• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සෙනසුරු කරන ඔබ නොසිතන දේවල්

December 3, 2019
in Astrology
Reading Time: 1 min read
A A
සෙනසුරු කරන ඔබ නොසිතන දේවල්
Share on WhatsAppShare on Facebook

සෙනසුරා ලැබීම අපලයකි. කල දවස යහපත් නොවෙයි. එය ශාරීරිකවද බලපෑම් ගෙන එයි. ජන්මියකු හට පාදයේ ආබාධ උරුම කරන්නේ සෙනසුරාය. සෙනසුරු අයහපත් වුවහොත් ජන්මියා එක්තැන් කරවන බව ජ්‍යොතිෂයේ කියැවෙයි. ගමන් කිරීමේ අපහසුව, ඉදිරියට නැවෙන, දිගහැරෙන විට ඇති වන වේදනාව, කොන්දේ වේදනාව මෙන්ම උඩුකුරුව නිදා සිටින විට, සිටගෙන සිටින විට පහසුවක් නොදැනෙන වේදනාව යනාදිය සෙනසුරු වක්‍රාකාරයෙන් උරුම කරදෙන නිසිකල එක්තැන් කරවන රෝග ලක්‍ෂණ ලෙස හැඳින්වෙයි.
කැස්ස, තැටමීම, කිවිසුම් යෑම මඟින්ද, වේදනාව ඇති වෙයි. තුනටිය ප්‍රදේශයේ සිට පාදයේ යටිපතුල දක්වා පැතිරී යන වේදනාව පාදයේ හිරිවැටීමක්, විකෘති වීමක් දක්වා වර්ධනය විය හැකිය.

වාත රෝග ඇති කරවීමටද මූලික වන්නේ සෙනසුරාය. වියපත් වූවන් හට සෙනසුරුගේ බලපෑම වැඩි වෙයි. වාත රෝග, කල් පවතින නිදන්ගත රෝග, ඇට බිඳීම් ආදිය සෙනසුරුගේ බලයට අවනතව ජන්මියා පීඩාවට පත්කරවයි.
වාත රෝග අතරින් කොන්දේ කැක්කුම සුලබ රෝගී තත්ත්වයකි. එහෙත් මෙය රෝගී තත්ත්වයක් නොව රෝගී ලක්‍ෂණයක් ලෙස පිළිගැනෙයි. ආයුර්වේදයත්, ජ්‍යොතිෂයත් එකිනෙකට සබැඳුණු විෂය පථයන් ද්විත්වයකි.

ජ්‍යොතිෂයේ සෙනසුරු බලවතෙකි. ඉහළට ඔසවා තැබීමටත්, නැවැත නොනැඟිටින සේ පොළොවේ ගැසීමටත් හැකියාව ඇත්තේ සෙනසුරුට පමණක් බව ජ්‍යොතිෂ මතයකි.
වාත රෝග ඇතිකරවීමටද සෙනසුරුගේ මූලිකත්වය යම්සේද ආයුර්වේදයේදී වා, පිත්, සෙම් අතර වාතයද ප්‍රධාන වෙයි. කොන්දේ වේදනාවෙන් පෙළෙන රෝගීන්ගේ රෝග නිධානය විමසුම් කිරීමේදී එය වාතය කුපිත වීමක් ලෙසද දැක්විය හැකියි.

සර්වාභි වෙෂ්ඨා වාතේන – සප්‍රාණං ප්‍රාණිණං සමෘත” යනුවෙන් චරක සංහිතාවෙහි දක්වා ඇති ආකාරයට පණ ඇති සියලු සත්වයන් සතු සෑම ක්‍රියාවක්ම වාතය මඟින් ඉටුකරයි. එය පණ ඇති සියලු සතුන්ගේ “ප්‍රාණයට” සමානය යනුවෙන් අර්ථ ගැන්වෙයි. ශරීරයක පිත හෝ සෙමටද සප්ත ධාතුන්ටද වාතයේ ආධාරයක් නොමැතිව ක්‍රියා කළ නොහැකිය. පිත්, සෙම් කෝප කිරීමේ බලයද ශරීරයේ සෑම තැනකම පැතිරී ඇති හෙයින් කිසිවකුගේ ආධාරයක් නොමැතිව ක්‍රියා කළ හැකි හෙයින්ද වාතය අතිවිශාල රෝග රැසකට හේතුකාරක වන හෙයින්ද ත්‍රිදෝෂ අතරින් වාතය ප්‍රධාන වෙයි. වාතය මිනිස් ශරීරයේ පස්වැදෑරුම්ව බලපෑම් ගෙනදෙයි.
මිනිස් ශරීරයේ හිස, පපුව, ගෙල, දිව, මුඛය සහ නාසය මූලිකව ප්‍රාණ වාතය සැරිසරයි. ආශ්වාස, ප්‍රාශ්වාස ආහාර ගිලීම ආදී කරුණු නිසි ලෙස ක්‍රියාත්මක ප්‍රාණ වාතය ගෙල ඉහළ අවයවයන්ගේ ක්‍රියා පාලනය කරවයි.

පපුවෙහි ස්ථානගත වන උදාන වාතය, කතාව, උනන්දුව සහ කාය ශක්තිය, මතක තබාගැනීමේ ශක්තිය වර්ධනය කරවයි. නාසය, නාභියද මෙයට ඇතුළත්ය.
හෘදය ප්‍රදේශයේ සිට ව්‍යාන වාතය සම්පූර්ණ ශරීරයම පාලනය කරයි. අත්-පා දිගහැරීම, ගමන් කිරීම, ඇස් ඇරීම, පියවීම ආදී ක්‍රියාවන් එළිදැක්වීමට ව්‍යාන වාතය හේතු වෙයි.
සමාන වාතය අග්නිය හෙවත් ගින්න ලෙසද හැඳින්විය හැකිය. උදරය, ආමාශය ඇසුරු කරගනිමින් ආහාර ආමාශයට ගැනීම, ආහාර දිරවීම දිරවූ ආහාරයෙන් ඇවැසි කොටස් හා මල කොටස් වෙන් කිරීම, මල කොටස් පිටකිරීම ආදියට සමාන වාතය ඉවහල් වෙයි.
අපාන වාතය ගමන් කරන්නේ තුනටිය, ගුදය, ලිංගය, මුත්‍රාශය, කලවා ආදී ස්ථාන මූලික කරගෙනය. මලමුත්‍රා, ශුක්‍ර පහකිරීම ගර්භයෙන් කලලය පිටකිරීම ආදිය පාලනයෙන් සිදුවන්නේ අපාන වාතය අනුවය.

මේ අනුව අපාන වාතයේ බලපෑම කොන්දේ වේදනාවට, පාද ආබාධ සහ වාත වේදනාවලට ගොනු වූවා විය හැකියි. එහි නිධානය සොයාගත යුතු අතර, කටී කශේරුකා අතර ඇති කශේරුකා බිම්බ ඉදිරියට නෙරා ඒම හෝ තෙරපීම, බර ඉසිලීම හෝ එබඳු ඉරියව්වකින් බිම පතිත වීම, කොන්ද සහ පාද ආශ්‍රිත වේදනාවට මූලික වූවා විය හැකිය. කොඳුඇට පෙළ ඇඹරීම, කොඳුඇට පෙළට පහරක් වැදීමද ගැටලුවකි. රෝග ඉතිහාසය විමසුම් කිරීමේදී උළුක්කුවක්, පහර වැදීමක් හෝ ඇදවැටීමක් ලෙසද අනාවරණය විය හැකිය.

තුනටිය සම්බන්ධ රෝගයකට සතියකින්, දෙකකින් සුවයක් අපේක්‍ෂා කළ නොහැකිය. තෙල්, ගුළි, චූර්ණ, කසාය. තැවිලි, පත්තු ආදියෙන් ක්‍රමයෙන් සුවය ලබාගත හැකිය. ඒ සඳහා ක්‍රමවත් ප්‍රතිකාර පෙළක් අවශ්‍ය වෙයි. සුවය සඳහා වෛද්‍යවරයා රෝගය අවබෝධ කරගත යුතුය. එයට පෙර අවබෝධයෙන් වෛද්‍යවරයා වෙත යා යුතුය.
ඔබේ කොන්දේ සහ පාදයේ වේදනාව පිළිබඳව ඔබ දැනුවත්ද?
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

ජෝන් කීල්ස් වෙතින් ‘ප්ලාස්ටිසයිකල්’

Next Post

රටම දන්න ගංතුනේ Icon එක

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.