සිදුහත් කුමාරෝත්පත්තිය යනු අසිරිමත් සිදුවීම් රැසක් සමඟින් සිදුවූ අසමසම උපතක් බවට විශ්වාස කෙරේ. ඒ අවස්ථාවේ හිරු වටා වර්ණවත් චක්‍රයක් දර්ශනය වී ඇත. මිහිකත සතුටින් ඉපිලීගොස් ඇත. දෙතිස් මහා පෙරනිමිතිද පහළ වූයේය. එක් මොහොතකින් මුළු ලෝකයේම දුක් දොම්නස් නිමාවට පත්වෙනවාක් මෙන් දැනී ඇත. පරිසරයේ මහා ශාන්තිමත් පැහැපත් බවක් දර්ශනය වී ඇත.
සිදුහත් කුමාරෝත්පත්තිය යනු අසිරිමත් සිදුවීම් රැසක් සමඟින් සිදුවූ අසමසම උපතක් බවට විශ්වාස කෙරේ. ඒ අවස්ථාවේ හිරු වටා වර්ණවත් චක්‍රයක් දර්ශනය වී ඇත. මිහිකත සතුටින් ඉපිලීගොස් ඇත. දෙතිස් මහා පෙරනිමිතිද පහළ වූයේය. එක් මොහොතකින් මුළු ලෝකයේම දුක් දොම්නස් නිමාවට පත්වෙනවාක් මෙන් දැනී ඇත. පරිසරයේ මහා ශාන්තිමත් පැහැපත් බවක් දර්ශනය වී ඇත. එහෙයින් මේ කුමාර උත්පත්තිය එසේ මෙසේ උපතක් නොවේ යැයි පෙරනිමිති පහළව ඇතත් එදත්, අද මෙන්ම දරු උපතකින් පසු සුබ අසුබ තත්ත්වයන් හඳුනා ගන්නට ජ්‍යොතිෂයේ පිහිට ලබාගෙන ඇති බව පැහැදිලි වේ. එමෙන්ම ජ්‍යොතිෂයේ සත්‍යතාව කොතරම්ද යන්නත් සිදුහත් චරිතය සහ ජ්‍යොතිෂය දත් බමුණන්ගේ ප්‍රකාශ සංසන්දනයේදී පැහැදිලි වෙයි.
සිදුහත් කුමරුගේ කේන්ද්‍ර සටහනට අනුව ලග්නය කටක වන අතර ගුරු ග්‍රහයා, රාහු ග්‍රහයා සමඟ ලග්න භාවයේත් සඳු ග්‍රහයා ශනි ග්‍රහයා සමඟ හතර වැන්නෙත්, කුජ ග්‍රහයා, කේතු ග්‍රහයා සමඟින් හත්වැන්නේත්, රවි ග්‍රහයා සහ බුධ ග්‍රහයා දස වැන්නේත්, සිකුරු ග්‍රහයා එකොළොස් වැන්නේත් සිටී. මෙසේ ග්‍රහයන් පිහිටා සිටින අවස්ථාවක මහා වන මැද එනම් ලුම්බිණි උයනේදී දෙව් බඹුන් මැදදී උපත ලද සිදුහත් කුමරුන් කටක ලග්නයෙන් විසා නැකැතින් උපත ලද බව ජ්‍යොතිෂ මතයයි.
උපත සිදුවී ඇත්තේ විසා නැකැතින් බැවින් චන්ද්‍රයා හතර වැන්නේ විය යුතුය. කටක ලග්නයට හතර වැන්න තුලා රාශියයි. ඒ අනුව චන්ද්‍රයා තුලාවේය. පුර පසළොස්වක දිනයේ උපත සිදුවීම නිසා හිරු හෙවත් රවි දහවැනි රාශියේම විය යුතුය. කටක ලග්නයෙන් දහවැන්න මේෂ රාශියයි. ඒ අනුව උපත දහවල් කාලයේ සිදුවී ඇති බවද පෙනී යයි.
ඒ අනුව කේන්දර සටහනේ ග්‍රහ පිහිටීම ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව විමසා බැලීමෙදී හතර කේන්දරයේ ග්‍රහයන් හතරදෙනකු උච්ච වී ඇත. රවි, කුජ, ගුරු, ශනි මෙලෙස උච්ච වූ ග්‍රහයෝය. ග්‍රහයන් හතර දෙනකු උච්ච වීම යනු රාජාධිරාජ හෙවත් චක්‍රවර්තී රාජ යෝගයක් සේ පෙන්නුම් කෙරේ. ලග්නාධිපති සඳු සතුරු රාශිගතවී හතර වැන්නේ පාප ග්‍රහයකු වූ සෙනසුරු සමඟ සිටීම නිසා රාජ යෝගයේ බලය දුර්වල වෙයි. තවත් සැලකිය යුතුම කාරණයක් වන්නේ උපත සිදුව ඇත්තේ ජන්ම ඒරාෂ්ටකයකින් වීමයි. සිකුරු ග්‍රයා එකොළාස්වැන්නේ ස්වක්ෂේත්‍රව සිටීම තමා සිතූ දෙයෙහි ප්‍රතිඵලය ලැබෙන තුරුම උත්සාහ අත්නොහරින බවේ ලක්ෂණයකි.
