• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පෙබරවාරි 29 සිකුරු කුජගේ වසඟයට

February 29, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
දෙකක් නොපිහිටන ප්‍රබල යෝග
Share on WhatsAppShare on Facebook

අප සෞරග්‍රහ මණ්ඩලයේ නවග්‍රහයන් අතරෙන් ග්‍රහලොව සුරතලිය නැතහොත් සුකුමාලිය ලෙස හඳුන්වන සකලකලා වල්ලභ ගුරු පුත්, ශුක්‍ර නොහොත් සිකුරු ග්‍රහයා තවත් ග්‍රහ ගමනකට සැරැසෙයි. ඒ අනුව එළැඹෙන 2020 පෙබරවාරි මස 29 වැනි ශනි දින අලුයම 01.33ට සිකුරු ග්‍රහ තාරකාව ගුරු හිමි මීනයේ සිට කුජ හිමි මේෂ රාශියට පිවිසෙනු ඇත.

සිකුරු යනු නව ග්‍රහයන් අතරෙන් ගුරුට පසුව සිටින සුබම සුබ ස්ත්‍රී කාරක ග්‍රහයාය. පසුගිය මාසයකට ආසන්න කාලයක් මීන රාශියේ බලගතු ගමනක යෙදුනු සිකුරු මේෂ රාශියට පිවිසීම සුවිශේෂී වනු ඇත. විශ්ව කේන්දරයේ ලග්නගත වන සිකුරු ලංකා කේන්දරයේ 3 වැන්නට පිවිසීමෙන් ප්‍රවාහන හා මාර්ග යන අංශයන්හි මෙන්ම ජනමාධ්‍ය අංශයන්හි දියුණුවක් ඇති වනු ඇත. නමුත් මෙම කාලය කාම අපරාධ ඉහළ යන කාලයකි. සිකුරුගේ මේෂ රාශි ග්‍රහ ගෝචරයට අනුව මෙම කාල සීමාවෙහි ලග්න 12 අතරෙන් මේෂ, මිථුන, සිංහ, මකර යන ලග්නවලට විශේෂ සුබ ප්‍රතිඵල උදාවනු ඇත. එසේම එම ලග්නවලට රැකියා හා ධන උපයන මාර්ගවලින් යහපත් හා සුබදායක වනු ඇත.

මෙම සිකුරු ග්‍රහ මාරුව නිසා ඉදිරි මාසයකට ආසන්න කාල සීමාවෙහි රටෙහි ධාන්‍ය සම්පත් බහුල වනු ඇත. එසේම වැසි තත්ත්වයේ වර්ධනයක් වන අතර, කාලගුණ වෙනස්කම්ද බහුල වනු ඇත. විශේෂයෙන් නඵ නිළියන් හා ස්ත්‍රීන්ට මෙම කාල සීමාව අසුබදායකය. එසේම තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා බහුලව ඇති වේ. විවාහ ආශ්‍රිත කටයුතු මෙන්ම රෙදිපිළි හා විසිතුරු භාණ්ඩ සම්බන්ධ කටයුතුවලට මෙම ග්‍රහ මාරුව ආශ්‍රිත කාලය සුබදායක වනු ඇත. එසේම මෙරට සංචාරක ව්‍යාපාරයටද යහපත් වනු ඇත. පොදුවේ ලග්න වශයෙන් ගත් කල සිකුරු මේෂයට පිවිසීම හේතුවෙන් පහත් සඳහන් ප්‍රතිඵල උදා වනු ඇත.
මේෂ
ඔබ මෙම ග්‍රහ මාරුව සමඟ සිකුරු ලග්නයට පිවිසෙනු ඇත. ඒ අනුව ඔබට විවාහ වාසනා උදා වන්නේය. අලුතින් නිවෙස් ඉදිකිරීමට හා දේපොළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබය. යාන වාහන මෙන්ම, විසිතුරු දේවල් හිමි වන කාලයකි. එසේම බිරියගේ පාර්ශ්වයෙන් දායාද හිමිවනු ඇත. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. සෙම් රෝග බහුල වන අතර යුග දිවි සමඟියට සුබදායක වනු ඇත.

වෘෂභ
මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමඟ අමනාපවීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්ය බහුල කාලයකි. සහෝදරයන්ට අසුබ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්විය හැකිය. සහෝදරයන්ට අසුබ වෙයි.

මිථුන
ඔබගේ ජන්ම පත්‍රයේ 11 වැන්නට සිකුරු පිවිසීමත් සමඟින් ඔබට පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමි වනු ඇත. පවුලේ හෝ හිතවතකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය, ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවැති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වෙයි. එසේම මේ කාලසීමාවෙහි ශරීර සෞඛ්‍යය යහපත්ව පවතියි. සිතෙහි ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදෙයි.

කටක
ඔබගේ ජන්ම පතේ 10 වැන්නට සිකුරු පිවිසීමත් සමඟින් ඔබට යහපත උදා වීමත් සමඟින් ගේ දොර ඉඩකඩම්, යාන වාහන මෙන්ම මැණික් සම්පත් හිමිවනු ඇත. මෙම කාල සීමාව පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමි වනු ඇත. පසුගිය දිනවල පැවැති බාධා යම් පමණකින් ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වෙයි. එසේම මේ කාලසීමාවෙහි ශරීර සෞඛ්‍යය පිරිහීමට හැකියාව පවතී. සිතෙහි ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදෙයි. පවුලේ හෝ හිතවතකුට ඇතිවන අසනීප තත්ත්වයක් නිසා ඔබට බොහෝ කාලය, ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් යෙදෙවීමට සිදුවනු ඇත.

සිංහ
ලග්නයෙන් 9 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාල සීමාව ඔබගේ සමාජ පිළිගැනීම, ප්‍රසිද්ධිය හා කීර්තිය ඉහළ යනු ඇත. විවාහ ජීවිතයේ පැවැති කරදර හා බාධා මෙම කාල සීමාවෙහි පහව යනු ඇත. හදිසි ගමන් බිමන් යෑමට නිතර නිතර අවස්ථාව සැලැසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප ලැබීම හා විවාහ වාසනා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයකුට අපලයක් පෙනේ.

කන්‍යා
සිකුරු ඔබේ ලග්නයෙන් 8 වැන්නේ ගමන් කරන මෙම කාලය ධන සම්පත් හීන වී යන කාලයකි. මෙතෙක් කාලයක් සාර්ථකව පැවැති යම් යම් කාරණාවලට බාධා එල්ල වන කාලයකි. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයකුට අපලයක් පෙන්වයි. ලැබීම් නොසිතූ ලෙස පහළ යන කාලයකි. දේශපාලනයේ නිරත අයට අසුබ දායක වනු ඇත. තුලා ඔබගේ තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු ලග්නයෙන් 7 වැන්නේ ගමන් කිරීම මත සතුරු කරදරයකින් ජය ගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමටද හැකියාව ඇත. මුත්‍රා අමාරු හෝ සෙම්රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍ර ඵල දායක වෙයි. අසනීපවලින් යම් සුවයක් අත්වෙයි. ගෘහ ජීවිතයෙහි අය පක්ෂය ඉහළ යනු ඇත. ඔබට විවාහ වාසනා උදාවනු ඇත.

වෘශ්චික
ලග්නයෙන් 6 වැන්නේ ගෝචර වන සිකුරු හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සලසා දෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ඇස්වහ, කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවණතාවක් ඇත. රෙදිපිළි හා වස්තු ලාභ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍යf ද් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන අතර නමුත් මෙම කාලයේදී ප්‍රණීත රසමුසු ආහාරද එතරම් නොලැබීමේ හැකියාව පවතී.

ධනු
ඔබගේ 5 වැන්නේ තැන්පත් සිකුරු ඔබගේ ආදායම් තත්ත්වය ඉහළට ගෙන යනු ඇත. ඇස් රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍යය ගැන විමසිලිමත්වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුඵවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාවෙහි ශරීර සෞඛ්‍යය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා, පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනිම ඔබට ලැබේවි. පරම්පරාගත දේපොළ වාසි හිමිවේවි.

මකර
සිකුරු 4 වැන්නේ ගමන් කරන මෙම කාල සීමාවෙහි රැකියාවේ උසස්වීම් වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිම කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධ ගැටලු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධයක් හට ගැනීමට අවස්ථාව ඇත. ස්වයං රැකියාවල නිරතවන්නන් හට සුබදායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තතොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය.

කුම්භ
3 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාලය සතුරු කරදර ඇතිවන අතර රෝග පීඩා හා අස්ථාන බිය ඇතිවනු ඇත. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපොළ මිලදී ගැනීමටත්, මෙම කාලයේදී සිත යොමු වෙයි. තරග විභාගවලින් ජය හිමිවනු ඇත.

මීන
සිකුරු 2 වැන්නට පැමිණේ. එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලී තත්ත්වයක් දක්නට ලැබෙයි. උසස් කෙනකු හෝ අසල්වැසියන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ අනාගතයට සාර්ථක අවස්ථා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධාද ඇතිවිය හැකිය.

සැ.යු.
ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගත වන මහ දසා හා අතුරු දසා, ග්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 වැනි දෙර්කාණාධිපති, 64 වැනි නවාංශකාධිපතිගේ තත්ත්වයන් හා විවිධ ග්‍රහ දෘෂ්ටි මත යම් පමණක් අඩුවැඩි වීම් සිදුවිය හැකිය.
සම්පත් එස්. කල්පගේ
බණ්ඩාරගම
0382256020, 0772753100

SendShareShare
Previous Post

සඳැස් ඕරා මධ්‍යස්ථානයෙන් රේකී ප්‍රතිකාර නොමිලේ

Next Post

අලුත් පරපුර මගේ ගීත ගායනා කළාට ප්‍රශ්නයක් නෑ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.