• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේ ඇත්ත කතාව

December 26, 2020
in Astrology
Reading Time: 1 min read
A A
සෙනසුරු ඒරාෂ්ටකයේ ඇත්ත කතාව
Share on WhatsAppShare on Facebook

නවග්‍රහයන් අතුරින් බහුතරයක් ජනතාව වැඩිම භීතියක් දක්වන ග්‍රහයා සෙනසුරුය. එය එසේ වීමට හේතු වූයේ පාප ග්‍රහයන් අතරින් සෙනසුරු තදබලව පාපී ග්‍රහයා වීමය. එසේම සෙනසුරු දුකට අධිපති ග්‍රහයාය. ග්‍රහලොව හෙමින්ම ගමන් කරන ග්‍රහයාද සෙනසුරුය. එපමණක් නොව සෛර්ගික බලය හෙවත් ස්වාභාවික බලය අතින් අඩුම ග්‍රහයාද සෙනසුරුය.

බොහෝ දෙනෙක් ජන්ම පත්‍රයක් පරීක්ෂා කරවා ගැනීමට ජ්‍යොතිෂවේදියකු වෙත යන්නේ යම් අපලයක් ඇත්දැයි දැන ගැනීමටය. වචනාර්ථයෙන් බලන කල පල නැති වීම අපලය ලෙස අර්ථකථනය කළ හැක. සාමාන්‍යයෙන් බහුතරයක් මනුෂ්‍යයෝ ඒරාෂ්ටක අපලවලට ඉතාම දැඩි බියක් දක්වති. බොහෝදෙනකුට ඒරාෂ්ටක අපල කාලයක් ලැබුවහොත් ඉතාම කටුක, පරාජිත, අයහපත්, වේදනාකාරී, නීරස අත්දැකීම්වලට නිතැතින්ම මුහුණදීමට සිදුවේ. කෙසේ වෙතත් සපලය මෙන් නොව අප කා හටත් අපලය නම් හොඳාකාරවම දැනේ.

අපල යනු පෙර ආත්මභවවලදී අප විසින්ම කළ අකුසල කර්මයන්ට අනුරූපව මනු ලොවදී ලබන අපරාපරියවේදනීය ප්‍රවෘත්ති විපාකයන්ය. පෙර ආත්මභවවල බරපතළ අකුසල කර්ම කළ අයගේ කේන්දරවල සෙනසුරු නීච, සතුරු ආදී ලෙසට දුබලව පිහිටයි. එසේම සෙනසුරුගේ නීචය භංගයද නොවේ. සෙනසුරු මිත්‍ර ස්වක්ෂේත්‍ර ආදී වූ බලයකින් සිටින්නේ පෙර ආත්මවල අකුසල කර්ම අඩුවෙන් කළ අයගේ කේන්දරවලය.

ශනි ග්‍රහයා අසුබයකු වුවද ඉතාම සුබ පල දෙන අවස්ථාද බොහෝය. ශනි උච්ච ස්වක්ෂේත්‍ර රාශිගතවී කේන්දර ස්ථානයක සිටින විට පංච මහා පුරුෂ යෝගයක් වන සස යෝගය උදා කරයි. එසේම ශනි 3, 6, 10, 11 යන උපචය ස්ථානවලට සුබ පලදේ. ශනි ග්‍රහයා කේන්ද්‍ර මෙන්ම ත්‍රිකෝණ ස්ථාන අධිපති වූ විටද සුබ පලදේ. ලග්නාධිපති වූ ශනිද අසුබයකු සේ නොසැලකේ. තවද ශනි 7 වැන්නට දික්බල වන අතර වෘෂභ, තුලා ලග්නවලට යෝගකාරකද වේ. එපමණක් නොව ශනි 6, 8, 12 අධිපතියකු වී විපරීත රාජ යෝගයක් පවා ඇති කළ හැකි ග්‍රහයෙකි.

යම් කේන්දරයක ශනි දුබලව සිටින විටද 22 දෙර්කාණාධිපති 64 නවාංශකාධිපති හෝ බාධක ග්‍රහයා හෝ වන විටද ඉතාම අසුබ පලදේ. ශනි 6, 8, 12ට කාරක වන අතර, 2, 6, 10 යන අර්ථ ත්‍රිකෝණයටද කාරක වේ. කෙසේ වුවද සෙනසුරු ඒරාෂ්ටකයක් නරක ලෙසට ලැබුව හොත් සිත් තැවුල් පීඩා, අසහනකාරී බව, සතුරු කරදර අභූත අස්ථාන චෝදනා, අධ්‍යාපනය කඩාකප්පල් වීම, ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම්, විවාහ දෙදරා යෑම්, රැකියා අහිමි වීම්, ලෙඩ රෝග, රෝහල්ගත වීම්, ඥාති වියෝග, භූත දෝෂ, ඇස්වහ, කටවහ, ආර්ථික අහේනි, නඩුහබ, සිරගත වීම්, අත්පා බිඳීම්, ස්නායු ආබාධ වැනි මෙකී නොකී බොහෝ කටුක අත්දැකීම්වලට අකැමැත්තෙන් වුවද මුහුණදීමට සිදුවේ.

