• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මගදි වැඩ නතර නොකර ගෙයක් හදන සාස්තරේ

August 31, 2019
in Astrology
Reading Time: 1 min read
A A
මගදි වැඩ නතර නොකර ගෙයක් හදන සාස්තරේ
Share on WhatsAppShare on Facebook

නිවෙසක් ගොඩනැඟීමේදී අනුගමනය කළ යුතු මූලික නීති රීතීන් කිහිපයක් පිළිබඳ පසුගිය සතියේ මම ඔබව දැනුවත් කළෙමි. එයින් දෙකක් නිවෙස ගොඩනැඟීමේදී අනුගමනය කළ යුතු මූලික ක්‍රමවේද දෙකකි. එනම් ඉදිකිරීමේ ආරම්භකම අවස්ථාව වන නිවෙසේ පදනම දැමීම සඳහා අගල් කැපීම සහ ඉන් අනතුරුව එම පදනම ගොඩනැඟීමයි. ඉදිකිරීමක මූලිකම කටයුත්ත පදනමයි. නිවෙස ඉදිකිරීම ආරම්භ කළ පසු එය කුමන හේතුවක් නිසාවත් අතරමඟ නතර නොකළ යුතුය යන්න වාස්තු නීතියයි. නමුත් අද දවසේ කරන්නා වූ විවිධ ආකාරයේ ඉදිකිරීම්වලින් ඉතා බහුතරයක් අතරමඟ නවතා දමා තිබෙන අන්දම අපට නිතරම දැකිය හැකිය. ඒ උවමනාවෙන් කරන්නා වූ දෙයක් නොවේ. ඉදිකිරීම අතරමඟ නැවතීම සඳහා විවිධ හේතු ඇතිවෙයි. මුදල් සපයාගත නොහැකි වීම, කම්කරුවන් සොයා ගැනීම අසීරු වීම වැනි නොවැළැක්විය හැකි නොයෙකුත් හේතූන් ඒ අතර වෙයි. මා දුන් මුල්ම උපදේශය නම් එහි පදනම සඳහා අගල් කැපීම ඊසාන දෙසින් ඇරැඹීම කළ යුතු බවයි. එසේම පදනම ගොඩනැඟීම නිරිත දෙසින් ආරම්භ කළ යුතු බවයි. නිවෙසේ ඉදිකිරීම අතරමඟ නොනැවතී දිගටම කරගෙන යෑම සඳහා එය ඉතා හොඳ වාස්තු උපක්‍රමයකි.
නමුත් එවන් වාස්තු උපක්‍රමයක් අනුගමනය කළද ඉදිකිරීම අතරමඟ නැවැතිය හැකි අවස්ථා තිබේ. ඒ නොදැනුවත්කම නිසා හෝ වෙනත් වාස්තු නීති රීතීන් උල්ලංඝනය වී තිබිය හැකි බැවිනි. උදාහරණයක් ලෙස ඊසාන දෙසින් පදනම සඳහා අගල් කැපීම අරඹා ඉදිකිරීම නිරිත දෙසින් නියමිත ලෙස ආරම්භ කළේ යැයි සිතමු. නමුත් ඔබගේ විශාල ඉඩමේ නිවෙස තනන්නේ වැරදි තැනක විය හැකිය. එසේම එයද නියමිත ලෙස වුවත් ඉදිකිරීම සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍ය ගබඩා කර තිබෙන්නේ ඊසාන දෙසින් විය හැකිය. මෙසේ කුමක් හෝ වෙනත් වාස්තු සිද්ධාන්තයක් උල්ලංඝනය වී තිබීමෙන් ඉදිකිරීම අතරමඟ නවතා දමන්නට හේතුවක් ඇති වෙයි.

නිවෙස තැනීමට පෙර ඔබට එය කරගෙන යෑමට හැකි වන වාතාවරණයක් ඔබට තිබේ දැයි ඔබගේ කේන්දරය ඔස්සේ සොයාබැලීම කළ යුතුම කටයුත්තකි. ඔබේම නිවෙසක් හිමිකර ගැනීමට ඔබට හැකියාව තිබේ දැයි කේන්දරය ඔස්සේ විමසා බැලිය යුතුය. එසේ තිබුණත් මේ ඒ සඳහා සුදුසු කාලය දැයි සොයාබැලිය යුතුය. සමහර ජ්‍යොතිෂවේදීන් සෙනසුරු අපලයක් තිබෙන කාලසීමාව නිවෙසක් ගොඩනැඟීම සඳහා ඉතාම සුදුසු යැයි පවසනු විද්‍යුත් මාධ්‍ය ඔස්සේද මම දැක ඇත්තෙමි. නමුත් ඒ අපලය ඔබ කරා පැමිණීමට පෙර ඔබ අපලය සොයා යන ආකාරයේ කාරණාවකි. විෂ්ණු දෙවියන් කළේද එවැන්නකි. සෙනසුරුගෙන් වසන් වීමට අලියකුගේ වේෂය ගෙන වනයකට වී සිටීමෙන් සෙනසුරු දෙන්නා වූ අපලය ලොකුද, පොඩිද යන්නවත් සොයා නොබලා තමන් විසින්ම ඉතා දරුණු දඬුවමක් තෝරාගැනීම එහිදී කර තිබෙන ක්‍රියාවයි.

නමුත් අප තෝරාගතයුත්තේ කිසිසේත්ම එවන් ක්‍රියාවක් නොව දෙවියන් අතර අතිශයින්ම බුද්ධිමතා ලෙස සැලකෙන ගණ දෙවියන් අනුගමනය කළ ආකාරයේ උපක්‍රමයකි. සෙනසුරු අපලය හෙට පටන් ගැනීමට නියමිත බවත් ඊට ලක ලෑස්ති වීම පිණිස කාලය පැමිණ ඇති බවත් මතක් කිරීමට ගණ දෙවියන් වෙතට සෙනසුරු පැමිණේ. තමන්ට එය අමතක නොවනු පිණිස ගණ දෙවියන් වෙත පැමිණෙන සෙනසුරු දකින්නේ තමන්ගේ අත් අකුරින්ම ගණ දෙවියන්ගේ උදරය මත ලියා තිබෙන සෙනසුරු අපලය අද නොවේ හෙට යන කාරණාවය. එය නියමිත හෙට බැවින් හිස් අතින් පිටත්වන ඔහු නැවත ඊළඟ දිනයේ (හෙට) පැමිණි විටද ගණ දෙවියන් සෙනසුරුට පෙන්වන්නේ සෙනසුරු අතින්ම ලියූ අපලය හෙට යන කරුණය.

ඒ අනුව නියමිත කාලසීමාව අවසාන වන තුරුම සෙනසුරුට තම අපලය ගණ දෙවියන් මත පැටවීමට නොහැකි වෙයි. අප අනුගමනය කළ යුත්තේ එවන් කරුණකි. නමුත් ගණ දෙවියන්ගේ කාරණාවෙන් පාඩම් උගත් සෙනසුරු වෙනත් උපක්‍රම අනුගමනය කරමින් අප රවටා කෙසේ හෝ සෙනසුරු අපලය අප වෙත පටවනු බොහෝ විටම අද දවසේ සිදුවන දෙයයි. සෙනසුරු එය කරන්නේ ව්‍යාජ ජ්‍යොතිෂවේදීන් මෙන් ඔබ වෙත පැමිණීමෙනි. එක්කෝ ඔහු විෂ්ණු දෙවියන් මෙන් බරපතළ දඬුවමක් ඔබටම තෝරාගැනීමට සලස්වයි. ඒ ව්‍යාජ ජ්‍යොතිෂවේදියකුගේ ස්වරූපයෙනි. සෙනසුරු අපලය තිබෙන විට ඔබේ නිවෙස තැනීම ආරම්භ කරන ලෙස ඔබට උපදෙස් දෙන්නේ ජ්‍යොතිෂවේදියකුගේ වේෂයෙන් ඔබ වෙත එන සෙනසුරුය. කවුරුන් හෝ ජනප්‍රිය ජ්‍යොතිෂවේදියකුගේ වේෂයෙන් එන ඔහු ඔබව පහසුවෙන් රවටාලයි. එසේ නොමැති නම් සෙනසුරු අපලය වෙනුවෙන් කාකනිලක් පලඳින මෙන් ඔබට කපටි උපදේශයක් දෙයි. එයින් වන්නේ සෙනසුරුගේ ග්‍රහණයට ඔබව තව තවත් තදින් යොමු කිරීමය. ඔබට තදබල අපලයක් දීමට තරම් ඔබගේ කේන්දරයට අනුව සෙනසුරු බලවත් නොවේ නම් ඔහු කරන්නේ එසේ ව්‍යාජ ජ්‍යොතිෂවේදියකු මෙන් පැමිණ කාකනිලක් පැලඳීමට උපදෙස් දී ඔහුගේ ග්‍රහණය තව තවත් බලවත් කිරීමේ මාර්ගයක් උදාකර ගැනීමයි. කවුරුන් හෝ ජනප්‍රිය ජ්‍යොතිෂවේදියකු මෙන් පැමිණෙන ඔහු ඔබව පහසුවෙන් රවටාලයි.

එසේම සෙනසුරු අනුගමනය කරන තවත් ක්‍රමයක් වන්නේ සෙනසුරු අපලයට කිසිසේත්ම අදාළ නොවන ව්‍යාජ ප්‍රතිකර්ම පිළිබඳ ඔබට උපදෙස් දීමයි. සෙනසුරු අපලයෙන් ගැලවීමට සිතා සමහර ජනප්‍රිය ජ්‍යොතිෂවේදියකුගෙන් ලැබෙන උපදෙස් ඔබ අනුගමනය කළත් බොහෝ විටම ඒවා කිසිසේත්ම සෙනසුරු අපලයට අදාළ කාරණා නොවේ. නමුත් තමන් ඉසිවරු බව පවසා තමන්ම තමන් වර්ණනා කරගෙන මාධ්‍ය ආයතනවලට ලක්‍ෂ ගණනින් ගෙවමින් ඔබේ විශ්වාසය දිනා ඔබව රවටන බොහෝ ජ්‍යොතිෂවේදීන් සැබෑ ජ්‍යොතිෂයේ “අ” යනු “ආ” යනුවත් නොදන්නා සෙනසුරුගේ අවතාරය. විද්‍යුත් මාධ්‍ය හරහා සතියකට වරක් ඔබ හමුවන සමහර ව්‍යාජ ජ්‍යොතිෂවේදීන් මසකට අවම වශයෙන් රුපියල් ලක්‍ෂ නවයක්වත් ඒ සඳහා ගෙවන බව ඔබ නොදන්නා බව මා දනිමි.

ඉදිකිරීම සඳහා අනුගමනය කළ යුතු යැයි වාස්තු ජ්‍යොතිෂයේ සඳහන් තවත් කරුණු රාශියක් තිබේ. රාත්‍රි කාලයේ ඉදිකිරීම් කටයුතු නොකළ යුතු යැයි යන්න ඉන් එකකි. එනම් හිරු බැස යෑමෙන් පසු ඉදිකිරීම් කාර්යය එදිනට අවසන් කළ යුතු බවයි. ඉදිකිරීම සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍ය හා උපකරණ ඉඩමේ නිරිත දෙසින් ගබඩා කරන්න. එසේ කළ නොහැකි නම් පමණක් ඔබට ඉඩමේ ගිනිකොන දෙස ඒ සඳහා භාවිත කළ හැකිය. නමුත් ඒ ඉඩමේ මායිමට මීටරයක් පමණ ඈතට වන්නටය. ඔබ ඉදිකිරීම නිමා වනතෙක් ආරක්‍ෂකයකු තබන්නේ නම් ඔහුට දිය යුත්තේ ඉඩමේ ගිනිකොන ප්‍රදේශයයි. එය කිසි ලෙසකින්වත් වයඹ පෙදෙස නොවිය යුතු වන්නේ එසේ වුවහොත් සොරසතුරු උවදුරු බහුල විය හැකි බැවිනි. එසේම ඉඩමේ නිරිතදිග දෙසද ආරක්‍ෂකයාට නුසුදුසුය.
නිවෙස ඉදිකිරීමේදී මුහුණපාන අනෙක් ගැටලුද විසඳා ගන්නා අන්දම ඉදිරියට කතාබහ කරමු.

ජ්‍යොතිෂවේදී ජනක මාධව නවරත්න

SendShareShare
Previous Post

ගෝඨාට අමාරුයි වගේද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

රෑ දුටු සිහිනයේ හොඳ නරක

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.