• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පොරොන්දම් නොගැළපුණොත් මොකද වෙන්නෙ

January 9, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
පොරොන්දම් නොගැළපුණොත් මොකද වෙන්නෙ
Share on WhatsAppShare on Facebook

විවාහය පතන බොහෝ දෙනකුට මේ පිළිබඳව නිවැරැදි අර්ථකථනයක් ඉදිරිපත් කළ නොහැකිය. වැඩිහිටියන් කියන නිසා පොරොන්දම් බලනවා. මට නම් පොරොන්දම් පිළිබඳ විශ්වාසයක් නෑ. එලෙස බොහෝදෙනා පවසනු ඇසෙයි. නිවැරැදිව පොරොන්දම් පරීක්ෂාව පිළිබඳව විමසිලිමත් වන්නෝද බොහෝය. පොරොන්දම් බලන්නේ දෙදෙනකු අතර යහපත් විවාහයක් ගොඩනැඟීම විමසුම් කරනු උදෙසාය. යහපත් යුග දිවියක් ගත කිරීමට දූ දරුවන් ලැබ තම වර්ගයා බලවත් කිරීමට තම අදහස් සහ ශාරීරික සොබාවයකට අනුකූලව ගැළපෙන සහකරුවකු හෝ සහකාරියක සොයා ගැනීම විවාහයේ පරමාර්ථයයි. විවාහය පිළිබඳ බොහෝ ආකල්පයන් ලාංකික ජන ජීවිතයට සම්මිශ්‍රණය වූයේ ඉන්දියාව හරහාය. භාරත දේශයේ බුද්ධ කාලයට පෙරාතුවද විවාහය පිළිබඳව මූලික වූ පොදු කරුණු රැසක් විය.
භාරත දේශයේ වැසියන් තම පවුලට, දියණියක බිහිවීම අභාග්‍යසම්පන්නව දුටු කාලවකවානුවක් විය. දියණියකගේ විවාහයකදීද ඇය වෙනුවෙන් මවුපියන් දියයුතු දායාදය එයට එක් කරුණකි.

අතීතයේ භාරත දේශයේ බලවතුන්ගේ කායික තෘප්තිය උදෙසා වෙසඟනන් බහුල විය. රූමතියක හිමිකර ගැනීම වෙනුවෙන් යුදවැදුණු කුමාරවරුන් පිළිබඳව කතාන්දරයන්ද රැසෙකි. එවන් රූමතියකට අවසානයේ හිමිවූයේ එම බලවතුන් සනහන වෙසඟනක වීමය. රාජ නියමයද එයම විය. රූමත් වෙසඟනකට රාජ්‍ය අනුග්‍රහයද, පිළිගැනීමද අතීත භාරත දේශයෙන් උරුම විය.
පුරාණ හින්දු චාරිත්‍ර අනුව ස්වාමියා අකාලයේ මියගිය බිරියකගේ උත්තම පූජාව ලෙස හින්දුන් එම දිවි පූජාව හෙවත් සති පූජාව වර්ගීකරණය කළහ. මේ සියල්ලම සිදුවන්නේ විවාහය මූලික කරගෙනය. ස්ත්‍රියකගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් විවාහ කටයුතුවලදී ස්ත්‍රී නැකැත මූලික කර විවාහ පරීක්ෂාව සිදුකරන්නේ ස්ත්‍රියකගේ අවදානම දුරුකිරීමටය.

පැරැණි පොතපතෙහි සඳහන් වන්නේ විවාහ පරීක්ෂාව ස්ත්‍රි නැකැත මූලික කරගෙනම සිදුකළ යුතු බවය. වර්තමානයේ යුග දිවියට බලපාන පොරොන්දම් පරීක්ෂා කිරීම සිදුවන්නේ ස්ත්‍රි නැකැත ප්‍රධාන කරගෙනය.

දෙදෙනකුගේ උපන් නැකැත් අනුව පොරොන්දම් පරීක්ෂාවේදී එය අතීතයට, වර්තමානයට පමණක් නොව අනාගතයටද එක ලෙසින්ම බලපවත්වනු ලබන්නේය.
දෙදෙනකුගේ පෙර අන්දම විමසීම පොරොන්දම් බැලීම නම් වෙයි. ජ්‍යොතිෂයෙහි පොරොන්දම් පරීක්ෂණ රාශියකි. එහි පරතෙර දුටුවෝ අද ජීවතුන් අතර නැත. තම නැණ පමණින් කටයුතු කිරීමට ජ්‍යොතිෂවේදීහු දක්ෂයෝය. එනමුදු මෙම පැරැණි, ගැඹුරු විද්‍යා ශාස්ත්‍රයෙහි පොරොන්දම් ගැළපීම තුළ දෝෂ භංග වන ක්‍රමවේදයක්ද ඇත. බොහෝ ජ්‍යොතිෂවේදීහු වටහා නොගෙන ඇත්තේද එම කරුණුය.

සරල පොරොන්දම් පරීක්ෂාවකින් නොගැළපෙන පොරොන්දම් හඳුනා ගත හැකිය. එහෙත් විවාහයෙන් ඈත්වන යුවළක් දෝෂ භංග වන පොරොන්දම් තුළින් නැවැත එක්විය හැකිය. ඔවුන් සාර්ථක යුග දිවියක් ගතකිරීමට හේතු වූ සාධකය නිවැරැදි පොරොන්දම් පරීක්ෂාව නොවන්නේද?
ගැඹුරු වූ වැදගත් වූ පොරොන්දම් තුළින් පැවැසෙන අර්ථය වර්තමාන තරුණ පෙළ වටහාගෙන නැත. නොගැළපෙන පොරොන්දම්වල ඇති නොගැළපීම වටහා ගැනීමටත් නොගැළපෙන පොරොන්දම්වල ඇති නොගැළපීම් වටහා ගැනීමටත් ගැළපෙන පොරොන්දම් තුළ ඇති ගැළපීම වටහා ගැනීමටත් මෙම සටහන උපකාරි වෙයි.

  1. නැකැත් පොරොන්දම
    යුග දිවියට පිවිසෙන දෙදෙනකුගේ ගතිගුණ – චරිතය සහ විශේෂයෙන් දෙදෙනා එකිනෙකාට ආකර්ෂණය වීම, ප්‍රියමනාප වීම මෙයින් කියැවෙයි.
  2. ගණ පොරොන්දම
    දෙදෙනාගේ සෞඛ්‍ය, සමගිය විමසයි.
  3. මහේන්ද්‍ර පොරොන්දම
    විවාහයෙන් පසු සාමය, සමගිය ඇතිවීමටත් තම පරපුර රැකගැනීමටත් දරුවන් අවශ්‍ය වෙයි. වාසනාවන්ත දරුපල විමසුම් කරන්නේ මෙම පොරොන්දමෙනි.
  4. ස්ත්‍රී දීර්ඝ පොරොන්දම
    විවාහයෙන් පසු එකිනෙකාගේ බැඳීම, සුහදත්වය සහ අවංක වීම ස්ත්‍රි දීර්ඝ පොරොන්දමෙන් නිරූපිතයි.
  5. යෝනි පොරොන්දම
    විවාහය සාර්ථක වීමට ලිංගික ඇසුර බලවත්ය. දෙදෙනාගේ කායික ගැළපීම යෝනි පොරොන්දමෙන් ඉතා බලවත්ව පෙන්වයි.
  6. රාශි පොරොන්දම
    විවාහයට පත්වන දෙදෙනාගේ බාහිර සහ අභ්‍යන්තරික ගතිගුණ පරීක්ෂා කරයි.
  7. රාශ්‍යාදිපති පොරොන්දම
    දෙදෙනාගේ කැමැත්ත, අකමැත්ත හෙවත් ප්‍රිය, අප්‍රිය දේ පිළිබඳව දෙදෙනාගේ සමානතාව විමසුම් කරයි.
  8. රජ්ජු පොරොන්දම
    දෙදෙනාගේ සිතුම් පැතුම් ඉටුවේදැයි විමර්ශනය කරයි.
  9. වෛශ්‍ය පොරොන්දම
    ඔවුනොවුන් වෙත දක්වන ඇල්ම, ආදරය, වාසනාව තීරණය කරයි.
  10. වේද පොරොන්දම
    වාසනාවන්ත දරු උපත් හා දරු උපතට වන හානියද වේද පොරොන්දමෙන් දැකිය හැකිය.
  11. වෘක්ෂ පොරොන්දම
    දරු පරපුර හෙවත් දරුපල පිළිබඳව තීරණය කෙරෙයි.
  12. ආයුෂ පොරොන්දම
    බමුණු සංකල්පය මත ගොඩනැඟුණු පොරොන්දමකි. එය වර්තමානයට එතරම් නිවැරැදි නැත.
  13. පඤ්ච පක්ෂි පොරොන්දම
    එකිනෙකාගේ සතුරු මිතුරු වීම සහ වාසනාව අවාසනාව පිළිබඳ ගැළපීම පෙන්වයි.
  14. භූත පොරොන්දම
    දෙදෙනාගේ කායික හා මානසික ගැලපීම විග්‍රහ කෙරෙයි.
  15. ගෝත්‍ර පොරොන්දම
    මෙයද වර්තමානයට එතරම් ගැළපීමක් නැත.
  16. වර්ණ පොරොන්දම
    දෙදෙනාගේ දිරිමත් බව තුළ මානසික ගැළපීම විමසයි.
  17. ලිංග පොරොන්දම
    මෙම පොරොන්දම යෝනි පොරොන්දම සමඟ බැඳී පවතියි. නැකැත්වල ලිංග භේදය අනුව තීරණය වෙයි.
  18. දින පොරොන්දම
    දෙදෙනාගේ විවාහයෙන් පසු දියුණුව සහ වාසනාව – අවාසනාව පිළිබඳ විග්‍රහ කෙරෙයි.
  19. නාඩි පොරොන්දම
    අවශ්‍යම පොරොන්දමකි. දෙදෙනාගේ නහර ශක්තිය, රුධිරය ගැලීම, දරුවන් සම්බන්ධ බලපෑම කියැවෙයි.
  20. ග්‍රහ පොරොන්දම
    යුග දිවියේ සාර්ථක, අසාර්ථක භාවය තීරණය කරවයි. මෙහි සඳහන් සියල්ල දෝෂ භංග වන ආකාරයටද, ග්‍රහබල පිහිටීමද විමර්ශනය කළ යුතුය. විමසන්නාගේ අවබෝධයද ගළපන්නාගේ දක්ෂතාවයද බලවත්වූ විට පොරොන්දම් ගැළපීම සාර්ථක වෙයි. සියල්ල නුවණින් දකින්න. ඔබට මෙය මඟදැක්මක් මෙන්ම ප්‍රශ්නාර්තයක්ද වනු නිසැකය.
    ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති
SendShareShare
Previous Post

තීක්ෂණ ඊළඟට මොනවා කරයිද?

Next Post

සද්ධාතිස්ස රජු හදපු උත්තර විහාරය

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.