සෙනසුරුගේ ගමන හෙවත් ගෝචරය හේතුවෙන් ඒරාෂ්ටක අපල ඇතිවේ. එසේ ඇතිවන්නා වූ ඒරාෂ්ටක අපල වර්ග සතරකි. එනම් ලග්න ඒරාෂ්ටකය, අෂ්ටම ඒරාෂ්ටකය, ජන්ම ඒරාෂ්ටකය හා චන්ද්‍රාෂ්ඨම ඒරාෂ්ටකයයි. සෙනසුරු රාශි චක්‍රයේ රාශි 12 පසුකිරීමට වසර 30ක් ගත කරයි. එනම් සෙනසුරු වසර 2 1/2ක් එක් රාශියක ගත කරයි. ඒ ඒ ඒරාෂ්ටක වර්ගය අනුව එය පල දෙන කාල සීමාවද වෙනස් වේ.
ලග්න ඒරාෂ්ටකය

ලග්නයෙන් 12 වැන්නේ ලග්නයේ හා ලග්නයෙන් දෙවැන්නේ සෙනසුරු ගෝචරය ලග්න ඒරාෂ්ටකය ලෙස හැඳින්වේ. මෙයම සත් අවුරුදු ලග්න ඒරාෂ්ටකය ලෙසද සඳහන්ය. මෙය වසර 2 1/2 බැගින් ඉහත රාශි තුනට අනුරූපව වසර 7 1/2ක කාලයකි. එහෙත් අපලයේ තදබලම කාලසීමාව ලෙස ගැනෙනුයේ වසර 7 1/2 තුළ මැදට හසුවන වසර 5ක පමණ කාලයකි. එනම් ලග්න ඒරාෂ්ටකය ආරම්භ වූ අවුරුදු 1 1/4ක පමණ ගෙවී යන විට අපලයේ තදබල කොටස ආරම්භ වේ. එලෙස ආරම්භ වූ දැඩි අපලය ලග්න ඒරාෂ්ටකය අවසන් වීමට අවුරුදු 1 1/4 පමණ ඉතිරි වනතුරුම පවතී.

ජන්ම ලග්නය මකර, කුම්භ, තුලා, ධනු, මිථුන, කන්‍යා වැනි ශනිට හිතකර රාශියක් නම් එවැනි ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ටකයේ බලපෑම නොගැනිය හැකි තරම්ය. එහෙත් කටක, සිංහ, වෘශ්චික, මේෂ වැනි ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ටකය තදබල ලෙස අපලකාරීය.
අෂ්ටම ඒරාෂ්ටකය
ශනි ග්‍රහයා ලග්නයෙන් 8 වැන්නට ගෝචරයෙන් පැමිණීම අෂ්ටම ඒරාෂ්ටකයයි. එම 8 වැන්නේ ගතකරන වසර 2 1/2ක කාලය තුළ මෙම අපලය පලදේ. අපලය දැඩි වන්නේ ලග්නයෙන් 8 වැන්න කටක, සිංහ, වෘශ්චික, මේෂ වැනි සෙනසුරුට අහිතකර රාශියක් වී කේන්දරයේ ශනි ග්‍රහයාද දුබල වූ විටය.
ජන්ම ඒරාෂ්ටකය
මෙය චන්ද්‍ර ඒරාෂ්ටකය ලෙසද හැඳින්වේ. උප්පත්ති චන්ද්‍රයාගෙන් 12 වැන්නට චන්ද්‍රයා සිටින රාශියට හා චන්ද්‍රයාගෙන් දෙවැන්නට ශනි ගෝචරයෙන් පැමිණීම ජන්ම ඒරාෂ්ටකයයි. මෙයද ලග්න ඒරාෂ්ටකය මෙන් වසර 7 1/2ක කාලසීමාවකි. ඒරාෂ්ටක වර්ග සතර අතුරින් බරපතළම ඒරාෂ්ටකය ජන්ම ඒරාෂ්ටකයයි. මෙහිදී අපලය ඉතාම තීව්‍ර වන්නේ උප්පත්ති චන්ද්‍ර ස්ඵුටයේ සිට 300 බැගින් දෙපසට අයත් වන සීමාව හරහා ශනි ගෝචරයෙන් ගමන් කරන අවුරුදු 5ක පමණ කාලයක් තුළය. මෙහිදී සඳු සමඟ ශනි සතුරු බැවින් ඒරාෂ්ටක තත්ත්වය බලපායි. උප්පත්ති සඳු සිටින රාශිය සෙනසුරුට අහිතකර කටක, සිංහ, වෘශ්චික, මේෂ වැනි රාශියක් වුවහොත් අපලය ඉතාම බරපතළය.
චන්ද්‍රාෂ්ටම ඒරාෂ්ටකය
උප්පත්ති චන්ද්‍රයා කෙරෙන් 8 වැන්නේ සෙනසුරු ගෝචරයෙන් ගමන් කිරීම චන්ද්‍රාෂ්ඨම ඒරාෂ්ටකයයි. එය වසර 2 1/2ක කාලයකි. ඒරාෂ්ටක යන වදනේ නියම අරුත සඳුගෙන් 8 වැන්න යන්නය. ඒරා යනු සඳුට පර්යාය පදයකි. මෙහිදී සඳුගෙන් 8 වැන්නට යෙදෙන රාශිය ශනිට හිතකර රාශියක් නම් අපලයේ අසුබ පල ඇති නොවේ. මෙම ඒරාෂ්ටකයද ප්‍රබල ඒරාෂ්ටකයක් සේ සැලකේ.