භාග්‍ය පුණ්‍ය ස්ථානය වූ නමවැන්න අධිපති ගුරු ග්‍රහයා ලග්නයේ බැවින් පුණ්‍ය කටයුතු සඳහා වැඩි කැමැත්තක් දක්වන අයකු බව ප්‍රකාශ වෙයි. එසේම නවය අධිපති උච්චව ලග්නයේ සිටීම වචනයෙන් විස්තර කළ නොහැකි ඥාන යෝගයක් සේ ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. චර රාශියක් වූ කටකය ලග්නය වීමත්, ලග්නාධිපති සඳුත් චර රාශියක් වන හතර වැන්නේ සිටීම නිසාත් ස්ථිර පදිංචිය අතහැර විවිධ ස්ථානයන්ගේ සංචාරයට හේතුකාරණා ගෙනදෙයි.
එසේම සඳු සතුරු රාශියක පාප ග්‍රහයකු වන ශනි සමඟ මාතෘ ස්ථානයේ සිටීම නිසා මවට අපල ගෙනදෙන බවද ජ්‍යොතිෂයට අනුව පැහැදිලි වෙයි. එය සත්‍ය බව මහාමායා දේවියගේ මියයෑමෙන් ඉතා පැහැදිලි වෙයි. රවි ග්‍රහයා දහවැන්නේ සිටීමත් දහය අධිපති අඟහරුට රවිත් රවිට අඟහරුත් පෙනෙන නිසාත් ග්‍රහයන් දෙදෙනාම උච්ච බැවිනුත්, පියා ඉතාමත් බලවත් අයකු වන බවත් පැවැසේ. සහෝදර ස්ථානාධිපති බුධ ග්‍රහයා පාප ග්‍රහයකු සමඟ සිටීමත් සහෝදර කාරක අඟහරු පාප ග්‍රහයකු වන ශනිගෙ රාශියක පාප ග්‍රහයකු සමඟ සිටීමත් සහෝදර පල අහිමි කරවන ග්‍රහ සංයෝගයක් ලෙස සැලකේ.
ඊළඟට වඩාත් අවධානයට ලක්වන කරුණ වන්නේ හත්වැන්න අධිපති හතර වැන්නේ සිටීම හේතුවෙන් තම දිවි දෙවැනි කොට ආදරය කරන සහකාරියක් ලැබෙන බවට පැවසෙයි. සිදුහත් කුමරුගේ ජීවිත කතාව බලද්දී එයද සත්‍ය බව මනාවට පැහැදිලි වන්නේය. එසේම අඟහරු හත්වැන්නේ උච්ච බලයෙන් සිටීම හේතුවෙන් අඩු වයසින් විවාහයක් අඩු කාලයකින් වෙන්ව යෑමක් සිදුවිය.
ජල රාශියක් ලග්නය වී පූර්ණ චන්ද්‍රයාට පෙනේ නම් උපත ජලය සමීපයේ සිදුවේ යැයි ජ්‍යොතිෂ විශ්වාසයයි. ලුම්බිණි සල් උයනේ පොකුණක් සමීපයේ සිදුහත් උපත සිදුවීමෙන් එම මතය සත්‍ය බවට පත්වන්නේය.
සෙනසුරු හතර වැන්නේ සිටීම යනු උපන් බිමෙන් පිටව යන්නට සිදුවන බවට අඟවන්නකි. ඒ අනුව සිදුහත් කුමරු ගිනිගෙයින් නික්ම යෑම තුළින් එම මතය සත්‍ය කෙරෙන අතර සෙනසුරු උච්ච වීම හතර අධිපති සිකුරු එකොළාස්වැන්නේ ස්වක්ෂේත්‍ර බලෙයන් යුක්ත වීම සැප පහසු නිවාසවල විසීමට ඉඩකඩ සලසන ග්‍රහ පිහිටීමකි. ඒවාද කලින් කලට වෙනස් වන බවද කියැවේ.
මේ ආකාරයට සිදුහත් කුමරුගේ කේන්දර සටහන අනුව බලද්දී ඒ ඒ ග්‍රහයන්ගේ පිහිටීම් සම්බන්ධ සියලු මතයන් සත්‍ය බවට පැහැදිලි වී ඇත. එසේම කුමාරෝත්පත්තිය සිදුවූ අවස්ථාවේ උපත ගැන තොරතුරු විමසීමට කැඳවූ බමුණන් සියලුදෙනාම උපත සමබන්ධයෙන් මවිතයට පත්ව ඇති බවත්, මෙය එසේ මෙසේ උපතක් නොවන බවට ප්‍රකාශ කර ඇති බවත් පැවැසේ. එසේම කොණ්ඩඤ්ඤ බමුණා මේ කුමරා ඒකාන්තයෙන් බුදුවෙන බව පැවැසීමට මෙම ග්‍රහ සංයෝගය හේතුපාදක වී ඇති බව රහසක් නොවේ.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර











