• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මේ සතියේ ඔබට මොකද වෙන්නේ

February 8, 2020
in Astrology
Reading Time: 3 mins read
A A
2019 දෙසැම්බර් 25 ග්‍රහලොව සෙන්පති රජවෙයි
Share on WhatsAppShare on Facebook

මේ සතියේ ඔබට මොකද වෙන්නේ

2020 පෙබරවාරි 09 වැනි ඉරිදා සිට 15 වැනි සෙනසුරාදා දක්වා

මේෂ – උනන්දුව අඩු වෙයි
ඔබ මෙතෙක් කරගෙන ආ වැඩකටයුතු ගැන තිබුණු උනන්දුව අඩු වන බවක් පෙනෙන්නට තිබෙන අතර, ලග්නාධිපති කුජ 9 වැන්නේද. සඳු 4, 5, 6, 7 භාව හරහාද ගමන් ගනිමින් සතිය ගෙවී යයි. මුදල් අතින් අගහිඟකම් ඇති වන කාලයකි. සිත්තැවුල්, කනගාටු නිතර පාහේ ඇති වෙයි. කලක් යටපත්ව තිබුණු අසනීපයක් මතුවිය හැකි බැවින් නිතරම ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුය. ඉගෙනීමේ කටයුතුවල යෙදෙන මේෂ ලග්න හිමියන්ට ජයග්‍රාහී සතියකි.
ජය අංකය : 9, ජය වර්ණය : රන්වන් පැහැය

වෘෂභ – වාසනාවන්ත සතියක්
සතුටින් කාලය ගතකිරීමට අවස්ථාව ලැබෙන අතර, ලග්නාධිපති සිකුරු අය ස්ථානය වන 11 වැන්නේද, සඳු 3, 4, 5, 6 භාව හරහාද ගමන් ගනී. සෑම අතින්ම දියුණුවට කරුණු සැලසෙන අතර, විශේෂයෙන්ම අලංකාර භාණ්ඩ, රෙදිපිළි, ඇඳුම්-පැලැඳුම් ආදිය තෑගි වශයෙන් ලැබෙන කාලයකි. විරුද්ධ ලිංගිකයන් සමඟ ඇසුරු කිරීමට අවස්ථාව සැලසෙයි. ගෙදර-දොර වෙනදා නැති තරම් අමුතුම ප්‍රබෝධයකින් කටයුතු කිරීමට හැකි වෙයි. නිරෝගීව, උද්‍යෝගිමත්ව කටයුතු කරන සතියකි.
ජය අංකය : 2, ජය වර්ණය : කොළ පැහැය

මිථුන – ආගමික කටයුතු
ඔබගේ ලග්නාධිපති බුධ පුණ්‍ය ස්ථානය වන 9 වැන්න හරහාද, සඳු 2, 3, 4, 5 භාව හරහාද ගමන් ගනිමින් ගෙවී යන මේ සතියේ ආගමික කටයුතු ගැන වැඩි උනන්දුවක් දක්වන බව පෙනී යයි. වියදම් අධික වන අතර, ඊට සමාන ආදායම් නොලැබෙයි. උගුර, කන, නාසය ආශ්‍රිත රෝගයක් සඳහා ප්‍රතිකාර ගැනීමට සිදුවෙයි. දුරබැහැර සිටින හිතවතකුගේ හෝ පවුලේ ඥාතියකුගෙන් ඔබට ආර්ථික වශයෙන් වැදගත් යමක් ලැබේ. මෙතෙක් නවතා දමා තිබුණු වැඩක් යළි ආරම්භ කරයි.
ජය අංකය : 9, ජය වර්ණය : කහ පැහැය