ජ්‍යොතිෂවේදියකුට කේන්දරයක් දුටු සැණින් ලග්නයට හා චන්ද්‍රයාගේ පිහිටීමට සාපේක්ෂව අටවැන්න සලකා ශනි පිහිටි ස්ථානය අනුව කේන්දර හිමියා ඒරාෂ්ටකයකින් ඉපදුණද යන වග සිතා ගත හැක. එසේම උපතේදී ශනි සමඟ සඳු එකම රාශියේ හෝ යාබද දෙපස රාශි දෙකෙන් එකක නම් ජන්මියා උපත ලබා ඇත්තේ ජන්ම ඒරාෂ්ටකයෙනි. මෙය ලග්න ඒරාෂ්ටකය හෝ අෂ්ටම ඒරාෂ්ටකය සමඟ යෙදිය හැක. කෙසේ වෙතත් කන්‍යා, තුලා, මිථුන, වෘෂභ, මකර, කුම්භ ලග්නවලට අෂ්ටම ඒරාෂ්ටකය බලවත් නොවේ.

තවද යමකු ඉපදුණේ ඉහත සඳහන් ඒරාෂ්ටක සතරින් එකකින් නම් නැවැත වසර 30කට පසු එම ඒරාෂ්ටකය යෙදෙන විට එය පළමුවර තරම් අපලකාරී නොවේ. එහෙත් උප්පත්ති සෙනසුරු මතට ගෝචරයෙන් සෙනසුරු පැමිණීමද අසුබය. එහිදී ශනි දුබල නම් ඉතාම අපලකාරීය. එපමණක් නොව තදබල දරුණු ඒරාෂ්ටකයක් පවතින විට ඒ සමඟම නරක අයහපත් දශාවන් ලැබුවහොත් මාරක ඇතිවී මරණය පවා ගෙනදිය හැක. එසේම සෙනසුරුගෙන් යෙදෙන ඒරාෂ්ටක අපලයක් සමඟ ශනිගේ හෝ සඳුගේ දශාවත් පවතී නම් අයහපත්ය. අපලය වැඩිය. එම ශනි හෝ සඳු 22 වැනි දෙර්කාණාධිපති හෝ 64 වැනි නවාංශකාධිපති වන්නේ නම් මාරක අපලදායකය. එනිසා ඉතාම ප්‍රවේශම් වීම ඥාණාන්විතය.

බොහෝ ජ්‍යොතිෂය පොතපතවල ජන්ම සහ අෂ්ටක ඒරාෂ්ටක තරමක තදබල අපල ගෙන දෙන බව සඳහන්ය. උපතේදී සඳු ලග්නයේ හෝ 8 වැන්නෙහි සිටින අයට ඒරාෂ්ටක දෙකක් එක වර යෙදිය හැක. උපතේදී ලග්නයේ සඳු සිටින විට ගෝචරයෙන් ශනි පැමිණීමේදී ලග්න ඒරාෂ්ටකයක් චන්ද්‍ර ඒරාෂ්ටකයත් එකවර යෙදේ. එසේම උපතේදී 8 වැන්නේ චන්ද්‍රයා සිටින විට ජන්ම ඒරාෂ්ටකය හා අෂ්ටම ඒරාෂ්ටකය යන දෙක එකවර යෙදේ. ඉහත සඳහන් ලෙසට ඒරාෂ්ටක යෙදෙන විට අපලය ඉතා තදබලය. කෙසේ වෙතත් සෙනසුරු ඒරාෂ්ටකයට බියවී පලක් නැත. කළයුතු වන්නේ හැකිතාක් ධාර්මිකව කුසල කර්මවල යෙදීම, ශනි අපලවලට අදාළ වත්පිළිවෙත්, පුද පූජා ආදිය භක්තිමත්ව, ක්‍රමවත්ව, සිල්වත්ව සිදුකිරීම ආදියයි. එවිට පලදෙන අපල බොහෝදුරට මඟහරවා ගත හැක. නොඑසේ නම් අපලයේ දැඩි බව සමහන් කරගත හැක.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

මගේ හරිම කාලෙ ආවා

Next Post

පෙම් ලොවදී දුටු ඔවුන්ද මේ… (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.