ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියක් වන ‘ප්ලාස්ටිසයිකල්’ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කරන උත්ප්‍රේරකයක් වීමේ දැක්මක් සහිතව සිටී.
2017 ජූලි මාසයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ‘ප්ලාස්ටිසයිකල්’ කොළඹ 2 පිහිටි කොළඹ මහ නගර සභාවට අයත් කොට්ඨාස දෙකක (වෑකන්ද සහ හුනුපිටිය) දියත් කරන ලද්දේ ඒ මඟින් උගත් දෑ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීම සඳහා යොදා ගන්නා අපේක්ෂාවෙනි. බෝතල්, කෑන්, පියන් සහ භාජන වැනි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා ‘ප්ලාස්ටිසයිකල්’ විසින් මූලික වශයෙන් බඳුන් හඳුන්වා දෙන ලදී.
බඳුන් සඳහා පැවති ධනාත්මක ප්‍රතිචාරය මත පදනම්ව, ‘ප්ලාස්ටිසයිකල්’ දැන් එහි බඳුන් පිහිටා ඇති ස්ථාන 130ක් දක්වා පුළුල් කර ඇත්තේ ඒවා කොළඹ හා ඒ අවට ඇති කීල්ස් අලෙවිසැල් බොහොමයක්, පොදු ස්ථාන සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ (මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව) ස්ථානගත කරමිනි.











