රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර අද (08) උදෑසන 9.30ට පැවැත්වීමට නියමිතව තිබූ මුහුණට මුහුණ හමුව ලබන අගහරුවාදා (10) දිනට කල් ගොස් ඇත.
පක්ෂ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා මෙම හමුව අද දිනට යොදාගත්තේ සජිත් පිල නියෝජනය කරන මලික් සමරවික්‍රම මහතා විසිනි.
ඒ ඉකුත් සිකුරාදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමේදීය.
කෙසේවෙතත් අද දින පැවැත්වීමට තිබුණු එම රැස්වීම මේ වනවිට අගහරුවාදා දින පැවැත්වීමට තීන්දු වී ඇත.










