• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රජකම දෙපා මුලට ගෙනත් දෙන කේන්දරේ වාසනාව

October 24, 2020
in Astrology
Reading Time: 1 min read
A A
රජකම දෙපා මුලට ගෙනත් දෙන කේන්දරේ වාසනාව
Share on WhatsAppShare on Facebook

ජ්‍යොතිෂයේ සඳහන් දහසකුත් එකක් යෝග අතරින් ජන්ම පත්‍රයක ඉතා කලාතුරකින් යෙදෙන සිංහාසන යෝගයට හිමිවන්නේ ඉතාම සුවිශේෂී ස්ථානයකි. ඒ සිංහාසන යෝගය නිර්මලව පිහිටි කල නිසැකවම ඉහළ ප්‍රතිඵල දෙනවා සේම යම් දුර්වලතාවකින් පිහිටියද යම් පමණ හෝ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ගෙන දෙන බැවිනි.

දුර ඈත අතීතයේ නම් සිංහාසන යෝග පිහිටි කල එම ජන්මීන්ට හිමිවූයේ රටේ රජකමය. එහෙත් වර්තමානයට එකී තත්ත්වය යාවත්කාලීන කර ගළපා ගැනීම සිංහාසන යෝගයෙන් උපත ලද්දෝ කෙතරම් දිළිඳු අසරණ පවුල් පසුබිමක ජනිත වුවද ඉදිරි අනාගතයේ එකී ජන්මියා සමාජයේ කවර හෝ ඉහළ නිලයක, තානානන්තරයක වැජඹීම නම් ස්ථිරය. සිංහාසන යෝගයෙන් මෙලොව ජනිත වීම ඉතා අපහසු සේම එසේ උපන්නවුන් අනුන් යටතේ සේවය කිරීමට බොහෝ විට අකැමැතිය. ඒ ඔවුන් නායකත්වය, මූලිකත්වය, ප්‍රමුඛත්වය අපේක්‍ෂා කරන බැවිනි. මෙම යෝගය හිමියන්ට උක්ත තත්ත්ව හිමිවනුයේ නිරායාසයෙනි. මෙවැන්නන් ස්ත්‍රී වේවා, පුරුෂ වේවා බොහෝ විට සමාජයේ කැපී පෙනෙන ව්‍යාපාරිකයන්ය. සාමාන්‍යයෙන් සිංහාසන යෝගයෙන් උපන් ජන්මි ජීවිතය තරුණවිය දක්වා රක්‍ෂා කරගැනීම තරමක් අපහසුය. එනමුත් යම් ලෙසකින් මෙම යෝග හිමියෝ තරුණ වියට පා තැබුවහොත් යෝගයේ බලදුබලතාවය මත ප්‍රතිඵල ලැබෙනු ස්ථිරය. විශේෂයෙන් යෝගයට දායක බලවත් ග්‍රහයකුගේ හෝ ඡායා ග්‍රහයකුගේ මහ දශා, අතුරු දශා ලැබීමේදී හා ඒ සමඟයෝගයට අදාළ ග්‍රහයන් සුබ ගෝචරයක යෙදීමෙන් උසස් ප්‍රතිඵල හිමිවෙයි.

සිංහාසන යෝගය ජන්ම පත්‍රයක 2, 6, 8, 12 යන දුෂ්ට ස්ථාන හෙවත් ත්‍රික ස්ථානවල ග්‍රහයෝද, ඡායා ග්‍රහයන්ද තැන්පත් වීමෙන් නිර්මාණය වෙයි. මෙහිදී අවම වශයෙන් එක් ස්ථානයක ග්‍රහයකු හෝ ඡායා ග්‍රහයකු සිටිය යුතුය. සාමාන්‍යයෙන් කේන්දරයක 2 වැන්න ද්විතීක මාරක ස්ථානය ලෙසද, 6 වැන්න රෝග ස්ථානය ලෙසද, 8 වැන්න මරණය හෙවත් ආයුෂ ස්ථානය ලෙසද, 12 වැන්න වැයස්ථානය ලෙසද හැඳින්වෙයි. පොදුවේ ගත් කල උක්ත 2, 6, 8, 1…. යන සිවු ස්ථානයම අසුබ ස්ථානයන්ය.

