ජ්‍යොතිෂයේ ශනි, කුජ, සඳුට හිමි වා, පිත්, සෙම් ගුණය බුධ ග්‍රහයාට නොඅඩුව ඇත. ආයුර්වේදයේදී දෝෂ, ධාතු, මල ප්‍රධානය. වාත, පිත්ත, සෙම යන තුන්වැදෑරුම් කරුණු ත්‍රිදෝෂ නාමයෙන් ගැනෙයි. ආයුර්වේදයේ අඩිතාලම ත්‍රිදෝෂ වාදයයි.
මිනිස් සිරුර මෙම ත්‍රිදෝෂයට අනුගතය. පැවැත්මේදී අවනතය. දොසුන්ගේ විසමතාවය රෝගයයි. මේ විසමත්වය (රෝගය) ඇති දේහියා රෝගියෙකි. ත්‍රිදෝෂය පිළිබඳ ආයුර්වේදයේ නිර්වචනය එලෙසය.
අප ශරීරය නිර්මාණය වී ඇත්තේ දෝෂ – ධාතු – මල යන කොටස් තුනෙන් බව අෂ්ටාංග හෘදය කතුතුමා පැහැදිලි කර ඇත්තේ ‘දෝෂ, ධාතු, මල, මූලංහි ශරීරම්’ යනුවෙනි.
ශරීරය ක්‍රියාත්මක කරන ප්‍රධාන ශක්තිත්‍රය වන වා, පිත්, සෙම් සැමවිටම දෝෂ වශයෙන් ගිණිය නොහැකිය. මෙම ශක්තීන් නියමිත පරිදි ක්‍රියාත්මකව ශරීරය පවත්වාගෙන යෑම ධාතු නමින්ද තමනට අයත් කාර්යය නිසි පරිදි ඉටු නොවන විට දෝෂ වශයෙන්ද එසේ විකෘතියට පත්වූ සෙම් මඟින් ශරීරය කිලිටි වීම මල නමින්ද හැඳින්විය හැකිය.
ගැටීම්, වැටීම්, ඇට බිඳීම් හා අධික ශෝකය, සීතල, බිය ආදියෙන්ද, නිදිමැරීම්, මල මුත්‍රාදී වේග දැරීම් ආදියෙන්ද, වාත කෝපවීම් ඇති විය හැකිය.
වාතයෙහි ප්‍රභේද පහකි.
- ප්‍රාණ වාතය 2. උදාන වාතය 3. ව්‍යාන වාතය 4. සමාන වාතය 5. අපාන වාතය
එම ප්‍රභේදයන්ය.
කටුක, අම්ල, උෂ්ණ ආහාර අධික ශාරීරික වෙහෙසීම, ආහාර පානයෙන් වැළකීම ආදී කරුණු මූලිකව පිත් කෝපය ඇති වෙයි.
පිතද.., - පාචක පිත 2. රංජක පිත 3. සාදක පිත 4. ආලෝචක පිත 5. භාජක පිත යනුවෙන් පස්වැදෑරුම්ය.
මීකිරි, කිරි, ගිතෙල්, පිටි වර්ගයන්ගෙන් නිෂ්පාදිත ආහාර කැවිලි වර්ග අනුභවය. දහවල් නිදීම, ශීතල දේශගුණික බලපෑම් අනුසාරයෙන්ද, කඵ හෙවත් සෙම් කෝපය සිදුවෙයි.
සෙමද ප්‍රභේද වශයෙන් පස් ආකාරයකි. එයද, - අවලම්බක 2. ක්ලේදක 3. බෝධක
- තර්පක
- ශ්ලේෂක නම් වෙයි
මෙම ප්‍රභේදයන් සම තත්ත්වයෙන් පවතින තෙක් ධාතු නමින්ද, මඳක් හෝ වෙනසක් ඇති වුවහොත් දෝෂ නමින්ද හඳුන්වන අතර, ස්වල්ප වූ හෝ දෝෂයක් ඇති වුවහොත් රෝග තත්ත්වයක් ලෙසද සැලකෙයි.
වා, පිත්, සෙම් සම තත්ත්වයෙන් පවත්නා කල්හි එමඟින් සප්ත ධාතුන් නිර්මාණය වෙයි. සප්ත ධාතුන් ශරීර හැඩය, පෝෂණය ඇති කරයි. සප්ත ධාතුන් දෙවැනි වන්නේ ත්‍රිදෝෂයට පමණකි. යම් දෙයක සාරවත්ම හා බලවත්ම කොටස ධාතු නමින් හැඳින්වෙයි.
මෙම ධාතුවද,
රස ධාතුව තනකිරි මඟින්ද
රක්ත ධාතුව ඍතු හා ලේ මඟින්ද
මාංශ ධාතුව වෘණ තෙල් මඟින්ද
මේදයේ ධාතුව දහදිය මඟින්ද
අස්ථි ධාතුව දත් මඟින්ද
මජ්ජා ධාතුව කෙස් මඟින්ද
ශුක්‍ර ධාතුව ඕජස් මඟින්ද බලය ඇති කරයි.
ඉහතින් දක්වන ලද ධාතුන් දුර්වල වීම හෝ විකෘති තත්ත්වයට පැමිණියා වූ වා, පිත්, සෙම් ශරීරය කිලිටි කරන හෙයින්ද එය මල වශයෙන් හඳුන්වනු ලැබේ.
මෙම මල දහඩිය, මුත්‍ර, අසූචි යනුවෙන් තුන් වැදෑරුම්ව හඳුනාගත හැකිය.
ත්‍රිදෝෂ දෝෂයක් නොවන තුරු ධාතු වශයෙන්ද, දෝෂ සහගත වූ කළ ත්‍රිමල වශයෙන්ද හැඳින්වීම අනුමිතය. ශරීර මූලයන්හි තෙවැනි කොටස වන මල පිළිබඳව විමසීමේදී එය පිට කිරීම, දුරුකිරීම තුළින් ශරීරය පිරිසුදු වන බව පැවසෙයි.
ශරීරයෙන් බැහැර කළයුතු අපිරිසුදු කොටස් මල වශයෙන් හඳුන්වනු ලැබේ. දෝෂ, ධාතු, මල තෙවැදෑරුම් බලය ළිප බැඳි ගල් ත්‍රිත්වයකට උපමා කරන්නේ නම් එම ළිපගල් මත තබා ඇති බඳුන ශරීරයයි.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති











