ඉදිරි මහමැතිවරණයේදී නියත වශයෙන්ම ජයග්‍රාහී පොහොට්ටුව ලකුණින් තරග වැදිය යුතු බවට ආණ්ඩුව ඇතුළේ විශාල කතාබහක් මතුවෙමින් තිබේ.
ඒ අනුව පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් විශාල පිරිසක් පක්ෂයේ නායකයන් හට දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරණයට පෙර කුමන ගිවිසුම්වලට අස්සන් තැබුවත් කිසිසේත්ම පුටුව ලකුණ යටතේ මහමැතිවරණයට ඉදිරිපත් විය යුතු නැති බවත්, පුටුව යනු පරාජිත සලකුණක් බවත්ය.
එමෙන්ම මේ වනවිට පොහොට්ටුව ඇතුළේ මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන්ද විශාල විරෝධයක් මතුවෙමින් පවතින අතර ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනකුම පොහොට්ටුවේ නායකයන් හට දැනුම් දී ඇත්තේ කිසිදු ලෙසකින්වත් සිරිසේන මහතා විශ්වාස නොකරන ලෙසටය.
දැන් සිරිසේන මහතා ආණ්ඩුවට තුනෙන් දෙකක් ලබා දිය යුතු බව කියා සිටින්නේ ඔහුගේ ගැලවිල්ලට බවත්, ඒ පිළිබද සිරිසේන මහතා සිතිය යුතුව තිබුණේ 2015දී බවත් ඇමැතිවරුන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවත් දැනගන්නට ඇත.