• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විනාශයේ බස්නාව

February 6, 2020
in Astrology
Reading Time: 1 min read
A A
විනාශයේ බස්නාව
Share on WhatsAppShare on Facebook

දයා රජයේ ලිපිකරුවෙක්. ලැබුණු සොච්චම් වැටුප වියහියදම් පියව ගන්නවත් ප්‍රමාණවත් නැති නිසා දයාට රස්සාව එපා වුණා. දයාගේ අතේ මුදල් නැතිවුණත් එකම එක හයියක් දයාට තිබුණා. ඒ තමයි නෝනාගේ සහයෝගය. තමන්ගේ කියලා ආදායම් මාර්ගයක් හදාගන්න හැටි හැමදාම දයා හිතුවා. ඒත් අදහසක් නම් පහළ වුණේ නැහැ. කුඵබඩු එකතු කරලා විකුණුවොත් හොඳයි කියලා ඉනෝකාට සිතුණා. ඉනේකාගේ අදහස තමන්ගේ මහත්තයාට කිව්වාම දයා වැඬේට පස්ස ගැහැව්වේ අතේ එතරම් මුදලක් නැති හින්දා. ඔහු නොසිතූ පරිදි ව්‍යාපාරය ආරම්භයට සැලැකිය යුතු මුදලක් ඉනෝකා දයා අත තබන්නේ අවුරුදු ගණනක් ඉතුරු කළ මුදලින්. නිවාඩු දවසට සාදික්කා, එනසාල්, කරාබු නැටි, ගම්මිරිස්, පුවක් එකතු කළා. වැඬේ නැඟලා ගියා. ටවුන් එකේ ගොඩනැඟිල්ලක් කුලියට අරන් පහළ පැත්තක කුඵබඩු මිලදී ගන්නත්, අනෙක් පැත්තේ හෝටලයක් පටන් ගන්න අදහසෙන් දයා උඩ තට්ටුවේ පදිංචි වුණා. බිස්නස් එක හොඳට දියුණු වුණු හින්දා රස්සාවට දයා සමුදුන්නත් ඉනෝකා තමන්ගේ රස්සාවෙන් නම් අයින් වුණේ නැහැ. තේ ඉඩම්, රබර් ඉඩම් අක්කර ගණනක අයිතිකරුවෙක් වුණ දයා අඩු කාලයකින් පොහොසතකු වුණා. කුලියට ගත්ත ගොඩනැඟිල්ල මිලදී අරගෙන ඊට පිටුපස ඉඩමක අලුතින් තමන්ගෙ ගෙදර හදන්න පටන් ගත්තා. අවුරුද්දක් යන්න කලියෙන් දෙමහල් නිවෙසක් හදලා ගෙදර පදිංචි වෙනවා කියලා හිතුවත් අතේ සල්ලි තිබුණත් අවුරුදු තුනකට වඩා ගෙදර හදන්න ගත වුණා. ගෙදර පදිංචි වෙලා අවුරුදු හතක්, අටක් යද්දී දයාගෙ ජීවිතයේ සිරියාව නැති වෙනවා.

මුලින් ව්‍යාපාර හවුල්කරුවෙක් ලක්ෂ 80ක් අරන් පැනලා යනවා. රට යවන්න ගත්ත කුඵබඩුවල කොලිටි මදි කියලා ඇණවුම් කිහිපයක් ප්‍රතික්ෂේප වෙන්නෙ මේ අතරේ. වගා ඉඩම්වලින් ලැබුණු ආදායම් අඩුවීම දයාට දරාගන්න බැරිවුණා. වියහියදම්, සේවක පඩි නඩි, බේරගන්න බැරිව ණය වෙනවා. අන්තිමේදී ලෝන් ගෙවාගන්න බැරිව ඉඩම් වෙන්දේසි කරනවා. දයාට ඉතිරිවෙන්නේ ඉන්න ගෙදරයි, තේ අක්කර දෙකක් විතරයි. තමන්ටම අයිතිවෙලා තිබුණ හෝටල් ගොඩනැඟිල්ලේ දයා කුලියට හෝටලය කරගෙන ගියා. මුලින් යෝධයෙක් වගේ වැඩකරපු දයා ව්‍යාපාර කඩා වැටුණට පසු ජීවත් වුණේ මළ මිනියක් වගේ. කිසිදු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අපි විනාශ වෙලා ඉවරයි. ආයේ නම් ඔඵව උස්සන්න හම්බවෙන්නේ නැහැ කියලා හැම වෙලේම හිතුවා, පුදුමාකාර විදියට ජීවිතය ගැන කලකිරීමකින්. මෙහෙම ගියොත් මහත්තයා දිවිනසා ගනියි නැත්නම් පිස්සු හැදෙයි කියල ඉනෝකාට සිතුණා. මොන ප්‍රශ්න කරදර තිබුණත් වැටිච්ච තැනින් නැඟිට නැවැත දියුණුව ලබන්න පු`ඵවන් කියලා පුදුමාකාර බලාපොරොත්තුවක්, ධෛර්යයක් ඉනෝකාට තිබුණා. හැමදේටම ඉස්සර විනාශයට හේතුව හොයා ගන්න ඇය සිතුවා.

ඔවුන්ගේ ජීවිතවල විනාශයෙ මුල හොයන්න තමයි ගෙදර වාස්තු පරීක්ෂා කරන්නෙ. නිවෙස පරීක්ෂා කරද්දී සොයාගත් විනාශයට පාර කපාපු වාස්තු දෝෂ සහ ඒවාට පිළියම් දුන්නෙ මෙහෙමයි.

  1. ගිනිකොන පිහිටි
    ප්‍රධාන දොර
    තවමත් බොහෝ දෙනකුට දිශාව නිවැරැදි විදියට නිර්ණය කරන්න දන්නෙ නැහැ. සැමවිටම ප්‍රධාන දිශා 4 ගැන අවධානය යොමු කරනවා මිස අනු දිශාවන් පිළිබඳ අවධානය යොමු කරන්නෙ නැහැ. ඉර පායන විදිය බලලා තමයි බොහෝ දෙනෙක් දිශාව තීරණය කරන්නේ. එය නිවැරැදි දෙයක් නොවේ. පෘථිවියේ අංශක විසි තුනහමාරක ඇලය නිසා අවුරුද්දේ එක් එක් කාලවල ඉර පායන පැත්ත වෙනසක් තිබේ. මෙම නිවෙසේ ප්‍රධානදොර පිහිටා තිබුණේ ගිනිකොන දිශාවටයි. නමුත් නිවෙසියන් සිතා තිබුණේ නැඟෙනහිරට ප්‍රධාන දොර පවතින බවකි. ගිනිකොන දිශාව අග්නිමූලම් ලෙස සංස්කෘත භාෂාවේ හැඳින්වේ. මෙහි අර්ථය ගින්දරේ උපත යන්නයි. යම් නිවෙසක ප්‍රධාන දොර ගිනිකොන දිශාවට පිහිටියහොත් ගෘහ මූලිකයා දැඩි ලෙස කායික, මානසිකව පීඩාවට පත් වෙනවා.
    අධික ලෙස කෝපයට පත්වීමද සිදුවෙනවා. ගිනි ගොඩක් උඩ ජීවත්වන ආකාරයේ ජීවිත ඇති වෙනවා. කෙටියෙන් කිවහොත් නිවෙසේ සැනසිල්ල නැතිව යනවා. ප්‍රධාන දොර ගලවා ඊසාන දිශාවේ සුබ පාදයකට තබන ලදී.
  2. දකුණ- නිරිත දිශාගත
    ඉඩමේ බස්නාව
    මෙම නිවෙස පිහිටි ඉඩමේ වැහි වතුර බස්නාව පැවැතියේ දකුණු දිශාවට සහ නිරිත දිශාවටයි. මෙය ඉතාමත් අසුබ පිහිටීමකි. යම් ඉඩමක මෙලෙස පිහිටියහොත් හදිසි මරණ, විපත්, නිතර දුක් කරදර ඇතිවෙයි. සියල්ල විනාශ වී අවසානයේ ඉඩම් දේපොළ විකිණීමට සිදුවෙයි. ඉඩමේ බස්නාව බස්නාහිර දිශාවට සකස් කිරීමෙන් දෝෂ භංග කළේය.
  3. ප්‍රධාන නිදන කාමරය සමචතුරශ්‍ර වී
    එහි බ්‍රහ්ම පාදය පිහිටීම.
    වාස්තු දෝෂ දෙකක සංකලනයක් වූ මෙම දෝෂය භයානක ප්‍රතිඵල ඇති කරයි. ජීවිතයේ සතුට නැති කරයි. සමචතුරශ්‍ර බ්‍රහ්ම පාදය සහිත කාමරයක දිවිගෙවන්නන් සිය දිවි හානි කර ගැනීමට පවා පෙලඹේ. එතරම්ම ජීවිතය කලකිරීමට සිදුවන සිදුවීම්වලට මුහුණ දෙයි. දිනෙන් දින ජීවිත පිරිහී ගොස් බංකොලොත් බවට පත්වීමෙන් මළ මිනිසුන් වැනි ජීවිත නිර්මාණය වෙයි. නිදන කාමරයේ එක් බිත්තියක් ඉවත් කර කාමරය සාලයට විවෘත කර දෝෂ නැති කළා.
    සියලු දොස් ඉවත් කිරීමෛන් පසු දයාගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක වී දියණිය, බිරිඳ සමඟ සතුටින් ජීවත් වෙයි.
    ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ
SendShareShare
Previous Post

කටුගස්තොට සම්පත් බැංකු ATM පහසුකම නව ස්ථානයකට

Next Post

සිංහලයා රජකු නැතිව යුද්ධ දිනපු හැටි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.