• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තීක්ෂණ ඊළඟට මොනවා කරයිද?

January 9, 2020
in Heart
Reading Time: 2 mins read
A A
තීක්ෂණ ඊළඟට මොනවා කරයිද?
Share on WhatsAppShare on Facebook

රියැලිටි වැඩසටහන්වලින් දවසින් දවස දක්‍ෂයන් බිහිවෙනවා. තීක්ෂණ අනුරාධත් හඬ අවදි කළේ එක්තරා රියැලිටි තරගයක් හරහා තමයි. හැබැයි එදා මෙන් අදටත් ඔහුගේ හඬට ඔබ ආදරය කරනවා.
තීක්ෂණගෙන් අලුත් ගීතයක් අහන්න රසිකයන්ට අවස්ථාවක් දෙන්න සූදානමක් නැද්ද තාම?
2020 මුල ඒ සුමිහිරි හඬ අසන්නට මගේ ආදර රසික රසිකාවියන්ට ඉඩකඩ සූදානම් වෙන මොහොතක තමයි ඔබ මට මේ කතා කරන්නේ. සෑහෙන කාලයකින් මට ගීතයක් නිර්මාණය කරන්න බැරි වුණා. කාලයත් ගෙවිල ගියා. දැන් ඒ සොඳුරුම කාලය උදාවෙලා.
රංග ශිල්පීන් ගායන ක්‍ෂේත්‍රයට පිවිසෙන වකවානුවක ගායන ක්‍ෂේත්‍රයේ ඔබ නිහඬ වී සිටීම අඩුවක් නේද?
මගේ හඬට කවුරුත් ආදරය කරනවා. මම මගේ රසික රසිකාවියන්ට අඩුවක් කරන්නේ නැහැ. ඔවුන් නිසා තමයි මම අද මේ තරම් දුර ගමනක් ඇවිත් තියෙන්නේ. ඉතින් මට ඕනෑ කරන්නේ එකම රාමුවක කොටු නොවී විවිධ නිර්මාණ කරන්න. මම නිහඬ වෙලා නැහැ. ප්‍රසංග වේදිකාවේ මම සින්දු තවමත් කියනවා.
ඔබ කාලයක් එක දිගට ප්‍රසංගවල හඬ අවදි කළා. ඒත් එහෙම දැන් දැකගන්නට නැහැ?
ඔව්. ඒක ඇත්ත. මම ආපු කාලෙ මට හැම ප්‍රසංගයකින්ම ආරාධනා කළා. ඉතින් මගේ තිබුණ ආසාව වැඩිකමටත් වැඩි අවබෝධයක් නොතිබුණු නිසාත් හැම ප්‍රසංගයම භාරගෙන සම්බන්ධ වුණා. ඒත් මම කාලයත් එක්ක තීරණය කළ ප්‍රසංග කිහිපයක් තෝරාගෙන සම්බන්ධ වෙන්න. මුල් කාලයේ දවසට ප්‍රසංග හයකට විතර සම්බන්ධ වුණා. සමහර අවස්ථාවලට යෑමට නොහැකි වුණාම බැනුම් අහන්නත් සිද්ධවෙනවා. එහෙම එකදිගටම යන්න ගියාම තෙහෙට්ටුයි. එයට අමතරව ජීවිත අනතුරුවලට පවා මුහුණපාන්න සිද්ධ වෙනවා. නිදිවරාගෙන වැඩවලට ගියාම.
ඒ කියන්නෙ ඔබ දැන් සැලසුම්කාරීව වැඩ කරන්නේ?
ඔව්. ළඟ ප්‍රසංගවලට නම් යන්න පුළුවන්. දවසට ප්‍රසංග හතරකට විතර යනවා. එහෙම බැරි නම් එක ප්‍රසංගයකට හරි සම්බන්ධ වෙලා එනවා.
තවත් කරුණක් තමයි ගොඩ දෙනෙක් ජනප්‍රිය වෙද්දි තමන්ගේ නමින් සංගීත කණ්ඩායමක් නිර්මාණය කරනවා. ඒත් ඔබේ ආරම්භයේදීම වෙනසක් අපි දැක්කා?
මගේ ඔක්ටේල් සංගීත කණ්ඩායම ආරම්භ කළේ මම උසස් අධ්‍යාපනය කරන කාලේ. මගේ මිතුරන් කිහිපදෙනකු සම්බන්ධ කරගෙන දැන් මගේ සංගීත කණ්ඩායමේ හය දෙනෙක් දක්වා වර්ධනය වෙලා වැඩකටයුතු කරනවා. හැබැයි ගොඩ දෙනෙක් දන්නේ නැහැ ඔක්ටේල් සංගීත කණ්ඩායම මගේ කියලා. මම මගේ නම සඳහන් කරලා ජනප්‍රිය වීමට උත්සාහ කළේ නැහැ.
දවසින් දවස රියැලිටි හරහා ගායන ක්‍ෂේත්‍රයට හඬවල් එකතු වෙනවා. ඒ හඬවල් එක්ක තීක්ෂණගේ ගීතවලට තිබෙන ඉල්ලුම අඩු වෙනවාද?
මගේ නිර්මාණවලට වර්තමානයේ බිහිවන අයගේ ගීතවලින් කිසිම ප්‍රශ්නයක්, බලපෑමක්, ප්‍රතිචාරයක් අඩු වෙලා නැති බව මම දන්නවා. මට කලින් මේ ක්‍ෂේත්‍රයයේ විශිෂ්ට නිර්මාණ යුග බිහි වුණා. අජිත් මුතුකුමාරණ, චාමර වීරසිංහ වැනි අයට කලිනුත් තවත් විශිෂ්ට නිර්මාණකරුවන්ගේ නිර්මාණ බිහිවුණා. ඒ හැම ගායන ශිල්පියෙක්ටම රැල්ලක් තිබුණා. හැබැයි ඔවුන් නැහැ කියලා ඒ ඔවුන්ගේ නිර්මාණවලට කිසිම අඩු ප්‍රතිචාරයක් නැහැ. අදටත් අපි හැමෝම රස විඳිනවා. මතු පරපුරක් එන එක මට සතුටක්.
ජීවිත ගමනත් එක්ක පෙර කුසල් එනවා වාගේ තීක්ෂණගේ සංගීත දිවිය පිටුපස නැතුවම බැරි දෙයක් තමයි බටනළාව?
බටනළාව කියන්නේ මගේ ජීවිතයේ තවත් කොටසක්. මම යන්නේ කොතැනද ඒ හැම තැනම මගේ අත ළඟ බටනළාව. ඒ තරමට එය මට නැතුව බැහැ. මම ටෙලිනාට්‍යයක හෝ චිත්‍රපටයකට පසුබිම් ගායනා වැඩ කළත් අනිවාර්යයෙන් ඒ තුළ බටනළා ශ්‍රවණය වැඩිපුර අසන්නට ලැබෙනවා. ඒ තරමට මම බටනළාව වාදනය කරන්න කැමැතියි.
ඔබ සංගීත ක්‍ෂේත්‍රයට අමතරව වෙනත් මාධ්‍ය කටයුත්තකට සම්බන්ධ වෙලා වැඩ කරනවා. එය ගැන සඳහන් කළොත්?
මගේ යූ-ටියුබ් චැනල් එක ගැන වෙන්න ඇති ඔබ ඔය අසන්නේ. මම එය කරන්නන් වාලේ කරන දෙයක් නෙවේ. ගොඩ දෙනෙක් උත්සාහ කරන්නේ ඒ වැනි මාධ්‍ය ජාලයකින් තව කෙනෙක් අපහාසයට ලක්වන විදියට ගොසිප් මැවීමයි. එය ජනප්‍රිය කරගැනීමටයි. මගේ යූ-ටියුබ් මාධ්‍ය ජාලය නරඹන හැමදෙනාටම දැනුම වගේම සමාජයට වැදගත් දෙයක් තමයි කතා කරන්නේ. හරි දෙයක් හරි විදියට පාවිච්චි කළාම ඒ ගැන අසන්නට ලැබෙන්නේ හොඳ දෙයක් තමයි.
ඔබ දැන් එක් දරු පියෙක්. කලාවට වගේම දරුවන්ටත් ආදරය කරනවා. තවත් දරුවෙක් හදන්න බලාපොරොත්තුවක් නැද්ද?
දරුවෝ මට සම්පතක්. අනිවාර්යයෙන්ම මම දරුවන් තුන්දෙනෙක් හරි හදනවා.
අද ගොඩ දෙනෙක් මවුපියන්ට කියනවා එක දරුව හදාගත්තේත් බොහොම අමාරුවෙන් කියලා. එහෙම හිතන අය ආත්මාර්ථකාමී අය. ඒ දරුවා අවසානයේ ලොකු වුණාට දෙන්නෙක් බලාගන්න ඕනෑ බව හිතුවාද. එය අසාධාරණයි. මළ ගෙයක් වුණාම ඒ තනි දරුවා හැම දේම කළ යුතුයි. තවත් දරුවන් හිටියොත් සහනයක්. මමත් මගේ මවුපියන්ට අසනීප වුණු වෙලාවේ ඔය ප්‍රශ්නයට මුහුණ පෑවා. මගේ අක්කා හිටියේ නැතිනම් මම අසරණ වෙනවා. ඒ අසරණකම මම මගේ දරුවන්ට දෙන්නේ නැහැ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

විමල්ගේ ‌නෝනාත් එක්ක කරපු රහස් කතාවකුත් රන්ජන්ගේ CD ‌ගොඩේ

Next Post

පොරොන්දම් නොගැළපුණොත් මොකද වෙන්නෙ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.