• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වස වගේ විෂ ඇස්වහ කටවහ

April 20, 2021
in Astrology
Reading Time: 1 min read
A A
වස වගේ විෂ ඇස්වහ කටවහ
Share on WhatsAppShare on Facebook

ඇස්වහ – කටවහ යනු එක්තරා ආකාරයකට වස විසටත් වඩා ප්‍රබල විනාශකාරී දෙයකි. මෙමඟින් බොහෝමයක් දේ විනාශ කිරීමේ සහ අභාවයට යැවීමේ හැකියාව ඇති අතර, ඇතැම් විට මිනිසුන් සතුන් පවා සිටි හැටියේ වනසා දමන්නට තරම් ඇස්වහ – කටවහ ප්‍රබල වේ. ඇස්වහ වැදුණු විට එය ඉතා සුළු මොහොතකදී ක්‍රියාත්මක වෙයි. ඒ බව පිටතට පෙන්නුම් කරයි. ඇතැම් විට ඇස්වහට, කටවහට නතු වූ පලතුරු නම් වහා කුණු වේ. පෙර තිබූ රසය නැති වී යයි. තැඹිලි, පොල්, වැනි දෙය වුවද පිපිරී වතුර වැක්කෙරේ.

යම් අයහපත් මනුෂ්‍යයකු යමක් දෙස බැලීමත් තමන් සම්බන්ධව යම් ප්‍රකාශ කිරීමත් හෝ දැන සුසුම් ලෑමත් තුළින් ඉහත කී දෝෂ හටගනී. විශේෂයෙන් දරුවන්ට, ළදරුවන්ට රන් පැහැ බිබිලි දැමීම, ශරීරය වණ වීම, නිතර අසනීප වීම ආදිය මේ හේතුවෙන් සිදුවේ.

මේ සඳහා සාමාන්‍යයෙන් දෙහි කැපීම, වතුර කළයක් මැතිරීම, කුඩා දරුවන්ගේ නළලේ කැපී පෙනෙන සේ තිලක තැබීම, මුහුණේ කැපී පෙනෙන සේ තිලක තැබීම, මුහුණේ කැපී පෙනෙන සේ කළු තිතක් තැබීම, සෙත් පිරිත් කීම, අලුතින් සාදන නිවෙසක නම් පඹයෙක් එල්ලීම, පුහුලක් එල්ලීම, විකාර රූපයක් එල්ලීම, වීදුරුවල විකාර රූප ඇඳීම, මිරිස් පුච්චා දුම් ඇල්ලීම වැනි දේ සිදුකරති.

මෙම දෝෂයන්හි සුවිශේෂත්වය වනුයේ මේවා නවීන විiාවට ගෝචර නොවීමය. එහෙත් දේහ ලක්‍ෂණ විiාවේ උක්ත දෝෂ සහිත පුද්ගලයන්ගේ ගත ලකුණු මෙසේ සඳහන් කර ඇත.
බොල්ලෑ දත් සහිත දත් අතර, හිදැස් බහුල අක්‍රමවත් ලෙස දත් පිහිටා ඇති විශාල මුඛයකට සහ තොල්වලට හිමිකම් කියන, කට දෙකොන පැළී කට දෙකොන කෙළ රැඳෙන, කතා කරන විට කෙළ විසික්වන, කටින් දුර්ගන්ධය වහනය වන, අත්‍යවශ්‍ය ලෙස කටට කෙළ වැඩියෙන් උනන, පිටතට නෙරූ විශාල ඇස් ඇති තමාට අයිති නැති දේට කට දමන, ඉතාම වාචාල කටකාරී, අනුන්ගේ කතාවලට බලෙන් මැදිහත් වන, දිවෙහි කළු ලප හෝ කළු තිත් සහිත තොල්, කළු පැහැයකට කළු මුඛය, අවට ඉන්නන් සිටින ඇසින් කඳුළු ගලන යන ලක්‍ෂණ සහිත පුද්ගලයන් යනුවෙනි. මෙකී ලකුණු ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයටම සාධාරණය.

ඇස්වහ යනු නරක සිතින් යුතුව යමක් ඇස ගැටීමකි. කටවහ යනු නරක සිතින් යුතුව යම් වචන භාවිතයක්ය. හෝවහ වග යනු දූෂිත සිහින් යුතුව හීල්ලීමක් ඇඬෝවැඩියාව යනු කලකිරීමෙන් යුතුව වැළපීම, තැවීම් හෙවත් පශ්චාත්තාප වීමත්ය. එපමණක් නොව අනුන්ගේ වත් පොහොසත්කම් හැකියාවන් දක්‍ෂතාවන් බලා හීල්ලීම්, සුසුම්ලෑම අඬෝවැඩියාවයි.

සිත් සංකා දෝෂය ගත්කල මෙය අන් අයට නොවදී. එය තමාටම පැමිණේ. සිත් සංකා දෝෂය සහිත වූවන්ගේ සිත් ශෝකයෙන් බියෙන් යුතුය. කොටින්ම කියතොත් සිත ලෙඩ වී ඇත.
මෙවැන්නවුන් කිසිදා සෑහීමකට පත් නොවේ. තමාට පමණක් තිබිය යුතුය යන්න නිතර සිතයි.
තමාගේ වාසිය ගැනම සිතා එහිම පිහිටා කටයුතු කරයි.

කෙසේ වෙතත් ඇස්වහ කටවහ නිසා බොහෝ විට තුන්දෝෂ කිපේ. ශරීරය ලෞකික වේ. මේ සඳහා ප්‍රතිකර්ම සඳහා කෙම්ක්‍රම ගණනාවක් පැරැණි පොත්පත්වල සඳහන් වන්නේ මෙසේය.
කතා නොකර ළිපේ අළු හෝ වළඳක දැලි මුහුණේ තවරා ගැනීම.

පලතුරු ගසක් නම් ගෙඩි කඩා දෙකට තුනට පලා ගස මුල විසුරුවා හැරීම.
අලුයම කපුටන් හැඬීමට කලින් කතා නොකර වතුර කළයක් ගෙන ඇට ඇටි පස් වර්ගයද, කොළ නවයකට නොඅඩු නිරෝගී දෙහි අත්තක්ද, ගෙන ගුප්ත ශාස්ත්‍රය හොඳින් දත් අයකු ලවා මතුරුවා එම ජලය ස්නානය කිරීම හා අවසානයේ ජලය නොපිහිදා ඇඟටම වේළෙන්නට හැරීම අවසානයේ හිස් කළය කිරි ගසක ගසා බිඳ දැමීම.

එළකිරි ඉතිරවීම, මෙහිදී කිරි ඉතිරෙන විට ඇස්වහ කටවහ කළු දුඹුරු පැහැයට පිලිස්සෙනු දැකිය හැකිය.

ඔබත් හැකි උපරිමයෙන් ඇස්වහ කටවහවලින් මිදී සිටීමට උත්සාහ ගන්න. එය ඔබගේ යහපතට හේතු වෙයි. එවැනි අත්දැකීමක් ඔබටද විඳින්නට සිදුවුවහොත් ඉහත දැක්වූ කෙම් ක්‍රමයකින් එහි ඇස්වහ කටවහ දෝෂ දුරු කරගන්නට උනන්දු වන්න.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

කඩා දැමූ යාපන සරසවියේ යුද ස්මාරකය යළි හදයි

Next Post

කොටුවේ හාමුදුරුවෝ හිටිහැටියේ එළියට එයි: ගෝඨාගේ-බැසිල්ගේ දරුවන්ට බනින්න එපා කියයි (VIDEO)

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.