සිංහාසන යෝගය හිමියන් කරා ධනය, බලය, කීර්ති, ප්‍රශංසා, ගරු නම්බු, ගෞරවනාම යනාදිය ගලා එන්නේ නිරායාසයෙනි. විශේෂයෙන් ත්‍රීක ස්ථානයේ සියලුම ග්‍රහයන් ඒකරාශී වීමත් එසේ නොමැති කල එම ස්ථානවල පාපීන්ම සිවුදෙනෙක් ස්ථානගත වීමක් තුළින් යෙදෙනා සිංහාසන යෝගය ඉතාම ප්‍රබලය. මොවුන් තම ආත්ම ගෞරවය උපරිමයෙන් රැක ගන්නා ආත්ම අභිමානයෙන් යුතු පුද්ගලයන්ය. යම් ලෙසකින් සිංහාසන යෝගය ලග්නයේ තැන්පත් වූ චන්ද්‍රයා කෙරෙහි යෙදෙන විට වඩාත් බලවත්ය. කරුණු කාරණා එසේ නමුත් ඇතැම් ජ්‍යොතිෂ පොතපතට අනුව රාහු හා කේතු යන ඡායා ග්‍රහයන් මෙකී යෝගයට දායක නොවන බවද සඳහන් වෙයි. කෙසේ නමුත් සිංහාසන යෝගයේ බලය යම් යම් හේතුවෙන් අඩු වන කල යෙදෙනුයේ අර්ධ සිංහාසන යෝගය වෙයි. අර්ධ සිංහාසන යෝගය බොහෝ විට යෙදෙනුයේ ග්‍රහ දෘෂ්ටිවලිනි. එවැනි අර්ධ සිංහාසන යෝග උසස්ම ප්‍රතිඵල නොමධ්‍යම ප්‍රතිඵල ගෙනදෙයි.

සාමාන්‍යයෙන් ජන්ම පත්‍රයක පාපී ග්‍රහයන් ලෙස හඳුන්වනුයේ කුජ, ශනි, අඩසඳු හා රවි යන ග්‍රහයන්ය. මේ හැර රාහු හා කේතු යන ඡායා ග්‍රහයන් පාපීන්ම සේ සැලකේ. තවද මෙකී පාපීන්ට පරිබාහිරව ඒ ඒ ලග්නයට පාපීන් වන ග්‍රහයන්ද ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. එසේම ජන්ම පත්‍රයක දුෂ්ට ස්ථාන අධිපතීන්ද 3, 7, 11 අධිපතීන්ද පාපීන්ම සේ සැලකෙයි. යම් ජන්ම පත්‍රයක සිංහාසන යෝග පිහිටීම දුටුකල එම යෝගය තුළ තැන්පත් ග්‍රහයන්ගේ රාශිගත බලය සේම භාවගත බලය මැනවින් තුලනාත්මකව තක්සේරු කර පලාපල පැවැසිය යුතුය. එසේම එම ග්‍රහයන් තැන්පත් නැකැතද අදාළ භාවාධිපතියේ ඇති සතුරු – මිතුරු කමද සැලකීමට බඳුන් කළ යුතුය. මීට අතිරේක යෝගයට දායක ග්‍රහයන් අෂ්ථද ග්‍රහ යුද්ධ ආදියෙන් පරාජිතද සුබ – අසුබ ග්‍රහ දෘෂ්ටි ලබා භාව සන්ධි ගතද නොයෙසේ නම් භාව ආරෝහණ හෝ අවරෝහණද භාව මධ්‍ය ස්ඵුට ආසන්නයේද යන වග විමසා බැලිය යුතුය. තවද ලග්න කේන්දරයේ පමණක් නොව නවාංශක කේන්දරයේද යෝගයට අදාළ ග්‍රහයන් බලවත් නම් නිසැකවම සිංහාසන යෝගයේ ප්‍රතිඵල ජන්මියාට ලබාදෙයි. එනමුත් යම් ලෙසකින් මෙකී යෝගය ඉතාම දුබලව, දුර්වලව පිහිටි කල යෝගය යම් පමණ පලදීම සැක සහිත බව කිවයුතුමය. ඔබට මේ ලිපිය අධ්‍යයනය තුළින් ඔබේ ජන්ම පත්‍රයේ සිංහාසන යෝගය පිහිටා ඇත්ද, එය පලදෙන මට්ටමක පවතීද යන්න අවබෝධ කරගත හැකිය.
ජ්‍යොතිෂවේදීනි මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

ශ්‍රී ලංකාවට නම තිබ්බෙ කවුද

Next Post

DFCC බැංකුව 65 වන සංවත්සරය වෙනුවෙන් කුරුණෑගලට නවීන පහසුකම් සහිත ශාඛාවක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.