274/ඒ, කටුගස්තොට පාර, මහනුවර ලිපිනයෙහි මෙතෙක් පිහිටුවා තිබූ සම්පත් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය, වැඩි පහසුකම් සහිතව 253 සහ 249/7 කටුගස්තොට පාර, මහනුවර (සියපත ෆිනෑන්ස් ඉදිරිපිට) යන ලිපිනයේදී පසුගියදා විවෘත කරන ලදී. ඩිජිටල් බැංකුකරණ කලාපයක් ලෙස විවෘත වූ මෙම ස්ථානයේදී ගනුදෙනුකරුවන්ට මුදල් තැන්පත් කිරීම මෙන්ම මුදල් ලබා ගැනීම, ගිණුම් අතර මුදල් හුවමාරුව, බිල්පත් ගෙවීම්, කාඞ්පත් රහිත මුදල් ගනුදෙනු, Mobile Cash පහසුකම් ඇතුළු සේවාවන් රැසක් සලසා ගත හැකිය. වැඩි පහසුකම් සහිතව නව ස්ථානයක ස්ථාපිත මෙම ඩිජිටල් බැංකුකරණ කලාපයෙන් සිය මූල්‍ය සේවාවන් සලසා ගැනීමට එක්වන ලෙස සම්පත් බැංකුව සිය ගනුදෙනුකරුවන් වෙත දන්වා සිටියි.











