කාටත් ගැළපෙන බැංකුව වන DFCC බැංකුව සිය 65 වන සංවත්සරයට සමගාමීව සිය කුරුණෑගල ශාඛාව නවීනතම පහසුකම් සහිතව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. අංක 77, කොළඹ පාර, කුරුණෑගල යන ස්ථානයේ පිහිටි මෙම ශාඛාව පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
මහල් 5 කින් සමන්විත මෙම නව ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාරයක්, පුහුණු මධ්‍යස්ථානයක්, ප්‍රාදේශීය කාර්යාලයක් සහ ණය මධ්‍යස්ථානයක් ඇතුළු පහසුකම් රාශියක් ඇති අතර, පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සමගින් සුවිශේෂී අත්දැකීමක්ද එමගින් හිමිවනු නිසැකය. එමෙන්ම මෙය සූර්ය බලශක්තිය මෙන්ම, බලශක්තිය කාර්යක්ෂම ලෙස භාවිතා කරන සිසිලන පද්ධතියකින්ද සමන්විත බැවින් එය බැංකුවේ තිරසාරත්ව ඉලක්ක ළඟා කරගැනීමට අත්වැලක්ද වනු ඇත.
ගනුදෙනුකරුවන්ට ඉහළම මට්ටමේ බැංකු සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව සලසාදීම සඳහා DFCC බැංකුව දරන දීර්ඝකාලීන උත්සාහයේ තවත් අදියරක් ලෙස මෙම පියවර ගෙන තිබේ. මේ ආකාරයට කුරුණෑගල ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම මගින්, දැනටමත් තම ගනුදෙනුකරුවන් සමග ඇති බැඳීම තවදුරටත් තහවුරු කරගන්නා අතරම, නව ගනුදෙනුකරුවන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කරගැනීමට DFCC බැංකුවට අවස්ථාව ලැබී ඇත.