ග්‍රහයන්ගේ අවස්ථා දොළහක් සම්බන්ධව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. ඒ අනුව රවි ග්‍රහයාගේ අවස්ථා දොළහෙන් ඔබගේ උත්පත්ති මොහොතට අයත් අවස්ථාව ඔබගේ අනාගතයට බලපානුයේ කෙසේද යන්න සලකා බැලීම වැදගත් වේ.
ශයන අවස්ථාව
රවි උච්ච රාශිගත වුවද ශයන අවස්ථාවේ සිටීනම් එම කේන්දරය හිමි තැනැත්තා අර්ශස්, බරවා වැනි රෝග පීඩාවන්ට ගොදුරු වන බව සඳහන් වේ.
උපවේශන අවස්ථාව
රවි උපවේශන අවස්ථාවේ නම් මේ අය සතුව අයහපත් ගති බහුල වන බව පැවැසේ. දැඩි තීරණ ගන්නකු බවත්, විද්‍යාවන් පිළිබඳ විශ්වාස නොකරයි. ඒවා ගැන තර්ක කරයි. දිළිඳු වෙයි.
නේත්‍රපාණි අවස්ථාව
නේත්‍රපාණි අවස්ථාවේ සිටින රවි සැපවත් ජීවිතයක් උරුම කර දෙයි. සිතේ සතුට ඇතිකරවයි. ඇතැම් විට මාන්නයෙන් පිරුණු අයකුද විය හැකිය.
ප්‍රකාශ අවස්ථාව
ප්‍රකාශ අවස්ථාගත රවි ආඩම්බරකාර ධනවත් පුද්ගලයකු බිහිකරයි. අලංකාර රූසපුවක් ලැබීමටද මෙය හේතු වෙයි. එමෙන්ම පිනට දහමට ළැදි මනා කථිකත්වයක් ඇති අයකුද වෙයි.
ගමනා අවස්ථාව
ගමනා අවස්ථාවේදී රවි දුප්පතුන් අලස පුද්ගලයන් ඇතිකරයි. නිතරම බියෙන් සැකෙන් ජීවත් වන්නන් බිහි කරයි. ඉවසීම අඩු කරයි.
ආගමන අවස්ථාව
රවි ආගමන අවස්ථාවේදී උපන් අය වැරැදි ස්ත්‍රී සේවනයට යොමුවෙයි. පහත් ගති ඇති වෙයි. ගමනට ප්‍රිය කිළිටි පුද්ගලයකු වේ.
සභා අවස්ථාව
රවි සභා අවස්ථාවේ නම් ඉතා යහපත්ය. උසස් මිත්‍රයන් ඇතිවේ. සියලු සැප සම්පත් ලැබීමට හේතුවෙයි. අන් අයට නිතර උදව් උපකාර කරයි.
ආගම අවස්ථාව
රවි ආගම අවස්ථාවේ නම් අධික කාමුක තැනැත්තකු වේ. මොවුන් නිරතුරුවම සතරන්ගෙන් පීඩාවට පත්වෙයි. තරමක් පහත් ගතිද ඇත්තෙක් වෙයි.
භෝජන අවස්ථාව
රවි භෝජන අවස්ථාවේ නම් කතාවෙහි දක්ෂ වෙයි. ආහාර ගැනීමේදී අසංවර වෙයි. අධික ලෙස ආහාරයට ළොල් වෙයි. ලෙඩ රෝග බහුල වෙයි.
නෘත්‍යාලිජසා අවස්ථාව
රවි නෘත්‍යාලිජසා අවස්ථාවේ නම් කලාවේ නිපුණ පිරිවර සම්පත් ඇති යහපත් ගතිගුණ ඇති අයකු බිහිකරයි. යහපත් ගුණ ඇති බුද්ධිමතකුද වෙයි.
කෞතුක අවස්ථාව
රවි කෞතුක අවස්ථාවේ නම් යහපත් වචන කතාකරන, උසස් අය ඇසුරු කරන ගුණගරුක අයෙකි. විවිධ ශාස්ත්‍රයන් දත් පණ්ඩිතයකුද වෙයි.
නිද්‍ර අවස්ථාව
රවි නිද්‍ර අවස්ථාවේ නම් දෑස් රත් පැහැ වෙයි. අධික ලෙස වෙහෙසට පත්වන්නට සිදුවේ. තමාගේ බිරියට සැමියාට අපල වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ජය ශ්‍රී නන්ද කුමාර