමක් පෙන්නුම් කරයි- විශේෂයෙන් මහ මුහුදෙන්, වර්ෂාවෙන්, භූමිකම්පා හා නාය යෑම් මෙන්ම ගං වතුරෙන් යම් පමණක විපත් ඇති කරන කාල සීමාවක් වනු ඇත. මිනිස් ජීවිත හානි වන ගුවන් හා යාත්‍රා අනතුරු මෙන්ම රිය අනතුරු ඇතිවන කාල සීමාවක් වනු ඇත. එම නිසා ආගමා-නුකූලව ජීවිත ගත කිරීම මෙම කාලයේ යහපත් වනු ඇත.
මෙම ග්‍රහ මාරු ජ්‍යොතිෂානුකූලව ඉතා වැදගත් වන අතර මෙම රවි මාරුව ඉතාම ප්‍රබල ග්‍රහ මාරුවකි- එසේම රවි ග්‍රහයා ධනු රාශි ගත වීම කෝණ මාසයක ආරම්භයයි- කෝණ මාසයන්හි නිවාස හා මංගල කටයුතු සඳහා නැකැත් නොමැති කාලයයි- නැවත නැකැත් උදාවනුයේ 2020 නව වසරේ ජනවාරි 15 වැනිදායින් පසුවයි- එසේම වසරකට කෝණ මාස 04කි-
මෙම 2019 වසරේ කෝණ මාස 04කි- එනම්,
* 2019 මාර්තු 14 වන දා සිට අප්‍රේල් 14 වන දා දක්වා
* 2019 ජුනි 15 සිට ජූලි 16 දක්වා
* 2019 සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 දක්වා
* 2019 දෙසැම්බර් 16 සිට ජනවාරි 15 දක්වා වේ.
සූර්ය මාස ක්‍රමයට අනුව රවි ග්‍රහයා මීන, මිථුන, කන්‍යා හා ධනු යන රාශිවල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි- ඒ අනුව ජ්‍යොතිෂානුකූලව කෝණ මාසයක් යනුවෙන් අදහස් කරනුයේ එම කාල සීමාවෙහි හිරුගෙන් හෙවත් රවි ග්‍රහයාගෙන් ලැබෙන අසුබ කිරණ නිසාවෙන් ගුරු, සිකුරු, බුධ යන සුබ ග්‍රහයන්ගේ සුබ ග්‍රහ බලය දුර්වල වීමයි- එම හේතුව නිසා මෙම සුබ ග්‍රහ බලය දුර්වල වී පිරිහී ගොස් ඇත- ඒ අනුව එම කාලයෙහි විශේෂයෙන් නිවාස සම්බන්ධ කටයුතු හා විවාහ සම්බන්ධ කටයුතුවලට අසුබය- එම කාල සීමාවෙහි ඒ සම්බන්ධව නැකැත් සෑදීමක් නොකරනු ඇත- එසේම එම කාලයෙහි විවාහ කටයුතු මෙන්ම නව නිවාස සෑදීම මෙන්ම ගෙවැදීම සිදු කළ විට ඒ අයගේ සියලු අංශයන් කෙරෙහි එහි අසුබ ප්‍රතිඵල උදා වනු ඇත- ඒ අනුව ඉහත කටයුතු සඳහා නැකැත් යොදා ගත යුත්තේ ජනවාරි 14 වැනිදායින් පසුවයි-
ඉහත සඳහන් ග්‍රහ තත්වයන්ට අනුව නිවාස හා විවාහ නැකැත් මෙම දෙසැම්බර් 16 පසු නොමැති වුවද අනෙකුත් සාමාන්‍ය කටයුතු සඳහා අදාළ කටයුත්ත මත සුබ නැකැත් යොදා ගත හැකිය-
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ











