රටක නායකත්වය හිමිකර ගැනීමට නම් රාජ යෝග පැවැතිය යුතු බවටත් විශ්වාසයක් තිබෙනවා. ජනාධිපති ධුරයට පත්වන සෑම නායකයෙක්ටම රාජ යෝග තිබෙනවාද? එතකොට රාජ යෝග හිමි නැති නායකයන්ට ජනාධිපති වෙන්න බැරිද? මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ගෝඨාභය රාජපක්‍ෂට සහ සජිත් ප්‍රේමදාසටත් රාජ යෝග තිබෙනවාද?
ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කේන්දරය අනුව ඔහුට රාජ යෝග බලයක් නැහැ. රාජ යෝගයක් පිහිටා නැති ගෝඨාභයට ජනාධිපති ධුරය උරුම නැති බව දැන් කාට වුණත් හිතෙන්න පුළුවන්.
නමුත් රටක නායකත්වය ගැන පරීක්‍ෂා කිරීමේදී අදාළ පුද්ගලයාගේ කේන්දර සටහන පමණක් භාවිතයෙන් අනාවැකි කියන්න බැහැ. එහිදී ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයන්ගේ කේන්දර සටහන් ගැනත් අවධානය යොමුකරනවා.
ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂගේ සහෝදරයන් වන මහින්ද රාජපක්‍ෂටත්, බැසිල් රාජපක්‍ෂටත් රාජයෝග හිමියි. එමෙන්ම ශිරන්ති රාජපක්‍ෂගේ කේන්දරයේත් රාජ යෝගයක් තිබෙනවා. එහිදී ඔවුන්ගේ රාජ යෝග බලයත්, ගෝඨාභයගේ නායකත්වය පිළිබඳ බලපෑම් කරන බව කිව යුතුයි.
සජිත් ප්‍රේමදාසගේ වෘෂභ ලග්න හිමි කේන්දර සටහන අනුව රවි ඉන්නේ ධනු රාශියේ. සඳු ඉන්නේ මකර රාශියේ. මේ කාල පරිච්ඡේදයේ සෙනසුරු ගමන් කරන්නේ ධනු – මකර රාශිවලයි. ඒ අනුව රවි – සඳු පීඩාවීමක් පෙන්වනවා. එම නිසා ජනතාවගේ කැමැත්ත තිබුණත් ඔහුට දේශපාලනික අභ්‍යන්තර කෙනෙහිලිකම් සිදුවෙනවා.
උත්පත්තියෙන් ඔහුගේ සෙනසුරු තැන්පත්ව ඉන්නේ මීන රාශියේ. එහිදී මීන රාශියට සෙනසුරු එන කාලවලදී ඔහුට රාජ යෝග බලයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ තත්ත්වය තව වසර පහක්වත් බලන් ඉන්න සිදුවෙනවා.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී චන්දන ගුණතිලක