කටක – වාහන ලාභ
ලග්නාධිපති සඳු 1, 2, 3, 4 භාව හරහා ගමන් ගනිමින් ගෙවී යන මේ සතියේදී ඔබට වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව උදාවිය හැකිය. ව්‍යාපාරික කටයුතුවල නියැළී සිටින අයට විශේෂ ලාභ අත්වන කාලයකි. තත්ත්වය උසස්කර ගැනීම සඳහා අලුත් ඉගෙනීම් කටයුත්තක් ආරම්භ කරයි. නොයෙක් තරාතිරම්වල අය සමඟ ඇසුරු කිරීමට අවස්ථාව ලැබේ. තනි මතයට අනුවම වැඩ කරන සතියකි. සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙයි.
ජය අංකය : 1, ජය වර්ණය : සුදු පැහැය

සිංහ – සතුරු කරදර
විරුද්ධවාදීන්ගෙන් එල්ල වන බාධක නිසා පාඩු ලැබීමට සිදුවන සතියකි. ලග්නාධිපති රවි 6, 7 භාව හරහාද, සඳු 12, 1, 2, 3 භාව හරහාද ගමන්ගනී. විවාහකයන් අතර මතභේද ඇති වෙයි. මුදල් අතින් අගහිඟකම් ඇති වන බවක් පෙනේ. දරුවන්ගේ අසනීප වෙනුවෙන් කාලය ගතකිරීමට සිදුවෙයි. තමන් යටතේ වැඩ කරන සේවකයන් සිටින සිංහ ලග්න හිමියන් ඔවුන්ගේ රැවටීමට ලක්වන සතියකි.
ජය අංකය : 7, ජය වර්ණය : කොළ පැහැය

කන්‍යා – කීර්ති, ප්‍රශංසා
හොඳ නම පැතිරෙන කීර්ති, ප්‍රශංසා ඇති වන සතියක් වන අතර, ලග්නාධිපති බුධ 6 වැන්නේද, සඳු 11, 12, 1, 2, යන භාව හරහාද ගමන්ගනී. කලක් වෙහෙස මහන්සි වී කරන ලද වැඩක ප්‍රතිඵල ඔබට මේ කාලයේදී ලැබේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදලක් වියදම් කිරීමට සිදුවෙයි. අනාගත දියුණුව සඳහා අලුතින් වැඩක් ආරම්භ කිරීමට සුදුසු සතියකි. විටින්විට සෙම් රෝග, උණ රෝග මතු වුවද ඉක්මනින් සුව වන බවක් පෙනේ.
ජය අංකය : 6, ජය වර්ණය : රතු පැහැය

තුලා – නීතිමය ගැටලු
සතිය ආරම්භ වනවාත් සමඟම නීතිමය ප්‍රශ්නයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන අතර, ලග්නාධිපති සිකුරු 6 වැන්නේද, සඳු 10, 11, 12, 1 භාව හරහාද ගමන් ගනිමින් සතිය ගෙවී යයි. සිතට තරමක දුක්කරදර ඇති වන කාලයකි. මෙතෙක් පැවැති හොඳ නම පලුදු වීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කිරීම වැදගත් වෙයි. සතිය මැදදී ඇති වන හදිසි රෝග තත්ත්වයක් නිසා ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය.
ජය අංකය : 6, ජය වර්ණය : සුදු පැහැය

වෘශ්චික – මිතුරන් දුරස් වෙයි
ඉතාම සමීප මිතුරන් ඔබගෙන් දුරස්වන කාලයකි. ලග්නාධිපති කුජ දෙවැන්නේද, සඳු 9, 10, 11, 12 භාව හරහාද ගමන්ගනී. වාහන අමතර කොටස් මිලදී ගැනීමට මුදල් වියදම් කිරීමට සිදුවෙයි. උගුර ප්‍රදේශයේ ඇති වන රෝගයක් නිසා ප්‍රතිකාර ගැනීමට සිදුවෙයි. පවුලේ අය සමඟද ඇසුරු කරන අය සමඟද නිෂ්ඵල දේ සඳහා ආරවුල් ඇතිකර ගන්නා බවක් පෙනේ. සති අන්තයේදී කුඩා ළමයින් සමඟ ප්‍රීති උත්සවයකට සහභාගි වීමට අවස්ථාව සැලසෙයි.
ජය අංකය : 2, ජය වර්ණය : ළා කහ පැහැය

ධනු – දුරබැහැර ගමනක්
මේ සතිය තුළදී ඔබට දුරබැහැර ගමනක් යෙදෙන අතර, එහිදී ඔබ අනාගත සැලසුමක් සකස් කරන බව පෙනේ. ලග්නාධිපති ගුරු ලග්න භාවයේමද, සඳු 8, 9, 10, 11භාව හරහාද ගමන් ගනී. දිගු කලක් ඇසුරු කළ හිතවතකුට ඇති වන ප්‍රශ්නයකට ඔබට මැදිහත් වීමට සිදුවෙයි. අධික වියදම්, සිත් තැවුල් මැද කාලය ගෙවී යයි. රැකියාවේ හෝ පදිංචියේ වෙනසක් සිදුවීමට ඉඩ ඇති අතර, එයින් ඔබට පාඩුවක් සිදුවෙයි.
ජය අංකය : 1, ජය වර්ණය : නිල් පැහැය

මකර – හදිසි අනතුරු
හදිසි අනතුරුවලට ලක්විය හැකි බැවින් ඉතාමත් ප්‍රවේශමෙන් කාලය ගතකළ යුතුයි. ලග්නාධිපති ශනි ලග්න භාවයේමද, සඳු 7, 8, 9, 10 භාව හරහාද ගමන්ගනී. සමාජයෙහි තිබුණු පිළිගැනීම අඩු වන අතර, දුකින් කාලය ගතවෙයි. තමන්ට නොගැළපෙන අය සමඟ ඇසුරට වැටේ. විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් සිටි මකර ලග්න හිමියන්ට විදෙස් ගතවීමට අවස්ථාව ලැබේ. දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණයක් වෙනුවෙන් සති අන්තයේදී ඔබට සතුටු වීමට හැකි වෙයි.
ජය අංකය : 1, ජය වර්ණය : සුදු පැහැය

කුම්භ – බොරු චෝදනා
සතිය ආරම්භයේදීම ඔබට එල්ල වන බොරු චෝදනාවක් නිසා අපහසුතාවකට ලක්වෙයි. ලග්නාධිපති ශනි වැය ස්ථානය වන 12 වැන්නේද, සඳු 6, 7, 8, 9 භාව හරහාද ගමන් ගනිමින් සතිය ගෙවී යයි. මවුපිය, ගුරුවරුන් ආදී වැඩිහිටියන්ගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින කුම්භ ලග්න හිමියන්ට හොඳ කාලයකි. දක්‍ෂ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම නොඅඩුව ලැබේ. සති අන්තයේදී ආගමික කටයුත්තකට සහභාගි වෙයි.
ජය අංකය : 3, ජය වර්ණය : දුඹුරු පැහැය

මීන – ව්‍යාපාර දියුණු වෙයි
විශේෂයෙන්ම මේ සතිය ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින මීන ලග්න හිමියන්ට ජයග්‍රහණ අත්වන අතර, ලග්නාධිපති ගුරු 10 වැන්නේද, සඳු 5, 6, 7, 8 භාව හරහාද ගමන් ගනී. ටිකෙන් ටික අතට ලැබුණු මුදලක් මේ කාලයේදී එකවර ලබා ගැනීමට හැකිවෙයි. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටි මීන ලග්න හිමියන්ට උසස්වීම් ලැබෙන සතියකි. ශරීර සෞඛ්‍ය යහපත්ව පවතී. ලෝහ භාණ්ඩ මිලදී ගැනීමට මුදලක් වැයවෙයි.
ජය අංකය : 1, ජය වර්ණය : නිල් පැහැය
ජ්‍යොතිෂ විiා විශාරද, ජ්‍යොතිෂ ශිරෝමනී,
දේශබන්ධු අගලවත්තේ චන්දන වීරක්කොඩි
0775 489695

SendShareShare
Previous Post

තවමත් සැඟවුණු ලෝකයේ ඉම

Next Post

සෙලාන් බැංකුව පාරිභෝගික සේවා විශිෂ්ටත්වයෙන් අංක 1ට

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.