• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වාස්තුව ජීවිතය වෙනස් කරන හැටි

March 20, 2021
in Astrology
Reading Time: 1 min read
A A
වාස්තුව ජීවිතය වෙනස් කරන හැටි
Share on WhatsAppShare on Facebook

විශාල මුදලක් වැය කර මහන්සියෙන් ගොඩනඟා ගත් නිවෙසක් තුළ ජීවත් වීමේ භාග්‍ය නැති වේ නම් කළයුත්තේ කුමක්ද? අද බොහෝ නිවාස වාස්තු දෝෂවලින් පිරී ඇත. දොරටු, ජනේල, යටලී, උළුවහු ජනේල, වහල පිරිද්දුම්, වැසිකිළි සහ කැසිකිළි දෝෂ වැනි අති විශාල වාස්තු දෝෂවලින් පිරී ඉතිරී ගිය නිවාස තුළ ජීවත්වීම කායික, මානසිකව පිරිහීමකි. ගෙයින් පිට සිටිනතෙක් යහපත් නමුත් ගේ ඇතුළට ආවිට දැනෙන්නේ අපායක් ලෙසටය. එවැනි මහා අවාසනාවන්ත රෝගී නිවෙසක ජීවත් වෙනවාට වඩා සැනසිලිමත්ව ජීවත් වීමට ඉඩකඩ පෑදේ නම් කොතරම් වාසනාවක්ද?

නිවාස දෝෂ ගැන එතරම් තැකීමක් නැතිව සිටින විට එය නිවැරැදි කර ගැනීමට ලැබුණහොත් කොතරම් අගේද යන්න දැන් ඔබට පැහැදිලි වෙයි.
ගෙය ගෙදරක් වන්නේ බිරියගෙනි. බිරියගේ ආලකමන්දාව මුළුතැන්ගෙයයි. එය දෝෂ නැතිව තබා ගැනීම අනිවාර්ය වේ.

කුස්සිය මෙන්ම නිවෙසේ බ්‍රහ්ම පාදය අවහිර නොකර නිදහසේ තැබීම සුබයි. විහාර, දේවාල ඉදිකිරීමේ දී බ්‍රහ්මපාදය සුබයි. එසේ නම් නිවෙසේ බ්‍රහ්මපාදය පෑගෙන, අවහිර වන තැනට පත්කිරීම යෝග්‍ය නොවේ. අනපේක්‍ෂිත අන්දමට කරදර වැඩි වේ.

එපමණක් නොව විවාහය, රැකියාව, පවුල් දිවිය, දරුවන්ගේ අධ්‍යාපනය වෙළෙඳ ව්‍යාපාර කටයුතු දියුණුකර ගැනීමට මහා වාස්තුවක් නිවෙසට අයත් විය යුතුයි.

සමහර නිවාස තුළ වැසිකිළිය මධ්‍ය ලක්‍ෂ්‍යයට හසුවී තිබේ. එපමණක් නොව නිදන කාමර පවා එයට ගොනුවී ඇත. බිත්තිවලින් හා අත්තිවාරම්වලින්ද තෙරපී ඇත.

ඇඳ තබා ඒ මත නිදාගන්නා තැන්ද අප දැක ඇත. විශේෂයෙන්ම තරුණියක් බ්‍රහ්මපාදය මත ඇඳ තබා නිදන්නේ නම් ඇගේ ශරීර සෞඛ්‍යයත්, අධ්‍යාපනයත්, විවාහයත් කඩාබිඳ වැටේ. මේ අතර, ලිංගිකත්වයේ ගැටලුද පැනනඟී. ජීවිතයේ අරමුණු සියල්ල කඩාවැටේ. වාස්තු දෝෂ නිසා මුළු ජීවිතයම හිස්බවට පත්වන බැව් ඇත්තකි.

ඉඩමක විකර්ණ රේඛා වැඩි දෙනෙක් දන්නා ගිනිකතුර කැපෙන තැන බ්‍රහ්ම පාදය වේ. ගෙය දිග අඩි 40ක් නම් එක කොටසක් හතරෙන් බෙදූ විට වන්නේ අඩි 10කි. පළල විස්සක් නම් අඩි 5කි. මෙහි හරි මැද බ්‍රහ්මපාදය හෙවත් මධ්‍ය ලක්‍ෂ්‍යය වේ. මධ්‍ය ලක්‍ෂ්‍යය වැසිකිළිය හා නාන කාමරයකට මැදි වීම ඉතාම අසුබයි. සාලයේ මැදට අසුවී ඇත්නම් එතැන මල්පෝච්චියක්, දැව භාණ්ඩයක් තිබීම යහපත්ය. බිම් මහල පමණක් නම් වහලය පලදෙක හෝ හතරක් වේ නම් මුදුන් යටලීය හරි මැද තිවුල් පූට්ටුවද, පලදෙකේ වහලයක් නම් මුදුන් හෝ මැද යට ලීයක් එහි පූට්ටුවකටත් හසුවන ලෙසට බ්‍රහ්ම පාදය තිබීම මහා වාස්තු දෝෂයකි. නිවෙසේ තවද වාස්තු දෝෂ දරුවන්ගේ අධ්‍යාපනයට, විවාහයට, රැකියාවට මෙන්ම මූල්‍ය මුදල් ලැබීමට එකසේ බලපෑම් ඇති වේ. සමහර විට රැකියාවේ කරදර, ප්‍රශ්න පැනනඟී. වැඩ තහනම් වීම හෝ රැකියාව අහිමි වීමද සිදුවේ. ආදායම් මාර්ගවලට පහර වදී. නිවෙසට ගෙන එන මුදල් අනපේක්‍ෂිත අන්දමට වැය වෙයි. ආදායමට වඩා වියදම අධික වනු ඇත. නිතර ගේ ඇතුළත කායික, මානසික සතුට නැති වී කලකෝලාහල, අඬදබර ඇති විය හැකිය. අඹු-සැමියන් අතර අසමඟිය ඇති වී සමහරවිට දික්කසාදය පවා සිදුවේ.

ගේ තුළ සිටින අය නිරන්තරයෙන්ම රෝගීන් වන අතර නිදන්ගත රෝගීන් ඇති වේ.
එවැනි දෙයට මුදල් වැය වීම නිසා මුදල් කරදර පැනනඟී. දැව, ගඩොල්, මැටි, සිමෙන්ති, කොන්ක්‍රීට්, පයිබර් වැනි මෙවලම්වලින් ජීවිතයට බලපානු ඇද්ද යන්න කෙනකුට තර්ක කළ හැකිය. තර්කයට වඩා අපේ පියවි ඇසට නොපෙනෙන යම් යම් සැඟවුණු දේ අපමණය.
නිවෙසක වාස්තු දෝෂ විශාල සංඛ්‍යාවක් වැඩිවිය හැකි වන්නේ නියමිත ප්‍රමිතියකට ගොඩනොගැනීම නිසාය. ජන්ම නැතැකට සම්පත් මෛත්‍රී පරම මෛත්‍රි ගණයට අයත් වීම අනිවාර්ය වේ. සමහර වර්ගීකරණවල නිවෙසේ ආයුෂ ප්‍රමාණය අවුරුදු 8ක් හෝ 20ක් විය හැකිය. අයට වඩා වැය වැඩි වෙයි. සමහර නිවාසවලට දෛනිකව ගෙන එන මුදල් කිසිම අයුරකින් ඉතිරිකර ගැනීමට නොහැකි වෙයි. බලාපොරොත්තු නැති අන්දමට මුදල්වලට වූ දෙය ගැන ළතවීමට සිදුවෙයි.

ඔබේ නිවෙසේ ඉහත පරිදි දෝෂ ඇත්නම් එය නිදොස් කර ගන්න. රෝගී නිවෙසක්ද තුළ ජීවත් වීම ඔබේ පවුල් ඒකකයට විශාල අවාසියක් වෙයි. එක දිනක්වත් සතුටින්, සාමයෙන් ඔබ වාසය කරන නිවෙස තුළ ජීවත් වීමට නොහැකි වෙයි නම් එම නිවෙස වාස්තු දෝෂවලින් පීඩාවට පත්වී ඇති බැව් පැහැදිලිය. වසර 50ක නිවාස පරීක්‍ෂා මගින් එකී නිවාස කඩාබිඳ දැමීමකින් තොරව නිවැරැදි කර ගැනීමට හැකි බැව් ප්‍රකාශ කර සිටිමු. වාස්තු විiාව තුළ ඒකරාශී වී ඇති තොරතුරු අති විශාලය. අපි ඒ ගැන ඉදිරි කාලය තුළ කතාබහ කරමු.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

කුකුල් බැල්ම වැටෙන කුකුල් බබා

Next Post

ගේමක් ගහලා ඩඩ්ලි ආණ්ඩුව වට්ටයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.